ඩුබායි මෙහෙයුම
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින ගායන ශිල්පි අමල් පෙරේරාගේ සහ රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ නිවාස ඊයේ (07 දා) පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය භාවිතයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා
ගන්නා උපකරණ සමඟ ඔවුන්ගේ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර මුදාහැර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා ගන්නා මෙම උපකරණ හමුවී ඇත්තේ ගායන ශිල්පී අමල් පෙරේරාට අයත් මහරගම පිහිටි නිවස හා රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ට අයත් අත්තිඩියේ පිහිටි නිවස පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය එකවර වටලා කළ පරීක්ෂාවකදීය.
අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් පාවිච්චියට යොදා ගන්නා කොපු දෙකක් හමු වී ඇති අතර රයන් රෝයන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා භාවිත කරන ඩිජිටල් තරාදියක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා විශාල ප්‍රමාණයේ ගමන් බෑගයක් හමු වී ඇත.
මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය වූ රුපියල් කෝටි 300 ක් වටිනා හෙරොයින් තොගය මීට මාස දෙකකට පමණ පෙර දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී බංගලිදේශ ජාතිකයන් සමග අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී හෙරොයින් ප්‍රවාහනයට යොදා ගත් විශාල ගමන් බෑග රැුසක් ද සොයාගෙන තිබිණි. රයන් වෑන් රෝයන්ගේ නිවසේ තිබී සොයාගනු ලැබුවේ ද නැදිමාල ගබඩාවෙන් සොයාගත් වර්ගයේ ගමන් බෑගයක් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම වැටලීමේදී මහරගම අමල් පෙරේරාගේ බාල සොහොයුරා මෙන්ම රයන්ගේ නිවසේ සිටි ඔහුගේ බාල සොහොයුරා ද අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්නකිරීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලස්ථානය වෙත රැුගෙන ගොස් ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වේ.