ණය වී හෝ ගිතෙල් කන්න...

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast

    ණය වී හෝ ගිතෙල් කන්න...

    කෙනෙකු ගිතෙල් ආහාරයට ගන්නා වග ඇසීමෙන් පවා ඔහු බුද්ධිමත් ධර්මිකයකු ය යන හැඟීමක් ඉබේම ඇති වේ. එසේ වන්නේ සිහි නුවණ, ශුක්‍ර, ඕජස්, බල වර්ණ, දෘෂ්ඨි ශක්ති වර්ධක ගුණ වැඩි වශයෙන් ගිතෙල තුළ ඇති නිසා යි. "ඍණං කෘත්වා ඝෘතඃ පිබේ" "ණය වී හෝ ගිතෙල් කන්න" යනුවෙන් ඉපැරණි ඉන්දියානු දර්ශන වේදියෙකු වූ චාර්වාක ද පවසා ඇත්තේ ගිතෙල් තුළ එපමණකටම ගුණයන් ඇති හෙයිනි.

    අපට ගිතෙල් බත්, දුන්තෙල් බත් කෑමට ලැබෙන්නේ කලාතුරකිනි. පායාසත් (කිරිබතක්) එසේ ය. ඉන්දියානු බමුණන් ගේ දවස දෙවේලේ පරිභෝජනයට මේවා ඇතුලත් වේ. සිංහලයන් ද කිරි, දී කිරි, මෝරු, වෙඬරු, ගිතෙල් හොඳ හැටි කෑවේ අනුරාධපුර ආර්‍යශිෂ්ඨාචාරය පැවති සමයේ යි. ගුණැති ආහාර අනුභවයේ අගය අදටත් රජරටෙහි නෂ්ඨාවශේෂ දැකීමෙන් සිතාගත හැකි ය. එදා කිරි ගිතෙල් වල පැවතුන ගුණය අදත් එසේම ය. ඇති එකම වෙනස සපයා ගැනීමට අපහසු වීම සහ සාමාන්‍ය ජනයාට එහි අගය නොතේරීමයි. ජාතියේ අවාසනාවකට තවමත් සාමාන්‍ය ජනයා තුළ සැලකිය යුතු මට්ටමේ කැමැත්තක් දැනුමක් මෙම ගිතෙල් පරිභෝජනය කිරීමෙහි නොපවතී. එකල අපට තිබූ කායික ශක්තියත්, බුද්ධි බලයත් නැවත සුළුවෙන් හෝ වඩා ගැනීමට අවශ්‍ය නම් ගිතෙල් මුසු බත ස්වල්පයක් හෝ ගැනීම ඉතා ගුණදායක ය.
    "අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්ව භාග 05.41ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක්ද පිළියෙලකර ගැනීම මැනවි."
    අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ එන ආහාර පිසීමේ නැකතට ඉහත පරිදි ගිතෙල් මුසු කිරිබතක් සෑදීම අනිවාර්‍ය කෙරුනත් සැබවින්ම එය ද එපරිද්දෙන් සකසා ගන්නේ කීයෙන් කී දෙනාද? සමහරවිට පුද්ගලයෙකුට අවුරුද්දටම ගිතෙල් කෑමට ලැබෙන එකම එක අවස්ථාව එයවිය හැකියි.
    හෙළ වෙදකමෙහි සහ ආයුර්වේද වෙදකමෙහි එන සමහර සංයෝග ඖෂධ සංස්කරණයට ගිතෙල් නැතිවම බැරි ‍ය. ගිතෙල් වල ගුණ ආයුර්වේදයේ චරක සූත්‍රස්තාන වල සඳහන් වන්නේ මෙපරිද්දෙනි.
    ඍතඃ පිත්තානිල හරං - රස ශුක්‍රෝජසා හිතම්
    නිර්වාපනම් මෘදුකරං - ස්වර වර්ණො ප්‍රසාදනම්
    ගිතෙල් මගින් පිත් දෝෂ සමනය කරන අතර රස ශුක්‍ර ඕජස් යන ධාතු පෝෂණය කරයි. එමෙන්ම ශරීරය පැහැපත් කරමින් ප්‍රසාදයට පත් කරනවා සේම ස්වර ප්‍රසාදය ද (කටහඬ මිහිරි කිරීම) ඇති කරයි.
    හෙළ වෙදකමෙහි ගිතෙල් වල ගුණ සඳහන් කිරීමට මෙවැනි රසබර හරවත් කවි පේළි ද භාවිතා කර ඇත.
    වැල්පෙනෙල ශාකා
    ගිතෙලින් බැද කා
    අඹුවන් නොතකන එකා
    සියක් අඹුවන් තකා
