Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිලන්ත මාලගමුව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිලන්ත මාලගමුව..

ක්‍රීඩාවේ දේශප්‍රේමී ලකුණ අධිවේගී ඩිලන්ත

මේ රට කාලකන්නි ඩිස්නිලන්තයක් ලෙසින් නම් කරමින් 'මට මුං එක්ක රේස් පදින්න ලැම්බෝගිනියක් අරන් දියල්ලා' යෑයි උඩුබුරමින් (කබර පිනකට මෙහෙව් රටක උපන්) කුක්කන් ලොක්කන් වන වර්තමානයක, රුපියල් 3000 ක් අතින් අරන් රටින් පිටව ගොස් අද ඩිස්නිලන්තය පිහිටි රටේ ලැම්බෝගිනි රේස් පදින්නට වරම් ගෙන සිටින මේ ලංකා පුත්‍රයා අපට සැබෑ විරුවෙකි. ඔහුගේ ඒ ගමන අපට වීර කාව්‍යයකි. ඔහුගේ ඒ ආත්ම ශක්තිය අපට අදහාගත නොහැක්කකි. උපන් රටෙන් ලැබුණු නොලැබුණු දේ ගැන නොසිතා,උපන් බිමේ ධජය දරාගනිමින් තරග ධාවන පථයේ ඔහු පෑ විකුමන්, මේ රට ඩිස්නිලන්තයක් ලෙසින් දැක එයට 'නොදකිං' යෑයි කියන කුක්කන්ට සිතාගැනීමටවත් නොහැකි තරමේ ජාත්යාලයකි.

ඔහු මේ මස අවසානයේ ඇමරිකාවේ ෆ්ලොරිඩාහී සීබ්රින්ග් ධාවන මෝටර් රථ තරග ධාවන පථයේදී ලැම්බෝගිනි සුපර් ට්‍රොaෂියෝ තරග අංශයේ ලෝක ශූරතාව සඳහා වරම් ලබා සිටින ඩිලන්ත මාලගමුවය. මෙම ශූරතාවේ 'ප්‍රො ඈම්' අංශයේ ලොව වේගවත්ම ලැම්බෝගිනි රථ 60 අතර ශ්‍රී ලංකාවේ ධජය දරමින් ඩිලන්තගේ රථයද වනු ඇත. මේ වන විට ආසියානු ශූරතා ගණනාවක් ජයග්‍රණය කර ඇති මෙවර තරගවාරයේද ආසියාවේ ශූරයා වීමට ඉඩ ඇති ඩිලන්ත මාලගමුව මේ සා දුරක් පැමිණි ගමන චිත්‍රපටයකට නැගිය හැකි තරමේ කථාවකි.

කුරුණෑගල යමක් කමක් ඇති පවුලක උපන් ඩිලන්ත හැමදාම පංතියේ පළමු දෙවැනි තැන රැඳුණු ඉගෙනුමට දක්ෂයෙකි. නමුත් වයස අවුරුදු 14 දී හෙවත් 80 දශකය ආරම්භයේ ඔහු නැරඹූ 'සිල්වර් ඩී්රම් රේසර්' නමැති මෝටර් ධාවන තරග තේමාවක් රැගත් චිත්‍රපටය තමන් තුළ රැඳුණු ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතාවක් මතුකරදීමට උත්තේජනයක් විය.

මේ අයුරින් අප කථානායකයාට 'රේස් පිස්සුව' කොතරම් උත්සන්න වීද යත්, වයස අවුරුදු 16දී හෙවත් නිසි වයස එළඹීමටත් පෙර පළමු වරට ඔහු යතුරු පැදි තරගයකට ඉදිරිපත්වන්නේ බොරු වයසක් සහිත 'හොර ලැයිසමක්' ඉදිරිපත් කරමිනි. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙන බව කියන්නාක් මෙන් ඒ පළමු තරගයෙන්ම ඔහු පළමු තැන ගත්තේය.

නමුත් ඩිලන්තගේ අප්පච්චී නම් එයට 'එක' නොදුන්නේය. අඬු නොකඩා හැදූ එකා අඬු කඩාගන්නවාට අප්පච්චි අකමැති විය. එහෙත් සිය සහෝදරියන්ගෙන් ලද සහය මතින් පවුලේ 'වැඩි ජන්දයෙන්' තරග ධාවන යතුරුපැදියක්ද සමගින් තරගවලට යැමට ඔහු වරම් ගත්තේය.

1983 වසරේදී ඩිලන්ත සිය පළමු ජාත්‍යන්තර තරගයට සහභාගි වූ අයුරු අසන විට මැවෙන්නේද චිත්‍රපටයක රූප රාමුය. ඉන්දියාවේ පැවැති මෙම තරගයට සහභාගිවීමට ගෙදරින් අවසරය නොලද කල ගෙදරට බොරුවක් ගොතා සිය මිතුරකු සමගින් කුරුණැගලදී කෝච්චියට යතුරුපැදිය පටවාගත් මේ කොලුගැටයා, එතැනින් තලේමන්නාරමට යන්නේය. එහි සිට ෆෙරියේ යතුරුපැදිය පටවාගෙන ඉන්දියාවට පා තබා තරගය ජාත්‍යන්තර තරගය පැවැති බිමට 'මෙලෝ හසරක්' නොදැන ගිය ගමන ජින්නා සහ උපාලි මඩොල්දූවට ගියාට වඩා අතිශයින් බැරෑරුම් ගමනකි. එදා ඒ ජාත්‍යන්තර යතුරුපැදි තරගාවලියේ 'හද්දම පරණ' යතුරුපැදියේ හිමිකරු වූයේ අද ලැම්බෝගිනියෙන් රේස් යන අපේ ඩිලන්තය.

ඒ ගමන දෛවෝපගත විය. සෙසු ක්‍රීඩකයන්ට ඩිලන්ත සහ ඔහුගේ 'රේස් අශ්වයා' විහිළුවක් වුවද, එහි තරගවැදුණු ජපන් ජාතික යතුරුපැදි ශූරයාට ඩිලන්තගේ ධෛර්යය අපූරු ආශ්වාදයක් විය. ධාවන තරග වෙනුවෙන් ලොව වෙනත් රටකට යනු වෙනුවට ජපානයට ඒම මැනවැයි කියමින් ඩිලන්තට ජපානයට යැමට උත්තේජනය දෙන්නේ ඔහුය.

රට හැරයන ගමනකට සිය පියාගේ අවසරය නොලද තැන, රුපියල් 10,000 කට තම මෝටර් රථය විකුණා එයින් රුපියල් 7000 කට ජපානයට 'වන් වේ' ටිකට්පතක් ගෙන ඉතිරි රුපියල් 3000 පමණක් අතැතිව 1985 දී ඩිලන්ත ජපානයට ගිය ගමන ඔහුගේ ඉන්දියානු ගමනටද වඩා අවදානම් ගමනක් විය. ඉන්න හිටින්නට තැනක් නොවූයෙන් ඔහු ජපානයේ තමන් ගෙවූ පළමු මාස 6දී නිවස කරගත්තේ වෑන් රියකි. ඒ ඉවසීම, ඒ ධෛර්යය, ඒ වීර්යය කෙනකුට සිතාගැනීමටවත් නොහැකි තරම්ය. මෙසේ ජපන් බිම මත යන්තම් දෙපයින් සිටගත්තාට පසු 1987 දී ඔහු සිය ඉලක්කය වූ යතුරු පැදි ධාවන තරගවලට පිවිසෙන්නේය. එහෙත් එහෙව් රටක ඩිලන්ත වැන්නෙකුට ඒ වැඩේ පාඩුය. බයිසිකලයෙන් වැටී මාසයක් දෙකක් එකතැන ලගින්නට සිදුවුවහොත් වැලේ වැල් නැතිවන්නේය. 1990දී පහළම ශ්‍රේණියෙන් මෝටර් රථ ධාවන ක්ෂේත්රයට ඩිලන්ත එකතුවන්නේ සාපේක්ෂව ඒ තරග ක්රමයේ අන්තරාදායක බව අඩු නිසාය. එහෙත් කිරිගහට ඇන්නාක් මෙන් ඩිලන්තට එය ඵල දෙන්නේය. 1995 දී ඔහු 'එන් 1' කාණ්ඩයෙන් ජපාන මෝටර් රථ ශූරතාව දිනන්නේ ජපන් ජාතිකයකු නොවූ තරගකරුවෙකු එම ශූරතාව දිනාගත් පළමු අවස්ථාව සටහන් කරමිනි. 1997 දී ඔහු ෆෝමියුලා නිපොන් ශූරතාව දිනන්නේද එම ශූරතාව ජපානයෙන් පිට උපන් පුද්ගලයකු දිනාගත් පළමු අවස්ථාව සටහන් කරමිනි. මේ දක්ෂතා මගින්, ශ්‍රී ලාංකිකයකුට සදා සිහිනයක් වන් 'ෆෝමියුලා වන්' තරග සඳහා අවස්ථාව උදාවුණිද, එයට ප්‍රමාණවත් තරම් ආර්ථික ශක්තියක් නොවූ බැවින් ඔහුට එම අනගි අවස්ථාව මගහැරෙන්නේය.

1999 දී 'සුපර් කාර්' ශූරතාව දිනමින් අඛණ්ඩව ජපානයේ සහ ඇමරිකාවේ තරග අවස්ථා ලබාගත් ඩිලන්ත 2004 සිට ආසියානු ශූරතාවට වරම් ලබා ආසියාවේ අධිවේගී ධාවකයන් අතර පෙරමුණ රැකගත්තේය.

සිය ඉරණම්කාරිය ජපානයෙන්ම සොයාගත්තද, ජපාන පුරවැසිභාවය පිරිනමමින් ජාත්‍යන්තර තරගවලදී ජපානය නියෝජනය කිරීම සඳහා එරටින් ආරාධනා ලැබුණද මේ දක්වා ඩිලන්ත එරට පුරවැසිභාවය හෝ ලබා නොගත්තෙකි. ඒ ඔහුට ශ්‍රී ලංකාවේ ධජය සහිතව තරග වැදීමට අවශ්‍ය බැවිනි. ජපන් ජාතිකයකු බවට පත්වීම ජාත්‍යන්තරයේ මොන තරම් වරප්‍රසාද ඔහුට හිමිකරදුන්නද මේ සුජාත ශ්‍රී ලාංකීය පුත්‍රයා කැමති සිංහ ධජය දරාගෙන තරග වැදීමටය. ඔහු ක්‍රීඩාවෙන් බිහි වූ දේශප්‍රේමියෙකි.

වසරකට රුපියල් ලක්ෂ 1000 ක පමණ වියදමක් යන මේ ක්‍රීඩාව ලෙහෙසි නැත. නමුත් එය ක්‍රිකට් මෙන් රටවල් 10 ක් 12 ක් පමණක් නරඹන ක්‍රීඩාවක් නොව රටවල් 120 ක විකාශය වන මිලියන 600 ක් පමණ ප්‍රේක්ෂකයන් සජීවීව නරඹන, ලොව කෝටිපතියන් ඇසගසාගෙන සිටින ක්‍රීඩාවකි. එවැනි දැවැන්ත වේදිකාවක, ලෝකයේ තිතක් වන රටක ධජය රැගෙන ජයකණුව කරා පියාඹන මේ පොඩි මිනිසා ශ්‍රී ලංකාව ගැන යෝධ ප්‍රතිරූපයක් මවන්නෙකි. අප රටේ සංචාරක මණ්ඩලය, තේ මණ්ඩලය ආදියට ලෝකප්‍රසිද්ධියක් ලබාගැනීම සඳහා ඩිලන්ත යනු නියම සන්නාම තානාපතියෙකි. එහෙත් මේවා ඒ ඒ අංශවලට සංවේදනය වන්නේද යන්න ගැටලුවකි.

ඒ කෙසේ වෙතත් බොහෝවිට තමන් 'අතේ වියදමෙන්' නියෝජනය කරන අතරවාරයේ, තම මව් රටින් තමන්ට සැලකියයුතු අනුග්‍රහයක් නොලැබෙන බව ජාත්‍යන්තර ඉදිරියේ කියා, උපන් රට හෑල්ලු කිරීමට ඩිලන්ත කිසිවිටෙකත් ක්‍රියා නොකළේය. ඔහු නැතිබැරිකම් මධ්‍යයේ වුව අභිමානයෙන් සිංහ කොඩිය දරාගෙන තරගයේ පෙරමුණට 'ඉගිලුනේය'. ලෝක ශූරතාවක් දිනනවාටද වඩා අපට වටිනුයේ මේ ඩිලන්තගේ මේ සුන්දර හැසිරීමයි. මේ රට ඩිස්නිලන්තයක් ලෙසින් හඳුන්වමින් මාධ්‍ය සංදර්ශන දක්වන කැනහිළුන්, ඩිලන්ත වැනි චරිතයක මේ ඩිලන්ත වැනි පුතුන්ද මේ රටේ සිටින බව දත යුතුය. සැබැවින්ම ඩිලන්ත යනු ජාතියේ විශේෂ සම්මානයට පාත්රවිය යුත්තෙකි.

ඩිලන්-ගෝ. ඔහොම යං....

ඉන්ද්‍රජිත් සුබසිංහ

Source: Divaina

ඩිලන්ත යන මේ උතුම් ශ්‍රී ලාංකික පුත්‍රයා ගැන හැමෝටම දැනගන්න බම්පියක්වත් දාගෙන යන්න..

[QUOTE="chinmak, post: 19292832, member: 516779"] [b]ඩිලන්ත මාලගමුව..[/b] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]ක්‍රීඩාවේ දේශප්‍රේමී ලකුණ අධිවේගී ඩිලන්ත [/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2015/11/15/pic/a1.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"][CENTER]මේ රට කාලකන්නි ඩිස්නිලන්තයක් ලෙසින් නම් කරමින් 'මට මුං එක්ක රේස් පදින්න ලැම්බෝගිනියක් අරන් දියල්ලා' යෑයි උඩුබුරමින් (කබර පිනකට මෙහෙව් රටක උපන්) කුක්කන් ලොක්කන් වන වර්තමානයක, රුපියල් 3000 ක් අතින් අරන් රටින් පිටව ගොස් අද ඩිස්නිලන්තය පිහිටි රටේ ලැම්බෝගිනි රේස් පදින්නට වරම් ගෙන සිටින මේ ලංකා පුත්‍රයා අපට සැබෑ විරුවෙකි. ඔහුගේ ඒ ගමන අපට වීර කාව්‍යයකි. ඔහුගේ ඒ ආත්ම ශක්තිය අපට අදහාගත නොහැක්කකි. උපන් රටෙන් ලැබුණු නොලැබුණු දේ ගැන නොසිතා,උපන් බිමේ ධජය දරාගනිමින් තරග ධාවන පථයේ ඔහු පෑ විකුමන්, මේ රට ඩිස්නිලන්තයක් ලෙසින් දැක එයට 'නොදකිං' යෑයි කියන කුක්කන්ට සිතාගැනීමටවත් නොහැකි තරමේ ජාත්යාලයකි. ඔහු මේ මස අවසානයේ ඇමරිකාවේ ෆ්ලොරිඩාහී සීබ්රින්ග් ධාවන මෝටර් රථ තරග ධාවන පථයේදී ලැම්බෝගිනි සුපර් ට්‍රොaෂියෝ තරග අංශයේ ලෝක ශූරතාව සඳහා වරම් ලබා සිටින ඩිලන්ත මාලගමුවය. මෙම ශූරතාවේ 'ප්‍රො ඈම්' අංශයේ ලොව වේගවත්ම ලැම්බෝගිනි රථ 60 අතර ශ්‍රී ලංකාවේ ධජය දරමින් ඩිලන්තගේ රථයද වනු ඇත. මේ වන විට ආසියානු ශූරතා ගණනාවක් ජයග්‍රණය කර ඇති මෙවර තරගවාරයේද ආසියාවේ ශූරයා වීමට ඉඩ ඇති ඩිලන්ත මාලගමුව මේ සා දුරක් පැමිණි ගමන චිත්‍රපටයකට නැගිය හැකි තරමේ කථාවකි. කුරුණෑගල යමක් කමක් ඇති පවුලක උපන් ඩිලන්ත හැමදාම පංතියේ පළමු දෙවැනි තැන රැඳුණු ඉගෙනුමට දක්ෂයෙකි. නමුත් වයස අවුරුදු 14 දී හෙවත් 80 දශකය ආරම්භයේ ඔහු නැරඹූ 'සිල්වර් ඩී්රම් රේසර්' නමැති මෝටර් ධාවන තරග තේමාවක් රැගත් චිත්‍රපටය තමන් තුළ රැඳුණු ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතාවක් මතුකරදීමට උත්තේජනයක් විය. මේ අයුරින් අප කථානායකයාට 'රේස් පිස්සුව' කොතරම් උත්සන්න වීද යත්, වයස අවුරුදු 16දී හෙවත් නිසි වයස එළඹීමටත් පෙර පළමු වරට ඔහු යතුරු පැදි තරගයකට ඉදිරිපත්වන්නේ බොරු වයසක් සහිත 'හොර ලැයිසමක්' ඉදිරිපත් කරමිනි. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙන බව කියන්නාක් මෙන් ඒ පළමු තරගයෙන්ම ඔහු පළමු තැන ගත්තේය. නමුත් ඩිලන්තගේ අප්පච්චී නම් එයට 'එක' නොදුන්නේය. අඬු නොකඩා හැදූ එකා අඬු කඩාගන්නවාට අප්පච්චි අකමැති විය. එහෙත් සිය සහෝදරියන්ගෙන් ලද සහය මතින් පවුලේ 'වැඩි ජන්දයෙන්' තරග ධාවන යතුරුපැදියක්ද සමගින් තරගවලට යැමට ඔහු වරම් ගත්තේය. 1983 වසරේදී ඩිලන්ත සිය පළමු ජාත්‍යන්තර තරගයට සහභාගි වූ අයුරු අසන විට මැවෙන්නේද චිත්‍රපටයක රූප රාමුය. ඉන්දියාවේ පැවැති මෙම තරගයට සහභාගිවීමට ගෙදරින් අවසරය නොලද කල ගෙදරට බොරුවක් ගොතා සිය මිතුරකු සමගින් කුරුණැගලදී කෝච්චියට යතුරුපැදිය පටවාගත් මේ කොලුගැටයා, එතැනින් තලේමන්නාරමට යන්නේය. එහි සිට ෆෙරියේ යතුරුපැදිය පටවාගෙන ඉන්දියාවට පා තබා තරගය ජාත්‍යන්තර තරගය පැවැති බිමට 'මෙලෝ හසරක්' නොදැන ගිය ගමන ජින්නා සහ උපාලි මඩොල්දූවට ගියාට වඩා අතිශයින් බැරෑරුම් ගමනකි. එදා ඒ ජාත්‍යන්තර යතුරුපැදි තරගාවලියේ 'හද්දම පරණ' යතුරුපැදියේ හිමිකරු වූයේ අද ලැම්බෝගිනියෙන් රේස් යන අපේ ඩිලන්තය. ඒ ගමන දෛවෝපගත විය. සෙසු ක්‍රීඩකයන්ට ඩිලන්ත සහ ඔහුගේ 'රේස් අශ්වයා' විහිළුවක් වුවද, එහි තරගවැදුණු ජපන් ජාතික යතුරුපැදි ශූරයාට ඩිලන්තගේ ධෛර්යය අපූරු ආශ්වාදයක් විය. ධාවන තරග වෙනුවෙන් ලොව වෙනත් රටකට යනු වෙනුවට ජපානයට ඒම මැනවැයි කියමින් ඩිලන්තට ජපානයට යැමට උත්තේජනය දෙන්නේ ඔහුය. රට හැරයන ගමනකට සිය පියාගේ අවසරය නොලද තැන, රුපියල් 10,000 කට තම මෝටර් රථය විකුණා එයින් රුපියල් 7000 කට ජපානයට 'වන් වේ' ටිකට්පතක් ගෙන ඉතිරි රුපියල් 3000 පමණක් අතැතිව 1985 දී ඩිලන්ත ජපානයට ගිය ගමන ඔහුගේ ඉන්දියානු ගමනටද වඩා අවදානම් ගමනක් විය. ඉන්න හිටින්නට තැනක් නොවූයෙන් ඔහු ජපානයේ තමන් ගෙවූ පළමු මාස 6දී නිවස කරගත්තේ වෑන් රියකි. ඒ ඉවසීම, ඒ ධෛර්යය, ඒ වීර්යය කෙනකුට සිතාගැනීමටවත් නොහැකි තරම්ය. මෙසේ ජපන් බිම මත යන්තම් දෙපයින් සිටගත්තාට පසු 1987 දී ඔහු සිය ඉලක්කය වූ යතුරු පැදි ධාවන තරගවලට පිවිසෙන්නේය. එහෙත් එහෙව් රටක ඩිලන්ත වැන්නෙකුට ඒ වැඩේ පාඩුය. බයිසිකලයෙන් වැටී මාසයක් දෙකක් එකතැන ලගින්නට සිදුවුවහොත් වැලේ වැල් නැතිවන්නේය. 1990දී පහළම ශ්‍රේණියෙන් මෝටර් රථ ධාවන ක්ෂේත්රයට ඩිලන්ත එකතුවන්නේ සාපේක්ෂව ඒ තරග ක්රමයේ අන්තරාදායක බව අඩු නිසාය. එහෙත් කිරිගහට ඇන්නාක් මෙන් ඩිලන්තට එය ඵල දෙන්නේය. 1995 දී ඔහු 'එන් 1' කාණ්ඩයෙන් ජපාන මෝටර් රථ ශූරතාව දිනන්නේ ජපන් ජාතිකයකු නොවූ තරගකරුවෙකු එම ශූරතාව දිනාගත් පළමු අවස්ථාව සටහන් කරමිනි. 