ටික ටික අඩු වෙන ඇට නවය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    1591453202137.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Giya para wigakanadipathi awa jvp list eken anthime uwa ain karala lapaya ara baduhettiwai light kanuwe vijithai gatta.Jvp kuhaka ballo loku set eka kohoa hari paninawa hoda unta thanak na.. :D :yes: ;) :D

    ඒ කියන්නේ ලපය කළා වගේ, වියත් මගෙන් එකක් දිනුවත් ඌට පාර්ලිමේන්තු එන්න දෙන්නේ නැතුව මහින්ද වෙන එකක් ව දායි කියලද:confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,912
    40,714
    113
    නාමයෝජනා නොලැබුන දුක කලින් ඉඳන් තියෙන්න ඇති. ඒත් හිතේ තියන් ඉන්න ඇති ජාත්‍යන්තරයට බොරු කියන ගෝටගෙ අන්තවාදී අලි සබ්රිට ජාතික ලැයිස්තුවෙන් අවස්තාවක් දෙනව නම්, වියත් මට නොදී ඉන්න එකක් නෑ කියලා. අන්තිමේදි ඒකටත් කෙලවෙන සීන් එකක් පොරට දැනෙන්න ඇති.

    මෙතන උනේ, කොටසකට අවස්ථාවක් ලැබිලා උන් ගොඩ ගියා. අනිත් උන්ට මුකුත් නෑ. ඔතන එකතුවෙලා හිටියේ සැබෑ වියත්තුනම්, තමන්ගෙ සෙට් එකටම ඡන්දෙ ඉල්ලන්න අවස්ථාවක් නොදුන්න නම් සෙට් එකම එකට එකතුවෙලා අයින් වෙන්න. ඒත් දැන් වෙලා තියෙන්නෙ වියත්තු කියාගෙන අවිල්ලා ගොඩගිය අය, අර මී හරක් එක්ක එකට ලගින්න පුරුදු වෙලා. ඒ මි හරක් තපුල්ලන ඒවා වියත්තු කියන් ආපු උනුත් අනුමතකරලා ලැජ්ජාවක් නැතුව තපුල්ලන්න පටන් අරන්. තිස්සලා වගේ අය තැන තැන කෙන්දිරිගාන්න පටන් අරන්.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඒ කියන්නේ ලපය කළා වගේ, වියත් මගෙන් එකක් දිනුවත් ඌට පාර්ලිමේන්තු එන්න දෙන්නේ නැතුව මහින්ද වෙන එකක් ව දායි කියලද:confused:
    Kuhaka Lapaya kala wage 2.50 wada mahinda giya para kaleth na me para karana ekakauth na . Lapakota 3% uneth oya wage beela light kanu kadan yana bebaddoi, badu karayoi dapu nisa wigakanadipathiwa ain karala. Kuhaka lapaya... :D :yes: :) ;) :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මගේ දේශපාලනය
    ----------------------

    මම මගේ රට ගැන, මාගේ ජාතිය ගැන, මගේ ආගම ගැන කතා කිරීම සිදු කරන සෑම විටකදීම සමහරු මාව දේශපාලන පක්ෂයකට තල්ලු කිරීමට උත්සාහ දරයි.එය එක් අතකට සාධාරණය. එයට හේතුව ඒවා පිළිබඳ කතාකල බොහෝ දෙනා පසුකාලීනව තමා ගොඩනගාගත් සිවිල් බලය යොදාගෙන දේශපාලනයට අවතීර්ණ වී තමාගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම විරුද්ධ දේශපාලන කඳවුරු වල ප්‍රධාන සාමාජිකයන් බවට පත්වීමයි. එම නිසා 'මූ ඔය දේශපාලනයට එන්න හදන්නේ " යන හැඟීම මිනිසුන් තුළ ඇති වීම ඉතා සාධාරණ එකකි. බොහෝ අය එලෙස දේශපාලනයට පැමිණීමෙන් පසුව බොහෝ දෙනා අතර "පච" වීමද එයට තවත් හේතුවකි.

