ඩොලර් මිලියන දෙසීයක කොටි දේපළ රාජසන්තකයි

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
ඩොලර් මිලියන දෙසීයක කොටි දේපළ රාජසන්තකයි

කැනඩා අධිකරණ නියෝගයෙන්
ඩොලර් මිලියන දෙසීයක කොටි දේපළ රාජසන්තකයි

කීර්ති වර්ණකුලසූරිය

ඩොලර් මිලියන දෙසීයක්‌ වටිනා කොටි සංවිධානයේ ලෝක ද්‍රවිඩ මූලස්‌ථාන කාර්යාල දෙකක්‌ හා එහි සියලුම දේපළ ඊයේ (23 වැනිදා) කැනඩා අධිකරණයේ නියෝග මත රාජසන්තක කර ඇත.

ප්‍රභාකරන්ට යුද අවි මිලයට ගැනීමට සෑම වසරකම ඩොලර් හැත්තෑහය ලක්‍ෂ තුන්දහසක්‌ මේ සංවිධාන දෙක මගින් ශ්‍රී ලංකාවට යවා ඇති බවට කැනඩා රහස්‌ පොලිසිය විසින් ටොරොන්ටෝ පෙඩරල් අධිකරණය වෙත සාක්‍ෂි සහිතව යොමුකළ වාර්තාවෙන් පසු මෙලෙස දේපළ තහනම් කිරීමේ නියෝගය නිකුත් වී තිබේ. ටොරොන්ටෝ නුවර ලෝක ද්‍රවිඩ මූලස්‌ථානය සහ කුයිබෙක්‌ නුවර ලෝක ද්‍රවිඩ සංවිධාන මූලස්‌ථානය වැටලූ කැනඩා රහස්‌ පොලිස්‌ නිලධාරීන් ප්‍රභාකරන් විසින් එම ආයතනවල ප්‍රධානීන්ට එවා තිබූ රහසිගත ලිපිද සොයාගෙන තිබිණි. මෙම මධ්‍යස්‌ථානවල තිබූ පරිගණක යන්ත්‍රවලින් අවි මිලයට ගැනීමට මේ අන්දමට අතිවිශාල මුදලක්‌ ශ්‍රී ලංකාවට යවා තිබූ බව හෙළි වී ඇත. මෙයට අමතරව ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවට විරුද්ධව ගුවන් යානා නාශක මිසයිල වහාම ලබාදීමට ක්‍රියා කරන ලෙස ඉල්ලමින් ප්‍රභාකරන් විසින් කැනඩා ද්‍රවිඩ මූලස්‌ථානයට යොමුකළ ලිපියක්‌ ද සොයාගෙන තිබේ.

මෙයට අමතරව ලෝක ද්‍රවිඩ මූලස්‌ථානය විසින් වන්නි මෙහෙයුමට එරෙහිව යුද අවි මිලයට ගැනීමට විදේශ බැංකුවක්‌ වෙත ඩොලර් මිලියන තුනක මුදලක්‌ යොමුකර ඇතැයි ද කැනඩා රහස්‌ පොලිසිය සොයාගෙන ඇත. මෙලෙස ලෝක ද්‍රවිඩ මූලස්‌ථානයේ දේපළ තහනම් කිරීම නිසා කැනඩාවේ කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාව බරපතල කම්පනයකට මුහුණපා ඇතැයි එම සංවිධානයේ ප්‍රකාශක ඩේවිඩ් පුපාපිල්ලේ කැනඩාවේ කොටි පුවත්පත් අමතමින් ප්‍රකාශ කර ඇත.

කොටි සංවිධානයේ දේපළ තහනම් කිරීමට කැනඩා අධිකරණය ක්‍රියා කළ මුල්ම අවස්‌ථාව මෙයයි.

 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
මේ සල්ලි මෙහෙට ඉල්ලන්න ඕනී උතුර සංවර්ධනය කරන්න
 

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
[FONT=&quot]░▒▓█▀▄▀▄▀▄▀▄▀▄[/FONT] අනේ මට කියක් හරි දියල්ලා... [FONT=&quot]▀▄▀▄▀▄▀▄▀▄█▓▒░[/FONT]


ඕය කියන්ඩ ඇත්තේ දෂම ගානක්..අනිත් එව්වා මහ ඒවූන්ගේ ගෙවල් වල ඇති