- ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත ය&#354

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    - ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත ය&#354

    Canon_Digital_Cameras_CA066_p393221.jpg



    ශකයකට පෙරදී නම් අපගේ මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි. සේයාපටල කැමරාවලදී ඡායාරූප 24 ක් හෝ 36 කට සීමා වූ මතකය, දැන් ඩිජිටල් කැමරා මතකයන් නිසා ඡායාරූප දහස් ගණනක් දක්වා වැඩි වී තිබේ. ඒ පෙර නොතිබුණු නවීනතම ඡායාරූපකරණ තාක්ෂණ සහාය ද සමගිනි. වර්තමානයේදී ඡායාරූපකරණය සඳහා භාවිතා වන ඩිජිටල් කැමරා වල පොදු ගුණාංග පිළිබඳවත්, ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැනත් මේ ලිපියෙන් විමසා බැලේ.

    ඩිජිටල් කැමරා කොතෙක් බහුල ලෙස භාවිතා වුවත් ඒවායේ පවතින ඇතැම් අංග හා යෙදුම් පිළිබඳව ඔබත් එතරම් දැනුවත් නැති වන්නට පුළුවන. ඩිජිටල් කැමරාවක ඇති පහසුකම් ගොන්න නිසා එය හැසිරවීමට නම් ඒ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් සහිතව සිටීම වැදගත් වේ. එය හොඳ ඡායාරූපයක් ලබාගැනීමට ද, හොඳ ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමට ද ඔබට උපකාරී වේ.

    ඩිජිටල් කැමරා ගැන කථා කිරීමේදී බොහෝ විට අපගේ මතකයට නැගෙන පළමු දෙය වන්නේ මෙගා පික්සල් (Mega Pixel - MP)අගයයි. ඔබ මතක තබා ගත යුතු වන්නේ ඩිජිටල් කැමරාවක මෙගා පික්සල් අගය මත එහි ගුණාත්මක භාවය ඉහළ නොයන බවයි. නැතහොත් මෙගා පික්සල අගය යනු ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේ පළමු සාධකය නොවිය යුතු බවයි. කැමරාවේ සංවේදකය (Camera Sensor), කැමරාවේ ඉමේජ් ප්‍රොසෙසරය (Image Processor) හා කාච පද්ධතියේ ගුණාත්මක භාවය යන සියල්ල හොඳ ඡායාරූපයකට එක හා සමානවම දායක වන සාධකයි.


    220px-Megapixels.JPG



    පික්සලයක් යනු ඩිජිටල් ඡායාරූපයක් තැනී ඇති ඉතා කුඩාම තිත, නැතිනම් කුඩාම ආලෝක ඒකකය හඳුන්වන නමයි. PICture ELement යන වදන කෙටි කර මේ නම සාදාගෙන ඇත. පික්සල් 1,000,000 ක අගයක් මෙගා පික්සල් 1 ක් ලෙස සලකයි. මෙගා පික්සල අගය වැඩි වූ වට සිදුවන්නේ කැමරාවෙන් නිපදවෙන ඡායාරූපයේ විභේදනය (Resolution)වැඩි වීමයි. ඡායාරූපයක පික්සල පළල හා පික්සල දිග එහි විභේදනය ලෙස හැඳින්වේ. ඔබ හොඳින් මතක තබා ගත යුතු කරුණක් නම්, මෙගා පික්සල ප්‍රමාණය ගණනය වන්නේ කැමරාවෙන් ලබාදෙන උපරිම විභේදන අගයේ ගුණිතයක් ලෙස බවයි.

    පික්සල පළල 1600 X පික්සල දිග 1200 = පික්සල 1,920,000
    ( ආසන්න ලෙස ගත් විට මෙගා පික්සල 2 යි )

    මෙගා පික්සල අගය දෙගුණයකින් වැඩි වුවත් අවසාන ඡායාරූපයේ ප්‍රමාණය වෙනස් වන්නේ 40% කින් පමණි. මේ නිසා 6MP කැමරාවක හා 10MP කැමරාවක් අතර ඡායාරූපයේ ප්‍රමාණය අනුව සැලකීමේදී වැඩි වෙනසක් නොවේ. අනවශ්‍ය ලෙස වැඩි මෙගා පික්සල ප්‍රමාණයකට මුදල් වියදම් කිරීම අඥාන ක්‍රියාවක් බව මෙයින් වැටහෙනු ඇත. මෙගා පික්සල 2(2MP) කැමරාවකින් ලබාගන්නා ඡායාරූපයක් පික්සල 1600 x 1200 විභේදනයකින් යුක්තයි. මේ අගය 4X6 ඡායාරූපයක් සඳහා හොඳින්ම සෑහේ. වර්තමානයේ දක්නට ලැබෙන බොහෝ ජංගම දුරකථන කැමරාවන් ද මේ වැනි පික්සල අගයකින් යුක්ත වේ. නමුත් එහිදී ඇති වන ප්‍රශ්ණයක් නම් ඒවායේ සෙන්සරය හා ප්‍රොසෙසරය එතරම් ගුණාත්මක නොවන නිසා ලබාගන්නා ඡායාරූපයේ ගුණාත්මක භාවය අඩුවීමයි. මේ නිසා කැමරාවේ මෙගා පික්සල අගය 2MP වුවත් බොහෝ ජංගම දුරකථන කැමරා මගින් ලබාගත් ඡායාරූප එතරම් හොඳ තත්ත්වයෙන් දක්නට නොලැබේ.

    සාමාන්‍යයෙන් ඔබ වෘත්තිය මට්ටමෙන් ඡායාරූපකරණය කරන්නෙක් නොවේ නම් මෙගා පික්සල 4 ක කැමරාවක් වුවත් සෑහේ. නමුත් වර්තමානයේ දී වෙළඳපොලේ ඇති කැමරාවල අවම මෙගා පික්සල අගය 8MP හෝ 10MP වේ. මෙහිදී ඔබ සලකා බැලිය යුතු වන්නේ කොපමණ ප්‍රමාණයේ ඡායාරූපයක් මුද්‍රණය කරන්නේ ද යන්නයි. 8MP හෝ 10MP ඩිජිටල් කැමරාවකින් කිසිදු අපහසුවකින් තොරව 300 DPIඅගයෙන් යුතුව 8X10 ඡායාරූපයක් මුද්‍රණය කර ගත හැකියි.

    199.jpg
    මීලට සලකා බලන්නේ කැමරාවේ විශාලක අගය නොහොත් Zoomඑක පිළිබඳවයි. මෙහිදී Optical Zoom හාDigital Zoom යන යෙදුම් පිළිබඳ ඔබටත් අසන්නට ලැබී ඇති. මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුත්තේ Optical Zoomනොහොත් ප්‍රකාශ (කාච) විශාලනය වෙතයි.

    Optical Zoom මගින් සිදුවන්නේ කැමරාවේ කාච පද්ධතිය සීරු මාරු කිරීමෙන් නාභිදුර සකසා, එමගින් ඡායාරූපයේ විශාලනය අඩු වැඩි කිරීමයි. මෙය ආලෝක හා ඡායාරූපකරණ මූලධර්ම වල එන භෞතික / යාන්ත්‍රික සංසිද්ධියකි. මෙහිදී විශාලනය නිසා ඡායාරූපයේ තත්ත්වයට බලපෑමක් නොවන අතර කාච පද්ධතියේ ගුණාත්මක භාවය හා Optical Zoom අගය මත හොඳ ඡායාරූපයක් ලැබිය හැකියි.

    digital_zoom_vs_optical_zoom.jpg

    නමුත් Digital Zoom හිදී සිදුවන්නේ සම්පූර්ණයෙන්ම මෘදුකාංගමය සංසිද්ධියකි. එහිදී සිදුවන්නේ Digital Zoom වල අගයට සමපාත වන ලෙස, මුල් ඡායාරූපයේ ඇති පික්සල වලට ගැලපෙන පරිදි ඉමේජ් ප්‍රොසෙසරය මගින්අළුතෙන් පික්සල තනා දීමයි. මෙසේ තනා දෙන පික්සල හා මුල් පික්සල 100% ක් එකිනෙක හා ගැලපෙන්නේ නැති නිසා Digital Zoom මගින් ලැඛෙන ප්‍රතිඵලය වන්නේ කඩතොලූ වූ දාර සහිත බොඳවුනු ඡායාරූපයකි. Digital Zoom අගය වැඩිවත්ම, ඡායාරූපයේ ගුණාත්මක භාවය ද පහළ වැටේ.

    සාමාන්‍යයෙන් වෙළඳපොලේ ඇති ඩිජිටල් කැමරා වල අවම වශයෙන් 3X Optical Zoom අගයක් ඇත. එයින් කියවෙන්නේ තුන් ගුණයක ප්‍රකාශ විශාලක හැකියාවක් ඇති බවයි. මේ අගය සාමාන්‍ය භාවිතය සඳහා හොඳින් සෑහේ. ඔබත් ඩිජිටල් කැමරාවක් මිළදී ගන්නේ නම් අවම වශයෙන් 3X Optical Zoom අගයක් ඇත්දැයි විමසා බලන්න.



    ඔබ ලබාගන්නා ඡායාරූප ගබඩාවන්නේ කෙසේදැයි මීලඟට විමසා බැලිය යුතුයි. වර්තමානයේදී මේ සඳහා භාවිතා වන්නේ
    SDHC මෙමරි කාඩ් පත් වන අතර 4 GB අගයෙන් යුතු කාඩ් පතක් රුපියල් 1200/- ක පමණ මුදලකට මිලට ගත හැකියි. ඔබේ කැමරාවේ මෙගා පික්සල් අගය වැඩි නම් සහ ඔබ නිතරම වැඩිම විභේදනයක් යටතේ ඡායාරූප ගන්නේ නම් මෙවැනි වැඩි ධාරිතාවයකින් යුත් මතක පතක් යොදාගැනීම සුදුසුයි. නැත්නම් 1 GB හෝ 2GB කාඩ් පතක් යෙදීම සෑහේ. සාමාන්‍යයෙන් ඩිජිටල් කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප ගොනුවක ධාරිතාවය මෙගා පික්සල 1 කට කිලෝ බයිට 300 ක් (300 KB per 1MP) පමණ වේ.

    ඔබේ මතක පත 1GB හෝ ඊටත් අඩු ධාරිතාවයකින් යුතු නම් ඉතා ඉක්මනින්ම කැමරාවේ මතක ධාරිතාවය අඩුවී යන බව දක්නට ලැබේවි. ඔබ මතක පතේ ඇති ඡායාරූප මකා නොදමන්නේ නම් කෙටි කාලයකින්ම මතක පත පිරී තවදුරටත් ඡායාරූප ගබඩා කළ නොහැකි තත්ත්වයකට කැමරාව පත් වනු ඇත. මෙහිදී අනවශ්‍ය ඡායාරූප සොයා මකා දැමීම හෝ මෙමරි කාඩ් පතේ අඩංගු ඡායාරූප වෙනත් මාධ්‍යයකට පිටපත් (Copy)කිරීම කළ යුතුයි. වර්තමානයේ ඇති බොහෝ ඩිජිටල් කැමරාවන්හි මේ සඳහා උපයෝගී කරගත හැකි USB සම්බන්ධකයක් හා කේබලයක් ලබා දී තිබේ. මෙමගින් ඉතා පහසුවෙන් ඔබේ කැමරාව පරිගණකයක් සමග සම්බන්ධ කර ගොනු හුවමාරු කිරීමට හැකියි. ඔබේ කැමරාව පරිගණකයක් හා සම්බන්ධ කිරීමේදී USB සම්බන්ධතාවය ඉතා වැදගත් වන නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.


    බොහෝ කැමරාවන් හි ඩිජිටල් ඡායාරූප ගබඩා වන්නේ .jpegගොනු මාදිලියෙනි. සමහර කැමරා Tiff මාදිලිය හා RAW මාදිලියට ද සහාය දක්වයි. .jpegගොනු මාදිලිය සාමාන්‍ය භාවිතයට ප්‍රමාණවත් වන නමුත් ඔබ සැලකිලිමත් විය යුත්තේ අඩු විභේදනයකින් ඡායාරූ ගැනීමේ හැකියාව ඔබේ කැමරාවට ඇත් ද යන්නයි. අඩු විභේදනයකින් ලබාගන්නා ඡායාරූප ගොනු වල ප්‍රමාණය කුඩා නිසා මතක ධාරිතාවය සීමා සහිත අවස්ථාවන් හිදී වැඩිපුර ඡායාරූප ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාවක් ලැබේ.

