ඩෙන්ටිස්ට්

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඔන්න ඉන්නවලු විවාහක ජෝඩුවක්. මේ දෙන්න විවාහවෙලා සෑහෙන්න කල් තරුණ වයසෙ දරුවොත් ඉන්න ඩබලක්.

    ඉඳලා හිටලා වත් වෛද්‍යවරුන්ට මූන පෙන්වලා ඒ අයගෙ ආර්ථිකෙ කඩාවැටෙන්න නොදෙන එක සාමාන්‍ය ජනතාව කල යුතු සෙවයක්නෙ. ඉතින් අර කලින් කියපු ජෝඩුවගෙ බිරිඳට පහුවදා ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු මුනගැහෙන්න යන්න යොදාගෙන තිබුනලු.

    ඔන්න කලින් දා රාත්‍රී සවාමි පුරුෂයට කායික අවශ්‍යතාවයක් මතු උනාලු ඉතින් එහාපැත්ත හැරිලා උන්න තම බිරිඳව තට්ටු දාලා නැගිට්ටෙව්වලු. "ඔහෙට පිස්සුද අදනම් කොහොමත් බෑ. දන්නෙ නැද්ද හෙට මම දොස්තරකෙනෙක් චැනල් කරලා තියෙන්නෙ ඒ හන්දා ඒ පැත්ත පරිස්සමට තියාගන්න ඕනෙ " කියලා උන්දෑ අනිත් පැත්ත හැරිලා නිදියගත්තලු.

    ටික වෙලාවක් ඔහොම හිටලා ආයෙත් සැරයක් පොර බිරිඳට තට්ටුවක් දාලා ඇහැරෙව්වලු.

    "ඒ පාර මොකද ?"

    "නෑ ඔයා හෙට ඩෙන්ටිස්ට් කෙනෙක්ව චැනල් කලෙ නෑ නේද ?"
    :rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    laugh8kb.gif