Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොකා අල්ලලා.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ උඹ දන්න LRT! ඉස්කෝලේ ගෙදර වැඩ කරලා චූ කරලා බුදියගනින්.

සිසේරියන් සැත්කම් සහ වඳ සැත්කම් පිළිබඳ ඇත්ත වෛද්ය ඇසින් කියවමු

වෛද්ය පියල් පෙරේරා කොළඹ වෛද්ය පීඨයෙහි අධ්යාපනය හදාරා, ප්රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්යවරයෙක් ලෙස වසර 14ක් ශ්රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට බ්රිතාන්යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්යාල රෝහලෙහි සේවය කරයි)

මම මහාචාර්යවරයෙක් නොවෙමි. නමුත් වසර විසි දෙකක් තිස්සේ මගේ සහ මගේ පවුලේ ජීවිත ගැටගසා ගැනීම සඳහා ඩිම්බකෝෂ,පැලෝපීය නාළ, ගර්භාෂය, යෝනි මාර්ගය සහ සමහර විට ගුද මාර්ගය සහ මුත්ර මාර්ගය අතපත ගාන්නෙමි. එබැවින් බොහෝ දෙනකුගේ ඉල්ලීම මත කෙටි පැහැදිලි කිරීම් කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුවෙමි.

සිසේරියන් සැත්කම් දස දහසකට වඩා සිදුකර ඇති වෛද්යවරුන් සිය ගණනකි. වඳ සැත්කම් දසදහසකට වඩා සිදුකර ඇති වෛද්යවරුන් අතලොස්සක් ඇත. නමුත් සිසේරියන්, වඳ සැත්කම් හාරදහසක් සිදු කිරීමට එක් වෛද්යවරයෙකුට ලැබෙන ඉඩකඩ ඉතාම අල්පය.

සියල්ලටම රහසේ එතරම් ප්රමාණයක් සිදුකිරීම ඇත්තෙන්ම හිතළුවකි.

සාමාන්යයෙන් සිසේරියන් සැත්කමක් සිදු කිරීමේ දී ගර්භාෂය කපා දරුවා සහ වැදෑමහ ඉවත් කර ගර්භාෂ නැවත මසා අවසන් වන තුරු පැලෝපීය නාල දෙස අත ඇස හිත යොමන්නේ නැත. එනමුත් සැත්කම දෙස සැම විටම ඇස් හයක් යොමුවේ. ඒ සැත්කම සිදුකරන්නා, සහායකයා සහ සහායක හෙදියගේ ය. සමහරු ගර්භාෂය බඩේ කැපුම හරහා ඉවතට ඇද මසන අතර එවිට ඕනෑම අයකුට පැලෝපීය නාලයන් දැකගත හැක.

වඳ සැත්කමක් සාර්තකවීම සඳහා පැලෝපීය නාලය අවහිර කිරීම හෝ කොටසක් කපා ඉවත් කළයුතුය. සිසේරියන් වඳ සැත්කමකදී දෙවන එනම් පැලෝපීය නාල කොටසක් ඉවත් කිරිමේ ක්රමය අනුගමනය කරන අතර එම සැත්කමක් අසාර්ථක වීමේ හැකියාව දෙසියට එකකි.

යතුරු සිදුරු වඳ සැත්කම කරන විට ලෝහ හෝ ප්ලාස්ටික් වලලුවලින් පැලෝපීය නාලය අවහිර කරනු ලැබේ.

මෙය වඳ සැත්කම් කිරිමේ පිලිගත් ක්රමවේදයයි. සමහරු මේවා යම් වෙනස් කිරීම් සහිතව සිදුකරයි. ඒ අනුව වෙනත් ක්රම මගින් පැලෝපීය නාලවලට තුවාල කිරීම වඳ සැත්කම් ලෙස සැලකිය නොහැක. පැලෝපීය නාලය සැත්කම් අඬුවකින් තද කරතැබීම, ඩයතමි තාපය යෙදිම සහ සැත්කම් නූලකින් පැලෝපීය නාලය ගැට ගැසීම වැනි අසම්මත ක්රම අසාර්තක වන්නේ නාලය නැවත සැකසෙන(Re-Canalisation) නිසා සහ ගර්භාෂයෙන් පිටත (Ectopic pregnancy )පිළිසිඳීම වන නිසාය.

සීසර් සැත්කමක් කරන අවස්ථාවකදී සාමාන්යයෙන් Artery Forceps යන අඬුව හෝ ඩයතමි උපකරණය පැලෝපීය නාල වෙත ගෙන එනු නොලැබේ. නමුත් ගර්භාෂ බිත්ති උදර බිත්තියට ඇලී පවතින අවස්ථාවකදී අමතර අඩු හෝ diathemy උපකරණ පාවිච්චි කරනු දැකිය හැක.

