ඩී.එස්‌._දර්ශනය ds senanayaka

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඩී.එස්‌._දර්ශනය ds senanayaka

    z_p0ds3.jpg





    නිදහස්‌ ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී. එස්‌. සේනානායක ශ්‍රීමතාණන්ගේ 61 වැනි ගුණසමරුව නිමිත්තෙනි.

    දොන් ස්‌ටීවන් සේනානායක මැතිතුමා උපත ලැබුවේ 1884 ඔක්‌තෝබර් මස 20 වැනි දින මීරිගමට නුදුරු බෝතලේ දී ය. මොහු මුදලිඳු දොන් ස්‌පෙටර් සේනානායක මැතිතුමාගේ තුන්වැනි පුත්‍රයා විය. පවුලේ ප්‍රධානතම ආදායම් මාර්ගය වූයේ මිනිරන් වෙළෙ¹ම, පොල්, රබර් වැනි වැවිලි ය.

    ඩී. එස්‌. 1890 දී වයස 06 දී ශාන්ත තෝමසුන්ගේ විදුහලට ශාස්‌ත්‍රොද්ග්‍රහණය සඳහා ගියේය.

    මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස ජීවිතය ඇරඹුවත්, ඔහුගේ සිත ඇදී ගියේ වැවිලි කර්මාන්තයටය. ඒ අනුව පවුලේ ව්‍යාපාර වූ රබර්, පොල්, වැවිලි ද, මිනිරන් කර්මාන්තය කෙරෙහි ද සම්පූර්ණ කාලය යෙදවීමට කටයුතු කළේය.

    1903 දී ඩී. එස්‌. ගේ පියාට, සමාජ සේවා කටයුතු හේතු කොට ගෙන එවකට සිටි ආණ්‌ඩුකාර වෙස්‌ට්‌ රිඡ්වේ විසින් මුදලිඳු තනතුරක්‌ පිරිනමන ලදී.

    1910 දී ඩී. එස්‌. එමිල් මෝඩ් දුනුවිල කුමාරිහාමි සමඟ විවාහ විය. මොහුගේ සහෝදරයකු වූ ඩී. සී. සේනානායක ඇයගේ තවත් සහෝදරියක සමඟ විවාහ වී සිටියේය.

    1911 ජුනි මාසයේ 19 වැනි දින වැඩිමලා වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මෙලොව එළිය දුටුවේය.

    1912 සිට කෘෂිකාර්මික කටයුතුවල නියෑළී සිටිමින් සමාජ සේවකයකු වශයෙන්, අමද්‍යප ව්‍යාපාරය කෙරෙහි තම අවධානය යොමු කළේය.

    1915 දී ගම්පොලදී සිංහල - මුස්‌ලිම් සටන ඇති වී අනිකුත් සිංහල ප්‍රදේශවලට පැතිරී ගිය අවස්‌ථාවේදී ඩී. එස්‌. ඇතුළුව බොහෝ දෙනකු ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් සිර භාරයට ගන්නා ලදී. ඔහුට විරුද්ධව චෝදනා නැති නිසා දින 40 කට පසුව නිදහස්‌ කරන ලදී.

    අධිරාජ්‍යවාදීන් විසින් ලාංකික ජනතාවට කරන ලද වධ හිංසා, අඩන්තේට්‌ටම් ආදී විෂමාචාර ක්‍රියා කලාපයන් පරීක්‍ෂා කිරීම පිණිස 1916 දී ඩී. එස්‌. කෝලාහල පැවතුණු ස්‌ථානවලට ගොස්‌ කරුණු එක්‌රැස්‌ කළේය.

    ඡන්ද බලය ලබා ගැනීම

    බ්‍රිතාන්‍යයන්ගෙන් රට නිදහස්‌ කර ගත යුතු යෑයි පරම අධිෂ්ඨානයෙන් යුතුව 1919 දී ඩී. එස්‌. ඇතුළු එඩිතර නායකයන් විසින් ලංකා ජාතික සංගමය පිහිටුවා ගන්නා ලදී. මෙම සංගමයේ උද්ඝෝෂණය වූයේ ස්‌වරාජ්‍යයක්‌ ලබා ගැනීම සඳහා කටයුතු කිරීමයි.