    නමුත් හිතවතුනි, නිහඬව බලා සිටින්න. සැකයෙන් මා දෙස බලන ඔබට කාලය විසින් යමක් අවබෝධ කර දෙනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පැමිණෙන බොහෝ අය බලාපොරොත්තු වන දේවල් කිහිපයකි,
    -ප්‍රසිද්ධිය
    -අභිමානය
    -ඉහළ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම
    -තමාගේ නීති විරෝධී ව්‍යාපාරය කරදරයකින් තොරව කරගැනීම
    නමුත් ඉහත කිසිවක් මාගේ අවශ්‍යතාවයන් නොවේ. එය හොඳින්ම දන්නේ අවුරුදු විස්සකට අදික කාලයක් මගෙන් ඉගෙනගෙන සමාජගතවූ දරුවන් පමණි. Facebook මගින් හෝ youtube එකෙන් ඔබට මා නිවැරදිවම හඳුනා ගත නොහැක. එනිසා ඔබ මා ගැන "සැකයෙන්" බැලීම ගැන මා තුළ කණගාටුවක් නොමැත.
    ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් කළේ මහජනතාව වරින් වර නැවත නැවතත් රැවටීමයි.මම ද එලෙස රැවටුණු වාර අනන්තය. දේශපාලකයින්ට මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නැත.ටකරමක්, වැසිකිලි පෝච්චියක් , සහල් මල්ලක් බෙදා ඡන්ද කිරීමට නම් "දුප්පත්කම" අනිවාර්යෙන්ම පැවතිය යුතුය. එනිසා ඔවුන් රට සංවර්ධනය වනවාට කැමැත්තක් නැත.
    මම මගේ පළමු ඡන්දය භාවිතා කලේ විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ 1994 වසරේ "මල් බඳුන" ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණටය. එතැන් සිට විවිධ බලාපොරොත්තු සහිතව විවිධ අවස්ථාවල පක්ෂයෙන් පක්ෂයට ඡන්දය මාරු කළෙමි. ඔබට වගේම මට ද ඇත්තේ මේ වංචනික දේශපාලනය ගැන කලකිරීමකි.
    සමාජවාදී ක්‍රමවේදය මගින් රට ගොඩනැඟිය හැකි බව සලකා එය නියෝජනය කරන පක්ෂ වලට මාගේ නිවස පවා නොමිලේ කාර්යාලයක් ලෙස ලබා දුන්නෙමි. එහෙත් අද ඔවුන් පත් වී ඇති තත්වය පිළිබඳව සැලකූ විට ඒ ගැන ද ඇත්තේ කණගාටුවකි.
    සිංහල ජාතිය, බෞද්ධකම මුල් කරගෙන බිහි වූ සුදු ඇඳුම් අඳින අය අපගේ පන්තියේ ගැලවුම් කරුවන් ලෙස සිතා කටයුතු කළ ද අද ඔවුන් නියෝජනය කරන තැන දුටු විට ඔබ සියලු දෙනා මා ගැන සිතන ආකාරය සාධාරණ බව මා දනිමි.
    අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි වේයැයි සිතා ඔහුට සහයෝගය දැක්වූවෙමි.
    නමුත් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන විට පරණ දූෂිත අමන හොරුන්ම බහුතරයක් ඒ සදහා පත් වී තිබුණු අතර "වියත්මග" තුළින් ඉදිරිපත් කළ ආචාර්ය සූරතිස්ස වැනි වියතුන් කැපී ඉවතට විසිවී තිබිනි.
    මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. උදාහරණයක් ලෙස අප රටේ පරිසරයට සොබාදහමට පණ මෙන් ආදරය කරන වියතුන් සිටියද මාගේ ජීවිත කාලය තුළ පත්වූ කිසිදු "පරිසර ඇමති" වරයෙකු පරිසරයට අල්පමාත්‍ර ආදරයක් නොදක්වන ගොබ්බයන් විය. අනිත් ක්ෂේත්‍රද එසේමය. එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත. මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.
    - තිස්ස ජනනායක -