Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී ලංකාවේ විශේෂඥ වෛද්ය වරුන් රට හැර යෑමේ සහ සාමාන්ය වෛද්ය වරුන් රට හැරේ යෑමේ පැහැදිලි රටා දෙකක් හඳුන ගන්න පුළුවන්.

සාමාන්ය වෛද්ය වරෙයෙක් බොහෝ විට විශේෂඥ වෛද්ය පුහුණුවට ඇතුළු නොවී ඈත ප්රදේශ වල දුෂ්කර සේවා අවසන් කරලා, තමන්ගේ ගම් පළාතට ඇවිත් දරු පවුලක් ගොඩ නගා ගන්න ගමන් රෝහලක සේවය කරන විට එම වෛද්ය වරුන් ට ප්රමාණවත් ආදායමක් සොයා ගැනීමට නොහැකි නම් බොහෝ විට ඔවුන් වෙනත් රටකට යන්න හිතනවා. විශේෂයෙන් ගෙවල් හදන්න, වාහන ගන්න ලොකු ලෝන් ගත්තට පස්සේ ඒවා ගෙවා ගෙන යන එකේ පීඩනය කාලයක් දරලා, දුර්වල වෙන්න පුළුවන්. හැමෝටම එක වගේ හොඳට පුද්ගලික සේවය පිහිටන්නේ නෑ. ඇතැම් විට දරුවන්ට හොඳ පාසල් නොලැබීමත්, ශ්රී ලංකාවේ වෛද්ය ක්ෂේත්රය තුල විශේෂඥ වෛද්ය වෘත්තීය ගමනකට යොමු වූයේ නැත්නම් ඔවුන් යම් ආකාරයක ජීවිතය පිළිබඳව බෝරිං වීමකට ලක් වෙනවා. ඊට පස්සේ ඔය වගේ කරුණු ගොඩක හේතුවක් විදියට ඔවුන් රට හැර යන්න බලනවා. පසුගිය වසරේ ආපු ආර්ථික අර්බුදය බොහෝ වෛද්ය වරුන් ගේ ආදායම් වලින් ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ඇති කළා. අධ්යාපනය කඩා වැටිලා දරුවෝ අසරණ වෙන බව පේන්න ගත්තා. යන්න පුළුවන් හැමෝම යද්දී අපිත් යන්න ඕනේ වගේ එකක් ඔවුන්ට හිතෙනවා. ඒ නිසා බොහෝ සාමාන්ය වෛද්ය වරුන් රට හැර ගියා.

ඒත් විශේෂඥ වෛද්ය වරුන් ට තියෙන හේතු මීට ටිකක් වෙනස්.

වෛද්ය විද්යාලයෙන් සාමාන්ය වෛද්ය වරයෙක් විදියට එළියට ආවාට පස්සේ වසරක් යන කොට විශේෂඥ වෛද්ය වරයෙක් වෙන්න විභාගයට මුහුණ දෙන්න පුළුවන්. සාමාන්යයෙන් පළවෙනි අවුරුද්දේ දුෂ්කර ඈත පළාතක සේවය කරලා, ඉක්මනින් මේ විභාගය පාස් වෙන අය ඊට පස්සේ ආයෙත් කොළඹ, නුවර ඇතුළු ප්රධාන නගර වලට එනවා විශේෂඥ පුහුණුව අරඹන්න. ඉතිං මේ කොළඹ ඇතුළු ප්රධාන නගරය ආශ්රිතව සිය පදිංචිය තනා ගෙන තමයි ඔවුන් මේ අලුත් ජීවිතය අරඹන්නේ. බොහෝ අයට දරුවන් ලැබිලා පවුල් සම්පූර්ණ කර ගන්නෙත් මේ කාලය තුල.

විශේෂඥ වෛද්ය පුහුණුව කියන්නේ බොහෝම අමාරු ජොබ් එකක්. ඒකත් එක්ක පවුලක් රකින එක ලේසි නෑ. දෙන්නම ඒ පුහුණුවේ ඉන්නවා නම් තමන්ගේ දෙමාපියන් ගේ සහය අනිවාර්යයෙන් ඕන වෙනවා. මේ පුහුණුව කාලේ පුද්ගලික සේවා සපයන්න තියෙන ඉඩ කඩ ඉතා සීමිතයි. ඒ නිසා ආර්ථික අපහසුතා ගොඩක් ඒ කාලයේ ඔවුන් දරා ගන්නවා. ගෙවල් දොරවල් හදන වගේ වැඩ වලට තව කාලයක් ඔවුන් බලාගෙන ඉන්නවා.

