ටොන් 310 රත්තරන් ගනුදෙනුවට මහින්ද කො‍ටු වෙය

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    ටොන් 310 රත්තරන් ගනුදෙනුවට මහින්ද කො‍ටු වෙය

    එල්ටීටීඊ සංවිධානය සතුව තිබියදි ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් ටොන් 350 න් 310 ක් හොර රහසේ ජපන් රජයට විකිණීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ලවී තිබු චෝදනාවලට ඔහු වැරදිකරු වන ලකුණු පහලව තිබේ.

    මේ සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීකෂණ පවත්වාගෙන යයි. ඊයේ දිනයේදී මෙම ගනුදෙනුවේ අතරමැදියන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබිණි.

    එහිදී ඔවුන් නිශ්චිතවම සඳහන් කර තිබුණේ මෙම දූෂිත ගනු දෙනුව මහින්ද රාජපක්ෂ විසින් සිදු කෙරුණු බවය. කෙසේ නමුත් ඉදිරි දින කිහිපය තුලදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක කේපී හෙවත් කුමාර් පද්මනාදන්ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.මෙම රත්තරන් තොගය සම්බන්ධ තොරතුරු හෙළි කරගෙන තිබුණේ කේපී ගෙන් ලත් තොරතුරු මතය.

    මේ සම්බන්ධයෙන් පසුගියදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හෙළි දරව්වක් කරමින් තමන් විසින් රත්තරන් ටොන් 350ක් ශ්‍රී ලංකා රජයට භාර දුන් බව හෙලිකර සිටියේය. එහෙත් ඉන් මහා භාණ්ඩාගාරයට භාර දි තිබුණේ ටොන් 40 කි.අනෙක් රත්තරන් ටොන් 310 ජපානයට විකුණා තිබුණේ රුපියල් කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදලකටය.

    කෙසේ නමුත් මෙම වංචා සහගත ගනු දෙනුව සම්බන්ධයෙන් මුල්වරට හෙළි කළ ශ්‍රී ලංකාවේ පිහිටි මාධ්‍ය ආයතනය වූයේ ලංකා ඩේලී වෙබ් අඩවියය. පසුගියදා සුවිශේෂී හෙළිදරව් කිරීමක් සිදු කළේය.

    මේ එම පුවත්

    එල්ටීටීඊයේ රත්තරන් ටොන් 310ක් රහසේ ජපානයට විකුණූ බව හෙළිවෙයි.!

    එල්ටීටීඊ - රාජපක්ෂ රත්තරන් ගණුදෙනුවේ සියළු විස්තර එළියට
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    මහින්ද අගමැති සිහිනය අත හරියි !

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත අගමැති වීමේ සිහිනයක සිටියද මේවන විට ඒ අත් හැර දමා ඇති බව වාර්තාවේ.

    විශෙෂයෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, ටිරාන් අලස් ආදී රාජපක්ෂවාදීන් මේ වෙනුවෙන් පසුගිය දින කිහිපයේදී සැලසුම් ගනනාවක් සකස් කළද වත්මන් පාලනය කටයුතු කරමින් සිටින ප්‍රගතිශීලී ආකාරය අනුව තවදුරටත් එවැනි සිහින දැකීමේ තේරුමක් නැති බව මහින්ද රාජපක්ෂ විසින්ම ඔවුන් වෙත දන්වා තිබේ.

    ජනාධිපතිවර්නයේදී ලක්ෂ 58 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබීම සලකා බලමින් ඉදිරි ජනාධිපතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගත හැකිවනු ඇතැයි ඔවුන්ගේ මතය වී තිබිණි. මේ වෙනුවෙන් වෙන්ම සන්ධානයක් නිර්මාණය කිරීමටද සැලසුම් කෙරිණි.

    එහෙත් පසුව කෙරුණු විශ්ලේෂණ වලදී එම ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම කෙරෙහි බලපෑ සාධක කිසිවක් ඉදිරි මැතිවරණයකදී වලංගු නොවන බව පෙනී ගොස් තිබේ.

    රාජ්‍ය දේපල, මුදල්, මාධ්‍ය බාවිතා කරමින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයන් , විපක්ෂයට එරෙහි මඩ ගැසීම හා නැති සංවර්ධනය මවා පෙන්වීම ආදියට යළිත් ඉඩක් නොලැබෙන බවත් සාකච්ඡා වී තිබේ. එමෙන්ම මේ වන විට රාජපක්ෂවරු හා එම පාලනය විසින් සිදු කරනු ලැබු වංචා දූෂණ අති විශාල ප්‍රමාණයක් හෙළිදරව් වීමත් යම් හෙයකින් නිහඬව නොසිටිය හොත් අත් අඩංගුවට ගැනීමකට පවා ලක්විය හැකි බවත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් පෙන්වා දී තිබේ.

    විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ විසින් පසුගිය දින කිහිපයේදීම වත්මන් ආණ්ඩුව පිහි‍ටුවීම වෙනුවෙන් ක්‍රියාකළ අප්‍රකට ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනෙකු හා සාකච්ඡා කරමින් තම පවුලේ කිසිවකුවත් අත් අඩංගුවට නොගන්නා ලෙසත් ඇතැම් වංචාකාරි ගනුදෙනු සම්බන්ධයෙන් ‍තොරතුරු මාධ්‍යයට යාම වලක්වන ලෙසත් එවා ගොඩින් බේරා ගැනීමට තමන් එකඟ බවටත් පවසා තිබිණි.

