ටෞකන්ඩ සිස්ටම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ටෞකන්ඩ සිස්ටම්

    උණ රෝගය ව්‍යාප්තවීම නිසා රජරට විශ්ව විද්‍යාලය මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.
    රජරට විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසර
    අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02දා) මරණයට පත්වූ සිද්ධියක්ද වාර්තා විය. මියගොස් ඇත්තේ මහනුවර පිළිමතලාව පදිංචි ඔෂානි එරංගිකා පිටවල නම් 25 හැවිරිදි සිසුවියයි. මෙම ශිෂ්‍යාව විභාගය සඳහා

    පෙනී සිටිමට ගිය අවස්ථාවේ ඇතිවූ උණ තත්ත්වයක් හේතුවෙන් ඇය පිළිමතලාවේ පිහිටි සිය නිවස වෙත පැමිණීමෙන් පසුව රෝහල් ගත කළ බවත් පසුව උණ තත්වය උත්සන්න වීමෙන් දැඩි සත්කාර ඒකකයේදී මියගිය බවත් වාර්තා විය.
    ඔෂානිගේ බාල සොයුරාද සරසවි සිසුවෙකු බව පැවසේ.
    සිසුන් අතර වෛරස් උණ පැතිරයාම හේතුවෙන් රජරට සරසවියේ මිහින්තලේ පරිශ්‍රය පවත්වා යානොහැකි මට්ටමට රෝගීන්ගෙන් පිරීයාම නිසා සරසවිය තාවකාලිකව වසා දමන්නට බලධාරීන්ට සිදු විය.ඒ අනුව කළමනාකරණ, සමාජීය විද්‍යා,ව්‍යවහාරික විද්‍යා හා තාක්ෂණ විද්‍යා යන පීඨ වසා දමා ඇති අතර විභාගද දින නියමයක් නැතිව කල් දමා ඇත.