    ජාතික සංගමයේ නියෝජිත පිරිසක්‌ එංගලන්තයට ගොස්‌ මිල්නර් සාමි හට කරුණු ප්‍රකාශ කර සිටි අතර, මේ අනුව පළාත් වශයෙන් මන්ත්‍රීන් තේරීමේ ඡන්ද බලය ලබා ගැනීම මෙහිලා විශේෂ සිද්ධියක්‌ විය. නිදහස සඳහා කරන ලද සාමකාමී සටනේ ප්‍රතිඵල නිසා 1912 - 1921 මන්ත්‍රීන් 04 දෙනකු තෝරා ගැනීමටත්, 1921 - 1924 මන්ත්‍රීන් 16 දෙනකු ඡන්දයෙන් තෝරා ගැනීමටත් අවස්‌ථාව සැලසිණි.

    1924 ව්‍යවස්‌ථාදායකයේ සිදු වූ ප්‍රතිසංස්‌කරණ කටයුතු නිසා මහජන ඡන්දයෙන් තෝරා ගන්නා ලද මන්ත්‍රීන් සංඛ්‍යාව 30 දක්‌වා ඉහළ ගියේය.

    ප්‍රථම වරට ශ්‍රීමත් ඡේම්ස්‌ පීරිස්‌ මහතා උප සභාපති තනතුරට පත්විය. ඔහුගෙන් පසුව ශ්‍රීමත් ඩී. බී. ජයතිලක එම ධුරය දැරුවේය.

    1924 සැප්තැම්බර් මස 12 වැනි දින මීගමුව දිස්‌ත්‍රික්‌ ප්‍රදේශය වෙනුවෙන් ඩී. එස්‌. නිතරගයෙන් තේරී පත්විය.

    ශ්‍රී ලංකාවේ නිදහස්‌ සටන මෙහෙය වූ ශේ්‍රෂ්ඨ ජන නායකයකු වූ ඩී. එස්‌. ගේ සහෝදර එµa. ආර්. සේනානායක 1926 දී කල්කටාවේදී අභාවප්‍රාප්ත විය.

    ඩී. එස්‌. ට විශ්වවිද්‍යාලවලින් ලබා ගත් පට්‌ටම් නොවූ අතර, ඔහුට තිබුණේ දෛනික සමාජ රටාව පිළිබඳවත්, කෘෂි කර්මාන්තය හා වෙළෙඳාම පිළිබඳවත් මහජන විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අත්දැකීම් ය.

    1928 දී ආණ්‌ඩුකාරයා විසින් ඩී. එස්‌. ව ඉඩම් කොමිසමේ සාමාජිකයකු වශයෙන් පත්කර ගන්නා ලදී. එම වර්ෂයේදී ක්‌ලිපර්ඩ් ආණ්‌ඩුකාරතුමාගේ සංදේශයකට අනුව ඩොනමෝර් කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශයන්ට අනුව, රාජ්‍ය මන්ත්‍රණ සභාවක්‌ ඇති කරන ලදී. ව්‍යවස්‌ථාදායක සභාවේදී මෙම කොමිසමේ වාර්තාව පිළිගත යුතු යෑයි වැඩි ඡන්ද දෙකකින් සම්මත වූ අතර ඩී. එස්‌. ද පක්‍ෂව ඡන්දය දෙන ලදී.

    මෙම ඩොනමෝර් කොමිසමේ තීරණවලින් රටට වැඩදායක සිද්ධීන් දෙකක්‌ ඇති විය.

    01. ශ්‍රී ලංකාවේ ස්‌ත්‍රී පුරුෂ යන අයට සර්වජන ඡන්ද බලය ලැබීම හා මන්ත්‍රී කොට්‌ඨාස කඩා වෙන් කිරීම ඡන්ද අනුපාතය අනුව.

    02. වයස 21 ට වැඩි සියලුම දෙනාට මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීමේ අවස්‌ථාව.

    මේ අනුව ඡන්ද බලයෙන් මන්ත්‍රීන් 50 ක්‌ ද, 08 දෙනකු පත්කළ මන්ත්‍රීන් වශයෙන් ද රාජ්‍ය නිලධාරීන් 03 ක්‌ ද පත්විය. මෙහිදී ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම ද විධායක සභා මාර්ගයෙන් විවිධ රජයේ දෙපාර්තමේන්තු පාලනය කිරීමට ද ඇමැතිවරුන්ට බලය ලැබීම ද සිදුවිය.

    මේ අනුව 1931 මැයි මස 04 වැනි දින මිනුවන්ගොඩ ආසනයට නිතරගයෙන් ඩී. එස්‌. සේනානායක මැතිතුමා තේරී පත්විය.

