ට්‍රිප් යනවද

moveon

Well-known member
  • Nov 2, 2022
    515
    899
    93
    මම ඉන්නෙ කොළඹ කිට්ටුව (බත්තරමුල්ලේ), කොළඹ සීමාවේ ඇති තරම් රවුම් ගහනව නමුත් වෙනම ට්‍රිප් යනව කියල යැවෙනව අඩුයි.

    සමහරු අනුරාධපුරේ, සීගිරියෙ, සිරීපාදෙ වගේ තැන්වල ඇවිදිනවනෙ, මට එහෙම යන්න හිතෙන්නෙ නැහැ (ලෙඩක්ද මන්ද).

    මම යන්නෙ ගෝල්ෆේස්, ගල්කිස්ස බීච්, දියත, ෆිල්ම් එකක් බලන්න, Supermarkets.

    යන කට්ටියක් කතාකරොත් හදිසියෙන් දුර ගමනක් යනව අවුරුද්දටම එක පාරක් වගේ..

    මේක සාමාන්‍ය තත්වයක්ද නැත්නම් වෙනස් වෙන්න ඕනද..
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,811
    11,715
    113
    🌎
    මේක සාමාන්‍ය තත්වයක්ද නැත්නම් වෙනස් වෙන්න ඕනද..
    Mental-hospital-sri-lanka.jpg
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,842
    113
    ගොඩ්ක් උන් ට්‍රිප් යන්නෙ වෙන වැඩ ඔලුවෙ තියාගෙන
    සමහර උන් යන්නෙ බොන්න හිතාගෙන සමහර උන් යන්නෙ සෝශල් මීඩියාවලට දාන්න පික්ස් ටිකක් ගහන්න හිතාගෙන
    ඔය මොනවටවත් කැමැති නැති උන්ට ඉතින් ට්‍රිප් යන්න හිතෙන්නෙ නැහැ
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    847
    93
    Night City
    කොළබ ඉන්න කෙනෙක් පුලුවන් වෙලාවට ගමකට ගිහින් දොලකින් නාලා, පිරිසිදු හුස්ම ටිකක් අරගෙන relax වෙනවා නම් හොඳයි.
    ඒත් fb, insta එකේ post දැකලා රැල්ලට trip ගිහිල්ලා ගියපු වෙලාවෙ ඉඳන් location එකත් එක්ක selfie upload කරලා ගියෙ කොහෙද කියලා අමතකවෙන්න බීලා වැටිලා නම් තේරුමක් නෑ.
    trip විතරක් නෙවෙයි වෙන ඕනි දෙයක් peer pressure එකට කරනවා නම් ඒක මෝඩකමක්