ඉතිං, මේ ඔක්කොම එක්ක දේශීය පුහුණුව අවසන් කළාට පස්සේ අනිවාර්යයෙන් විදෙස් පුහුණුව ලබන්න ඕනේදො. ඒක අවම වසරක් හො උපරිම දෙවසරක්. ඉතිං මේ පුහුණු විශේෂඥ වෛද්ය වරුන් තමන්ගේ අර පුංචි දරු පවුල් එක්ක එංගලන්තයට, ඕස්ට්රේලියාවට යනවා. මේ කාලේ වෙනකොට අර දරුවෝ ඉස්කෝලේ මොන්ටිසෝරියේ, එක වසරේ, දෙක වසරේ වගේ පොඩි පංති. දැන් එහෙදී ළමයිව ඉස්කෝලේ දානවා. ඉස්පිරිතාලෙට ලගින් ගෙයක් කුලියට ගන්නවා. ඒ ගෙදරට ලඟම පයින් යන දුරින් ඉස්කෝලයක් ලැබෙනවා. පවුල පිටින් එකට ඉන්නවා, මෙහේ වගේ මැරෙනකං වැඩ එහේ නෑ. අනිවාර්යයෙන් විවේකයක් ලැබෙනවා. ජීවිතේ හරි පහසුයි.

දැන් මේක ඉවර වෙලා ලංකාවට ආපු ගමන් තමයි අවුල පටන් ගන්නේ. මුලින්ම හම්බෙන පෝස්ට් එක හම්බෙන්නේ රටේ කෙළවරකට. හස්බන්ඩ් සහ වයිෆ් දෙන්නම නම්, ඒ දෙන්නට එකම තැනක් හම්බුවෙන්න තියෙන චාන්ස් එක ඉතා අල්පයි. දරුවන්ට මොකද කරන්නේ කියන එක තමයි ලොකුම ප්රශ්නය. කොළඹ තියලා වයසක දෙමාපියන් එක්ක, පරණ ඉස්කෝලේම යවනවද? නැත්නම් යන තැනක ඈතට එක්කං ගියොත් එහේ හොඳ ඉස්කෝල තියෙනව ද? එංගලන්තයේ අවුරුදු 2 ක් ඉගෙන ගෙන ආපු ළමයි, දැන් කොහොමද ආයෙත් අනිත් පැත්තට පුරුදු කරන්නේ. ඒ වගේම ඈත පළාත් වල පුද්ගලික සේවා සපයන්න පුද්ගලික රෝහල් වත් හරියට නෑ. ඒවායින් ප්රමාණවත් ආදායමක් එන්නෙත් නෑ. පඩියත් ගෑවෙන්න මදි. ඔන්න ඔය අර්බුද එනකොට ආයේ මතක් වෙනවා එංගලන්තයේ හිටපු විදිය. හොඳ වැටුපක් ලැබෙන, විවේකයක් තියෙන, ළමයි ගෙදර ලඟ හොඳ ඉස්කෝලෙක යන පහසුවෙන් හිටපු ජීවිතේ. සාමාන්යයෙන් ආයේ එහේ ජොබ් එකක් හොයා ගන්නත් ලේසියි දැන්. මොකද අවුරුදු 2 ක් වැඩ කරපු නිසා වෛද්ය ලියාපදිංචිය වගේම අත්දැකීම තියෙන නිසා.

අනිත් ගැටලුව ලෝකේ හොඳම ඉස්පිරිතාලෙ ගිහින් දියුණුම අලුත් ප්රතිකාර ක්රම ඉගෙන ගෙන ආවාට, මෙහේ ආපු ගමන් දාන්නේ ඒ දියුණු ක්රම පාවිච්චි කරන්න තරම් පහසුකම් නැති ඈත ඉස්පිරිතාලයකට. දැන් කොහොමද ඒවා මෙහේ කරන්නේ. අර හද්ද පරණ ක්රම වලට තමයි මෙහේ වැඩ කරන්න වෙන්නේ. ඉතිං කවදා හරි හොඳ ඉස්පිරිතාලෙකට එනකොට අර අරගෙන ආපු ශිල්ප ක්රම මග ඇරිලා. එතන එනවා සෑහෙන අසංතෘප්තියක්.

මේ කාරණා නිසා බොහෝ විට විශේෂඥ වෛද්ය වරුන් රට හැර යෑම සිදු වෙනවා.

