ටිකක්...

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]දවසක පසේනදි කොසොල්රජු මල්ලිකා දේවිය සමග සඳළුතලයට ගිහින් මල්ලිකා දේවිගෙන් මෙහෙම ඇහුව මල්ලිකාවනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇත්ද?[/FONT]

[FONT=&quot]මහරජ තමහට වඩා ඉතා ප්‍රියවූ අන් කිසිවෙක් මට නැත කියලා උත්තර දුන්න මල්ලිකා දේවිය රජ්ජුරුවන්ගෙන් අහනවා මහරජ තමන්ට වඩා ප්‍රිය වූ අන් කි‍සිවෙක් තොපට ඉන්නවාද කියලා. රජ්ජුරුවොත් කියනවා මල්ලිකාවෙනි, තමහට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් මටත් නැත කියලා. [/FONT]

[FONT=&quot]පස්සේ වෙලාවකදි කොසොල් රජතුමා තමන් මල්ලිකා දේවියත් එක්ක කල කථාව බුදු හාමුදුරුවන්ට කියනවා. ඒ වෙලාවෙදි බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගාථාව දේශනා කර වදාරනවා. [/FONT]

[FONT=&quot]සබ්බ දිසා අනුපරිගම්ම චෙතසා - නෙවජ්ඣගා පිතරමත්තනා ක්විවි, [/FONT]

[FONT=&quot]එවං පියො පුථු අත්තා පරෙසං - තස්මා න හිංසෙ පරං අත්තකාමොති. (මල්ලිකා සූත්‍රය - සං.නි. 1)

[/FONT]
[FONT=&quot]සියලු දිගින් සිතින් අනුගමනය කොට තමහට වඩා ඉතා ප්‍රිය වූවෙකු කිසි තැනක නොම ලදිමි. මෙසේ අන් බොහෝ දෙනාටද තෙමේ ප්‍රියය. එහෙයින් තමහට වැඩ කැමැත්තේ ලෝකය නොපෙලන්නේය. [/FONT]

[FONT=&quot]බලන්න අපි නිවන් දකින අරමුණින් වැඩ කරන අය විදියට මේ කොසොල් රජතුමායි මල්ලිකා දේවියයි අපිට දෙන පණිවිඩය දිහා කොයි තරම් නම් විමසිලිමත් වෙනවාද කියලා. අපි අතරේ ඉන්න හුඟක් අයට මන් හිතන්නේ ආදර වන්තියෝ, ආදරවන්තයෝ ඉන්නවා. අපි ඒ අයත් එක්ක කථා කරද්දි මොනවාද කියන්නේ? මන් මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි කියලා කී සැරයක් නම් අපි කියනවාද? මන් දන්නවා හුඟ සැරයක් ඒ බව අපි කියනවා කියලා. හොඳයි නැද්ද?[/FONT]

[FONT=&quot]නමුත් බුදු සසුනේ සෝවාන් බවට පත් වෙච්ච උපාසිකාවක් උන මල්ලිකා දේවිය ඒ ගැන දරණ අදහස බලන්න. නිවන් දකින්න අරමුණු කරන අපිට මේ පණිවුඩය ඉතාමත් වැදගත්. මන්නම් හිතන්නේ අපි ඒ ගැන හිතුවොත් හොඳයි කියලා. [/FONT]
[FONT=&quot]
ඊළඟට බලන්න බුදුහාමුදුරුවෝ ඒ කථාව අහලා අපිට දෙන පණිවුඩය දිහා.. අපි කොයිතරම් නම් අපේ සැප හින්දා අනිත් අය දුකට පත් කරනවාද? අපි ජීවත් වෙන කාලය තුල වැඩි හරියක්ම අපි වෙන් කරන්නේ අපේ ක්‍රියා වලින් අනිත් අයව තලා පෙලා දුකට පත් කරන්න. හොඳයි එහෙම නෙමේද කියලා ටිකක් හිතලා බලන්න..

අපි කන්න ගියත් බොන්න ගියත් පාරෙ බස් එකක ගියත් අපි කරන්නේ ඒ දේම තමයි. අඩුම තරමේ කෙනෙක් දිහා රවලා බලලා ඒ කෙනාගේ මනසට පීඩනයක් හරි අපි දෙන්න පැකිලෙන්නේ නෑ. [/FONT]


[FONT=&quot]මේ විදියට අපි කවදා නිවන් දකින්නද?... [/FONT]