ඩුබායි මෙහෙයුම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩුබායි මෙහෙයුම

    madush.jpg

    පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින ගායන ශිල්පි අමල් පෙරේරාගේ සහ රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ නිවාස ඊයේ (07 දා) පරීක්‍ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය භාවිතයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා

    ගන්නා උපකරණ සමඟ ඔවුන්ගේ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර මුදාහැර තිබේ.

    මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා ගන්නා මෙම උපකරණ හමුවී ඇත්තේ ගායන ශිල්පී අමල් පෙරේරාට අයත් මහරගම පිහිටි නිවස හා රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ට අයත් අත්තිඩියේ පිහිටි නිවස පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය එකවර වටලා කළ පරීක්‍ෂාවකදීය.

    අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් පාවිච්චියට යොදා ගන්නා කොපු දෙකක් හමු වී ඇති අතර රයන් රෝයන්ගේ නිවස පරීක්‍ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා භාවිත කරන ඩිජිටල් තරාදියක් සහ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයට යොදා ගන්නා විශාල ප‍්‍රමාණයේ ගමන් බෑගයක් හමු වී ඇත.

    මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය වූ රුපියල් කෝටි 300 ක් වටිනා හෙරොයින් තොගය මීට මාස දෙකකට පමණ පෙර දෙහිවල නැදිමාල ප‍්‍රදේශයේදී බංගලිදේශ ජාතිකයන් සමග අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී හෙරොයින් ප‍්‍රවාහනයට යොදා ගත් විශාල ගමන් බෑග රැුසක් ද සොයාගෙන තිබිණි. රයන් වෑන් රෝයන්ගේ නිවසේ තිබී සොයාගනු ලැබුවේ ද නැදිමාල ගබඩාවෙන් සොයාගත් වර්ගයේ ගමන් බෑගයක් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

    මෙම වැටලීමේදී මහරගම අමල් පෙරේරාගේ බාල සොහොයුරා මෙන්ම රයන්ගේ නිවසේ සිටි ඔහුගේ බාල සොහොයුරා ද අත්අඩංගුවට ගෙන වැඩිදුර ප‍්‍රශ්නකිරීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලස්ථානය වෙත රැුගෙන ගොස් ඇත.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මධුෂ් මුදාගන්න ඩුබායි නීතිඥවරු 12 ක් සටනේ​

    ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා මුදා ගැනීම සඳහා එරට නීතිඥවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇත.

    නීතිඥවරුන්ගේ සහාය ලබා ගෙන ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් නිදහස්වීමට මධුෂ් ඇතුළු කල්ලිය රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරන බවද ඩුබායි දේශයෙන් ලැබෙන ආරංචිමාර්ග කියා සිටියේය.

    මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් බේරා ගැනීම සඳහා ඉන්දීය නීතිඥවරුන් ප‍්‍රමුඛ තවත් රටවල් කීපයක නීතිඥයන් සම්බන්ධ වී සිටින බවද වාර්තා වෙයි.

    මෙම නීතිඥයන්ගේ සහාය ලබාගෙන මධුෂ් බේරා ගැනීමේ කටයුතු සම්පාදනය කරන්නේ ඔහුගේ අනියම් බිරිඳ සහ එරට සැගවී සිටින පාතාල සාමාජිකයන් පිරිසක් විසින් බවද හෙළිවී ඇත.

    මේ අතර ඔවුන් බේරා ගැනීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා මෙරට සිටි ඔහුගේ ගෝලබාලයන් කීප දෙනකුද ඩුබායි දේශයට ගොස් ඇති බව වාර්තා වෙයි.

    මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු කළුතර බන්ධනාගාරයේ රාජකාරි කළ බව කියන බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියකු, රාජ්‍ය තාන්ති‍්‍රක විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති පුද්ගලයකු සහ දකුණේ ප‍්‍රාදේශීය සභාවක මන්ත‍්‍රීවරියක සිටින බවට තොරතුරු ලැබී තිබිණි. ඊට අමතරව කොළඹ කෙසෙල්වත්ත, මාලිගාවත්ත, මාකඳුර, කඹුරුපිටිය ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයක පාතාල කල්ලි සාමාජිකයන් 15 දෙනකු සහ ව්‍යාපාරිකයන් පස් දෙනකුද මධුෂ් සමග සිටියදී අත්අඩංගුවට ගත් බව පැවසේ.

    එහෙත් මේ පිළිබඳව ඩුබායි පොලිසිය තහවුරු කිරීමක් කර නොමැත. පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසුවේ මධුෂ් සමග අත්අඩංගුවට පත්වූවන් අතර සිටින මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාදී තිබුණේ ඩුබායිහි සිටින විවිධ පුද්ගලයන් විසින් බවය. එබැවින් මෙසේ ලැබුණු තොරතුරු කිසිවක් නීත්‍යානුකූල නොවන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

    මේ අතර මධුෂ් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන්ගේ ඡුායාරූප මෙරට මාධ්‍ය ඔස්සේ පළවීම පිළිබඳවද ඩුබායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම ඡුායාරූප ඩුබායි පොලිසිය මගින් ලබාගත් අතර අත්අඩංගුවේ සිටි සැකකරුවන් හඳුනා ගැනීමට ඒවා තම ඔත්තුකරුවන්ට ඩුබායි පොලිසිය ලබාදී තිබිණි.

    එසේ ලබාදුන් ඡුායාරූප ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය වෙත ගියේ කෙසේද යන්න සොයා ඔවුන් විමර්ශන ආරම්භ කර ඇති බව ඩුබායි දේශයෙන් ලැබෙන ආරංචිමාර්ග පවසයි.

    මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ දියණියගේ උපන් දින සාදය ඩුබායි හි තරු හයේ හේටලයක පැවැති අතර එයට කඩාවැදුණු එරට පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී.

    සැකකරුවන් සතුව තිබී කොකේන් සහ ගංජා තොගයක්ද පොලිසිය සොයාගෙන තිබුණි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජනප‍්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත‍්‍රයා ඇතුළු තවත් තරුණ ගායකයන් හය දෙනකුද සිට ඇත.

    මේ වන විට මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් එරට බන්ධනාගාරයක රඳවා සිටින අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝටි 700 ක දියමන්ති කොල්ලයටත් අමල්-රයන් සම්බන්ධදැයි සැකයක්

    මහරගම ඇරැව්වලදී කෝටිපති මැණික් ව්‍යාපාරියකුගෙන් පැහැරගෙන ගිය රුපියල් කෝටි 700 දියමන්ති මංකොල්ලය පිටුපසද පාතාල නායක මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පී රයන් රෝයන් සහ ගායන ශිල්පී අමල් පෙරේරා සිටින බවට පොලිසිය සැකකරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.

    මෙම මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී හෙළිවූ තොරතුරු මත රයන් රෝයන් මිරිහාන විශේෂ අපරාධ ඒකකයට ගෙන්වා මීට සති තුනකට පමණ පෙර කටඋත්තරයක් ලබාගත් බවත් ගායන ශිල්පී අමල් පෙරේරාට කැඳවීමක් කළත් විදේශ ගතව සිටිනනිසා දිවයිනට පැමිණි පසු පොලිසියට පැමිණෙන බවට දැනුම්දී ඇති බවත් එම ඒකකයේ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (7 දා) පැවසීය.

    රයන් වැන් රෝයන් ප‍්‍රශ්න කිරීමේදී මාකඳුරේ මධුෂ් නමැත්තකු තමන් නොදන්නා බව පවසා ඇතත් ඔහුගේ දුරකථන සම්බන්ධතා විමර්ශන වාර්තාවල ඩුබායි රට සමග ඇමතුම් සම්බන්ධතා පවත්වා ඇති බව හෙළිවී ඇතැයිද එම නිලධාරියා කීය.

    මහරගම ඇරැව්වලදී කෝටපතියාගෙන් කෝටි 700 ක් වටිනා දියමන්තිය පැහැර ගැනීම සඳහා විදේශ ජාතිකයකු සමග එය මිලදී ගැනීමට පැමිණෙන මුවාවෙන් පැමිණි ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ව්‍යාපාරිකයාගේ හිසට ගිනි අවියකින් පහරදී විදේශිකයාද සමග දියමන්තිය පැහැරගෙන ගොස් විදේශිකයා අතරමග දමා පළාගොස් තිබිණි.

    මෙම දියමන්තිය පැහැර ගැනීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශනවලදී විදේශිකයා මෙරටින් බැහැර ගොස් ඇති බවත් කෝටි 700 දියමන්තිය ඩුබායිහි වෙසෙන මාකඳුරේ මධුෂ් වෙත ලාබදී තිබෙන බවත් හෙළිකරගෙන තිබේ.

    බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වරදකරුවන් වුණොත් මධුෂ්ලාට ඩුබායිහිදීම මරණ දඬුවම


    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මත්ද්‍රව්‍ය නාශක පනත යටතේ මාකඳුරේ මධුෂ් ඇතුළු ඔහුගේ සගයන් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයට වරදකරුවන් වුවොත් මරණ දඬුවම නියම වේ.

    එම රට මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ වෙඩි තබා මරා දැමීමෙනි. ඩුබායි මාධ්‍ය දක්වන්නේ ඩුබායි හරහා ශී‍්‍ර ලංකාවට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් කි‍්‍රයාත්මක වන බවට තොරතුරු මෙතෙක් හෙළි වී නැති බවයි. ඩුබායි පොලිසිය දක්වන්නේ මධුෂ් සිටි කාමරයේ තිබී කොකේන් ස්වල්පයක් හමු වූ බවයි.

    ඩුබායි පොලිසියේ ජාත්‍යන්තර පොලිස් ශාඛාවේ සටහන්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවේ ද මාකඳුරේ මධුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ඇතුළත් වී නැත.

    ශී‍්‍ර ලංකා පොලිසිය මාකඳුරේ මධුෂ් ඩුබායි නුවර සිටින බව දැන සිටියත් ඔහු හා ඔහුගේ සගයන් ගැන ඩුබායි පොලිසියේ ඉන්ටර්පෝල් අංශයට දන්වා නැති බව ආරංචි මාර්ග හෙළි කරයි.

    මේ අතර 2011 දී එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර සහයෝගිතා ඒකකයේ ප‍්‍රධානී අබ්දුල් රහමන් විනිසුරු සමඟ ශී‍්‍ර ලංකාවේ ¥ත පිරිසක් අපරාධකරුවන් පිටුවහල් කිරීමේ ගිිවිසුමක් ගැන සාකච්ඡුා කර ඇතත් නිසි එකඟතාවක් ඇති කරගෙන නැත.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මධුෂ් මෙහෙයුමේ අයිතිය ගන්න පොලිසියේ සීතල යුද්ධයක්

    මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඇතුළු සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූයේ තමන් බව කියමින් පොලිස් කණ්ඩායම් කීපයක් විවිධ ප‍්‍රකාශ නිකුත් කිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ සීතල යුද්ධයක් හටගෙන ඇත.

    මෙම පොලිස් කණ්ඩායම් කීපය මධුෂ් අත්අඩංගුවට ගැනීම පිළිබඳව විවිධ ප‍්‍රකාශ නිකුත් කිරීම නිසා මාධ්‍ය තුළ විශාල වශයෙන් වැරදි තොරතුරු පළ වී ඇතැයි ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

    මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනකු අත්අඩංගුවට ගැනීම ඩුබායි පොලිසිය තහවුරු කර ඇතත් එම පිරිස අතර සිටින පුද්ගලයන් සහ ඔවුන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙන්ම මේ පිළිබඳව කෙරෙන විමර්ශනය පිළිබඳව ඩුබායි පොලිසිය මේ වනතුරුත් කිසිදු තොරතුරක් ලබාදී නොමැති බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියේය.

    මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක්ම පසුගිය කාල සීමාවේ විවිධ මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබිණි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාකඳුරේ මධුෂ් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති දකුණේ දේශපාලනඥයන් දෙදෙනෙක් පිළිබඳව පරික්ෂණ කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

    මෙම දෙදෙනාගෙන් එක් අයකුගේ මැතිවරණ කටයුතු සඳහා මධුෂ් මුදල් වියදම් කර ඇති බව පොලිස් පරික්ෂණ කණ්ඩායම් තොරතුරු අනාවරණය කරගෙන ඇත.


    අනෙක් දේශපාලනඥයාගේ පුත්‍රයාගේ මංගල උත්සවයට මධුෂ් වියදම් කර ඇතැයි අනාවරණය වී ඇත. මීට අමතරව මධුෂ්ගේ සහභාගිත්වයෙන් ඩුබායි හිදී පැවැති උත්සවයකට මෙම දේශපාලනඥයාත් සහභාගි වී ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව සඳහන් වේ. පොලිසිය හා බන්ධනාගාරයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමග මධුෂ් සම්බන්ධතා පවත්වා ඇති බවත් කරුණු අනාවරණය කරගෙන ඇත.
     

    Similar threads