ණයක් ගෙවන්න ඩොලරය රු.524 ට ගනී..

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රජය විසින් ලබාගෙන තිබු ඇමරිකානු ඩොලර් 332,704ක විදේශීය ණය මුදලක් ආපසු ගෙවීමේදී එම ණය මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරිම සදහා ඉකුත් වසරේ (2023) ඇමරිකානු ඩොලර් 01ක් රුපියල් 524.6050ක් ලෙස අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

    විදේශීය සම්පත් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වසරට අදාළව නිකුත් කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ මෙම තොරතුරු දැක්වේ.


    රජයේ මුල්‍ය ප්‍රකාශන අනුව ආපසු ගෙවනු ලැබූ මෙම විදේශීය ණය මුදල දේශීය රුපියල් බවට පරිවර්තනය කිරීමේදී අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇති බව නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 524.60 ක විදේශ විනිමය අනුපාතය යටතේ ඇමරිකානු ඩොලර් 332,704 ක් දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් දාහත්කෝටි හතළිස්පන්ලක්ෂ තිස්හය දහස් පන්සිය දහඅටක් (174,536,518) වැය කොට තිබුණි.


    ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් පැවති කාලයේ රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබියදී පවා ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවා ඇත්තේ රුපියල් 363.17කි. එම විදේශ විනිමය අනුපාතය යටතේ ඩොලර් 332,704 ක් ලබාගැනීම සඳහා වැය වන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය දොළොස් කෝටි අටලක්ෂ විසිඅට දහස් එකසිය එකොළහකි (120,828,111). ඒ අනුව අදාළ විදේශීය ණය මුදල ගෙවීම සඳහා ඩොලර් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 53.7 ක් වැඩිපුර වැය කොට මුල්‍ය අපරාධයක් සිදුකොට ඇති බව හෙළි වී ඇත.


    එමෙන්ම විගණනයට ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව රුපියල් මිලියන 17,104.2 ක විදේශ ණය 2023 වර්ෂය අවසන් වනවිටත් ගිණුම්ගත කොට නොතිබුණි. එසේ වුවද විදේශ රාජ්‍ය ණය වාර්තා කිරීමට භාවිත කරන පරිගණක පද්ධතියේ වාර්තාව සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේදී මෙලෙස ගිණුම්ගත නොකළ විදේශ ණයවල එකතුව 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට රුපියල් මිලියන 15,823කි. ඒ අනුව රුපියල් මිලියන 1,281.1 ක වෙනසක් නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.


    එමෙන්ම රජයේ මූල්‍ය ප්‍රකාශනවල පැහැදිලි කිරීමේ සටහන් යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ගිණුම්ගත නොකළ විදේශ ණයවල මුළු වටිනාකම රුපියල් 17,103.2ක් ලෙස දක්වා තිබුණි. ඒ අනුව රජයේ 2023.12.31 දිනට රජයේ ගිණුම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇති විදේශීය ණය වටිනාකම නිවැරදි නොවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.


    එමෙන්ම ණය ගිවිසුම් 23කට අදාළව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට හා 2023 ජනවාරි 01 දිනට රුපියල් මිලියන 30,401ක වෙනසක් නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2023 වර්ෂයේ විදේශ ණය අනුමතවීම්වල නිවැරදි වටිනාකම නිරූපණය නොවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
    මේකට දෙන්න තියෙන එකම පිළිතුර තමයි: 88-89 බත් මුට්ටිය 88-89 බත් මුට්ටිය 88-89 බත් මුට්ටිය 88-89 බත් මුට්ටිය 88-89 බත් මුට්ටිය......
     
    • Haha
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඔන්න ඔක තමයී කියන්නේ ලමයී හොරකම නතර නොකර මොන ආර්ථික ඔස්තාර් ආවාත් රට ගොඩනගන්න බෑ කියලා.
    දැන් නම් හොරකම නතර වෙලා රට ගොඩ ගිහින් නේ තියෙන්නේ🤣🤣
    හොරෙක් බෙහෙතකට වත් හොයන්න නැහැ ඔක්කොම ඇතුලේ නේ