    එමෙන්ම පසුගිය මැතිවරණ ව්‍යාපාරයයේදී තමන් විසින් ගෙන ගිය සිංහල ජාතිවාදී මතය තව දුරටත් පොෂණය කිරීම කළ හැකි තත්වයක් නොමැති බවත් විපක්ෂය බලයට ආවොත් රට බේදනවා යැයි කියමින් ගෙන ගිය ප්‍රචාරයන්ද දැන් පුස්සක් බව ඔප්පු වී තිබීම රාජපක්ෂ නොමැතිව වුවත් අනෙක් ජාතිවාදී කණ්ඩායම් වලට හෝ මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීමේ හැකීයාව අහෝසි වී තිබේ.

    මේ තත්වයන් මත කිසි ලෙසකින්වත් ආණ්ඩු පක්ෂය වෙන් වෙන්ව තරග කළත් ජනතාවගේ කැමැත්තක් ලබා ගැනීම දුෂ්කර වනු ඇති බව මහින්ද රාජපක්ෂ නිශ්චිතවම පවසා ඇත.


    - lankadaily
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දින 100 යි මඩ 1000 යි....
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
    යහපාලන දින 100 ද බෙදුම්වාදී දින 100 ද???


    ජනවාරි 9 වෙනිදා :no:
    මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පිනෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනවා..

    ජනවාරි 11 වෙනිදා :angry:
    මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වරයා බවට පත්වෙනවා...
    ඒවගේම කොටි සංවිධානයේ ප්‍රභල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් බවට චෝදනා ලබා සිටින රවී කරුණානායක මුදල් ඇමති බවට පත්වෙනවා..

    ජනවාරි 12 වෙනිදා :no:
    ශ්‍රීලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්ඩ විතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...
    එදා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ත් සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ජයන්ත ධනපාල මහතාත් ජනාධිපති උපදේශකවරු බවට පත්වෙනවා...

    ජනවාරි 13 වෙනිදා:no:
    දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා...

    ජනවාරි 14 වෙනිදා :no:
    දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කරනවා...
    ඒවගේම හිටපු මහා ඇමති පිල්ලයාන් කොටින්ට එරෙහිව නැගිටපු පිල්ලයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා...ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිතුමාගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් දෙන්නෙකුට සිමා කරනවා..

    ජනවාරි 15 වෙනිදා :no:
    උතුරේ කොටි හිතවාදීන් පිල්ලෙයාන්ගේ ගෙවල් ගිනි තියලා පිල්ලෙයාන්ගේ කට්ටියට පහර දුන්නා ...

    ජනවාරි 16 වෙනිදා :no:
    දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා) හා චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවෙනවා.... එදාම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කරලා තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරනවා....එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කරනවා...

    ජනවාරි 17 වෙනිදා.. :no:
    ඉන්දියාවේ ndtv නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවයන් එකඟයි පොලිස් බලතල සම්බන්ධයෙන් පමණක් සංවාදයක් පවතිනාවය කියලා තමන්ගේ සාකච්චාවේදී ප්‍රකාශ කරනවා...
    ඊළඟට ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන්න කියලා යුධ හමුදාවට උපදෙස් දීලා තියෙනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දෙනවා.. එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර වෙනකොට අක්කර 26,000 ක හමුදා කඳවුරු තිබ්බා අපි දැනටමත් 10,000 කට අඩුකරලයි තියෙන්නේ තවත් අඩුකරන්න කියලා කියන නිසා අපි මේක කරන්න උත්සහ කරනවා කියලා...
    ඊට පස්සේ මොකක්ද වෙන්නේ දවස් 2 කර පස්සේ එතුමාව හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරනවා...

    ජනවාරි 18 වෙනිදා :no:
    බුද්ධි අංශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...

    ජනවාරි 22 වෙනිදා :no:
    ආණ්ඩුවේ ආධාර කරුවෙකුවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාවේ සබිකයෙක් විදිහට රැස්වීමට සහභාගිවෙලා ඉවරවෙලා ඇවිල්ලා කියනවා ලංකාවේ සෑම පළාතකම එකහා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතුයි කියලා...
    :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:( :( :( :( :(
    යකෝ මේ දේවල් දින 100 තිබ්බද??? දින 100 තොපිට පෙන්නලා මේ යටින් ගෙනියන්නේ බෙදුම්වාදී දින 100 ක් කියලා තොපිට තේරෙන්නේ නැද්ද???
    කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා....:angry::angry::angry::angry:
     

    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    එල්ටීටීඊ සංවිධානය සතුව තිබියදි ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් ටොන් 350 න් 310 ක් හොර රහසේ ජපන් රජයට විකිණීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ලවී තිබු චෝදනාවලට ඔහු වැරදිකරු වන ලකුණු පහලව තිබේ.



    Holy Mother :dull: