Top Lanka News ඔක්තෝබර් 11
පකිස්ථානයේ හමුදා මුලස්ථානයට පෙරේදා එල්ලවු ගරිල්ලා ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක වු පකිස්ථානු ත්‍රස්ත මර්දන හමුදාව කළ වටලෑම් ගණනාවකි. මෙයින් එකකදී පකිස්ථානයට උවමනා වි සිටි නොම්මර එකේ ත්‍රස්තවාදියෙක් ජිවග්‍රහයෙන් අල්ලා ගැනිමට පකිස්ථාන් ආරක්ෂක භටයින් සමත් ව සිටිති. මොහු ඩොක්ටර් උස්මාන් නමින් පෙනි සිටින අල් කයිඩා සහ පංජාබි ටහරික් අල් තලිබාන් යන ත්‍රස්ත ව්‍යාපාර සමග සෘජු සබදතා පවත්වමින් .ත්‍රස්ත ප්‍රහාර මෙහෙයනව අකීල් නැමැත්තායි.
ඩොක්ටර් උස්මාන් අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාවට ද වැදගත් පුවතකි. මන්ද පසුගිය වසරේ පකිස්ථානයේ ක්‍රිකට් තරගයටකට සහභාගි වෙමින් පකිස්ථානයේ ගඩාෆි ක්‍රිඩාංගනයට ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායම මෙහෙයවුවේද ඩොක්ටර් උස්මාන බැවිනි.
Thanks for the info!