ඩොලර්_මල්ල

EXCITE

Banned
Nov 7, 2014
325
47
0

ඩොලර් මල්ලත් සමඟ දහම්ගේ පෙම්වතිය ඇගේ මව පියා අතුරුදන්

රත්මලාන නිවෙසක තිබී රහස් පොලීසිය මඟින් රුපියල් කෝටි 15 ක විදේශ මුදල් තොගයක් සොයා ගැනීමෙන් පසු පොලීසිය එම නිවෙසට පැමිණීමට පෙර එම මුදල් තොගයෙන් මිටි දෙකක් රැගෙන ගිය බව කියන කාන්තාව සොයා පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙසේ රැගෙන ගිය මුදල් ප්‍රමාණය කො‍පමණදැයි ද හෙළි වී නොමැත.
මෙතෙක් පවත්වන පරීක්ෂණවලට අනුව ඇය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතිය බව හෙළි වී තිබේ.
මේ විදේශ මුදල් තිබූ නිවෙස අයත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියාගේ වැඩිමල් සොයුරාට බව ද අනාවරණය වී ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබා දී ඇත්තේ තරිඳු ලක්ෂාන් නමැත්තෙකි. එම තොරතුරුවලට අනුව පරීක්ෂණ ඇරැඹු රහස් පොලීසිය එම ස්ථානයේ තිබූ විදේශ මුදල් මිටිවල සටහන්ව තිබූ ඇඟිලි සලකුණු ලබාගෙන තිබේ.
මේ සිද්ධියට සම්බන්ධ යැයි කියන කාන්තාවන් දෙදෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවා ඇති අතර ඔවුනට රටින් බැහැර වීම තහනම් කොට තිබේ. මේ සම්බන්ධව අදහස් දක්වන ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙය විදේශ විනිමය නීතිරීති උල්ලංඝනය කරමින් මුදල් පරිහරණය කිරීමක් බව පැවැසීය.
මේ අතර ඇමෙරිකානු ඩොලර් ස්විස් ප්‍රෑන්ක් වැනි විදේශ මුදල් මිටි ගණන් තම ඥාතින්ගේ නිවෙස්වල සඟවා තබමින් විවිධ කල්ලි සමඟ සිරිසේන මහතා සිදුකරගෙන යන්නේ රටට යහපාලනයක් ඇති කිරීමටදැයි ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි. මේ මුදල් සිද්ධිය සම්බන්ධයෙන් දහම් සිරිසේනගේ පෙම්වතිය ඇගේ මව සහ පියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයන අතර ඔවුන් ආගිය තැන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි.
 
  • Like
Reactions: laknath123

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
යහපාලනය මෙන්න.. සිරිසේනට බාර් 45යි..

ආණ්ඩුව කුඩු, එතනෝල් රට තුළට ගෙන එන්නේ යැයි
චෝදනා නගන ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්රීපාල
සිරිසේන මහතාට රට පුරා බාර් 45ක් සතුව තිබෙන බව
අනාවරණය වී තිබේ.
එසේම එම බාර් 45 තුළ විකුණනු ලබන සියලූම මද්යසාර
බාලනායගම් නම් දෙමළ ජාතිකයා විසින් ඔහුගේ නමින්
මෙරටට ගෙන්වනු ලබන එතනෝල්වලින් නිපදවන බව ආරංචි
මාර්ග තහවුරු කර තිබේ.
එසේ ඔහු විසින් නීති විරෝධීව රට තුළට රැගෙන එන එතනෝල්
විකිණිය හැකි මද්යසාර බවට පත් කරනු ලබන්නේ අතුරුගිරිය
ප්රදේශයේ ඇති CLASSIC යන නමින් ඇති මද්යසාර
පිරවුම්හලේ වන අතර එම ආයතනය පාලනය කරනු
ලබන්නේ ‘ඌව ග්රේන්’ යන සමාගම මගින් බව ආරංචි මාර්ග
තහවුරු කර කරයි.
www.119gossiplanka.com/546/2014/12/sirisena-owns-45-bars.html
 

Similar threads