ඩැඩි**ටිකෙන්

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" ගීතය පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ගීතයක් බවට පත්වී තිබුනේ එම ගීතයේ යොදා තිබුණු "භවතු සබ්භ මංගලම්" ආශිර්වාදාත්මක ගාථාව හේතුවෙන්.

එහෙයින් බෞද්ධ සංවිධාන රැසක විරෝධය මෙයට එල්ලවූ අතර එම ගීතයට එරෙහිව ගංගොඩවිල ජාත්‍යන්තර සුනේත්‍රාදේවී මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් විසින් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කරනු ලැබුවා

එම පැමිණිල්ලෙන් අනතුරුව් මාධ්‍යය වෙත අදහස් දැක්වූ මහමිතවහිමියන් පැවසුවේ මෙවැන්නක්.

"ටිකෙන් ටික කියලා සිංදුවක්. ඒ සිංදුවේ මැද්දෙදී තත්පර 1:40 ඉඳන් 2:00 දක්වා. ඒ කියන්නේ තත්පර 60ක් ඇතුළත "බවතුසබ්බ මංගලම් රක්ඛම් තුසබ්බ දේවතා" කියන එක රැප් කරලා ඒ ගීතයට දාලා තියනවා.

හැබැයි ඒක කාමුක දර්ශන ටිකක් තියන, ඒ කියන්නේ මධුසමය ගතකරන යුවලක් තමයි පෙන්නන්නේ. ඒ නිසා අපි තීරණය කළා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මොකද ඒක බුදු දහමට එකක් අපහාසයක්, අනික ඒ වගේ නිර්මාණ වලට එහෙම දාන්නේ නෑ."

මෙම ගීතයට එල්ලවූ විරෝධයත් සමග රජයේ අවධානය මේවෙත යොමුවූ අතර ගීත පාලනය කිරීම සඳහාත් රැඟුම් පාලක මණ්ඩලයක් ගෙන ඒමට යෝජනා වුවා.කෙසේ වෙතත් රජය විසින් මෙම ගීතය තහනමට ලක් නොවූ අතර ඩැඩි සංගීත කණ්ඩායම විසින් පසුගියදා සියලු මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් කොට දන්වා සිටියේ එම ගීතය ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසයි.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මට නම් හිතෙන්නේ ඔය කරපු වැඩේ විකාරයක් කියලයි...... සිංදුවක් වෙනුවෙන් කෑ ගහනවට වඩා, කෑ ගහලා නවත්වගන්න ඕනා දේවල් කොච්චර වෙනවද ලංකාවේ....... :(