සාමාන්ය සිසේරියන් සැත්කමකදී ගර්භාෂය තුළට භාවිතා කරන අඬු වර්ගය මගින් පැලෝපීය නාලවලට තෙරපුමක් ඇති කර නොහැක.

ඒවාට ග්රීන් ආර්මිටේජ් අඬුයයි කියනු ලැබේ. හොඳ පුහුණු වෛද්යවරයෙක් මේ හැර වෙනත් කිසිදු අඬුවක් යොදා නොගන්නා අතර කාටත් රහසින් එසේ යොදා ගැනීම හිතලුවක් පමණි. එසේ වුවද වෙනත් විශේෂ අවස්ථාවලදී අමතර වෙනත් අඬු පාවිච්චිය සිදුවිය හැකි නමුත් හැමවිටම සහායක වෛද්යවරයා හෝ සහායක හෙදිය නොදැනුවත්ව එය සිදු කළ නොහැක.

සිසේරියන් සැත්කම් හාරදහසක දී වඳ සැත්කම හෝ පැලෝපීය නාලවලට හානි කිරීම් හොරෙන් කිසි විටෙකත් සිදු කළ නොහැකි වන්නේ ඔහුට අවම වශයෙන් එම කාලය තුළ දහ දෙනකුට වඩා සහයක වෛද්යවරුන් සහ විසි දෙනෙකුට වඩා සහයක හෙදියන් සිටිය යුතු බැවින් ඔවුන් කිසිවකු හෝ සැක කොට අදාල තැන් වලදී සාකච්ඡා කිරීම හෝ ඉහලට ගෙන යෑම සිදු නොවේ යැයි සිතන්නේ නම් එය මුලාවකි.

නමුත් මෙම ක්රියාව මෙම වෛද්යවරයා හෝ වෙන වෛද්යවරයකු විසින් මහා පරිමාණ ලෙස අහබුවක් ලෙස සිදුකළ හැකිය. නමුත් එවන් අවස්ථාවලදී එය වාට්ටු භාර ප්රධාන වෛද්යවරයා හෝ වෙනත් ඉහළ නිලධාරීන් දැනගැනීමෙන් පසු ඔවුන්ට අවවාද කරනු ලැබේ.

නමුත් සමහර ප්රසව හා නාරි වෛද්යවරුන් ජනගහනය පාලනය කිරීම වෙනුවෙන් යම් යම් උපක්රම භාවිතා කළ හැකිය පවසනු අසා ඇත. එනම් පළවෙනි දරුවා ලැබෙන විට එම දරුවා සීසර් සැත්කමකින් බිහිකිරීමයි. එවිට දෙවැනි හා තෙවැනි සිසේරියන් සැත්කම කර ඒ සමගම මවගේ කැමත්තෙන් වඳ සැත්කම සිදුකරනු ලබයි.

සමහර විටෙක මෙම ගර්භාෂය තවදුරටත් දරු ගැබක් පිහිටා දරු ප්රසූතියක් සදහා සුදුසු නොවන බව පවසා වඳ සැත්කම් සිදුකර වෛද්යවරුන් සිටිය අතර ඔවුන් ඒ බවට රෝගියා ව දැනුවත් කර ඇත. නමුත් සමහර සිංහල බෞද්ධයන් පළමු දරුවා සිසේරියන් සැත්කමකින් ලබා දීමේ උපක්රමය කරන බවට පුරසාරම් දොඩනු අසා ඇත. එසේම පැලෝපීය නාල තුවාල කළ හැකි බවට පුරසාරම් දොඩනු අසා ඇත. නමුත් ප්රායෝගිකව මහා පරිමාණයෙන් මෙම කටයුත්ත සහයක හෙදියන් සහ සහයක වෛද්යවරුන්ගේ සහාය නැතිව කල නොහැක.

අද අපට අවශ්යව තිබෙන්නේ මෙහි සත්යතාවයක් තිබේදැයි නිවැරදි විද්යානුකූලව සොයා බැලීමයි.

මේ සඳහා ක්රම කිහිපයක් භාවිතාකර හැකිය.

