ඩේටා බැකප් කරන්න හොඳ ක්‍රම

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ඩේටා බැකප් කරන්න හොඳ ක්‍රම

    ඩේටා බැකප් කරන්න හොඳ ක්‍රම

    පළමුවෙන්ම, මම මේ ත්‍රෙඩ් එකෙන් බැකප් කිරීමේ හෝ නොකිරීමේ ආනිසංස පැහැදිලි කරල දෙන්න යන්නෙ නෑ. බහුතරයකට ඒ ගැන වැටහීමක් ඇති කියල හිතනව.
    වැදගත්: නොදන්න අය මේ මාතෘකාව ගැන හොයල දැනුවත් වෙලා ඔයාලගෙ වටිනා පරිගණක දත්ත දැන්ම බැකප් කරන්න පටන් ගන්න කියල තමයි කෙටියෙන් කියන්න තියෙන්නෙ.

    හොඳයි මේකයි මගේ කතාව​

    -මුල්ම කාලෙ මගෙ ක්‍රමේ වුනේ තියෙන වැදගත්ම ෆයිල්ස් ටික කම්ප්‍රෙස් කරල කම්ප්‍රෙස් කරල ෆ්ලොපි ඩිස්කට් දහය පහලොවකට දාගන්න එක. :rofl:
    -ඊට ටික කාලෙකට පස්සෙ රී-රයිටබල් සීඩී වලට රයිට් කරන්න පටන් ගත්ත. ඒත් කම්ප්‍රෙස් කරල, ඉඩ ඉතුරු කරගන්න ඕනනෙ.
    ඉතින් ඔය ක්‍රම දෙකේදිම අත්‍යවශ්‍ය ෆයිල් නිතර නිතරත්, අනිත්ව ඉඳල හිටලත් අමුතුවෙන්ම රිප්ලේස් හෝ රීරයිට් කරන්න වෙනව. එපා වෙන කේස් එකක්. :dull:

    නමුත් මං හිතනව දැන් මම ටිකක් ඇඩ්වාන්ස්ඩ් ක්‍රමයක් භාවිතා කරනව කියල; :cool:
    -ප්‍රධාන බැකප් මීඩියම් එක - 1TB external HD
    3.5" Hitachi internal එකක් external enclosure එහෙකට සෙට් කරල. 3.5" නිසා වෙනම පවර් දෙන්න ඕන. වාසිය තමයි 7200rpm එකක් ලැබෙන එක.
    මීට අමතරව නිතර වෙනස් නොකරන ඩේටා සීඩී/ඩීවීඩී වලටත් ගහනව. තව ඔන්ලයින් වැදගත් වන ඩේටා වන බුක්මාර්ක්ස්, වෙබ්සයිට් පාස්වර්ඩ්ස් වගේ ඒව Google, LastPass (great service) වගේ ඔන්ලයින් එකවුන්ට්ස්ම යොදාගෙන සේව් කරනව. එතකොට ඉන්ටනෙට් කැෆේ එහෙකදි වුනත් මට ඒවට ඇක්සෙස් වෙන්න පුළුවන්නෙ.
    -ප්‍රධාන බැකප් සොෆ්ට්වෙයා එක - GoodSync
    මේකෙ තියෙන මම කැමතිම අංගය තමයි හැම වෙලාවෙම අළුත් එහෙම නැත්නම් වෙනස් වෙච්ච ෆයිල් විතරක් කොපි කිරීම. ඒ නිසා වෙනස් නොවිච්ච ඩේටා කොපි කරන්න ගිහින් කාලෙ නාස්ති වෙන්නෙ නෑ. ඒ වගේම වම් පැත්තෙ (source folder) මම ඩිලීට් කරපු ෆයිල් එයා ඒ විදිහටම දකුණු පැත්තෙත් (destination folder) ඩිලීට් කරල දෙනව. අවසානෙදි මුල් කොපිය හා සමානම කොපියක් බැකප් එක හැටියට ලැබෙනව. එක බටන් එකක් ක්ලික් කරන්න විතරයි අපිට තියෙන්නෙ. හැබැයි අපිට ඕනනම් වැඩි ආරක්‍ෂාවට ෆයිල්ස් වල අමතර කොපියකුත් (older version) සේව් වෙලා තියෙන විදිහට සෙටින්ග්ස් හදන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එකේ තවත් විශේෂාංග ගොඩක් තියෙනව තමන්ට ඕන විදිහට සෙට් කර ගන්න. මගෙ මැෂින් එකේ පාටිෂන් හතරක් තියෙනව. System-A, System-B, Programs සහ Data කියල. මේවට විශේෂ සෙටින්ග්ස් දීල වෙන වෙනම බැකප් ජොබ්ස් හැටියට සෙට් කරල තියෙන්නෙ. පහත දාල තියෙන්නෙ මේ සොෆ්ට්වෙයා ඒකෙ ස්ක්‍රීන්ෂොට් එකක්,

    ECTTn.jpg


    ඔයගොල්ලො මීට වඩා වෙනස් ක්‍රම යූස් කරනව නම් විස්තර මේ ත්‍රෙඩ් එකේ දාන්න. මමත් තව ලේසි සහ කාර්යක්‍ෂම ක්‍රම මගේ බැකප් ප්ලෑන් එකට එක් කර ගන්න කැමතියි.

    එහෙනම්,
    Happy backup all elakiriyans! :)
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    rep dunna saha thanks karapu hemmotama thanks.

    StorageCraft ShadowProtect pawitchi karapan... maru bande

    machan eke files thiyena vidihatamada backup wenne, nethnam compress karala thani image ekak vidihatada? kochchara welawak yanawada samanyen edineda wena updates backup karanna?
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    නිකන් බම්ප් පාරක් දානවා :)

    දැනට ජනප්‍රිය වෙමින් තියෙන තව ඔප්ෂන් එකක් තමයි Cloud සර්විස් යොදාගෙන ඩේටා බැකප්/සින්ක් කරන එක. මම දන්නා විදිහට Google Drive, SkyDrive (Microsoft), Dropbox වගේ නොමිලේ දෙන සේවාවන් මේ වැඩේට යොදා ගන්න පුළුවන්.

    මේ ආටිකල් වලින් ටිකක් විස්තර දැන ගන්න පුළුවන් වෙයි;


    මමත් ට්‍රයි කරලා බලන්න ඉන්නෙ :cool: හැබැයි ඒක අමතර ඔප්ෂන් එකක් විතරයි. මොකද ප්‍රධාන බැකප් එකක් තමන් ළඟ තියා ගන්න එක හැම විටම ඇඟට ගුණයි.
     
    Last edited: