ඩයලොග් සමාගම ඩයලොග් Ez Cash හදුන්වා දෙයි
ජංගම සන්නිවේදනය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ වෙළදපොළ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙරට ජංගම දුරකථනයෙන් කෙරෙන පළමු මුදල් ගනුදෙනු සේවාව හදුන්වා දී ඇත.
ජංගම දුරකථනය හරහා කෙරෙන මෙම අතිනවීන මුදල් සේවාව ඩයලොග් මගින් හදුන්වා දෙන ලද්දේ ඩයලොග් Ez Cash යනුවෙනි.
මෙහිදි ජංගම දුරකථන ග්‍රාහකයින්ට සිය ජංගම දුරකථනය තුළ ජංගම මුදල් ගිනුමක් පවත්වා ගෙන යාමේ අවස්ථාව උදාවේ.මේ වනවිට මිලියන 7.5 අධික ග්‍රාහකයන් වෙත මෙම සේවාව ඔස්සේ මුදල් යැවීමට හෝ ලබාගැනීමට සහ සෘජුවට සිය ජංගම දුරකථනය යොදා ගනිමින් බිල්පත් ගෙවිම මෙන්ම භාණ්ඩ හා සේවා ගාස්තු ගෙවීමද සිදු කල හැක.
ශ්‍රී ලංකාවේ ජංගම සන්නිවේදන ක්ෂේත්‍රය ජංගම මුදල් යුගයක් කරා ගෙන යාමට පුරෝගාමීත්වය දිමට හැකිවිම වරප්‍රසාදයක් ලෙස සලකන බවත්, මෙහිදි ජංගම දුරකථනය මුදල් ගනුදෙනු සදහා භාවිතා කරන මෙවලමක් බවට පත්වන බවත්, ඩයලෝග් ආසිආටාහි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා පැවසීය.
ඩයලොග්හි ජංගම මුදල් සේවාව වන Ez Cash හදුන්වාදීමත් සමඟ මිලියන 7.5 ට ට අධික ඩයලොග් ග්‍රාහකයන් හට තම ජංගම දුරකථනය මගින් #111# ඩයල් කිරීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය.
දිවයින පුරා ඇති අලෙවි සැල් 10,000 ට අධික සංඛ්‍යාවකින් මෙම සේවාව ලබා ගත හැකිය.
මුදල් ඇතුලත් කරගැනීම සුපිරි වෙළදසැල්, බැංකුශාඛා ටේලර් යන්‍ත්‍ර, අන්තර්ජාලය හා දුරකථන බැංකු සේවාවන් ඔස්සේද සිදුකර ගත හැකිය.
Ez Cash ගිණුම් අතර මුදල් හුවමාරුවද භාණ්ඩ හා සේවා සදහා ගෙවීම, අන්තර්ජාලය ඔස්සේ කරන මිලදී ගැනීම්, ජංගම දුරකථනයේ ඇති තෛයි භාෂා සේවා ජාලය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් සිදුකල හැකිය.
අතිශ්‍ය දියුණු තත්ත්වයේ සෑම ජංගම මුදල් ගනුදෙනුවක්ම ග්‍රාහකයාට අදාළ රහස්‍ය අංකයකින් මෙන්ම 3DES අනුමැතිය හා සෙසු ක්‍රියාමාර්ග ඔස්සේ සුරක්ෂිත කොට ඇත