    ඔබත් වෘත්තියමය වශයෙන් ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් නම් ඩිජිටල් කැමරාවක් තෝරා ගැනීමේ දී වැදගත් වන සාධක කීපයක් දැන් සලකා බලමු. ප්‍රධානතම කාරණය වන්නේ අමතර කාච සවිකිරීමේ පහසුකමයි. සමහර ඩිජිටල් කැමරා සඳහා අමතර විශාලක බලයක් ලබා ගැනීමට හා නොයෙකුත් වෘත්තීමය ප්‍රයෝගයන් (Effects)යෙදීම සඳහා පිටතින් කාච පද්ධති සවි කිරීමේ හැකියාව පවතී. ඔබත් ස්වභාව ඡායාරූපකරණයේ හෝ ජෛවීය අධ්‍යයන ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් නම් හා ක්ෂේත්‍ර ඡායාරූපකරණයට නැඹුරුවක් ඇත්තේ නම් මේ ආකාරයේ අමතර විශාලක බලයක් සහිත කාච යුගලක් අත්‍යාවශ්‍ය වේ. මේ මගින් ඔබට 100X පමණ දක්වා විශාලක බලයක් ලබාගත හැකියි.

    Canon-Telephoto-Zoom-Lenses-Ext.jpg

    තවත් වැදගත් සාධකයක් වන්නේ කැමරාවේ සැනෙලි දීප්ත (Flash)ආලෝකයයි. Flash ආලෝකයේ දුර ඡායාරූපයක් සඳහා තීරණාත්මකව බලපායි. තනි පුද්ගල ඡායාරූ සඳහා කෙටි දුරක සිට ඡායාරූපකරණයේ යෙදෙන මුත් කණ්ඩායමක් ඡායාරූපගත කිරීමේදී වැඩි දුරක සිට ඡායාරූපය ගැනීමට සිදුවේ. එහිදී Flash ආලෝකයේ දුර ප්‍රමාණවත් නැති නම් ඡායාරූපය අඳුරු විය හැකියි. එහිදී ඔබට බාහිර Flash උපාංගයක් ලබාගැනීමට සිදුවේවි. කෙසේ වුවත් සාමාන්‍ය කැමරාවක ඇති Flash ආලෝකය අඩි 15 ක පමණ දුරකට සෑහේ.



    ඩිජිටල් කැමරා පිළිබඳ ඇති නරකම චෝදනාව වන්නේ ඒවායේ බැටරි ඉතා වේගයෙන් ක්ෂය වීමයි. බොහෝ විට පැය 2-3 ක කාලයකින් පසු බැටරි අළුතෙන් යෙදීමට හෝ නැවත ආරෝපණය කිරීමය සිදුවේ. AA වර්ගයේ බැටරි ඇති කැමරාවක් නම් වඩාත් සුදුසුයි. මෙහිදී සාමාන්‍ය බැටරි මෙන්ම නැවත ආරෝපණය කළ හැකි NiMH බැටරි ද යෙදිය හැකි නිසා එය වැඩි පහසුවක් ගෙනදෙයි. මේ සඳහා අමතර චාජරයක් මිලදී ගැනීමට ඔබට සිදු වනු ඇත.

    ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීම පහසු කාර්යයක් සේ පෙනුනත් අනවශ්‍ය ලෙස මුදල් වියදම් වීම වැලැක්වීම සඳහා ඉහත කාරණා ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. එමගින් ඔබේ අවශ්‍යතාවයටම ගැලපෙන පරිදි, එමෙන්ම ඔබේ අතැති මුදලට ගැලපෙන පරිදි හොඳ ඩිජිටල් කැමරාවක් තෝරා ගත හැකි වේවි.

    ඉස්සුවෙ මෙතනින්
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ela post ekak machan.

    Chip ekak gannakota puluwantharam SDHC Class 6 hari eeta wada wadi ekakhari ganna balanna. Samanyayen HD video record karanna class 6 minimu thiyenna one.
    (Mama gawa 720p video record karanna puluwan cam ekak thiyenawa ekata class 6 naththam 720p wada karanne na.)

    Trip ekaka photos, party ekaka photos wage gannawanam point and shoot cam ekak hondatama athi. 10k withara wei wadima wunoth.
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    මටත් මේක එළකිරි එකේ එකේ පෝස්ට් කරන්න කම්මැලි කමේ බං හිටියේ... තැන්කූ කිව්වා උස්සලා දැම්මට... ජය !!!