    ගිතෙල් සහ දුන්තෙල් එළගවයාගෙන් සහ මී ගවයාගෙන් ලබාගන්නා කිරි වලින් සකසන තෙල් වර්ග වෙයි. එළදෙනගෙන් ගන්නා කිරි වලින් හදන බටර් උණු කර එහි ඇති ජලවාෂ්ප, කිරි ප්‍රෝටීන ඉවත් කිරීමෙන් පසු එහි ඉතිරිවන තෙල් කොටස ගිතෙල් නම් වෙයි. මෙම ගිතෙල් කහ පැහැයක් ගනී. දුන්තෙල් ලබා ගැනීමට මීකිරි භාවිතා කරයි. එම දුන්තෙල් සුදු පැහැති වේ.
    🔴 ගිතෙල් වල ගුණ
    ==================
    🔶. ගිතෙල් අපේ ශරීරයට බොහෝ ගුණදායකයි. ගැස්ට්‍රයිටිස් තියෙන අයට තමන්ගේ ආහාර වලට එළඟිතෙල්/ගිතෙල් ටිකක් එකතු කරගැනීමෙන් බඩට ලොකු සහනයක් ලබාගන්න පුළුවන්.
    🔶. පොල්තෙල් වලින් ආහාර පිසිනවිට එය 170 °C ක උෂ්ණත්වයට වඩා ‍රත් වූ විට එම තෙල් පිළිස්සුනත් එළඟිතෙල් වලට 250 °C ක තරම් ඉහළ උෂ්ණත්වයක් දක්වා ආහාර පිසගත හැකියි.
    🔶. එළඟිතෙල් වල බහුල ලෙස විටමින් A,D,E,K2 අඩංගු වෙයි.
    🔶. මෙහි බිඔටොනික් ඇසිඩ් (Biotonic acid) වලින් පොහොසත් නිසා බඩවැල් වල පවතින විෂ තත්වයන් නැසීමටත් එහි සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමටත් ඉතා ගුණදායක වේ.
    🔶. බඩ දැවිල්ල නැතිකරන අතර ආහාර දිරවීමේ ගැටළු ඇති අයට ද ගුණදායක වෙයි.
    🔶. මෙහි ලිනොලෙයික් ඇසිඩ් (Linoleic acid) අඩංගු නිසා කොලෙස්ටරෝල් වලටද ගුණදායකයි. එම නිසා හෘදයාබාධ වලට ද ගුණදායක වෙයි.
    🔶. කිරි වලට ආසාත්මිකතා දක්වන අයට වුව ද කිසිදු ගැටළුවකින් තොරව එළඟිතෙල් පරිභෝජනය කළ හැකියි.
    🔶. මලබද්ධයට ද ගුණදායකයි.
    🔶. ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
    🔶. විටමින් E අඩංගු නිසා සමෙහි පවතින විවිධ ගැටළු නැතිකළ හැකියි.
    🔶. වියළි සමක් පවතින අයට, තොල් පැලෙන අයට, වියළි හිසකෙස් ඇති අයට සහ පිළිස්සීම් වල ට එළඟිතෙල් ආලේපකළ හැකියි.
    🔶. අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට, ශරීරයේ හෝමෝන සමබර කිරීමට, පිත දෝෂ සමනයට, කටහඬ මිහිරි වීමට, සම පැහැපත් වීමට, විශාදයට ඉතා ගුණදායකයි.
    🔶. ඖෂධ සඳහා භාවිතා කරනුයේ පරණ වූ එළඟිතෙල් වේ. එළඟිතෙල් පරණ වෙන්න පරණ වෙන්න එහි ඇති ඖෂධීය වටිනාකම ද ඉහළ යයි.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    For colour Blind Elakirians :P:lol:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉන්දියන් උන්‍ ඕව කන නිසා වෙන්න අැති කොරෝන ඔය තරම් අඩු වෙලා තියෙන්නෙ උන්ගෙ රටේ..😁
     
    • Haha
    Reactions: Deleted

    nirogoodboy

    Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    මේදය වැඩිපුර තියෙන්නේ පොල්තෙල් වලද ගිතෙල් වලද?
     
    • Like
    Reactions: NRTG