    සේනානායක මහතාගේ එකම අභිප්‍රාය වූයේ පැරැණි සිංහල නරපතියන්ගේ වාරි කර්මාන්ත යථා තත්ත්වයට ගෙන ඒම හා එම ප්‍රදේශවල නැවත වරක්‌ ගොවි ජනපද පිහිටුවීමත්, කෘෂි කාර්මික කටයුතු අනෙක්‌ ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමත් ය.

    මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාර

    1933 දී ඉඩම් පනත ඉදිරිපත් කොට සම්මත කර ගත්තේ ය. මේ අනුව ඉඩම් ආඥාපනත ක්‍රියාත්මක කිරීම සඳහා 1934 දී මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයට අඩිතාලම දැම්මේ ය.

    1931 වන විට මෙම ප්‍රදේශයේ වාරි කර්මාන්ත කළ හැකිව තිබූ මුළු ඉඩම් ප්‍රමාණය 1700 කට සීමා වී තිබිණි.

    එහෙත් 'මහාකළු සිංහලයා', 'පැරකුම් අවතාරය' වශයෙන් විරුදාවලි ලත් සේනානායකයාණෝ විසින් නිර්මාණය කරන ලද පරිදි අක්‌කර 50,000 ක්‌ අස්‌වැද්දීමටත්, වියළි කලාපය, ශ්‍රී ලංකාවේ ධාන්‍යාගාරය බවට පත් කිරීමටත් කටයුතු සකසන ලදී.

    මේ අනුව මින්නේරිය, හිඟුරක්‌ගොඩ, හතමුන ප්‍රදේශය ද, යළි පුනරුත්ථාපනය කිරීමට ද මෙම ප්‍රදේශයේ ප්‍රධානතම වසංගතය වූ 'මැලේරියා' උවදුර නැති කිරීමට ද කටයුතු අරඹන ලදී. මීට අමතරව ගොවි ජනපද පිහිට වූ ප්‍රදේශ අතර අක්‌කර 17,000 කින් යුතු කහගම කොළණිය ද, කලලුවැව වාරි කර්මාන්තය ද මිණිපේ ව්‍යාපාරය ද ප්‍රධාන තැනක්‌ ගන්නා ලදී.

    පොලොන්නරුවේ පැරැණි විභූතිය නැංවීමට කටයුතු කළ අතර, පරාක්‍රම සමුද්‍රය ප්‍රතිසංස්‌කරණය කිරීම ද ආරම්භ කරන ලදී.

    රාජ්‍ය නිලධාරීන්, උපදේශකයන් එකඟ නොවූවද, මහවැලි නදියේ ජලය මුහුදට ගලා යැමට ඉඩ නොදී ජලය එකතු කිරීම සඳහා අඹන්ගඟ හරහා වේල්ලක්‌ සුදුකන්ද අසබඩදී බැඳ එසේ කිරීමට යෝජනා කළේය. අද එම සිහිනය සැබෑ වී ඇත.

    1942 දෙසැම්බර් මාසයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ලෙස කටයුතු කළ ශ්‍රීමත් බාරොන් ජයතිලක ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වී යැම නිසා සේනානායක මහතා එම තනතුරට පත්විය.

    ඩී. එස්‌. ගේ ඉල්ලීමට අනුව 1943 මැයි මාසයේදී බ්‍රිතාන්‍ය රජතුමා විසින් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ රටේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඇතිව නිදහස්‌ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට අවස්‌ථාවක්‌ ලබාදීම සඳහා ලංකා ආණ්‌ඩුක්‍රමය නැවත වරක්‌ සංශෝධනය කරන බව දන්වා සිටියේය.

    මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් සේනානායක මහතා තමන්ගේ අමාත්‍ය මණ්‌ඩලයේ අදහස්‌ සහිත කෙටුම්පතක්‌ ඉදිරිපත් කරන ලදී. එහෙත් එකඟතාවක්‌ ඔවුන් අතර ඇති නොවූවද, ස්‌වාරාජ්‍යයක්‌ ඉල්ලීමේ අයිතිය තවදුරටත් තහවුරු විය.

    1943 අගෝස්‌තු මාසයේදි ඩී. එස්‌. ලංකා ජාතික සංගමයෙන් ඉල්ලා අස්‌වූයේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සාමාජිකයන් මෙම සංගමයට බඳවා ගැනීම හේතු කොට ගෙනය.

    1944 ජූලි මාසයේදී එංගලන්ත ආණ්‌ඩුව විසින් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා කොන්සර්වර්ටිව් ආණ්‌ඩුවේ අමාත්‍ය ධුරයක්‌ ඉසුලූ සෝල්බරි සාමිගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක්‌ ලංකාවට පැමිණියේය. කෙසේ වතුදු අමාත්‍ය මණ්‌ඩලය හෝ සිංහල ජනතාවගේ නියෝජිතයන් මෙම කොමිසම ඉදිරියේ සාක්‍ෂි දීමට ඉදිරිපත් නොවූහ.

    සෝල්බරි කොමිෂන් සභාවේ සාමාජිකයන් 1945 අප්‍රේල් මාසයේදී ලංකාවෙන් නික්‌ම ගියේය. එම වාර්තාව නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීමට ප්‍රථම ඩී. එස්‌. එංගලන්තයේ ආණ්‌ඩුව සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම පිණිස 1945 ජූලි මාසයේ දී එංගලන්තයට ගියේය.

    1945 ජූලි මාසයේ අගදී එංගලන්තයේ මහ මැතිවරණයෙන් කම්කරු පාක්‍ෂික ආණ්‌ඩුවක්‌ බලයට පත්විය. ඉන් අනතුරුව 1945 ඔක්‌තෝබර්Êමාසයේදී සෝල්බරි වාර්තාව ප්‍රසිද්ධ කෙරුණි. එම වාර්තාවේ නිර්දේශ එංගලන්ත ආණ්‌ඩුව විසින් 1945 ඔක්‌තෝබර් 31 වන දින 'ධවල පත්‍රිකාවක්‌' වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

    මේ අනුව ඩී. එස්‌. ගේ උත්සාහයේ ප්‍රතිඵල අත ළඟම විය. කාලයක්‌ මුළුල්ලේ ප්‍රාර්ථනා කළ ශ්‍රී ලංකාව නිදහස්‌ රාජ්‍යයක්‌ වීමේ අවස්‌ථාව ඉතා අත ළඟ බැවින් අභිනව ආණ්‌ඩුක්‍රමය පිළිගන්නා ලෙස 1945 නොවැම්බර් මාසයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඔහු යෝජනාවක්‌ ඉදිරිපත් කළේය.

    දින දෙකක්‌ පැවතුණ විවාදයේදී යෝජනාවට පක්‍ෂව ඡන්ද 51 ක්‌ ද, විරුද්ධව ඡන්ද තුනක්‌ ද ලැබිණි. ඉන්දියානු සම්භවය ඇති මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ ද සිංහල මන්ත්‍රීවරයකු වූ එවකට බිබිල මන්ත්‍රී ධුරය දැරූ ආචාර්ය ඩබ්. දහනායක මහතා ද විරුද්ධව ඡන්දය දුන්හ.

    1946 අප්‍රේල් මාසයේදී මුවර් ආණ්‌ඩුකාරතුමා සමඟ ඩී. එස්‌. අග්නිදිග ආසියාවේ ආහාර නිෂ්පාදනය පිළිබඳ සමුළුවට සහභාගි වීම සඳහා සිංගප්පූරුවට ගියේය.

    1946 ජූලි 18 වැනි දින ඩී. එස්‌. සභානායක වශයෙන් ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය යටතේ අවසාන අය වැය ලේඛනය රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලදී.

    1947 මුල් කාලයේදී සේනානායක මහතා එංගලන්තයේ යටත් විජිත භාර මහා ලේකම්තුමාට පෞද්ගලික සංදේශයක්‌ යවා එම සංදේශයේ සඳහන් කරුණු ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා සමඟ ඩී. එස්‌. වෙනුවෙන් සාකච්ඡා කරන ලෙස ද දන්වා යෑවීය.

    සාකච්ඡා සතුටුදායක ලෙස නිමවීම නිසා 1947 ජුනි මාසයේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සහ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී වැදගත් ප්‍රකාශයක්‌ කරනු ලැබීය. එනම් අභිනව ආණ්‌ඩු ක්‍රමය යටතේ වැඩ ආරම්භ කළ පසු ලංකාවට පූර්ණ ස්‌වතන්ත්‍ර බලතල පැවරෙන පරිදි අවශ්‍ය කටයුතු කරනු ලබන බවයි.

    1946 සැප්තැම්බර් මස 06 වන දින ඩී. එස්‌. විසින් එක්‌සත් ජාතික පක්‍ෂය ආරම්භ කරන ලදී.

    1947 ජූලි මස 01 වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවසන් රැස්‌වීම පවත්වන ලදී.

    1946 සැප්තැම්බර් මස 06 වැනි දින පිහිටුවා ගන්නා ලද එක්‌සත් ජාතික පක්‍ෂය සිංහල මහා සභාව, ලංකා යෝනක, ලංකා ජාතික සංගමය, මුස්‌ලිම් සංගමය වැනි දේශපාලන සමිති ද ඒකාබද්ධ කොට ගෙන ආරම්භ කළ අතර, ඉන්දියානු සහ ද්‍රවිඩයන් ද සෑහෙන සංඛ්‍යාවක්‌ එ.ජා.පයට එක්‌විය.

    රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායකයාව සිටි දේශපාලන කටයුතු අතින් දිවයිනේ මුල් ස්‌ථානය හිමිකර ගෙන සිටි ඩී. එස්‌. අභිනව පක්‍ෂයේ නායක ධුරයට පත්විය.

    කෙසේ වතුදු, ද්‍රවිඩ සංගමය, ලංකා ඉන්දියානු සංගමය, ලංකා සමසමාජ පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය මෙම අභිනව දේශපාලන පක්‍ෂයට සම්බන්ධ වූයේ නැත.

    අලූත් ආණ්‌ඩුක්‍රමය යටතේ ප්‍රථම මහා මැතිවරණය

    1947 අගෝස්‌තු මාසයේ 23 වන දින සිට සැප්තැම්බර් 20 වන දින දක්‌වා දින 19 ක්‌ තිස්‌සේ මන්ත්‍රී කොට්‌ඨාස 89 ට මන්ත්‍රීන් 95 දෙනකු තෝරා ගැනීම සඳහා ඡන්දය පැවැත්විණි.

    නව පාර්ලිමේන්තුව 1947 ඔක්‌තෝබර් මස 14 වැනි දින රැස්‌විය.

    එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රබල පක්‍ෂයක්‌ ලෙස රටේ මුල් බැස ගෙන නොතිබුණ ද, ශ්‍රී ලංකාවට නිදහස ළඟා කර දීම පිළිබඳ සම්පූර්ණ ගෞරවය එහි නායකයාට හිමි විය. එබැවින් එම ජාතික මෙහෙය සලකා එක්‌සත් ජාතික පක්‍ෂයට ආධාර කරන ලෙස ජනතාවගෙන් ඔවුහු ඉල්ලා සිටියහ.

    මේ අවස්‌ථාව වන විට උතුර හා නැඟෙනහිර පළාත්වල ද්‍රවිඩ පක්‍ෂ සෑහෙන බලසම්පන්න විය.

    උඩරට වතුකරයේ ඉන්දියානු කම්කරුවන් බහුල ලෙස වාසය කළ බැවින්, මධ්‍යම කඳුකරයේ ආසනවලින් සෑහෙන ගණනක්‌, ඉන්දියානු මන්ත්‍රීන්ට අයිතිකර ගැනීමට පුළුවන් විය.

    මේ හැර ශ්‍රී ලංකාවේ සෙසු පළාත්වල එක්‌සත් ජාතික පක්‍ෂයට විරුද්ධව ඉදිරිපත් වූයේ ලංකා සමසමාජ පක්‍ෂය හා කොමියුනිස්‌ට්‌ පාක්‍ෂිකයෝ ය. ඔවුන්ගේ ඡන්ද සටන් පාඨය වූයේ එ. ජා. පක්‍ෂයට බලය පැවරීම සුදු අධිරාජ්‍යවාදී ධනපතියන් වෙනුවෙන් කළු ධනපතියන්ට බලය පවරා දීමක්‌ බවයි.

    ඩී. එස්‌. සේනානායක අගමැති ධුරයට 1947 සැප්තැම්බර් මස 24 වැනි දින පත්විය. 1947 ඔක්‌තෝබර් මස 08 වැනි දින නව ඇමැති මණ්‌ඩලය රැස්‌විය.

    ශ්‍රී ලංකාවට නිදහස ලැබීම

    උත්තර මන්ත්‍රී මණ්‌ඩලයේ දී පනතට පක්‍ෂව ඡන්ද 21 ක්‌ ද, විපක්‍ෂව ඡන්ද 05 ක්‌ද ලැබිණි.

    1947 දෙසැම්බර් මස 10 වැනි දින ලංකා ස්‌වාධීනතා පනත එංගලන්තයේ මහ රජතුමා විසින් රාජ්‍ය මුද්‍රාව තැබීමෙන් සම්මත විය. 1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාවට ස්‌වාධීනත්වය අත්විය.

    1948 පෙබරවාරි මස 10 වැනි දින පළමුවන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සිදුකෙරිණි.

    සෝල්බරි සාමි, ඩී. එස්‌. සේනානායක මහතා ගැන මෙසේ සඳහන් කළේය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක වශයෙන් කටයුතු කරන මෙතුමා තුළ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයකු කෙරේ අත්‍යවශ්‍යයෙන් ම පිහිටිය යුතු ගුණාංග වන තීරණ ගැනීමේ ශක්‌තිය, ඉවසීම, උපේක්‍ෂාව සහ විනෝදශීලී භාවය හො¹කාරව විද්‍යමාන විය. ඔහු සිංහලයෙකි. එහෙත් රාජ්‍ය මන්ත්‍රණ සභා කටයුතු කරන අවස්‌ථාවලදී නම් එතුමා තමා සිංහලයන්ගේ ම නියෝජිතයෙක්‌ යෑයි කිසිවිටෙකත් නොසිතූහ. දිවයිනේ පිහිටි සෑම ජාතියකම විශ්වාසය ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ වනතුරු කිසිවකු විසින් නොලද අයුරින් ලබා ගත්තා වූද, සිය රටෙහි අභිවෘද්ධිය අංග සම්පූර්ණ නිදහස්‌ ආණ්‌ඩුව නමැති ක්‍ෂේම භූමිය කරා ගෙන යැමේදී මින් පෙර කිසිවකු විසින් නොකරන ලද තරම් වැදගත් ශ්‍රේෂ්ඨ සේවයක්‌ කළා වූද, එකම පුද්ගලයා මෙතුමා වේ.

    1948 පෙබරවාරි මස 04 වන දින අනුරාධපුර නව නගරය සඳහා ඩී. එස්‌. විසින් මුල් ගල් තබන ලදී. 1949 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සතු යුද්ධ හමුදාවක්‌ පිහිටුවීම සඳහා පනතක්‌ ගෙන ආවේය.

    1949 අගෝස්‌තු මාසයේදී දෙවැනි වරටත් පොදු රාජ්‍ය මණ්‌ඩල අගමැතිවරුන්ගේ සම්මේලනයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගියේය.

    1949 අගෝස්‌තු මාසයේ දී 27 වැනි දින ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කළේය. 1949 සැප්තැම්බර් මස 07 වන දින මහියංගන දාගැබ ප්‍රතිසංස්‌කරණ කටයුතු ඩී. එස්‌. විසින් ආරම්භ කරන ලදී.

    ඩී. එස්‌. කෘෂිකාර්මික ඇමැතිවරයා වශයෙන් ගත් පියවරවල් නිසා අද රට සහල් නිෂ්පාදනයෙන් ස්‌වයංපෝෂිත වීමට ආසන්නය.

    ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්‌ යටතේ ප්‍රවෘත්ති පත්‍ර නිදහස, පෙළපාලි යැම, ඡන්දවලට ඉදිරිපත්වීම, රැස්‌වීම් පැවැත්වීම, නිදහස්‌ පුරවැසියන් වශයෙන් ඕනෑම තැනකට යැම,

    රැකියා කිරීමේ නිදහස, වෙළෙහෙළදාම්, කර්මාන්ත ඇතිකිරීමේ නිදහස, ආගමික නිදහස, සම්පූර්ණයෙන් ලබා දීම හා එවැනි දැ පිළිබඳ ප්‍රජා අයිතිවාසිකම් ද ඩී. එස්‌. ගේ පාලනය යටතේ ස්‌ථාපිත විය.

    අගමැතිතුමා දැයෙන් සමුගනී

    1952 මාර්තු මස 21 වැනි දින ඩී. එස්‌. ගාලු මුවදොර පිටියේදී අසුපිටින් වැටිණ. ඉන් පසු දින ඔහු අභාවප්‍රාප්ත විය. 1952 මාර්තු 23 වන දින සිට මාර්තු 29 දින දක්‌වා ශ්‍රී දේහය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබුණ අතර, 1952 මාර්තු මස 29 වැනි දින නිදහස්‌ චතුරශ්‍රයේදී ආදාහනය කරන ලදී. මෙම දිනයේදී ලක්‍ෂ 10 කට අධික ජනතාවක්‌ අවසාන ගරු බුහුමන් දැක්‌වීමට කොළඹට පැමිණියහ.

    පී. ඇම්. සේනාරත්න