ඩෝප් වූ යාපන කවි…

Apr 27, 2010
44
6
0
ඩෝප් වූ යාපන කවි…










මාතර හිටියා මාළු විකුන්නා බෝට්ටු පැද්දා මං

කතරගම ගිහිං මාල විකුන්නා කඩයක් දැම්මා මං

නුවර ගිහිං මල් වට්ටි විකුන්නා පවුලක් හිටියා බං

ගෑනිට බැන්නා අයියට ගැහුවා පාරට වැටුනා මං



අසූ තුනේ ජූළි කලබල කාලේ ජාතිවාදියෙක් මං

කඩවල් කැඩුවා මාල කඩල මං ගානක් හෙව්වා බං

ගංජ විකුන්නා පලතුරු පෙට්ටියෙ යටි පතුලේ හංගං

අනූ හතේ ඡන්දයට වැඩකරා දෙන්නෙක් බෑව්ව මං




පොලීසියේ තුන් දෙනෙකුට ගැහුවා හැංගිල හිටියා බං

මීගමුවේ මං කසියා පෙරුවා ඇප ලැබුනේ නෑ බං

ගල් කැඩුවා පෝරනුවෙ වැඩකලා කුඹුරුත් කෙටුවා මං

පරයියො ගැහුවා ගරාජ් වැඩකලා රොටී බාස් වෙනකං



යුද්දෙත් එක්කම පාරක් හදන්න කන්ට්‍රැක් ගත්තා මං

මාන්කුලම් සිට අලිමංකඩ තෙක් එකම සිංහලය මං

ජැප්න ඇවිල්ලා කරවල අරගෙන කොළඹ යවනවා දැං

මොනව කරත් මං පොඩ්ඩක් බොනවා තරහා ගන්නෙපා බං


කයියක් ගහගෙන පොඩ්ඩක් බිව්වා චුට්ටක් වැඩී මචං

කොච්චර බිව්වත් හිටගෙන බිව්වත් කොල්ලා හොඳට කෙලිං

උඹට වැඩිද බං වැනෙන්නෙ ඇයි බං ගානක් නෑ මටනං

පොඩ්ඩක් හිටපං ටෝච් ගහනවා පොලීසියෙන් දුවපාං



(මේ යාපනයේ සිට නාගදීපයට යන පාරේ ඇති රා කඩයක්, එතන සිංහල මිනිහෙක් ඉන්නවා.)

 
Last edited:
  • Like
Reactions: EΜΙFΞXΛ

EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░
මාර ලස්සනයි මචං...ලස්සනට එකදිගට අපූරු වචනත් එක්ක තාලයකුත් සමඟ වචන ටික අන්තිම වෙනකන්ම ගලපගෙන ගිහින් තියෙනව..ඒ වගෙම කියවෙන කතාවත් :yes:...එළමකිරි :D