ඩිජිටල් කැමරාවක් ගමුද ?

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    ඩිජිටල් කැමරාවක් ගමුද ?

    ඩිජිටල් කැමරාවක් ගමුද .....?????

    ඔබගේ නිවසේත් ඩිජිටල් කැමරාවක් තිබෙනවාට සැක නැත. නැතහොත් හොඳ ඩිජිටල් කැමරාවක් ගැනීමේ බලාපොරොත්තුවෙන් කැමරා මාදිලි ගැන සොයා බලමින් තොරතුරු ගවේශණයේ යෙදෙනවා වන්නට පුලුවන. අද බොහෝ ජංගම දුරකථනවල පවා ඉතා ඉහල මට්ටමේ ඡායාරූප ගත හැකි කැමරා තිබේ. විවිධ ප්‍රමාණවලින්, විවිධ මිළගණන් වලට විකිණීමට ඇති කැමරා වර්ග දහස් ගණනක් වෙළඳපොලේ ඇති අතර මේවායින් තමන්ට වඩාත් සුදුසුම කැමරාව තෝරාගැනීම පාරිභෝගිකයින්හට අපහසු කරුණක් වී ඇත්තේ තෝරා ගැනීමට ඇති කැමරා නිශ්පාදක සන්නාම (brand-names) හා මාදිලි (models) අති විශාල වීම නිසාමය.
    Flood of Digital Cameras in the market (වෙළඳපොල විවිධ කැමරා මාදිලිවලින් ඉතිරී ගොස් ඇත )
    උදාහරණයක් ලෙස නිකොන්, කැනන්, සෝනි වැනි කැමරා නිශ්පාදකයින් එකම මෙගාපික්සල් ප්‍රමාණයේ විබේධනයකින් (resolution) ඡායාරූප ගත හැකි කැමරා මාදිලි ගණනාවක් විවිධ මිළගණන් වලට වෙලඳ පොලට හඳුන්වා දී ඇත.

    කැමරාවක් මිළදීගැනීමේ බලාපොරොත්තුවෙන් වෙළඳපොලට යන පාරිභෝගිකයෙකුගේ සිතට වදදෙන ගැටලු ගණනාවක් ඇත. ඒවායින් පොදු ගැටලු කිහිපයක් පහත දක්වා ඇත.
    • මේ කැමරා එකිනෙක වෙනස් වන්නේ මොන ආකාරයකින්ද?
    • කැමරාවක් මිළදී ගැනීමේදී එහි ඡායාරූප විබේධනය (එනම් මෙගාපික්සල් ප්‍රමාණය) කොතරම් වැදගත්ද?
    • එක නිශ්පාදකයෙක් එකම මෙගාපික්සල් ප්‍රමාණයේ කැමරා මාදිලි විශාල සංඛයාවක් හදුන්වාදී ඇත්තේ ඇයි?
    • මෙගාපික්සල් ප්‍රමාණය සමාන නම් එම කැමරාවල මිලගණන් මෙතරම් වෙනස් වන්නේ ඇයි?
    උදාහරණයක් ලෙස සෝනි සමාගම 2012 වසර තුලදී මෙගාපික්සල් 16 කැමරා මාදිලි 7ක් විවිධ මිළගණන්වලට හඳුන්වාදී ඇත. මින් Sony Cybershot HX100V නම් මෙගාපික්සල් 16 මාදිලිය රුපියල් 60,000කටත් අධික මිලක් වන අතර Sony Cybershot W630 ලෙස නම්කොට ඇති මෙගාපික්සල් 16 මාදිලිය රුපියල් 25,000කට අඩුවෙන් මිලදී ගත හැකිය. එකම මෙගාපික්සල් ප්‍රමාණයේ කැමරා දෙකක මිළගණන් මෙතරම් වෙනස් වන්නේ කෙසේද?

    මේ ලිපියේ අරමුණ මෙවැනි ගැටලුකාරී තත්වයන් පහදා දී ඔබට ගැලපෙන කැමරාවක් තෝරාගැනීම සඳහා මගපෙන්වීමයි.

    Types of Digital Cameras
    මුලින්ම අපි ඩිජිටල් කැමරා වර්ග නැතිනම් කුලක හඳුනා ගනිමු. ඩිජිටල් කැමරා වර්ගීකරණයේදී විවිධ මානයන් භාවිතාකරන අතර විවිධ නිශ්පාදකයින් විවිධාකාරයෙන් සිය කැමරා වර්ගීකරණය කරයි. පොදු සම්මතයක් නොමැති බැවින් අපි කැමරාකරණය හා ඡායාරූපකරණය වෙනුවෙන්ම බිහිවී ඇති ඡායාරූපකරණ සඟරා (photography magazines - E.g. Popular Photography, Digital Photography, Asian Photography වැනි සඟරා) භාවිතාකරන සරල මානයන්ගෙන් කැමරා කුළක හඳුනාගැනීමට උත්සහ කරමු.

    1. Digital Single Reflex Lens Camera - DSLR Camera
    2. Bridge Camera / Compact Superzoom Camera

    3. Point and Shoot Camera

    Digital Single Lens Reflex Camera - DSLR Camera
    වෘත්තීයමය ඡායාරූප ශිල්පීන් හා ඉතාමත් කැපවීමෙන්, විනෝදාංශයක් ලෙස කැමරාකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පීන් DSLR කැමරා භාවිතාකරයි. මේවා මිලෙන් ඉතා අධික වන අතර අතිශය තියුණු ඡායාරූප ලබාදීමේ හැකියාව හා සාමාන්‍ය කැමරාවලට හසුකරගත නොහැකි ඡායාරුප ලබාදීමේ හැකියාව මෙම කැමරාවලට ඇත.

    ඔබ විදේශීය සඟරා කියවන්නෙකු නම් (Time, Newsweek, National Geographic etc.), එම සඟරාවල ඇති අතිශය තියුණු, දැකුම්කළු ඡායාරූප හසුකරගෙන තිබෙන්නේ DSLR කැමරාවලින් බව සලකන්න. විශේෂයෙන්ම National Geographic සඟරාව ලොව ඉහලම ගණයේ වෘත්තියමය ඡායාරූප ශිල්පීන්ගේ සේවය ලබාගන්නා සඟරාවකි. National Geographic සඟරාවේ තමන් ගන්නා ලද ඡායාරූපයක් පලවීම ඡායාරූප වෘත්තියේ ඉහල ජයග්‍රහණයක් ලෙස බටහිර රටවල ඡායාරූප ශිල්පීන් සලකයි.

    D3S_2883-side-1200.jpg

    Nikon D7000 DSLR කැමරාව - මෙවැනි කැමරාවක්, කාචසැකැස්ම (Lens kit) සමග රුපියල් 150,000කට වඩා මිලෙන් වැඩිය. National Geographic වැනි සඟරාවලට ඡායාරූප ගන්නා වෘත්තිකයින් මෙවැනි කැමරා භාවිතා කරයි.

    මෙවැනි ඡායාරූප magazine quality ඡායාරූප ලෙස බටහිර කැමරා විශේෂඥයින් හඳුන්වයි (ඉතා අනර්ඝ තත්වයේ සේයාරූ). කැමරා වෙලඳුන් මොන ආකාරයේ පොරොන්දු ලබාදුන්නත් එවැනි තියුණු magazine quality ඡායාරූප කිසි ලෙසකින් හෝ සාමාන්‍ය ඩිජිටල් කැමරාවකට හසුකරගත නොහැකිය. යම් කැමරා වෙළඳ ආයතනයක් ඔබට අඩුමිල කැමරාවක් (රුපියල් 40,000කට අඩු), DSLR වර්ගයේ කැමරාවකින් ගත හැකි ආකාරයේ තියුණු ඡායාරූප ලබාගත පවසමින් අලෙවිකරන්නට තැත්කරන්නේ නම්, ඔහු වංචනිකයෙකු හෝ කැමරා පිලිබඳ මූලික දැනුමක් හෝ නොමැත්තෙකු බව වටහාගන්න.

    DSLR කැමරාවල මූලික ගුණාංග
    • අතිශය තියුණු, විශාල ප්‍රමාණයෙන් මුද්‍රණය කලහැකි (large-format print) ඡායාරූප ලබාදේ
    • ඡායාරූප ශිල්පියාට ඉතා විශාල පහසුකම් (features & options) ප්‍රමාණයක් ලබාදෙයි.

    Untitled2.jpg

    DSLR කැමරාවක් මගින් ඡායාරූප ශිල්පියාට ලබාදෙන විවිධ පහසුකම් හා ගුණාංග

    • කැමරාවේ කාච සැකසුම් (lens kit) ගලවා වෙනත් කාච සැකසුම් සවිකල හැකිය.
    • Zoom, telescopic, macro, fish-eye, wide angle වැනි විශේෂ කාච සැකසුම් මෙම කැමරාවලට සවිකල හැකිය

    Untitled4.jpg


    • කැමරාවේ shutter speed, aperture, exposure, white balance, ISO speed වැනි සැකසුම් ඡායාරූප ශිල්පියාට අවශ්‍ය ආකාරයට සීරුමාරු කිරීමට පහසුකම් ඇත.
    • ඉතා මද ආලෝක තත්ව යටතේ (low-light photography) තියුණු, සුපැහැදිලි ඡායාරූප ලබාගත හැකිය.
    • ඩිජිටල් කැමරාවක ආලෝකයට සංවේදී කොටස එනම් ඡායාරුපය සටහන් කරගන්නා කොටස image sensor නම් වන අතර, DSLR කැමරාවල image sensor පරිපථය ඉතා සංවේදී මෙන්ම විශාලත්වයෙන්ද වැඩිවේ. සාමාන්‍ය කැමරාවක image sensor පරිපථයට වඩා 10ගුණයක් විශාල image sensor පරිපථ DSLR කැමරාවල අඩංගුය.
    • ඩිජිටල් කැමරාවක ඡායාරූප සැකසීම සිදුකරන්නේ image processor නම් microprocessor වර්ගයකිනි. DSLR කැමරාවල ඉතා බලසම්පන්න image processor අඩංගුකොට ඇති නිසා විශාල image sensor එකක් මගින් ලබාදෙන high resolution ඡායාරූප ඉක්මණින් සකස්කොට ගබඩාකරගත හැකිය.
    • RAW නැමති ඡායාරූප ආකෘතියට (image format) ඡායාරූප ගබඩාකරගනීමේ හැකියාව DSLR කැමරාවලට ඇත. RAWආකෘතියෙන් ඡායාරූප ගබඩාකරගත් විට සාමාන්‍ය කැමරා ඡායාරූප ගබඩාකරගන්නා JPG ආකෘතියට වඩා විශාල විබේධනයකින් යුතු ඡායාරූප ලබාදෙයි. එමෙන්ම RAW ආකෘතිය, ඡායාරූපය පසු සැකසුම් ක්‍රියාවලියට (post-processing) භාජනය කිරීමේදී ඡායාරූපයේ ගුණාංග වෙනස් කිරිම පහසුකරයි. Photoshop වැනි මෘදූකාංගවල RAW ආකෘතියේ ඡායාරූප සැකසීම සඳහා විශේෂ පහසුකම් ඇත.
    • ඡායාරූප ගැනීමේදී කැමරාව යම් ආකාරයකින් සෙලවීමකට ලක්වුනහොත් ඡායාරූපය බොඳවී පැහැදිලි බවෙන් අඩුවී යනබව ඔබ දන්නා කරුණක්. DSLR කැමරාව සෙලවීම් වලින් ඡායාරූපය බොඳවීයාම වැලැක්වීම සඳහා image stabilization නැතහොත් vibration reduction නම් විශේෂ තාක්ශණයන් අඩංගුකොට නිපදවා තිබෙනවා.


    To Be Continued.....
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    machan dan D7000 ekak echara wenne na,dan aluthen apu nikon D7200 ekath 1.43/= withara wenne.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    Bridge Camera / Compact Superzoom Camera
    DSLR හා සරල Point and Shoot කුළකවල කැමරා අතරමැදි කුළකයක් ලෙස bridge / superzoom කැමරා වර්ග හැඳින්විය හැකි අතර මේවා ඉතා මෑතකදී වෙලඳපොලට හඳුන්වා දුන්නකි. නිකොන්, කැනන්, සෝනී, ෆුජිෆිල්ම් වැනි සමාගම් මෙවැනි කැමරා හඳුන්වාදීමේ පෙරමුණේ සිටිනවා.

    Bridge/Compact Superzoom කැමරාවල මූලික ගුණාංග
    • DSLR කැමරාවලින් ලබාදෙන පහසුකම් රාශියක් මෙම කැමරාවලින්ද ලබාදෙයි. shutter speed, aperture, exposure, white balance, ISO speed වැනි සැකසුම් ඡායාරූප ශිල්පියාට අවශ්‍ය ආකාරයට සීරුමාරු කිරීමට පහසුකම් ඇත
    • ඡායාරූපවල ගුණාත්මකභාවය DSLR කැමරාවක් තරමටම සුපිරි තත්වයේ නොතිබුණත් බොහෝ තත්ව යටතේ ඉතා හොඳ ඡායාරූප ලබාදීමට මෙම කැමරාවලට හැකිය.
    • DSLR කැමරා මෙන් කාච සැකසුම් වෙනස්කිරීමේ හැකියාව මෙම කැමරාවලට නැතත් සමීප ඡායාරූප කරණය (macro photography) සිට ඈත දසුන් ඡායාරූපකරණය (zoom photography) දක්වා පරාසයක රූප ලබාදිය හැකි සංකීර්ණ කාචසැකසුම් පද්ධතියක් මෙම කැමරාවලට ඇත.මේ අතරින් නිකොන් Canon SX60 කැමරාව දැනට විශාලතම දුරස්ථ ඡායාරූප ලබාදීමේ හැකියාව ඇති කැමරාව ලෙස කිරුලු දරා ඇත. එයට 65X Optical Zoom බලයකින් ඈත දසුන් ඡායාරූපගත කිරීමේ හැකියාව ඇත.
    • කැමරාව සෙලවීම් වලින් ඡායාරූපය බොඳවීයාම වැලැක්වීම සඳහා ඉතා ඉහල මට්ටමේ image stabilization / vibration reduction තාක්ශණයන් අඩංගුකොට ඇත.
    • මෙවැනි DSLR මට්ටමේ පහසුකම් වලට අමතරව bridge/superzoom කැමරාවල, point & shoot වර්ගයේ කැමරාවල ඇති, භාවිතාකරන්නාට ඡායාරූප ගැනීම පහසුකරවන, අවස්ථාව සඳහා සුදුසු සැකසුම් ස්වයිංක්‍රීයව කරගැනීමේ පහසුකම් ඇත. මේ පහසුකම් auto shooting modes, scene modes, automatic face recognition, automatic smile recognition, red-eye reduction යන නම්වලින් හැඳින්වෙයි.

    Point & Shoot Camera
    භාවිතාකරන්නාට සිදුකිරීමට ඇති වැඩ කොටස අවම කරමින්, ඉතා පහසුවෙන්, හැකිතාක් හොඳ ඡායාරූප ගතහැකි ලෙස නිපදවා ඇති මෙම කැමරා රුපියල් 5000ක් වැනි අවම මිලක සිට රුපියල් 35,000 දක්වා මිලගණන්වලට ඇත.

    ගෙවන මිලට අනුව කැමරාවේ ඡායාරූප තත්වය (image quality), දුරස්ථ ඡායාරූප ගැනීමේ හැකියාව (optical zoom), අඩු ආලෝක තත්වයන් (නිවෙස් තුල, ප්‍රියසම්භාශණ, සැඳෑ සමය) යටතේ පැහැදිලි ඡායාරූප ගැනීමේ හැකියාව, HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාව වැනි පහසුකම් තීරණය වනු ඇත.

    මෙයින් අදහස් වන්නේ වැඩිම මිල කැමරා ඉතා හොඳ බව හෝ අඩුමිල කැමරා බාල බව හෝ නොවේ. සමහර කැමරා නිශ්පාදකයින් ඉහල මිලගණනකට අලෙවිකරන කැමරාවක ඇති බොහෝ පහසුකම් වෙනත් නිශ්පාදකයෙකුගේ ඊට අඩුමුදකට ඇති මාදිලියක දකින්නට ලැබේ.


    Point & Shoot කැමරාවල මූලික ගුණාංග
    • ප්‍රමාණයෙන් කුඩාය. පහසුවෙන් සාක්කුවේ හෝ කාන්තා අත්බෑගයක ගෙනයා හැකිය. කුඩා AA බැටරිවලින් ක්‍රියා කරයි.
    • ඡායාරූප ගැනීම පහසුකරවන auto shooting modes, scene modes, automatic face recognition, automatic smile recognition, red-eye reduction වැනි පහසුකම් අඩංගුකොට ඇත.
    • මිලෙන් වැඩි මාදිලිවල optical zoom පහසුකම අඩංගුවන අතර අඩු මිල මාදිලිවල නම් digital zoom අනුවර්තනයක් දක්නට ලැබේ. Digital zoom මගින් දුරස්ථ ඡායාරූප ගන්නාවිට ඡායාරූප වල තත්වය (image quality) විශාල ලෙස පහල වැටේ.

    ගැලපෙන ඩිජිටල් කැමරාවක් තෝරාගන්නේ කෙසේද?
    අතේ ඇති මුදල
    ප්‍රධානම සාධකය වන්නේ මෙයයි. කැමරාවක් සඳහා වියදම්කල හැකි මුදල් ප්‍රමාණය අනුව ඔබ Point & Shoot කැමරාවක් තොරාගන්නේද Bridge/Superzoom කැමරාවක් තෝරාගන්නේද යන්න තීරණය කරන්න.


    ඔබ කැමරාව භාවිතාකරන්නට යන්නේ කුමක් සඳහාද?
    • විනෝදගමන්, උපන්දින සාදවල ඡායාරූප ගැනීම, අලුත උපන් බිළිඳාගේ සුරතල් මතකයේ රඳවාගැනීමට, ෆේස්බුක් මිතුරන් සමග බෙදාහදා ගැනීමට ඡායාරූප ගැනීම වැනි කරුනු සඳහා ඔබ කැමරාවක් මිලදීගන්නේ නම් DSLR හෝ Bridge/Superzoom කැමරාවකට වියදම් කිරීම මුදල් නාස්තියකි. එවැනි කැමරාවක ඇති පහසුකම් වලින් 10%ක්වත් ඔබ භාවිතා නොකරනු ඇත. Point & Shoot වර්ගයේ කැමරාවක් ඔබට ඉතාමත් සුදුසුයි.
    • ඔබ ඡායාරූපකරණය ඉතා කැපවීමෙන් විනෝදාංශයක් ලෙස කිරීමට බලාපොරොත්තුවන්නේ නම් හා - මෙය ඉතා වැදගත් - ඔබට ඡායාරූපකරණය විනෝදාංශයක් ලෙස කිරීමට ප්‍රමාණවත් කාලයක් සපයා ගත හැකිනම් ඔබ Bridge/Superzoom ගැන සිතිය යුතුය. කාලය සපයා ගැනීම ගැන විශේෂයෙන් සඳහන් කලේ ඡායාරූපකරණය යනු ඉතා විශාල ලෙස කාලය වැයවන විනෝදාංශයක් බැවිනි. යමක් දෙසට කැමරාව එල්ලකොට ඡායාරූපයක් ගැනීමට වඩා සංකීර්ණ ක්‍රියාදාමයක් ඡායාරූපකරණය තුල තිබේ. ඒ නිසා ඔබ ගන්නා Bridge/Superzoom කැමරාවෙන් නියම ප්‍රයෝජනය ගැනීමට කාලය ඉතා වැදගත්ය.
    • කැමරාකරණය වෘත්තියක් ලෙස හැදෑරීමට බලාපොරොත්තුවන පුද්ගලයින්හට ආරම්භක කැමරාවක් ලෙස Bridge/Superzoom කැමරා ඉතා සුදුසුය. වෘත්තීය කැමරා ශිල්පීන් භාවිතාකරන DSLR කැමරාවල ඇති පහසුකම් විශාල ප්‍රමාණයක්, ඊට වඩා අඩුමුදලකට හා භාවිතාව පහසු ලෙස සකසා ඇති Bridge/Superzoom මාදිලිය ඔබගේ ඡායාරූප වෘත්තියේ ආරම්භක කැමරාව ලෙස මිලදීගත හැක.
    • DSLR කැමරා ස්ථිරවශයෙන්ම වෘත්තීය කැමරාශිල්පීන් සඳහා පමණකි. එම කැමරාවල ඇති තාක්ශණික පහසුකම් වලින් ප්‍රයෝජනය ගැනීමේ හැකියාව ඇත්තේ කැමරාකරණය පිලිබඳව මනා පුහුණුවක් ලැබූ ශිල්පියෙකු හටය.
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    කැමරාවක් මිලදීගැනීමේදී මෙගාපික්සල් ප්‍රමාණය කොතරම් වැදගත්ද?

    කැමරා නිශ්පාදකයින් අතර වැඩිම මෙගාපික්සල් ප්‍රමාණයේ කැමරා හඳුන්වාදීමේ තරඟයක් පවතී. කැමරාවක ඡායාරූප ගුණාත්මකභාවයේ වටිනාම මිම්ම ලෙස මෙගාපික්සල කැමරා නිශ්පාදකයින් විසින් හුවා දක්වන්නට උත්සහකලද එය හුදෙක් අලෙවිකරණ උපක්‍රමයක් (marketing gimmick) පමණක් බව ඔබ වටහා ගත යුතුය.

    මෙගාපික්සල් ප්‍රමාණය වැඩිවූ පමණට කැමරාවකින් ගන්නා ඡායාරූපවල ගුණාත්මක භාවය ඉහල නොයයි. උදාහරණයක් ලෙස Nikon D7000 කමරාවේ මෙගාපික්සල් ප්‍රමාණය මෙගාපික්සල් 16කි. එහි මිල රුපියල් 100,000කට අධිකය. එහෙත් රුපියල් 20,000කට අඩුවෙන්ද මෙගාපික්සල් 16ප්‍රමාණයේ විබේධනයක් දෙන point & shoot කැමරාවක් මිලදීගත හැකිය (උදාහරණයක් ලෙස 16 Megapixel Nikon Coolpix L26).

    මේ කැමරා දෙකෙහි ඡායාරූප වල ගුණාත්මක භාවය එක සමානද? කිසිසේත්ම නැත.


    16 Megapixel, Nikon D7000 කැමරාව හා 16 Megapixel Nikon Coolpix L26 කැමරාව අතර ඡායාරූප ගුණාත්මක භාවය (image quality) වෙනස් වන්නේ ඇයි?

    (1) මෙගාපික්සල් ප්‍රමාණය එකහා සමානවුවත්, ඡායාරූප ගුණාත්මකභාවය රඳාපවතින ප්‍රධාන සාධකයක් වන්නේ එම කැමරාවල අඩංගුකොට ඇති වල image sensor විශාලත්වය හා ගුණාත්මක භාවයයි


    Exmor_APS_HD_vs_DSC_comparison.jpg


    DSLR කැමරාවලට මෙතරම් විශාල image sensor සවිකොට ඇත්තේ ඇයි?
    • සෙන්සරය විශාල වනවිට එයට ග්‍රහණය කරගත හැකි ආලෝක ප්‍රමාණය විශාලය (උදා: කුඩා ජනේලයක් හා විශාල ජනේලයකින් කාමරයකට වැටෙන ආලෝකය සලකන්න) ඒ අනුව විශාල සෙන්සර් ඇති කැමරාවලින් ගන්නා ඡායාරූප ගුණාත්මක භාවයෙන් ඉතා ඉහල වන අතර මද ආලෝක තත්වයන් යටතේ ඉතා හොඳ ඡායාරූප ලබාදෙයි.
    • විශාල සෙන්සරයක් මගින් ඡායාරූපවල වර්ණ හා වර්ණ සංයෝග ඉතා නිවැරදිව ග්‍රහණය කරගනියි (color tone reproduction). එබැවින් ඡායාරූපය වඩාත් තාත්විකය. කුඩා සෙන්සර්වලට මෙම හැකියාව අඩුය. එනිසා කුඩා සෙන්සර් ඇති point & shoot කැමරාවලින් ගන්නා ඡායාරූපවල වර්ණ ප්‍රතිනිර්මාණය එතරම් නිවැරදි නොවේ.
    • විශාල සෙන්සර රත්වීමෙන් ඇතිවෙන බලපෑම අඩුය. සෙන්සරයක් යනු ඉලෙක්ට්‍රොනික පරිපථයකි. එක දිගටම ඡයාරූප ගැනීමේදී හා උශ්ණාධික පරිසරවල ඡායාරූප ගැනීමේදී සෙන්සරය රත්වීමකට භාජනය වේ. සෙන්සරය රත්වෙන විට එයට ආලෝකය ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව අඩුවෙයි. කුඩා සෙන්සර් - විශේෂයෙන්ම ඉහල මෙගපික්සල් ප්‍රමාණයකින් නිපදවා ඇති කුඩා සෙන්සර් - ඉක්මණින් රත්වෙයි. එමනිසා එකදිගට ඡායාරූප ගැනීමේදී හෝ එලිමහනේ ක්‍රියාත්මක වීමේදී කුඩා සෙන්සර් ඇති කැමරාවල ඡායාරූපවල ගුණාත්මක භාවය අඩුවෙමින් යන නමුත් විශාල සෙන්සර් ඇති DSLR / bridge superzoom කැමරා හොඳින් ක්‍රියාත්මක වෙයි.

    මෙගාපික්සල් ප්‍රමාණයට අමතරව Point & Shoot කැමරාවක් මිලට ගැනීමේදීසැලකිය යුතු වෙනත් වැදගත් සාධක මොනවාද?

    Scene modes - උසස් තත්වයේ point & shoot කැමරාවල විවිධ අවස්ථාවන් ඡායාරූපගත කරගැනීම සඳහා විවිධ දර්ශණ ආකාර (scene modes) ලබාදී ඇත. අඩු ආලෝක තත්ව යටතේ, තද ආලෝක තත්ව යටතේ, සමූහ ඡායාරූප ගන්නාවිට, තනි ඡායාරූප ගන්නාවිට, නිවෙස් තුල, මුහුදු වෙරළවල, ළමුන් ක්‍රීඩා කරනවිට යනාදී විවිධ අවස්ථාවලදී හා ස්ථානවලදී නිවැරදිව ඡායාරූප සටහන් කරගැම සඳහා මෙම සීන් මෝඩ් ඉතා වැදගත්ය.

    Auto-focus (AF) - ඩිජිටල් කැමරාවල ඇති විශේෂ ගුණාංගයක් නම් ස්වයංක්‍රීයව යම් වස්තුවක් නාභිගත කරගැනීමේ හැකියාවයි. මෙය සෑම කැමරා වර්ගයකටම පොදු ගුණාංගයකි. හොඳ point & shoot කැමරාවල ඉහල කාර්යක්ශමතාවයකින් යුතු auto focus ක්‍රමවේදයන් ඇති අතර. මෙවැනි කැමරාවලින් හොඳ ඡායාරූප ලබාගැනීම පහසුය.

    Face recognition - හොඳ point & shoot කැමරාවල පුද්ගලයින්ගේ මුහුණු හඳුනාගෙන එම මුහුණු වලට නාභිගතවීමේ හැකියාව ඇත. මෙය තනි/සමූහ ඡායාරූප ගැනීමේදී හා විශේෂයෙන්ම කැමරාවට මුහුණදීගෙන එක්තැනක සිටිය නොහැකි වයසේ කුඩා දරුවන් ඡායාරූපගත කිරීමේදී ඉතා වැදගත්ය.

    Powerful flash - Point & Shoot කැමරාවලට අමතර ෆ්ලෑශ් පද්ධති සවිකිරීමේ හැකියාවක් නොමැති නිසා කැමරාවට අඩංගුකොට ඇති ෆ්ලෑශ් බල්බය බලසම්පන්න එකක් විය යුතුය.

    Optical zoom - හොඳ point & shoot කැමරාවක අඩුම වශයෙන් 5X ප්‍රමාණයේ optical zoom තිබිය යුතුය. බොහෝ කැමරාවල optical zoom වලට අමතරව digital zoom යම් ප්‍රමාණයක් ලබාදී ඇත. මෙය ගැටලුවක් නොවේ. එහෙත් digital zoom පමණක් ඇති කැමරා මිලට ගැනීමෙන් වලකින්න.

    LCD Screen size and quality - හොඳ point & shoot කැමරාවක විශාල, ඉහල විබේධනයේ (high resolution LCD) තිරයක් තිබිය යුතුය. එය දැඩි ආලෝක තත්වයක් යටතේ (දිවාකාලයේ බාහිර චායාරුප ගතකිරීම් වලදී) පැහැදිලි දසුන් ලබාදිය යුතුය.
     
    Last edited: