ඩීසල් එන්ජින් සහ පෙට්‍රල් එන්ජින් වාහන

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඩීසල් එන්ජින් සහ පෙට්‍රල් එන්ජින් වාහන



    ඩීසල් එන්ජින් සහ පෙට්‍රල් එන්ජින් වාහන

    බොහෝ දෙනෙක් කථා කරන දෙයක් තමයි පාවිච්චියට ඩීසල් වාහනයක් හොඳයි ද පෙට්‍රල් වාහනයක්ද හොඳයි ද කියලා.

    ඒත් වාහන නිෂ්පාදකයින් නම් තමන්ගේ වාහන වලට අදාල ඒ‌ දේවල් ගැන නම් කවදාවත් කියන්නේ නැහැ.ඒ‌ නිසා එන්ජින් තෝරා ගැනීමේ දී හා ඉන්ධන තේරීම ගැන සමහර විට වැරදි වැටහීමක් ඇති වෙන්න පුලුවන්.ඒ‌ වගේම මේ එන්ජින් දෙකටම ඒ‌වාටම ආ‌වේනික වාසි සහ අවාසි තියෙන නිසා වාහනයක් ගන්න කලිඅවශ්‍යතාවය අනුව ඩීසල් වාහනයක් තෝරගන්නව ද පෙට්‍රල් වාහනයක් තෝරගන්නවද කියලා තීරණය කිරීම සඳහා මේ දෙවර්ගය අතර ඇති වෙනස තේරුම් ගැනීමට උදව්වක් ලෙස ඩීසල් හා පෙට්‍රල් එන්ජින් අතර සැසඳීමක් කිරීම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා.

    • ඩීසල් එන්ජින් වාසි

    ඩීසල් එනජින් මගින් හොඳ ඉන්ධන වාසි ලබාගන්න පුලුවන්.පෙට්‍රල් වලට වඩා සියයට 25 සිට 30 දක්වා ඉන්ධන පිරිමැස්මක් තියෙනවා.

    එන්ජිම හොඳ තත්වයේ තියෙනව නම් අඩු වායු දූෂණයක් සහිතව අමතරම 30% ක අශ්ව බලයක් ලබාගන්න පුලුවන්.

    ඩීසල් හොඳම කාර්‍ය්‍යයක්ෂමතාවයක් ලබාගන්න පුලවන් ඝණ බලශක්ති ඉන්ධනයක් නිසා පෙට්‍රල් වලට වඩා කල් පැවතීම අතින් වැඩියි.

    ඩීසල් එන්ජින් සඳහා ඉග්නිෂන් කොයිල් හා වයර්,ඩිස්ටිබියුටර් හා ස්පාර්ක් ප්ලග් අවශ්‍ය නැති නිසා එනජින් ටියුන්-අප් කිරීම් වගේ දේවල් අවශ්‍යය වෙන්නේ නැහැ.

    ඉහළ සම්පීඩනයක් දරා ගැනීමට හැකි නිසා හා දැඩි බව නිසා පෙට්‍රල් වාහනයක් සමග සසඳන විට වාහන ජීවිත කාලය සහ කල් පැවැත්ම කිලෝමීටර් 500,000 ක් පමණ වෙනවා.

    නඩත්තු කටයුතු සහ අලුත්වැඩියාවන් පෙට්‍රල් එනජිමකට සාපේක්ෂව අඩු නිසා හා ඩීසල් එන්ජින් වඩාත් කාර්‍ය්‍යයක්ෂම හා 20-30% පමණ අඩු ඉන්ධන භාවිතා කරන නිසාත් වාහන නැවත විකිණුම් වටිනාකම පෙට්‍රල් වාහනයකට සාපේක්ෂවවැඩියි.

    ඩීසල් මිල පෙට්‍රල් මිලට වලට වඩා මිලෙන් ද අඩුයි.(රටවල් අනුව මිල ගණන් වෙනස් වෙන්න පුලුවන්)

    ඩීසල් වාහන හොඳ කාර්‍ය්‍යයක්ෂමතාවක් තියෙන නිසා පෙට්‍රල් වාහනයකට වාඩා එහි CO2 ප්‍රතිශතය 20% කින් පමණ අඩුයි.

    ඩීසල් වාහන අඩු වේගයවලදී වැඩි ව්‍යාවර්ථයක් ලබාගන්න පුලුවන් නිසා වේගවත් ඉස්සර කිරීම් හා බර ඇදෙගන යාමේ හැකියාව තියෙනවා.

    පෙට්‍රල් වලට වඩා ඩීසල් දහනයවීමට ටික වෙලාවක් ගතවෙන නිසා අනතුරකදී පෙට්‍රල් වලට වඩා ආ‌රක්ෂකාරී.

    • ඩීසල් එන්ජින් අවාසි

    පෙට්‍රල් වාහන වලට වඩා ඩීසල් වාහන මිලෙන් වැඩි අ‍තර අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීම් වියදම් වැඩියි.

    ඩීසල් වාහන වල අඩු CO2 වායු විමෝචන තිබුණත්,ඩීසල් වායුවේ අන්තර්ගත කුඩා අංශු ඇ‌ස්මා වැනි භායානක රෝග ඇ‌ති කිරීමට එක හේතුවක් වෙනවා.

    ඩීසල් එන්ජින් තරමක් ශබ්ද සහිතයි.ඒ‌ වගේම ඒ‌ ශබ්ද වැඩි වෙන්න තියෙන හැකියාව වැඩියි.

    ඩීසල් එනජින් සහ කොටස් බරින් වැඩියි.

    • පෙට්‍රල් එන්ජින් වාසි

    අමතර කොටස් සහ අලත්වැඩියා වියදම් අඩු බැවින් ඩීසල් වාහන වලට වඩා මිලෙන් අඩුයි.

    ඩීසල් වලට වඩා පෙට්‍රල් හොඳින් පිරිපහදු ඉන්ධනයක් නිසා ශබ්දය අඩුයි.

    LPG(Liquid Petroleum Gas/CNG(Natural Compress Gas)ගෑස් වැනි විකල්ප ඉන්ධනවලට පරිවර්තනය කිරීමට පහසුයි.

    සුමට ක්‍රියාකාරිත්වයක් හා ධාවනයක් ඇ‌ති නිසා ඉහළ වේගවලදී හොඳ බලයක් ලබාගන්න පුලුවන්.

    පෙට්‍රල් එන්ජින් ඩීසල් එන්ජින් වලට වඩා සැහැල්ලු සහ බරින් අඩුයි.

    • පෙට්‍රල් එන්ජින් අවාසි

    ඩීසල් වාහන වලට වඩා කාර්‍ය්‍යයක්ෂමතාවයන් අඩු අතර ඩීසල් වලට වඩා ක්ෂයවීම/ගෙවීම වැඩියි.

    ඩීසල් වාහන වලට වඩා CO2 පිට වීම වැඩියි.

    වාහන ජීවිත කාලය සහ කල්පැවැත්ම අඩුයි(කිලෝමීටර් 250,000-350,000 පමණ)

    අයිඩල් කාර්‍ය්‍යයසාධනය අඩුයි.(එන්ජිම අයිඩල් වලදී පෙට්‍රල් පිච්චීම ඉතා වැඩියි)

    ව්‍යාවර්ථය අඩු නිසා වාහන ඉස්සර කර යාම අපහසුවීම හා බර කාර්‍ය්‍යයන් සඳහා එතරමි සුදුසු නැහැ.

    ඩීසල් එන්ජින් වලට වඩා ඉක්මනින් සර්විස් කිරීමට හා එන්ජින් ටියුන් අප් කරන්න වෙනවා.

    • සාරාංශය

    ඩීසල් එන්ජින් වාහන ද පෙට්‍රල් එන්ජින් වාහන ද වැඩිය හොඳ කියන ප්‍රශ්ණයට කිසිම සම්පූර්ණ උත්තරයක් නම් නැහැ.හැබැයි සාමාන්‍යයෙන් වැඩි කිලෝමීටර් ගණනක් ධාවන කරනවා නම් ඩීසල් එජින් වාහනයක් වඩා හොඳ විකල්පයක් වෙන්න පුලුවන්.එහෙම නැත්නම් මිල අඩු හොඳ කාර්‍ය්‍යයසාධන පෙට්‍රල් එන්ජින් වාහනයක් වඩා වාසිදායකයි.ඒ‌වගේම බර ඇදෙගන යාම වගේ කරනවා නම් ඩීසල් අධික බරක් යටතේ වඩා හොඳින් ක්‍රියාකරන අතර ඉන්ධන ඉතිරි කිරීම ද ඩැඩියි.

    වැඩට යාමට සහ කෙටි ගමන් බිමන් සඳහා පාවිච්චියට නම් ඩීසල් වාහන හොඳම විසඳුමක් නම් නෙවෙයි.කෙටි ගමන් සඳහා මිල වැඩි ඩීසල් එන්ජින් වාහනයකින් ඉන්දන සඳහා සැලකිය යුතු මුදලක් ඉතිකිරීමට අපහසුයි වෙන්න පුලුවන්.

    ඒ‌ නිසා ඩීසල් වාහනයක් ද පෙට්‍රල් වාහනයක් ද යන්න ඔබේ අවශ්‍යතාවය මත තීරණය කල යුතු දෙයකි.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    30/11/2016