1. මෙම පුවත්පතේ(මේ පිළිබද පුවත සදහන් වූයේ දිවයින් පුවත්පතෙහිය. සංස්කාරක) සඳහන් වෛද්යවරයා ඔහුගේ සේවා කාලය තුළ කරන ලද සැත්කම්වල රෝගීන් සහ ලේඛන සොයා එම රෝගීන් ට සිසේරියන් සැත්කම් සමග වඳ සැත්කම කර ඇති බව සඳහන් කර නොමැති නම් ඒ ගැන සැක නම් ඒ සඳහා එච්.එස්. ජී. (Hysterosalpingography) හෝ Hysterosalpingo contrast sonography (HyCoSy) පරීක්ෂාවක් සිදුකිරීම මගින් නාල අවහිරතා සිදුවී ඇති දැයි පරික්ෂා කර ගත හැක.

2. වෛද්යවරු හෝ හෙදියන් කිසියම් වෛද්යවරයෙක් විසින් තමන්ගේ සේවා කාලය තුළ එසේ කරනු දැක හෝ අසා හෝ ඇතිනම් ඒ බව දැනුම් දීමට රෝහල් අධ්යක්ෂකට හෝ අමාත්යාංශයට දැනුම් දීමට චක්රලේඛයක් නිකුත් කර එමගින් සැක සහිත වෛද්යවරුන්ගේ සැත්කම් පිළිබඳ තොරතුරු සහ රෝගීන්ගේ තොරතුරු එකතු කර ගත හැකිය.

3. තමාට එසේ සැත්කම් කර ඇති බව සැක රෝගීන්ට ළඟම පොලීසියට පැමිණිල්ලක් කර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ හැකිය.

එසේම අදාල පුවත අසත්ය පුවතක් පළ කලේ නම් එමගින් ජාතිවාදය ඇවිස්සීමට සහ රටේ ජනයා නොමඟ යැවීම හේතුවෙන්, නීති මාර්ගයෙන් ක්රියාත්මකවීම සහ පුවත්පත තහනම් කිරීම ද කළ යුතුව ඇත. මේ වෙනුවෙන් රජයේ වෛද්ය නිලධාරි සංගමය, ශ්රී ලංකා වෛද්ය මණ්ඩලය, ශ්රී ලංකාවේ ප්රසව හා නාරි වෛද්යවරුන්ගේ විද්යාලය, සෞඛ්ය අමාත්යංශය ,පොලිසිය සහ ජනතාව එක්ව කටයුතු කල යුතුය.

[QUOTE="Harvard-Bio, post: 24515253, member: 556707"] [B][SIZE="4"][COLOR="DarkGreen"] අනේ උඹ දන්න LRT! ඉස්කෝලේ ගෙදර වැඩ කරලා චූ කරලා බුදියගනින්. [/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"][SIZE="6"]සිසේරියන් සැත්කම් සහ වඳ සැත්කම් පිළිබඳ ඇත්ත වෛද්ය ඇසින් කියවමු[/SIZE][/COLOR][/B] [IMG]https://www.vikalpa.org/wp-content/uploads/2019/05/Piyal-Perera.jpg[/IMG] [B][COLOR="DarkGreen"][SIZE="4"] වෛද්ය පියල් පෙරේරා කොළඹ වෛද්ය පීඨයෙහි අධ්යාපනය හදාරා, ප්රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්යවරයෙක් ලෙස වසර 14ක් ශ්රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට බ්රිතාන්යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්යාල රෝහලෙහි සේවය කරයි) ## මම මහාචාර්යවරයෙක් නොවෙමි. නමුත් වසර විසි දෙකක් තිස්සේ මගේ සහ මගේ පවුලේ ජීවිත ගැටගසා ගැනීම සඳහා ඩිම්බකෝෂ,පැලෝපීය නාළ, ගර්භාෂය, යෝනි මාර්ගය සහ සමහර විට ගුද මාර්ගය සහ මුත්ර මාර්ගය අතපත ගාන්නෙමි. එබැවින් බොහෝ දෙනකුගේ ඉල්ලීම මත කෙටි පැහැදිලි කිරීම් කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුවෙමි. සිසේරියන් සැත්කම් දස දහසකට වඩා සිදුකර ඇති වෛද්යවරුන් සිය ගණනකි. වඳ සැත්කම් දසදහසකට වඩා සිදුකර ඇති වෛද්යවරුන් අතලොස්සක් ඇත. නමුත් සිසේරියන්, වඳ සැත්කම් හාරදහසක් සිදු කිරීමට එක් වෛද්යවරයෙකුට ලැබෙන ඉඩකඩ ඉතාම අල්පය. සියල්ලටම රහසේ එතරම් ප්රමාණයක් සිදුකිරීම ඇත්තෙන්ම හිතළුවකි. සාමාන්යයෙන් සිසේරියන් සැත්කමක් සිදු කිරීමේ දී ගර්භාෂය කපා දරුවා සහ වැදෑමහ ඉවත් කර ගර්භාෂ නැවත මසා අවසන් වන තුරු පැලෝපීය නාල දෙස අත ඇස හිත යොමන්නේ නැත. එනමුත් සැත්කම දෙස සැම විටම ඇස් හයක් යොමුවේ. ඒ සැත්කම සිදුකරන්නා, සහායකයා සහ සහායක හෙදියගේ ය. සමහරු ගර්භාෂය බඩේ කැපුම හරහා ඉවතට ඇද මසන අතර එවිට ඕනෑම අයකුට පැලෝපීය නාලයන් දැකගත හැක. වඳ සැත්කමක් සාර්තකවීම සඳහා පැලෝපීය නාලය අවහිර කිරීම හෝ කොටසක් කපා ඉවත් කළයුතුය. සිසේරියන් වඳ සැත්කමකදී දෙවන එනම් පැලෝපීය නාල කොටසක් ඉවත් කිරිමේ ක්රමය අනුගමනය කරන අතර එම සැත්කමක් අසාර්ථක වීමේ හැකියාව දෙසියට එකකි. යතුරු සිදුරු වඳ සැත්කම කරන විට ලෝහ හෝ ප්ලාස්ටික් වලලුවලින් පැලෝපීය නාලය අවහිර කරනු ලැබේ. මෙය වඳ සැත්කම් කිරිමේ පිලිගත් ක්රමවේදයයි. සමහරු මේවා යම් වෙනස් කිරීම් සහිතව සිදුකරයි. ඒ අනුව වෙනත් ක්රම මගින් පැලෝපීය නාලවලට තුවාල කිරීම වඳ සැත්කම් ලෙස සැලකිය නොහැක. පැලෝපීය නාලය සැත්කම් අඬුවකින් තද කරතැබීම, ඩයතමි තාපය යෙදිම සහ සැත්කම් නූලකින් පැලෝපීය නාලය ගැට ගැසීම වැනි අසම්මත ක්රම අසාර්තක වන්නේ නාලය නැවත සැකසෙන(Re-Canalisation) නිසා සහ ගර්භාෂයෙන් පිටත (Ectopic pregnancy )පිළිසිඳීම වන නිසාය. සීසර් සැත්කමක් කරන අවස්ථාවකදී සාමාන්යයෙන් Artery Forceps යන අඬුව හෝ ඩයතමි උපකරණය පැලෝපීය නාල වෙත ගෙන එනු නොලැබේ. නමුත් ගර්භාෂ බිත්ති උදර බිත්තියට ඇලී පවතින අවස්ථාවකදී අමතර අඩු හෝ diathemy උපකරණ පාවිච්චි කරනු දැකිය හැක. සාමාන්ය සිසේරියන් සැත්කමකදී ගර්භාෂය තුළට භාවිතා කරන අඬු වර්ගය මගින් පැලෝපීය නාලවලට තෙරපුමක් ඇති කර නොහැක. ඒවාට ග්රීන් ආර්මිටේජ් අඬුයයි කියනු ලැබේ. හොඳ පුහුණු වෛද්යවරයෙක් මේ හැර වෙනත් කිසිදු අඬුවක් යොදා නොගන්නා අතර කාටත් රහසින් එසේ යොදා ගැනීම හිතලුවක් පමණි. එසේ වුවද වෙනත් විශේෂ අවස්ථාවලදී අමතර වෙනත් අඬු පාවිච්චිය සිදුවිය හැකි නමුත් හැමවිටම සහායක වෛද්යවරයා හෝ සහායක හෙදිය නොදැනුවත්ව එය සිදු කළ නොහැක. සිසේරියන් සැත්කම් හාරදහසක දී වඳ සැත්කම හෝ පැලෝපීය නාලවලට හානි කිරීම් හොරෙන් කිසි විටෙකත් සිදු කළ නොහැකි වන්නේ ඔහුට අවම වශයෙන් එම කාලය තුළ දහ දෙනකුට වඩා සහයක වෛද්යවරුන් සහ විසි දෙනෙකුට වඩා සහයක හෙදියන් සිටිය යුතු බැවින් ඔවුන් කිසිවකු හෝ සැක කොට අදාල තැන් වලදී සාකච්ඡා කිරීම හෝ ඉහලට ගෙන යෑම සිදු නොවේ යැයි සිතන්නේ නම් එය මුලාවකි. නමුත් මෙම ක්රියාව මෙම වෛද්යවරයා හෝ වෙන වෛද්යවරයකු විසින් මහා පරිමාණ ලෙස අහබුවක් ලෙස සිදුකළ හැකිය. නමුත් එවන් අවස්ථාවලදී එය වාට්ටු භාර ප්රධාන වෛද්යවරයා හෝ වෙනත් ඉහළ නිලධාරීන් දැනගැනීමෙන් පසු ඔවුන්ට අවවාද කරනු ලැබේ. නමුත් සමහර ප්රසව හා නාරි වෛද්යවරුන් ජනගහනය පාලනය කිරීම වෙනුවෙන් යම් යම් උපක්රම භාවිතා කළ හැකිය පවසනු අසා ඇත. එනම් පළවෙනි දරුවා ලැබෙන විට එම දරුවා සීසර් සැත්කමකින් බිහිකිරීමයි. එවිට දෙවැනි හා තෙවැනි සිසේරියන් සැත්කම කර ඒ සමගම මවගේ කැමත්තෙන් වඳ සැත්කම සිදුකරනු ලබයි. සමහර විටෙක මෙම ගර්භාෂය තවදුරටත් දරු ගැබක් පිහිටා දරු ප්රසූතියක් සදහා සුදුසු නොවන බව පවසා වඳ සැත්කම් සිදුකර වෛද්යවරුන් සිටිය අතර ඔවුන් ඒ බවට රෝගියා ව දැනුවත් කර ඇත. නමුත් සමහර සිංහල බෞද්ධයන් පළමු දරුවා සිසේරියන් සැත්කමකින් ලබා දීමේ උපක්රමය කරන බවට පුරසාරම් දොඩනු අසා ඇත. එසේම පැලෝපීය නාල තුවාල කළ හැකි බවට පුරසාරම් දොඩනු අසා ඇත. නමුත් ප්රායෝගිකව මහා පරිමාණයෙන් මෙම කටයුත්ත සහයක හෙදියන් සහ සහයක වෛද්යවරුන්ගේ සහාය නැතිව කල නොහැක. අද අපට අවශ්යව තිබෙන්නේ මෙහි සත්යතාවයක් තිබේදැයි නිවැරදි විද්යානුකූලව සොයා බැලීමයි. මේ සඳහා ක්රම කිහිපයක් භාවිතාකර හැකිය. 1. මෙම පුවත්පතේ(මේ පිළිබද පුවත සදහන් වූයේ දිවයින් පුවත්පතෙහිය. සංස්කාරක) සඳහන් වෛද්යවරයා ඔහුගේ සේවා කාලය තුළ කරන ලද සැත්කම්වල රෝගීන් සහ ලේඛන සොයා එම රෝගීන් ට සිසේරියන් සැත්කම් සමග වඳ සැත්කම කර ඇති බව සඳහන් කර නොමැති නම් ඒ ගැන සැක නම් ඒ සඳහා එච්.එස්. ජී. (Hysterosalpingography) හෝ Hysterosalpingo contrast sonography (HyCoSy) පරීක්ෂාවක් සිදුකිරීම මගින් නාල අවහිරතා සිදුවී ඇති දැයි පරික්ෂා කර ගත හැක. 2. වෛද්යවරු හෝ හෙදියන් කිසියම් වෛද්යවරයෙක් විසින් තමන්ගේ සේවා කාලය තුළ එසේ කරනු දැක හෝ අසා හෝ ඇතිනම් ඒ බව දැනුම් දීමට රෝහල් අධ්යක්ෂකට හෝ අමාත්යාංශයට දැනුම් දීමට චක්රලේඛයක් නිකුත් කර එමගින් සැක සහිත වෛද්යවරුන්ගේ සැත්කම් පිළිබඳ තොරතුරු සහ රෝගීන්ගේ තොරතුරු එකතු කර ගත හැකිය. 3. තමාට එසේ සැත්කම් කර ඇති බව සැක රෝගීන්ට ළඟම පොලීසියට පැමිණිල්ලක් කර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ හැකිය. එසේම අදාල පුවත අසත්ය පුවතක් පළ කලේ නම් එමගින් ජාතිවාදය ඇවිස්සීමට සහ රටේ ජනයා නොමඟ යැවීම හේතුවෙන්, නීති මාර්ගයෙන් ක්රියාත්මකවීම සහ පුවත්පත තහනම් කිරීම ද කළ යුතුව ඇත. මේ වෙනුවෙන් රජයේ වෛද්ය නිලධාරි සංගමය, ශ්රී ලංකා වෛද්ය මණ්ඩලය, ශ්රී ලංකාවේ ප්රසව හා නාරි වෛද්යවරුන්ගේ විද්යාලය, සෞඛ්ය අමාත්යංශය ,පොලිසිය සහ ජනතාව එක්ව කටයුතු කල යුතුය.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom