ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න

    QIkGpIf.jpg
    [/IMG]
    ඔබ ඩුබායිහි රැකියාවකට යන්නේ නම් හෝ එහි සංචාරය කරන්නේ නම් හෝ එහි පවන්නා නීතිය ගැන අවබෝධයක් ලබාගෙන තිබීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන් මුස්ලිම් රටවල පවත්නා ඉස්ලාමීය නීතිරීතී ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන අතර, රටින් රටට බලපවත්නා නීතිමය තත්වයන් අදාළ රටේ සංස්කෘතිමය කාරණා මත වෙනස් වේ.:cool:



    ඔබ දැනගතයුතු කාරණු මෙසේය:



    !. ප්‍රසිද්ධ ස්ථානවල නරක වචන භාවිතා නොකරන්න.:eek:



    යම් හෙයකින් ප්‍රසිද්ධ ස්ථානවලදී ඔබ නරක වචන භාවිතා කලහොත් අවුරුද්ද උපරිමටකට යටත්ව සිරිභාරයේ සිටිමට සිදුවන අතර, දඩය 10,000 AED උපරිමටකට යටත්වනු ඇති. මෙය එරට දණ්ඩනීති සංග්‍රහයේ 373 වගන්තියට අනුව ඔබට විරුද්ධව නීතිමය පියවර ගනු ලැබේ.:shocked:



    2. අන්තර්ජාලය හරහා අපහාසත්මක වචන භාවිතා නොකරන්න.

    පහළ උසාවිය මගින් දෙනු ලැබූ තීන්දුදෙකක් අවලංගු කරමින් 2015දී ඩුබායිහි පෙඩරල් ශ්‍රේෂඨාධිකරණය වට්ස් ඇප්ස් මෘදුකාංගය භාවිතා කරමින් තවත් පුද්ගලයෙකු වෙත අපහාසත්මක වචන භාවිතා කරමින් අපහාස කළ පුද්ගලයකු වරදකරු කරන ලදී.:shocked:

    නව නීතිය අනුව උපරිමය 250,000 AED දඩයක් හෝ හෝ බන්ධනාගාර ගතකිරීම සහ රටින් පිටුවහල් කිරීම යන දඩුවම් නියම කිරීමේ හැකියාව ඇත.:sorry:

    3. ඉස්ලාම් ආගමට හෝ එහි ජීවත්වන පවුල්වලට (පුද්ගලයන්ට) අපහාස නොකරන්න.

    ඔබ ඉස්ලාම් භක්තිකයකු නොවන්නේ නම් කුරානය ඇල්ලීම එරට නීතිය අනුව වරදක් වන අතර කිසියම් ආගමකට අපහසාත්මකව කටයුතු කිරීම විශාල වරදක් වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආගමික සාරධර්ම ඉහලින් අගයන රටකි.:)

    4. ප්‍රසිද්ධ ස්ථානවලදී විනීතව හැසිරෙන්න

    වසර දෙකකට ඉහතදී බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් මුහුදු වෙරළක ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම හේතුවන් අත්අඩංගුවට ගන්නා ලදී.:baffled:

    එරට නීතිය අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී සිපගැනීම, රාගික හැගීම් ඉස්මතුවන අකාරයෙන් හැසිරීම හා ඇදුම් ඇදීම සපුරා තහනම් වේ.:eek:

    එම නිසා, ඔබ එවැනි කාර්යයක යෙදීට අවශ්‍ය නම් ඊට සුදුසු ස්ථානවලදී පමණක් එම කාර්යයේ නිරතවීමට වගබලාගන්න. මක්නිසාදයත් රටවල් වල පවත්නා නීතිරිති රටින් රටට වෙනස් වන බැවින්. අප අදාළ රටවල පවත්නා සංස්කෘතියට සහ සිරිත්විරිත්වලට ගරුකිරීමට පුරුදු විය යුතුය.:dull:



    5. උරහිස් වැසෙන සේ වීනීතව ඇදුම් අදින්න

    එරටට අදාළව සාම්ප්‍රදායික ඇදුම් ඇදීමට පුරුදුවීම ඔබට ඉමහත් අත්වැසිල්ලක් වනු ඇත. මක්නිසාදයත් එම රටතුල ඉස්ලාමීය නිතිරිති වලට අනුකූලව නිතිරිති පවතින නිසාත්, ඔවුන් විදේශීය විලාසිතා කෙරෙහි වැඩි නැඹුරුවක් නොමැති බැවින් වඩාත් උචිත කරණාව වන්නේ සාම්ප්‍රදායික ඇදුම් ඇදීමට පුරුදුවීමයි. :)



    6. රළු පරළු ආකාරයෙන් හැසිරීමෙන් වළකින්න

    ඔබ එරට රැදී සිටින කාලය තුළදී විනීත, සුහදශීලී ආකාරයෙන් අන්අය සමග කතාකළ යුතුවේ.:cool:

    රළු පරළු ආකාරයෙන් අන් අය සමග කතා කිරීම, අවිනීත අකාරයෙන් අන් අය ඉදිරියේ හැසිරීම යන කරුණු මත ඔබට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියාකරනු ලැබේ.


