ලකේ පංකාවේ පොලිසියට බාර දීලා තියෙන්නේ.ඔයා ළමයි මේක කියවලා ගෙවල් වලට යන්න 
,....,................
සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ ගමන්ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් අතවරයකට ලක්වී තිබේ.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන්යානා කාර්යමණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී ඇත.
අද (13) උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ මෙම අතවරය සිදුකර ඇති බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.
සැකකරු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙකි. ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාව වෙත වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාම සඳහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙකි.
සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිට තිබුණි.
ඔවුන් අතරින් අවුරුදු 08යි මාස 10ක් වයසැති කුඩා දැරියව මෙම ඉන්දීය ජාතිකයා විසින් අතවරයකට ලක් කර තිබූ අතර, ඒ පිළිබඳව ගුවන්යානා කාර්යමණ්ඩලය වෙත පැමිණිලි කිරීමට මෙම මව පියවර ගෙන තිබුණි.
ඒ අනුව ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.
මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් යොමුකර තිබේ.
ඉන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන්තොටුපොළ පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
Ada Derana