ටිකට් එකේ මිල රු. 5,999/- යි, බද්ද රු. 7,000/- යි - සියයට 116 ක බ&#350

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ටිකට් එකේ මිල රු. 5,999/- යි, බද්ද රු. 7,000/- යි - සියයට 116 ක බ&#350

    ටිකට් එකේ මිල රු. 5,999/- යි, බද්ද රු. 7,000/- යි - සියයට 116 ක බදු මුදලක්


    [FONT=&quot]
    සංචාරක ව්‍යාපාරය අද වන විට දේශීය වශයෙන් විශාල ආදායම් මාර්ගයක් ගෙන දෙනු ලබන කර්මාන්තයක් බවට පත්ව තිබෙන අතර පසුගිය වසර කිහිපය පුරාවටම විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලද ආදායම හැරුණු කොට ශ්‍රී ලංකාංවට වැඩිම විදේශ විනිමයක් ගෙන ආ කර්මාන්තය බවටද එය පත්ව තිබෙනවා.
    කෙසේ වෙතත් සංචාරක ව්‍යාපාරයේදී ගුවන් ගමන් යනු ඉහළම ප්‍රමුඛත්වය හිමිවන සාධකය ලෙසින් හැඳින්විය හැකි අතර වර්තමානයේදී බොහෝ සංචාරකයින් ගුවන් ගමන් ටිකට්පත් සඳහා ගෙවන මිල පිළිබඳවද වැඩි සැලකිල්ලක් දක්වනු ලබන බව සැබෑවකි.
    එසේම අද වන විට බොහෝ ශ්‍රී ලාංකිකයින්ද සිය නිවාඩු සංචාර සඳහා පිටරට වෙත යාමට උනන්දු වන අතර එහිදී මිල අඩු ගුවන් සේවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
    අද වන විට අඩුම ශ්‍රී ලංකාවේ සිට අඩුම මිලකට ගුවන් ටිකට්පතක් ලබා ගත හැකි ගමනාන්තයක් වන්නේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළයි. ඒ එයාර් ඒෂියා ගුවන් සේවයෙනි. එය අඩු මිල ගුවන් සේවයකි.
    මෙහිදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5,999.00 ක් වැනි මිලකට කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සිට ක්වාලාලාම්පූර්හි ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත යාමට ටිකට් පතක් මිලදී ගත හැකි අතර එම මිලටම එහි සිට මෙහි පැමිණීමටද ටිකට්පතක් ලබා ගත හැකිය.
    එහෙත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ශ්‍රී ලංකාවෙන් බැහැර වීමේ දී රුපියල් 7,000.00 ක ගුවන්තොටුපළ බද්දක් ගෙවීමට සිදුවීමයි. සැබැවින්ම මෙය ගුවන් ටිකට්පතේ මිලද ඉක්මවා ගිය බදු මුදලකි. මේ අනුව 116% ක බදු මුදලක් ගෙවිය යුතු වෙනවා.
    කෙසේ වෙතත් ක්වාලාලාම්පූර් හි සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී ගුවන් ටිකට් පතේ ගාස්තුව ශ්‍රී ලංකාවේ සිට ක්වාලාලාම්පූර් දක්වා වන රු. 5,999.00 වටිනාකමට සමාන වුවද එහිදී ගෙවන්න වන්නේ ඉතා අඩු බදු ප්‍රමාණයකි.
    එහිදී ගුවන්තොටුපළ බද්ද රු. 130.00 ක පමණක් වන අතර මීට අමරතව රු. 1,674.00 ක මගී සේවා ගාස්තුවක් හා රු. 100.44 ක භාණ්ඩ හා සේවා ගාස්තුවක් ගෙවිය යුතුය. ඒ අනුව ගෙවිය යුතු මුළු බදු වටිනාකම රු. 1,904.44 කි.
    ශ්‍රී ලංකාවෙන් බැහැර වීමේ දී ගෙවිය යුතු ගුවන්තොටුපළ බද්ද සෑම මගියෙකුටම එක සමාන වෙයි. එය මිල අඩු පංතියක වුවද, ඉතා මිල අධික ව්‍යාපාරික හෝ පළමු පංතියේ හෝ වුව ද ගෙවිය යුතු වන්නේ රු. 7,000.00 ක් පමණි.
    එබැවින් එය මෙයාකාරයෙන් ‘බජට් එයාර්ලයින්‘ වලින් ගමන් ගන්නා මගීන්ට විශාල බද්දක් වුවද ඇතැමෙකුට එය සොච්චමක් ලෙස පෙනෙන්නට පුළුවන.
    Airport-Tax.jpg

    [/FONT]
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    බදු ගෙවන්නෙ නැතුව පාර්ලි‌‌මේන්තුවෙ ඉන්න අනාතයො ටික නඩත්තු කරන්නෙ කොහොමද ගොබිලො
    කට වහගෙන බදු ගෙවපිය