ඩිජිටල් ගමනට ටෙලිකොම් වෙතින් දැවැන්ත ආයෝ
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය ස්ථාවර දුරකතන ජාලය නවීකරණය කිරීම සඳහා අති දැවැන්ත ආයෝජනයක් ඉදිරි වසර දෙකේදී සිදුකිරීමට සූදානම් බව එහි ප්‍රධාන විධායක වරයා අනාවරණය කරයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක, ග්‍රෙග් යන්ග් “විමසුම“ ට පැවසුවේ සිය ස්ථාවර දුරකතන ජාලය ඩිජිටල් ජාලයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් 2013 දී අවසන් වන නවීකරණය කිරීමේ ව්‍යාපෘතියකට රුපියල් බිලියන 06 ක මුදලක් ආයෝජනය කිරීමට සමාගම සූදානම් බවයි.
මෙම මුදල් වලින් කොටසක් සමාගමේ මුදල් වලින් සපුරා ගන්නා බවත් ඉතිරිය දේශීය බැංකු වලින් ඒකාබද්ධ ණය මුදලක් ලෙසින් සම්පාදනය කර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පැවසීය.
“මෙම ඒකාබද්ධ ණයෙන් ලබාගැනීමට යන මුදල තවමත් අනාවරණය කළ නොහැකියි. මේ ණය මුදලේ ප්‍රධාන බැංකුව ලෙස කටයුතු කරන්නේ ලංකා බැංකුවයි. මෙම නවීකරණය කිරීමේ වැඩසටහන ලබන අගෝස්තුවේ සිට පටන් ගන්නවා.“
යනුවෙන් යන්ග් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අනුබද්ධ සමාගමක් වන මොබිටෙල් සමාගමද සිය ජාලය පුළුල් කිරීම සඳහා රුපියල් බිලියන 05 ක පමණ ආයෝජනයක් කිරීමට සූදානම් බව ටෙලිකොම් සමාගම පසුගියදා පැවසීය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2884&Itemid=56