ටි‍්‍රලියන 02ක් ණය අරන්..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1623031629438.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    මේ පොන්ස්ලටත් ඉතින් අවුරුදු 5ක් බලේ තිබිලත් කරන්න ආපු වැඩ කරන්නෙ නැතුව ජෝගි දදා ඉදල දැන් ඇහැරිල තියෙන්නෙ.

    ඩොලර් එක රුපියල් 40කින් විතර වැඩි කරල දීල දැන් බයිල ගහනව
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ණය ගන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසා කියලා මතක තියාගනිල්ලා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    197306136_10220392639542543_608515609070060766_n.jpg

    197121698_10220392639982554_5894477852877657941_n.jpg


    මොකක්ද මේ CCC කියන්නේ...

    අපි දන්නවා ලංකාව මේ වෙනකොට ණය බරින් මිරිකිළා ඉන්නේ කියලා. ණය බර කොච්චර ද කියනවා නම් ණය ගෙවා ගන්න බැරි මට්ටමට ඇවිත්... කොහොමද එහෙම වෙන්නේ කියලා අපි බලමු...
    සාමාන්‍යයෙන් රටක රජය හෙවත් ආණ්ඩුව සිය වියදම් පියවා ගන්නේ රටේ මිනිසුන් විසින් ගෙවන බදු මුදල් එකතු කරලා. ඒකට වාර්ෂිකව රජයට එකතු වන මුදලට අපි කියනවා රජයේ ආදායම කියලා. මේ අදායම ලැබෙන තව ක්‍රම තමයි දඩ මුදල්, හා රජයේ අනිකුත් දේපල හා ව්‍යාපාර වලින් ලැබෙන ආදායම. ඔය මුළු වාර්ෂික ආදායම එකතු කරලා තමයි ඒ අවුරුද්දේ ආණ්ඩුවේ වියදම පියව ගන්නේ.
    ගොඩාක් ආණ්ඩු තමන් උපයන මුදලට වැඩිය වියදම් කරනවා. ඒකට හේතුව තමයි ඒ වැඩිපුර වියදම් කරන ටික ණය විදියට අරගෙන ගෙවා දැමීමට ඇති හැකියාව. උදාහරණයක් ලෙස අපිට පුළුවන් ණයක් අරගෙන පාලමක් හදන්න. ඒ පාලම නිසා රටේ ජනතාවට යහපතක් වෙනවා නම් ඒ ණය පසුවට ගෙවා දැම්මාට කම් නෑ. ණය ලැබෙන්නේ පොලියකට. ඒ නිසා ලැබෙන ණයත්, පොළියත් එක්ක අවුරුදු පතා ණය පොළී වාරිකයක් එකතු වෙනවා. හැම අවුරුද්දේම මෙහෙම වැඩිපුර වියදම් කරන ඒවට ණය ගත්තාම අවුරුදු පතා අර ණය පොළී වාරිකයත් එකතු වෙනවා.
    සාමාන්‍යයෙන් ඕනෑම රටක දළ දේශීය නිශ්පාදනය අවුරුද්දෙන් අවුරුද්ද ඉහළ යනවා. ඒ ඉහළ යන සාපේක්ෂ වේගයට තමයි ආර්ථික සංවර්ධන වේගය කියන්නේ. ආර්ථික සංවර්ධන වේගය වැඩියි නම්, ඊළඟ අවුරුද්දේ දළ දේශීය නිශ්පාදනය වැඩියි. දළ දේශීය නිශ්පාදනය වැඩියි නම් ඒ අවුරුද්දේ කළින් අවුරුද්දට වඩා රජයට බදු ලැබෙනවා, ආදායම් ලැබෙනවා. ඒ නිසා රජයේ ආදායමත් අවුරුදු පතා දළ දේශීය නිශ්පාදනයට සාපේක්ෂව වැඩි වෙනවා. ඒ කියන්නේ ආර්ථික සංවර්ධන වේගය වැඩි නම්, GDP එක වැඩි වෙනවා, GDP එක වැඩි නම් රජයේ ආදායම ඉහළ යනවා. එහෙනම් ඊළඟ අවුරුද්දේ තව ණය ගත්තොත් ඒ ණය පොළී වාරිකය ගෙවන්න මට්ටමට රජයේ ආදායම ඉහළ යනවා. ඒක ගණනය කර ගන්න පුළුවන්. ඉතිං ඒ නිසා රටක් ණය ගන්නේ, ඒ රටට ණය ලැබෙන්නේ ඔය ආර්ථික සංවර්ධන වේගය හා GDP එක මත.
    ඒ නිසාම රටක ණය බරයි GDP එකයි අතර සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය අපි මනින්නේ මුලු ණය GDP එකේ ප්‍රතිශතයක් ලෙස. ලංකාවේ මේ අනුපාතය එන්න එන්නම නරක අතට හැරෙනවා. GDP එකේ වර්ධනයට සාපේක්ෂව ණය ප්‍රමාණය වේගයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ අපි හම්බ කරන වේගෙට වඩා වැඩි වේගයෙන් ණය ගන්නවා. එය පසු ගිය වසරේ ප්‍රථම වරට 100% සීමාව ඉක්මවා ගියා. දැනට තියෙන ණය බර හා රටාව අනුව එය අනාගතයට ප්‍රක්ශේපණය කර තිබෙනවා. එහි තවත් වර්ධනයක් මිස හොඳක් දකින්නට නෑ.
    ගැටලුව තියෙන්නේ ගන්න ණය වලින් රජයට ආදායම් ලැබෙන , එහෙම නැත්නම් GDP එක වර්ධනය වන ව්‍යාපෘති සිදු නොවීම. ඒ නිසා රජයේ ආදායමට සාපේක්ෂව ණය ගෙවා ගන්න බැරි තරම් උනාම, අපේ ණය ගැනීමේ හැකියාව පහළ යනවා. ඒ කියන්නේ අපිට ණය වාරික ගෙවා ගන්න ක්‍රමයක් නැතුව යයි කියන බිය ණය දෙන අයට හිතෙනවා. ඒ කියන්නේ අපිට ණය දෙන එක high risk එකක් විදියට සළකනවා. ඒ risk එකට හරියන්න ණය දෙන අය කරන්නේ පොළිය ඉහළ දාන එක. එතකොට ණය පොළී වාරිකය ඉහළ යාම මත අපිට ගෙවාගැනීම තවත් අමාරු වෙනවා.
    කවුද මේ ණය දෙන්නේ චීනය ද?
    නෑ. ඕනෑම රටකට ණය දෙන්නේ මූල්‍ය වෙළඳ පොළෙන්. ඒවට අපි කියනවා Market Burrowings කියලා. ඔබට උනත් ලෝකේ ඕනෑම රජයකට ණය දෙන්න පුළුවන්. රජයකට ණය ඕන උනාම ඒ අය ලියවිල්ලක් නිකුත් කරනවා. ඒකේ තියෙනවා මිලක් ලියලා රුපියල් දාහයි, දහදාහයි ආදිය. ඒ සහතිකේ අපි අරගෙන රජයට ඒ මුදල ලබා දෙනවා. ඒකට නියමිත පොළියක් තියෙනවා. ඉතිං රජයෙන් අවුරුදු පතා ඒ මුදලට අපිට පොළියක් ගෙවනවා. ඒ ලියවිල්ලේ තියෙනවා කල් පිරෙන කාලයක්. අපි හිතමු අවුරුදු 10 ක් කියලා. ඉතිං අවුරුදු 10 ඉවර වෙලා ඒ සහතිකේ අරගෙන ගියාම අපිට අර මුලින් ණයට දීපු මුදලා ආපහු ගන්න පුළුවන්. ඕවට තමයි බැඳුම්කර කියන්නේ.
    ඕනෑම රජයක් තමන්ගේ වියදම පියව ගන්න මුදල් ණයට ගන්නේ මේ වගේ බැඳුම්කර නිකුත් කරලා. ඉතිං ලෝකය පුරා සල්ලි එකතු වෙන ඉන්ෂුවරන්ස් සමාගම්, බැංකු, විශ්‍රාම අරමුදල් ආදී සල්ලි එකතු වෙන, ඒවා ණයට දීලා පොළී හොයන්න ඕන ආයතන ලෝකයේ රජයවල් නිකුත් කරන බැඳුම් කර මිලදී ගන්නවා. ඒකට හේතුව රජයකට මුදල් දීපු නිසා ආපහු ලබා ගැනීමේ විශ්වාසනීයත්වය ඉහළ නිසා. ආයෙත් හම්බෙන එක සුවර්. ලංකාවෙත් අපි වැඩිපුරම අරගෙන තියෙන්නේ ඔය වගේ market burrowings. ඕනම රටක market burrowings තමයි වැඩිම. නැතුව ණයට ගන්නේ තවත් රජයකින් නෙවෙයි. රජයකිනුත් ඕනේ නම් ගන්න පුළුවන්.
    අපිට වෙනත් රජයකින් වැඩිපුරම දීලා තියෙන්නේ චීනය. ඒක මුළු ණයෙන් 15 % විතර. රජයකින් රජයකට ණය දෙනවා අඩුයි. හේතුව ඒ රජයනුත් ණය හින්දා. දැන් ගත්තොත් ඇමෙරිකානු ආණ්ඩුව ඩොලර් ට්‍රිලියන 25 ක් විතර ණයයි.
    දැන් මේ යම් රටකට මේ ආකාරයට ණය දුන්නොත් ආපහු ගෙවීමේ හැකියාව මැනලා බලන්න සමාගම් තියෙනවා. මොකද යම් අයෙක් ඒ රටවලින් බැඳුම් කර මිලදී ගැනීම් ආදිය කරනවා නම් ඒක නැවත ගෙවීමට ඒ රටට කොච්චර හයියක් තියෙනවා ද කියලා හොයලා බලනවා නේ. හරියට අපි ණයක් ගන්න බැංකුවට ගියාම බැංකුවෙන් හොයලා බලනවා නේ අපිට මේක ගෙවන්න පුළුවන් ද කියලා. ඒ වගේ. ඒ සමාගම් හැම රටක් ගැනම තමන්ගේ කරුණු හොයලා යම් ශ්‍රේණිගත කිරීමක් කරනවා. හොඳටම ණය ගෙවා ගන්න පුළුවන් රටවල් උපරිම අගය වන AAA බවට පත් වෙනවා. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ආදිය ඒ ගොඩේ. ගෙවා ගන්න බැරිවෙයි කියලා හිතන, ආර්ථිකය චාටර් වෙච්චි , අනා ගත්ත රට වල් CCC වලට දානවා. ඒ කියන්නේ ඒ රට වලට ණය දෙන්න කවුරුත් කැමති නෑ. බයයි. හම්බෙයිද කියලා සුවර් නෑ. High Risk....
    ආන්න එහෙම ණය ගෙවීමේ හැකියාව මනින සමාගම් කීපයක්ම ප්‍රෞඩ අපිට දීලා තියෙන්නේ CCC. ඒ කියන්නේ අපේ ආර්ථිකය අන්තිමයි, ණය ගෙවා ගන්න බැරි වෙයි, මුන් ණය බරින් ගිලිලා මැරෙන්න ලඟයි කියන එක.
    දැන් බලන්න අපේ රජය ඊයේ පෙරෙදා ඩොලර් මිලියන 200 ක් හොයා ගන්න බැඳුම්කර නිකුත් කලා නොවැ. ඒත් විකුණුනේ මිලියන 40 ක විතරයි. ගන්නේ නෑ බයයි. ඒ කියන්නේ අපිට ණය දෙන්න වෙළඳ පොළ සූදානම් නෑ.
    එහෙනම් තියෙන්නේ වැඩ දෙකයි. එක්කෝ වාරික ගෙවා ගැනීනට බැරිව අපි ග්‍රීසිය වගේ කඩා වැටෙන්න ඕනේ. නැත්නම් චීනය වගේ අපිට ණය දෙන්න කැමති රජයකින් ණය ගන්න ඕනේ. ඉතිං චීනය අපේ ජීවනාලිය වෙලා ඉන්නේ ඒකයි. ණය ගන්න ඕනේ නිසා අපි දණින් වැටිලා ඉන්නේ. ණයට හරියන්න රටේ ටික ටික චීනයට ඕන හැටියට දෙන්න වෙනවා. ඒක තමයි වෙන්නේ. ණය බරට සින්න වීමක් වගේ තමයි ඒකත්.
    රටේ GDP එක වැඩි කලොත් ඇර වෙන ක්‍රමයක් නෑ ණය ගෙවන්න. රටේ නිශ්පාදන වැඩි කරන්න , ඒ මට්ටමට ආර්ථික මැෂිම හදලා ගන්න බෑ මේ තියෙන සූරා කන, හොරා කන දේශපාලන ක්‍රමයට. මොකද රටක දේශපාලන ක්‍රමයෙන් තමයි ඒ රටේ ආර්ථිකය හට ගන්නේ. ආර්ථිකය හදන්න නම් දේශපාලන හදන්න ඕනේ. එහෙනම් මේක ගොඩ දාන්න මේ දේශපාලනය වෙනස් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ඔබට මිසක් ඔබේ ඡන්දය අරගෙන පත් වෙච්චි දේශපාලකයාට නොවෙයි.
    මම කතා කරන්නේ මේක තේරුම් ගන්න පුළුවන් ඔබට. ඔබයි වෙනස් විය යුත්තේ. රට එතකොට ඉබේම වෙනස් වෙනවා.
    අපිට පුළුවන්
    තීරණය ඔබේ අතේ.

    පැතුම් කර්නර්
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,114
    740
    113
    gampaha
    Hari hambantota china walata sinna una kiyamuko eeth matthala vii gabadakale mokada. Samalingikainge tiyana karikama nemeida.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    piyumita jangi supply karannath oya nayrn tikak hari giya neda kiala hitheddi puduma adambarayak danenne.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,200
    113
    නයට හරි අරගෙන උබලට කන්න දුන්නේ මහින්ද මාතියා
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ජහපාලනය කරපු හැටි මතකයි
    ණය ගන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසා කියලා මතක තියාගනිල්ලා.