මේක වළක්වා ගන්න පුළුවන් හොඳම ක්රමයක් තමයි ඔවුන්ගේ දරුවන්ට හොඳ පාසල් ලබා දීම. රජයේ පාසල් නැත්නම් අඩුම තරමින් පිළිගත් පුද්ගලික පාසල් එම ප්රදේශ වලට ගෙන්වා ගන්න ඕනේ. එවිට ඒ ප්රදේශ වලම දරුවන් සමග ගොස් පවුල් පිටින් තාවකාලිකව පදිංචි වීම කරන්න පුළුවන්. ඒ වගේම පවුල පිටින් එකට ඉන්න පුළුවන් වෙන්න හස්බන්ඩ්ට සහ වයිෆ්ට ස්ථාන මාරු ලබා දීමත් ඒකට අත්යාවශ්යයි. අනිත් කරුණ තමයි ප්රධාන නගර නොවන පළාත් වලට යොමු කරන අයට වෙනම ගෙවීමක් ලබා දෙන එක. රෝහල් වල මෙන්ම රටේ ඈත ප්රදේශ වල පහසුකම් වර්ධනය වෙනවා නම් විශේෂඥ වෛද්ය වරුන් පමණක් නොවෙයි, අනෙකුත් සියළුම වෘත්තීකයන් රඳවා ගන්න පුළුවන්. එවිට ඒ නගරත් වේගයෙන් සංවර්ධනය වෙනවා.

තව මට මග හැරුණු කාරණා තියෙන්න පුළුවන්. ඔබ දන්න ඒවා ලියාගෙන යන්න.

ආර්ථික අර්බුදයෙන් මිදුනත්, මේ සඳහා ආකර්ෂණීය උපක්රම පාවිච්චි නොකළොත් විශේෂඥ වෛද්ය වරුන් රට හැර යෑම නවත්ව ගන්න අමාරුයි. සෞඛ්යය අමාත්යාංශයේ රාජ්ය පරිපාලන උපක්රම ප්රතිසංස්කරණය කිරීමත්, eGovernance ක්රමවේදය ගෙන ඒමත් මේ සඳහා අත්යාවශ්යයි.

පැතුම් කර්නර්

#පැතූනොමික්ස්

#රටහදනහරිපාර

[QUOTE="riduna pm, post: 28967528, member: 567786"] ශ්රී ලංකාවේ විශේෂඥ වෛද්ය වරුන් රට හැර යෑමේ සහ සාමාන්ය වෛද්ය වරුන් රට හැරේ යෑමේ පැහැදිලි රටා දෙකක් හඳුන ගන්න පුළුවන්. සාමාන්ය වෛද්ය වරෙයෙක් බොහෝ විට විශේෂඥ වෛද්ය පුහුණුවට ඇතුළු නොවී ඈත ප්රදේශ වල දුෂ්කර සේවා අවසන් කරලා, තමන්ගේ ගම් පළාතට ඇවිත් දරු පවුලක් ගොඩ නගා ගන්න ගමන් රෝහලක සේවය කරන විට එම වෛද්ය වරුන් ට ප්රමාණවත් ආදායමක් සොයා ගැනීමට නොහැකි නම් බොහෝ විට ඔවුන් වෙනත් රටකට යන්න හිතනවා. විශේෂයෙන් ගෙවල් හදන්න, වාහන ගන්න ලොකු ලෝන් ගත්තට පස්සේ ඒවා ගෙවා ගෙන යන එකේ පීඩනය කාලයක් දරලා, දුර්වල වෙන්න පුළුවන්. හැමෝටම එක වගේ හොඳට පුද්ගලික සේවය පිහිටන්නේ නෑ. ඇතැම් විට දරුවන්ට හොඳ පාසල් නොලැබීමත්, ශ්රී ලංකාවේ වෛද්ය ක්ෂේත්රය තුල විශේෂඥ වෛද්ය වෘත්තීය ගමනකට යොමු වූයේ නැත්නම් ඔවුන් යම් ආකාරයක ජීවිතය පිළිබඳව බෝරිං වීමකට ලක් වෙනවා. ඊට පස්සේ ඔය වගේ කරුණු ගොඩක හේතුවක් විදියට ඔවුන් රට හැර යන්න බලනවා. පසුගිය වසරේ ආපු ආර්ථික අර්බුදය බොහෝ වෛද්ය වරුන් ගේ ආදායම් වලින් ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ඇති කළා. අධ්යාපනය කඩා වැටිලා දරුවෝ අසරණ වෙන බව පේන්න ගත්තා. යන්න පුළුවන් හැමෝම යද්දී අපිත් යන්න ඕනේ වගේ එකක් ඔවුන්ට හිතෙනවා. ඒ නිසා බොහෝ සාමාන්ය වෛද්ය වරුන් රට හැර ගියා. ඒත් විශේෂඥ වෛද්ය වරුන් ට තියෙන හේතු මීට ටිකක් වෙනස්. වෛද්ය විද්යාලයෙන් සාමාන්ය වෛද්ය වරයෙක් විදියට එළියට ආවාට පස්සේ වසරක් යන කොට විශේෂඥ වෛද්ය වරයෙක් වෙන්න විභාගයට මුහුණ දෙන්න පුළුවන්. සාමාන්යයෙන් පළවෙනි අවුරුද්දේ දුෂ්කර ඈත පළාතක සේවය කරලා, ඉක්මනින් මේ විභාගය පාස් වෙන අය ඊට පස්සේ ආයෙත් කොළඹ, නුවර ඇතුළු ප්රධාන නගර වලට එනවා විශේෂඥ පුහුණුව අරඹන්න. ඉතිං මේ කොළඹ ඇතුළු ප්රධාන නගරය ආශ්රිතව සිය පදිංචිය තනා ගෙන තමයි ඔවුන් මේ අලුත් ජීවිතය අරඹන්නේ. බොහෝ අයට දරුවන් ලැබිලා පවුල් සම්පූර්ණ කර ගන්නෙත් මේ කාලය තුල. විශේෂඥ වෛද්ය පුහුණුව කියන්නේ බොහෝම අමාරු ජොබ් එකක්. ඒකත් එක්ක පවුලක් රකින එක ලේසි නෑ. දෙන්නම ඒ පුහුණුවේ ඉන්නවා නම් තමන්ගේ දෙමාපියන් ගේ සහය අනිවාර්යයෙන් ඕන වෙනවා. මේ පුහුණුව කාලේ පුද්ගලික සේවා සපයන්න තියෙන ඉඩ කඩ ඉතා සීමිතයි. ඒ නිසා ආර්ථික අපහසුතා ගොඩක් ඒ කාලයේ ඔවුන් දරා ගන්නවා. ගෙවල් දොරවල් හදන වගේ වැඩ වලට තව කාලයක් ඔවුන් බලාගෙන ඉන්නවා. ඉතිං, මේ ඔක්කොම එක්ක දේශීය පුහුණුව අවසන් කළාට පස්සේ අනිවාර්යයෙන් විදෙස් පුහුණුව ලබන්න ඕනේදො. ඒක අවම වසරක් හො උපරිම දෙවසරක්. ඉතිං මේ පුහුණු විශේෂඥ වෛද්ය වරුන් තමන්ගේ අර පුංචි දරු පවුල් එක්ක එංගලන්තයට, ඕස්ට්රේලියාවට යනවා. මේ කාලේ වෙනකොට අර දරුවෝ ඉස්කෝලේ මොන්ටිසෝරියේ, එක වසරේ, දෙක වසරේ වගේ පොඩි පංති. දැන් එහෙදී ළමයිව ඉස්කෝලේ දානවා. ඉස්පිරිතාලෙට ලගින් ගෙයක් කුලියට ගන්නවා. ඒ ගෙදරට