ටිකෙන් ටික සිඳී යන අරල් මුහුද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලොවම කලඹමින් ටිකෙන් ටික සිඳී යන මහ මුහුදක්


    කසකස්තානය සහ උස්බෙකිස්තානය අතර පිහිටි අරල් මුහුද මේ වන විට ඉතා සීග්‍රයෙන් සිඳී යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
    මත්ස්‍යයින්ගෙන් සහ නිල් පැහැති ජලයෙන් පිරී තිබෙන මෙම අරල් මුහුද, ලොව විශාලතම අභ්‍යන්තර ජල මූලාශ්‍රවලින් එකක් ලෙස සැලකෙයි.
    කෙසේ වෙතත් මේ වනවිට දේශගුණික විපර්යාස සහ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති හේතුවෙන් අරල් මුහුද, පෙර තිබූ විශාලත්වයෙන් හතරෙන් එකකට වඩා අඩු වී ඇති බව සඳහන් වෙයි.

    ප්‍රධාන වශයෙන් අරල් මුහුද සිඳීයාම ආරම්භ වී ඇත්තේ 1960 වසරේ අරල් මුහුද අවට කාන්තාර කලාපය සංවර්ධනය කිරීම අරමුණු කරගත් ජල බෙදීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් බව පැවසෙයි.

    අරල් මුහුද නිර්මාණය වී ඇත්තේ ග්ලැසියර දියවීමෙන් ඇතිවූ "Syr Darya" සහ "Amu Darya" නම් ගංගාවල ජලයෙන් බව NASA ආයතනය පවසයි.
    1960 දී සෝවියට් සංගමය ප්‍රධාන ජල හැරවුම් ව්‍යාපෘතියක් දියත් කළ අතර එහිදී ඔවුන් වාරි ව්‍යාපෘති සඳහා "Syr Darya" සහ "Amu Darya" නම් ගංගාවල ජලයේ ගමන් මාර්ගය වෙනස් කර ඇත.

    එකසත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පවසන්නේ අරල් මුහුදේ සිඳීයාම “20 වන සියවසේ සිදු වූ භයානකම ව්‍යසනය” ලෙසටය.
    එමෙන්ම විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් අරල් මුහුදේ ජල ධාරිතා‍ව අඩුවීම වේගවත් වන බවත් එය අරල් මුහුද අවට කලාපයේ සිටින ජනතාවට දැඩි බලපෑම් ඇති කරන බවත් ය.