    7. රාමදාන් සමයේදී ප්‍රසිද්ධ ස්ථානවල ආහාර ගැනීම, ජලය පානය කිරීමට අවසර දෙනු නොලැබේ.:baffled:

    රාමදාන් මාසය ස්ලාම් නීතාය අනුව එය ශුද්ධ මාසය යුන්වෙන් හදුන්වනු ලැබේ. ඒ අනුව ප්‍රසිද්ධියේ ආහාර ගැනීම, ජලය පානය කිරීම හා චුයින්ගම් හැපීම සදහා අවසර දෙනු නොලැබේ.:growl:

    මෙම කාලසීමාවේදි ආහාර ගැනීම සදහා වෙනම ආවරණය කරන ලද අපනශාලා ඇත.:)
    සෑම අවුරුද්දකම රාමදාන් සමය වෙනස්වන අතර එරට සංචාරය කිරීමට හෝ රැකියාව කිරීමට බලාපොරොත්තු වන්නේනමි අවධානය යොමුකිරීම වැදගත් කාරණයක් වේ.
     
    Last edited:

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    5/4 නීතී බලපාන්නෙ නැහැ තදින්..ඩුබායි කියන්නෙ නිදහස් රටක්,,අනිත් නීතී නම් සාමාන්යයි,,

    නමුත් ඔය නීති තියෙනවලු මචං.නමුත් සාමාන්‍යෙන් ඩුබායි කියන්නේ අනිත් අරාබි රටවල් වලට වඩා නිදහස උපරිමයෙන් තියෙන රටක්.
     
    Last edited:

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    රටවල පවත්නා සංස්කෘතියට සහ සිරිත්විරිත්වලට ගරුකිරීමට පුරුදු විය යුතුය
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔය කාලෙට පාරෙ කන්න නොදෙන සීන් එක නම් ඇත්ත
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නමුත් ඔය නීති තියෙනවලු මචං.නමුත් සාමාන්‍යෙන් ඩුබායි කියන්නේ අනිත් අරාබි රටවල් වලට වඩා නිදහස උපරිමයෙන් තියෙන රටක්.

    තියෙනවා මචන් මම යන එන රටක් ඔක,,රට ආරබි එමිරෙට්ස්,,ඩුබායි කියන්නෙ නගරයක්,අබුඩාබි තමා ප්‍රදානම නගරය..නීතී තියෙනවා නමුත් ලිහිල්,,අව0කවම කිව්වොත් සාමාන්ය රහසින් හැමදෙයක්ම කරගන්න පුලුවන් නගරයක්,,ඔනීම දෙයක්:)
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    තියෙනවා මචන් මම යන එන රටක් ඔක,,රට ආරබි එමිරෙට්ස්,,ඩුබායි කියන්නෙ නගරයක්,අබුඩාබි තමා ප්‍රදානම නගරය..නීතී තියෙනවා නමුත් ලිහිල්,,අව0කවම කිව්වොත් සාමාන්ය රහසින් හැමදෙයක්ම කරගන්න පුලුවන් නගරයක්,,ඔනීම දෙයක්:)

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය නැත්ත UAE කියන්නේ 1971දී නිදහස් ශෛක් රටවල් හතක් එකතු වෙලා හැදුන එක රටක්. අබුඩාබි, ඩුබායි, ෂාජා, අච්මන්, උම්අල්, කුවේන්, රස්අල්, කයිමා සහ ෆුජයිරා කියලා.ඔබ කිව්වා හරි දැන් ඩුබායි කියන්නේ UAE වල නගරයක්. අගනුවර හා විශාලම නගරය අබුඩාබිය.

    යන එන රටක් නිසා ඔය පැත්තේ සාමාන්‍ය ජන ජීවිතය ගැන නූලක් දාන්න.අපි දන්නේ කියවලා දැන ගත්ත දේවල් විතරයිනේ.:)
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    විනීතව හැසිරෙන්න විනීත ඇදුම් අදින්න කිව්වට කො බන් අහන එවුන්. :lol: පිල්ලියො යන්නෙම ජංගි කොටවල් ගහගෙන.:rofl: රෑ නිදා ගත්ත ඇදුම පිටින්ම ග්‍රොසරියට යනවා බඩු ගන්න. මෙට්‍රෝ එකේ උනත් බලපන්. කොටට කොටේ ජංගි කොටවල් ඇදගෙන අත් කපපු කර නැති කුක්කු බාගෙට පේන ඇදුම් ඇදගෙන හැම තැනම යන්නේ. ඩුබායි නිදහස් රටක්.. එහෙම කියලා වැරදි කරන්නත් නම් බෑ
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    5,6 නම් හරියි කියමු.අනිත්ව අව්ලක් නෑ.එත් 7 නම් හරිම අසාදාරණයි .යකෝ පෝරකේ එල්ලන්න කලිනුත් නිදහසේ කන්න හම්බවෙනවනේ. :frown:
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    විනීතව හැසිරෙන්න වින්නිත ඇදුන් අදින්න කිව්වට කො බන් අහන එවුන්. :lol: පිල්ලියො යන්නෙම ජංගි කොටවල් ගහගෙන.:rofl: රෑ නිදා ගත්ත ඇදුම පිටින්ම ග්‍රොසරියට යනවා බඩු ගන්න. මෙට්‍රෝ එකේ උනත් බලපන්. කොටට කොටේ ජංගි කොටවල් ඇදගෙන අත් කපපු කර නැති කුක්කු බාගෙට පේන ඇදුම් ඇදගෙන හැම තැනම යන්නේ. ඩුබායි නිදහස් රටක්.. එහෙම කියලා වැරදි කරන්නත් නම් බෑ

    Sahathika aththa ban :lol::lol::lol: owa dakala dan epa wela thiyenne :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    නමුත් ඔය නීති තියෙනවලු මචං.නමුත් සාමාන්‍යෙන් ඩුබායි කියන්නේ අනිත් අරාබි රටවල් වලට වඩා නිදහස උපරිමයෙන් තියෙන රටක්.

    තියෙනවලු කියන්නේ උබටත් ෂුවර් එකක් නැතුවද මේක ලිවුවේ යකෝ.:lol::lol:
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    තියෙනවලු කියන්නේ උබටත් ෂුවර් එකක් නැතුවද මේක ලිවුවේ යකෝ.:lol::lol:

    ඔය මචං මං ඩුබායි ගිහින් අත්විදලා තියෙන ඒවා නෙවෙයි. අන්තර්ජංජාලෙන් හොයාගත්තු විස්තර වගයක්.:P:P
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    විනීතව හැසිරෙන්න විනීත ඇදුම් අදින්න කිව්වට කො බන් අහන එවුන්. :lol: පිල්ලියො යන්නෙම ජංගි කොටවල් ගහගෙන.:rofl: රෑ නිදා ගත්ත ඇදුම පිටින්ම ග්‍රොසරියට යනවා බඩු ගන්න. මෙට්‍රෝ එකේ උනත් බලපන්. කොටට කොටේ ජංගි කොටවල් ඇදගෙන අත් කපපු කර නැති කුක්කු බාගෙට පේන ඇදුම් ඇදගෙන හැම තැනම යන්නේ. ඩුබායි නිදහස් රටක්.. එහෙම කියලා වැරදි කරන්නත් නම් බෑ

    Sahathika aththa ban :lol::lol::lol: owa dakala dan epa wela thiyenne :)

    මචන් එහෙම ඉන්නවා කියල පෙන්නුවට ඔය ෂරිය නිතිය රටේ තියෙනවා පොඩ්ඩක් හොයල බලන්න AUS වල channel 7 එකේ dubai වල හොරෙන් programme එකක් කරලා දාල තිබ්බ. dubai සල්ලි වලින් ගොඩක් ඒවා news හංගනවා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තියෙනවා මචන් මම යන එන රටක් ඔක,,රට ආරබි එමිරෙට්ස්,,ඩුබායි කියන්නෙ නගරයක්,අබුඩාබි තමා ප්‍රදානම නගරය..නීතී තියෙනවා නමුත් ලිහිල්,,අව0කවම කිව්වොත් සාමාන්ය රහසින් හැමදෙයක්ම කරගන්න පුලුවන් නගරයක්,,ඔනීම දෙයක්:)

    pork thiyana sectionuth thianawa samahara kada wala.