1997 දී ඔහු ෆෝමියුලා නිපොන් ශූරතාව දිනන්නේද එම ශූරතාව ජපානයෙන් පිට උපන් පුද්ගලයකු දිනාගත් පළමු අවස්ථාව සටහන් කරමිනි. මේ දක්ෂතා මගින්, ශ්‍රී ලාංකිකයකුට සදා සිහිනයක් වන් 'ෆෝමියුලා වන්' තරග සඳහා අවස්ථාව උදාවුණිද, එයට ප්‍රමාණවත් තරම් ආර්ථික ශක්තියක් නොවූ බැවින් ඔහුට එම අනගි අවස්ථාව මගහැරෙන්නේය. 1999 දී 'සුපර් කාර්' ශූරතාව දිනමින් අඛණ්ඩව ජපානයේ සහ ඇමරිකාවේ තරග අවස්ථා ලබාගත් ඩිලන්ත 2004 සිට ආසියානු ශූරතාවට වරම් ලබා ආසියාවේ අධිවේගී ධාවකයන් අතර පෙරමුණ රැකගත්තේය. සිය ඉරණම්කාරිය ජපානයෙන්ම සොයාගත්තද, ජපාන පුරවැසිභාවය පිරිනමමින් ජාත්‍යන්තර තරගවලදී ජපානය නියෝජනය කිරීම සඳහා එරටින් ආරාධනා ලැබුණද මේ දක්වා ඩිලන්ත එරට පුරවැසිභාවය හෝ ලබා නොගත්තෙකි. ඒ ඔහුට ශ්‍රී ලංකාවේ ධජය සහිතව තරග වැදීමට අවශ්‍ය බැවිනි. ජපන් ජාතිකයකු බවට පත්වීම ජාත්‍යන්තරයේ මොන තරම් වරප්‍රසාද ඔහුට හිමිකරදුන්නද මේ සුජාත ශ්‍රී ලාංකීය පුත්‍රයා කැමති සිංහ ධජය දරාගෙන තරග වැදීමටය. ඔහු ක්‍රීඩාවෙන් බිහි වූ දේශප්‍රේමියෙකි. වසරකට රුපියල් ලක්ෂ 1000 ක පමණ වියදමක් යන මේ ක්‍රීඩාව ලෙහෙසි නැත. නමුත් එය ක්‍රිකට් මෙන් රටවල් 10 ක් 12 ක් පමණක් නරඹන ක්‍රීඩාවක් නොව රටවල් 120 ක විකාශය වන මිලියන 600 ක් පමණ ප්‍රේක්ෂකයන් සජීවීව නරඹන, ලොව කෝටිපතියන් ඇසගසාගෙන සිටින ක්‍රීඩාවකි. එවැනි දැවැන්ත වේදිකාවක, ලෝකයේ තිතක් වන රටක ධජය රැගෙන ජයකණුව කරා පියාඹන මේ පොඩි මිනිසා ශ්‍රී ලංකාව ගැන යෝධ ප්‍රතිරූපයක් මවන්නෙකි. අප රටේ සංචාරක මණ්ඩලය, තේ මණ්ඩලය ආදියට ලෝකප්‍රසිද්ධියක් ලබාගැනීම සඳහා ඩිලන්ත යනු නියම සන්නාම තානාපතියෙකි. එහෙත් මේවා ඒ ඒ අංශවලට සංවේදනය වන්නේද යන්න ගැටලුවකි. ඒ කෙසේ වෙතත් බොහෝවිට තමන් 'අතේ වියදමෙන්' නියෝජනය කරන අතරවාරයේ, තම මව් රටින් තමන්ට සැලකියයුතු අනුග්‍රහයක් නොලැබෙන බව ජාත්‍යන්තර ඉදිරියේ කියා, උපන් රට හෑල්ලු කිරීමට ඩිලන්ත කිසිවිටෙකත් ක්‍රියා නොකළේය. ඔහු නැතිබැරිකම් මධ්‍යයේ වුව අභිමානයෙන් සිංහ කොඩිය දරාගෙන තරගයේ පෙරමුණට 'ඉගිලුනේය'. ලෝක ශූරතාවක් දිනනවාටද වඩා අපට වටිනුයේ මේ ඩිලන්තගේ මේ සුන්දර හැසිරීමයි. මේ රට ඩිස්නිලන්තයක් ලෙසින් හඳුන්වමින් මාධ්‍ය සංදර්ශන දක්වන කැනහිළුන්, ඩිලන්ත වැනි චරිතයක මේ ඩිලන්ත වැනි පුතුන්ද මේ රටේ සිටින බව දත යුතුය. සැබැවින්ම ඩිලන්ත යනු ජාතියේ විශේෂ සම්මානයට පාත්රවිය යුත්තෙකි. ඩිලන්-ගෝ. ඔහොම යං.... ඉන්ද්‍රජිත් සුබසිංහ [/CENTER][/COLOR][/SIZE] [CENTER][URL="http://www.divaina.com/2015/11/15/sports01.html"]Source: Divaina[/URL][/CENTER] [COLOR="DarkRed"][SIZE="5"][CENTER]ඩිලන්ත යන මේ උතුම් ශ්‍රී ලාංකික පුත්‍රයා ගැන හැමෝටම දැනගන්න බම්පියක්වත් දාගෙන යන්න..[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom