ට්‍රම්ප්ට පිස්සු නෑ

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ට්‍රම්ප්ට පිස්සු නෑ

    ට්‍රම්ප්ට පිස්සු නෑ



    image_54471980e3.jpg

    ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ධවල මන්දිර වෛද්‍ය රොමී ජැක්සන්, ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තා මාධ්‍ය හමුවට ඉදිරිපත් කරමින් පවසා ඇත.
    71 හැවිරිදි වියෙහි පසුවන ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඉකුත් සිකුරාදා දිනයේ වෛද්‍ය පරීක්ෂණයකට භාජන කෙරුණි.
    වෛද්‍ය පරීක්ෂණය පැය 3 ක් තිස්සේ මේරිලන්ඞ් ජනපදයේ බෙතෙස්ඩාහි වෝටර් රීඞ් හමුදා කඳවුරේ පැවැත්වුණු බව ද වාර්තා වේ. වෛද්‍ය පරීක්ෂණය සිදු කළේ හමුදා වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙනි.
    ඇමෙරිකා ජනපතිවරයකු සිය ධුර කාලයේදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ලක් වෙයි. කෙසේ නමුත් ජනපති ට්‍රම්ප්ගේ වෛද්‍ය පරීක්ෂණය සහ එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් කාගේත් අවධානය යොමු වී තිබුණි.
    image_ead288d3b8.jpg

    සාමාන්‍යයෙන් සිදු කෙරන වෛද්‍ය පරීක්ෂණවලදී ඇමෙරිකන් ජනපතිවරයාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ විමසා බැලීමක් සිදු නොවෙයි. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ මානසික තත්ත්වය කෙසේදැයි සොයා බැලීමට විශේෂ මනෝවිද්‍යාඥ කණ්ඩායමක් පවා වෛද්‍ය පරීක්ෂණයට පැමිණ සිටි බව වාර්තා වේ.
    ට්‍රම්ප් මානසික ආබාධයකින් පෙළෙනවා යැයි රාවයක් පැතිර ගියේ ඇමෙරිකන් මාධ්‍යවේදී මයිකල් වුල්ෆ් එළිදැක්වූ ‘ෆයර් ඇන්ඞ් ෆියුරි: ඉන්සයිඞ් ද ට්‍රම්ප් වයිට් හවුස්’ නමැති කෘතිය හරහාය. ට්‍රම්ප් මෙම පොතෙහි අඩංගු කරුණු තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසා ඇත්තේ තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට මඩ ගැසීමේ අරමුණින් එම පොත පළ කර ඇති බවය.
    (ඒ.එෆ්.පී.)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකට පිස්සු තමා බං :lol: මං නං කියන්නෙ මූ ඒකාධිපතියෙක් වෙලා හරි ඇමරිකාව වැඩි කාලයක් පාලනේ කරන්න ඕනෙ :yes:

    main-qimg-14de8c2c985b6fd2f338ffec1511503f
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වයිට් වෝකරයායට දැන් පිස්සු හැදිලා ඇති
     

    Similar threads