ටියන්ස් ලංකා පිරමිඩ ජාවාරම නතර වෙයි!

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ටියන්ස් ලංකා පිරමිඩ ජාවාරම නතර වෙයි!


    මේකට අහුවෙච්ච බබාල මේකෙත් ඉන්නවද?:lol::lol::lol:


    NethFMබැලුම්ගල...

    Direct Download from Orginal source




    මෙතෙක් කල් ලංකාව පුර ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වූ පිරමිඩ ජාවාරම් ක්‍රමයක් වූ ටියන්ස් ලංකා ආයතනයට ශ්‍රීලංකාව තුල ව්‍යාපාර කටයුතු නතර කරන ලෙස මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝග කර ඇත.




    චීනයේ නිෂ්පාදිත උපකරණ හා අහාර වර්ග නෙට්වර්ක් මාර්කටින් ආකාරයට විකිණීමෙන් මුදල් ඉපයිය හැකි බව කියමින් මෙම ආයතනය දහස් ගණනින් ජනතාව මුලා කොට ඔවුන්ට නොවටිනා භාණ්ඩයක් ඉතා ඉහල මිලකට ගැනීමෙන් එම ජාලයේ සාමාජිකත්වය ලබා දී ඇත.


    මෙම ආයතනයේ සාමාජිකත්වය ලබා ගත් පසු ලකුණු ලැබෙන ක්‍රමයක් තිබේ.එක ලකුනක වටිනාකම 11000 කි.ලකුණු අනුව තරු හිමි වේ.


    ලකුණු 100ක් ලැබූ විට දෙවැනි තරුව හිමි වේ.එවිට මිලදී ගන්න සෑම භාණ්ඩයකින්ම 5% කොමිස් මුදලක් ලැබේ.මේ අනුව 20% කොමිස් මුදලක් ලැබීමට නම් ලකුණු 300 ක් (මුදලින් රු. 33 000 00 ) ලබා ගත යුතු වේ.


    මෙහි උපරිම මට්ටම තරු 8 කි.තරු 8 මට්ටම් වලින් පසු රිදී,රන්,දියමන්ති යනුවෙන් මට්ටම් ඇත. රිදී තරු ලබාගන්න අයට ලක්ෂ 35 ක කාරයක් ලැබෙන අතර ඔවුන්ට ලොව පුරා සිදුවන ටියෑන්ස් අලෙවියන්ගෙන් 1% කොමිස් මුදලක් හිමි වන බවද කියයි.


    මොවුන්ගේ ජනප්‍රිය අලෙවි උපාංගය වී තිබුනේ කැල්සියම් පෙත්තයි.මෙරට කැල්සියම් ඌනතාවයක් ඇති බවට මතයක් පතුරා වෙලදපොලේ ඉතා සුළු මුදලකට මිලදී ගත හැකි කැල්සියම් පෙති මොවුන් විකුනන්නේ රුපියල් 242 ක් වැනි විශාල අගයකටයි.


    තවද අධි රුධිර පීඩනය සුව කිරීම සදහා නොයෙකුත් උපකරණ වැනි නොයෙකුත් රෝග වලට ප්‍රතිකාර කරන උපකරණ විකුණා ඇත.





    ටියෑන්ස් අලෙවි කල බෙහෙත් වර්ග වල වැඩි විසතර සදහා

    මේ පිළිබද මාධ්‍ය මගින් දිගින් දිගට දැනුම් දීම් කලත් ටියෑන්ස් ව්‍යාපාරයට බැදී සිටි බොහෝ දෙන ඒවා බැහැර කලා.

    "වෙන ඒවා වගේ නෙවෙයි.ටියෑන්ස් කියන්නේ පිරමිඩ ජාවාරම් ක්‍රමයක් නෙවෙයි.අනික මහා බැංකුවේ අනුමැතියත් මේකට තියනවා, අජිත් කබ්රාලුත් මේකට සපෝට්" වැනි කතා කියමිනුයි.

    නමුත්
    1988 අංක 30 දරන බැංකු පනත යටතේ සාමාජිකයන් බදවගනිමින් පිරමිඩකාරයට ප්‍රතිලාභ ලබාදෙන ව්‍යාපාර කිරීම ලංකාව තුල තහනම් වේ.

    නමුත් මෙම ව්‍යාපාරයේ ප්‍රධානින් දිගින් දිගටම පවසන්නේ ටියෑන්ස් යනු පිරමිඩ ක්‍රමයක් නොව පුද්ගලයන් හරහා අලෙවි කිරීමේ ක්‍රමයක් බවයි.මෙහි සාමාජිකයන් තවමත් බලාපොරත්තු වන්නේ මෙම සමාගම නැවත ලංකාවේ සිය කටයුතු ආරම්භ කරනු ඇත කියායි.


    ටියැන්ස් ව්‍යාපාරයේ සභාපති ලංකාවට පැමිණි අවස්ථාව
    TIENSMAIN.jpg

    ටියන්ස් සාමාජිකයන් විසින් ආරම්භ කරන බ්ලොග් අඩවියක මේ පිළිබද දක්වා ඇති අයුරු


    source :- http://www.gossip9.com
     
    Last edited:

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    okunge boru bn....ahu wenda epa..mage yaluwekge pawlama okata hena gaanak dala dan puk karagena innawa....