ලඟම පයින් යන දුරින් ඉස්කෝලයක් ලැබෙනවා. පවුල පිටින් එකට ඉන්නවා, මෙහේ වගේ මැරෙනකං වැඩ එහේ නෑ. අනිවාර්යයෙන් විවේකයක් ලැබෙනවා. ජීවිතේ හරි පහසුයි. දැන් මේක ඉවර වෙලා ලංකාවට ආපු ගමන් තමයි අවුල පටන් ගන්නේ. මුලින්ම හම්බෙන පෝස්ට් එක හම්බෙන්නේ රටේ කෙළවරකට. හස්බන්ඩ් සහ වයිෆ් දෙන්නම නම්, ඒ දෙන්නට එකම තැනක් හම්බුවෙන්න තියෙන චාන්ස් එක ඉතා අල්පයි. දරුවන්ට මොකද කරන්නේ කියන එක තමයි ලොකුම ප්රශ්නය. කොළඹ තියලා වයසක දෙමාපියන් එක්ක, පරණ ඉස්කෝලේම යවනවද? නැත්නම් යන තැනක ඈතට එක්කං ගියොත් එහේ හොඳ ඉස්කෝල තියෙනව ද? එංගලන්තයේ අවුරුදු 2 ක් ඉගෙන ගෙන ආපු ළමයි, දැන් කොහොමද ආයෙත් අනිත් පැත්තට පුරුදු කරන්නේ. ඒ වගේම ඈත පළාත් වල පුද්ගලික සේවා සපයන්න පුද්ගලික රෝහල් වත් හරියට නෑ. ඒවායින් ප්රමාණවත් ආදායමක් එන්නෙත් නෑ. පඩියත් ගෑවෙන්න මදි. ඔන්න ඔය අර්බුද එනකොට ආයේ මතක් වෙනවා එංගලන්තයේ හිටපු විදිය. හොඳ වැටුපක් ලැබෙන, විවේකයක් තියෙන, ළමයි ගෙදර ලඟ හොඳ ඉස්කෝලෙක යන පහසුවෙන් හිටපු ජීවිතේ. සාමාන්යයෙන් ආයේ එහේ ජොබ් එකක් හොයා ගන්නත් ලේසියි දැන්. මොකද අවුරුදු 2 ක් වැඩ කරපු නිසා වෛද්ය ලියාපදිංචිය වගේම අත්දැකීම තියෙන නිසා. අනිත් ගැටලුව ලෝකේ හොඳම ඉස්පිරිතාලෙ ගිහින් දියුණුම අලුත් ප්රතිකාර ක්රම ඉගෙන ගෙන ආවාට, මෙහේ ආපු ගමන් දාන්නේ ඒ දියුණු ක්රම පාවිච්චි කරන්න තරම් පහසුකම් නැති ඈත ඉස්පිරිතාලයකට. දැන් කොහොමද ඒවා මෙහේ කරන්නේ. අර හද්ද පරණ ක්රම වලට තමයි මෙහේ වැඩ කරන්න වෙන්නේ. ඉතිං කවදා හරි හොඳ ඉස්පිරිතාලෙකට එනකොට අර අරගෙන ආපු ශිල්ප ක්රම මග ඇරිලා. එතන එනවා සෑහෙන අසංතෘප්තියක්. මේ කාරණා නිසා බොහෝ විට විශේෂඥ වෛද්ය වරුන් රට හැර යෑම සිදු වෙනවා. මේක වළක්වා ගන්න පුළුවන් හොඳම ක්රමයක් තමයි ඔවුන්ගේ දරුවන්ට හොඳ පාසල් ලබා දීම. රජයේ පාසල් නැත්නම් අඩුම තරමින් පිළිගත් පුද්ගලික පාසල් එම ප්රදේශ වලට ගෙන්වා ගන්න ඕනේ. එවිට ඒ ප්රදේශ වලම දරුවන් සමග ගොස් පවුල් පිටින් තාවකාලිකව පදිංචි වීම කරන්න පුළුවන්. ඒ වගේම පවුල පිටින් එකට ඉන්න පුළුවන් වෙන්න හස්බන්ඩ්ට සහ වයිෆ්ට ස්ථාන මාරු ලබා දීමත් ඒකට අත්යාවශ්යයි. අනිත් කරුණ තමයි ප්රධාන නගර නොවන පළාත් වලට යොමු කරන අයට වෙනම ගෙවීමක් ලබා දෙන එක. රෝහල් වල මෙන්ම රටේ ඈත ප්රදේශ වල පහසුකම් වර්ධනය වෙනවා නම් විශේෂඥ වෛද්ය වරුන් පමණක් නොවෙයි, අනෙකුත් සියළුම වෘත්තීකයන් රඳවා ගන්න පුළුවන්. එවිට ඒ නගරත් වේගයෙන් සංවර්ධනය වෙනවා. තව මට මග හැරුණු කාරණා තියෙන්න පුළුවන්. ඔබ දන්න ඒවා ලියාගෙන යන්න. ආර්ථික අර්බුදයෙන් මිදුනත්, මේ සඳහා ආකර්ෂණීය උපක්රම පාවිච්චි නොකළොත් විශේෂඥ වෛද්ය වරුන් රට හැර යෑම නවත්ව ගන්න අමාරුයි. සෞඛ්යය අමාත්යාංශයේ රාජ්ය පරිපාලන උපක්රම ප්රතිසංස්කරණය කිරීමත්, eGovernance ක්රමවේදය ගෙන ඒමත් මේ සඳහා අත්යාවශ්යයි. පැතුම් කර්නර් #පැතූනොමික්ස් #රටහදනහරිපාර [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom