ඩොලර් මිලියන 100 ක්‌ වන්දි ඉල්ලා ‘Channel 4’ට නඩු

matta

Member
May 15, 2007
163
8
0
ඩොලර් මිලියන 100 ක්‌ වන්දි ඉල්ලා ‘Channel 4’ට නඩු

බොරු වීඩියෝ පෙන්නුවැයි ඩොලර් මිලියන 100 ක්‌ වන්දි ඉල්ලා ‘Channel 4’ට නඩු
June 28, 2011 at 8:50 am | Lanka C News.

ඇසින් දුටු සාක්‌ෂි නොමැතිව ශ්‍රී ලාංකික ජනතාවට අවමන් කිරීමේ අරමුණින් සාවද්‍ය වීඩියෝ පටයක්‌ ලොව පුරා විකාශය කිරීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් Channel 4 රූපවාහිනි සේවාවේ ජෝන් ස්‌නෝ සහ එම චිත්‍රපටයේ අධ්‍යක්‌ෂ කැල්ලම් මැක්‌රේට එරෙහිව ඩොලර් මිලියන 100 ක වන්දියක්‌ ඉල්ලා නඩුවක්‌ ගොනු කිරීමට ඔස්‌ටේ‍්‍රලියා, කැනඩා සහ ස්‌විට්‌සර්ලන්ත ශ්‍රී ලාංකික සංවිධාන තුනක්‌ ක්‍රියාකරගෙන යයි.

බ්‍රිතාන්‍ය අධිකරණය හමුවේ මේ නඩුව පැවරෙන අතර ඒ සඳහා පස්‌දෙනකුගෙන් යුත් නීති විශාරදයන් පිරිසක්‌ දැන් අවශ්‍ය කටයුතු කරන බව එම සංවිධාන නිලධාරියෙක්‌ ඊයේ (27 දා) පැවසීය.

වසරකට අධික කාලයක්‌ තිස්‌සේ Channel 4 රූපවාහිනිය විසින් මේ සාවද්‍ය යුද අපරාධ සිද්ධිය විකාශනය කළ බවත් එකි අපරාධ සිද්ධි සියෑසින් දුටු අයෙක්‌ ඉදිරිපත් වී නැති බවත් කොටි සංවිධානයේ බිහිසුණු ක්‍රියා වසන් කිරීමට ක්‍රියාකර ඇති බවත් යන ප්‍රධාන චෝදනා මේ නඩුවෙන් ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර Channel 4 චිත්‍රපටය සම්බන්ධයෙන් තමා සමග ප්‍රසිද්ධ ජාත්‍යන්තර සංවාදයකට එන ලෙස දන්වමින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් එකී අධ්‍යක්‌ෂ කැල්ලම් මැක්‌රේ වෙත ලබාදී තිබූ පැය 48 ක කාලය ඊයේ අවසන් වී ඇත.

මෙතෙක්‌ ඇම්නෙස්‌ට්‌ සංවිධානයවත් මැක්‌රේවත් ප්‍රතිචාරයක්‌ දක්‌වා නැහැ යෑයි ඒ මහතා කියා සිටියේය.

- දිවයින

Linke here

http://lankacnews.com/sinhala/news/‘channel-4’ට-ඩොලර්-මිලියන-100-ක්‌-වන්/