ණය_ගන්න_අයට_උපදෙස්
ණය ගන්න අයට මෙන්න නියම උපදෙස්
ණය දෙනු ලබන මූල්‍ය ආයතන වෙත ළඟාවීමේදී පහත සඳහන් කරුණු පිළිබඳ මතකයේ රඳවා ගැනීම ඉතා වැදගත් වේ.
මුදල් ණයට දීමට පෙර ඔබගේ ව්‍යාපාරික දත්තයන් ණය හිමියන්ට අවශ්‍ය වේ.
ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ණය හිමියන්ට වාසිදායක තත්ත්වයකි.
ණය හිමියා විසින් ණය දෙනු ලබන්නේ ඔහුගේ මූල්‍ය ආයතනයට වැඩි අවදානමක් නොමැති ව්‍යාපාර සඳහා පමණක්ය.
ඔබට අවශ්‍ය ණය පහසුකම් කොපමණද යන්න හඳුනාගෙන සිටිය යුතුය.
ණය මුදලේ අවශ්‍යතාව කුඩා හා මධ්‍ය ව්‍යාපාරවලට යම් දිනෙක පහත සඳහන් හේතූන් නිසා ණය මුදල් ලබාගැනීමට අවශ්‍ය වේ.
ව්‍යාපාරයේ ස්ථාවරත්වය උදෙසා දැරීමට සිදුවන ආරම්භක වියදම් සහ ගෙවිය යුතු අනිකුත් මූල්‍ය අවශ්‍යතා ආවරණය කර ගැනීම සඳහා.
භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ ගොඩනැඟෙන තෙක් අවශ්‍ය කාරක ප්‍රාග්ධන වියදම් පියවීම සඳහා.
ස්ථාවර වත්කම් (ඉඩම්, ගොඩනැඟිලි හා උපකරණ ආදිය) මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධන වියදම් පියවා ගැනීම සඳහා.
ණය මුදලේ ප්‍රමාණය
ඔබගේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන ණය මුදල කොපමණද යන්න ඔබ විසින් හඳුනාගනු ලැබ සිටිය යුතුය. තම අවශ්‍යතාව ඉක්මවා ණය මුදල් ලබා ගැනීමෙන් අනවශ්‍ය පොලී පිරිවැයක් දැරීමට සිදුවේ.
අවශ්‍යතාවට වැඩියෙන් ණය මුදල් ලබා ගැනීමෙන් වියදම් පාලනය කරගැනීම අපහසුය. එය ව්‍යාපාරයේ අකාර්යක්ෂමතාවට හේතුවක් වන අතර අවසානයේදී අනවශ්‍ය ණය බරින් පීඩා විඳීමට සිදුවනු ඇත. අවශ්‍යතාවට අඩුවෙන් ණය මුදල් ලබා ගැනීමෙන් සිදු වන්නේ ව්‍යාපාරයට තරගකාරීත්වයට මුහුණ දීමට ශක්තියක් නොලැබීමයි. එදිනෙදා වියදම් ගෙවීමට අවශ්‍ය මුදල් නොමැති වීමයි.
මුදල් ගලා ඒම පිළිබඳ ලේඛන ඇතුළත් සවිස්තරාත්මක ව්‍යාපාරික සැලැසුමක් පිළියෙල කර ගැනීමෙන් ඔබේ මූල්‍ය අවශ්‍යතාවන් ඔබට නිශ්චිත වශයෙන්ම හඳුනාගත හැකිය.
ණය මුදල් බේරුම් කිරීමේ කාලය
ස්ථාවර වත්කම් මිලදී ගැනීම සඳහා ලබාගත් ණය මුදල්, ගෙවීමේ කාල සීමාව ඉන් මිලට ගන්නා වත්කම්වල ආයු කාලයට සමාන විය යුතුය. දීර්ඝ කාලීන ණය මුදල් පියවීමේදී ණය ගිවිසුමේ සඳහන් කාලයට පෙර එය ගෙවා අවසන් කිරීමෙන් එක්තරා අන්දමක පාඩුවක් තමන්ට සිදුවිය හැකිය. එහෙත් කෙටි කාලීන ණය ගිවිසුමේ සඳහන් කාලයට පෙර එය ගෙවා නිම කිරීම මඟින් වෙළෙඳපොළහි ඇති නව ව්‍යාපාරික අවස්ථාවලින් ලාභ ලබාගැනීමට හැකිවීම ඔබට ලැබෙන වාසියක් ලෙස දැක්විය හැකිය.
කෙසේ වෙතත් ණය මුදල් ලබා ගැනීම සහ එය ක්‍රමනුකූලව පවත්වාගෙන යෑම ව්‍යාපාරයට ලාභදායක වේ. 15%ක වාර්ෂික පොලියකට ලබාගන්නා ලද ණය මුදලකින් 20%ක වාර්ෂික ලාභයක් උපයා ගතහැකි නම් එය ඔබේ ව්‍යාපාරයට වාසියකි. එම ණය මුදල් ඉක්මනින් බේරුම් කිරීම ඔබට හිතකර නොවේ. අනිත් අතට 15%ක පොලියක් මත ලබාගන්නා මුදල්වලින් ඔබට ලැබෙන ආදායම 10% නම් ව්‍යාපාරයේ ඇති අමතර මුදල්වලින් ණය ගෙවා දැමීම සාධාරණය.
ණය මුදල් අනුමත කරවා ගැනීම
සෑම අවස්ථාවකම ණය මුදලක් ලබා ගැනීමේදී ණය හිමියා සහ ණයගැතියා අතර නීත්‍යනුකූල බැඳීමක් ඇතිවේ. ඔබගේ ණය මුදල ඉතා ඉක්මනින් ලබා ගැනීමට හැකිවන පරිදි බොහෝ ණය දෙන ආයතන තම ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කර ඇති බව පෙනේ.
ඉක්මනින් ණයක් ලබාගැනීම සඳහා ණය දෙන ආයතනය මඟින් ඉල්ලා සිටින සියලුම තොරතුරු හැකි පමණ ලබාදිය යුතුය.
ණය මුදල් අනුමත කිරීමේදී ඔබ ප්‍රධාන අවස්ථා තුනකට මුහුණ දිය යුතුය.
පළමුවැනි අවස්ථාව –
සම්මුඛ පරීක්ෂණය
ණය මුදලක් ඉල්ලුම් කිරීමේදී ඉතාම වැදගත් කරුණ නම් ණය දෙන ආයතනයේ නිලධාරියා වෙත ඔබගේ තොරතුරු ඉදිරිපත් කිරීමය. ඔබ ඔබගේ ව්‍යාපාරික සැලැස්ම ඒ හා ආශි‍්‍රත ගැටලු සමඟින් අනාගත සැලැසුම් ද ඔහුට විස්තර කරදිය යුතුය.
එහිදී පහත සඳහන් කරුණු අනාවරණය කළ යුතුය.
ද අවශ්‍ය ණය මුදලේ ප්‍රමාණය සහ වියදම් ඇස්තමේන්තුව.
ද ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ණය මුදලේ අවශ්‍යතාව.
ද ව්‍යාපාරයේ මුදල් ප්රවාහයට අනුව ගෙවිය හැකි ණය වාරිකය.
ද බැංකුව වෙත තැබීමට බලාපොරොත්තු වන ඇප පිළිබඳ විස්තරය.
ද අනපේක්ෂිත ව්‍යාපාරික උච්චාවචනයන් සඳහා ව්‍යාපාරයේ පවතින ආපදා කළමනාකරණ සැලැස්ම.
ද ඔබගේ පළපුරුද්ද සහ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ඔබ සතු කුසලතාවන්.
ද ඔබගේ වෘත්තීමය දක්ෂතාවන් හා කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව.
ද ඔබගේ කැපවීම හා උනන්දුව.
දෙවැනි අවස්ථාව – ණය මුදල ඇගැයීම සහ තීරණය
මූල්‍ය ආයතන විසින් ඉල්ලා සිටිනු ලබන සියලුම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ණය මුදල අනුමත කරවා ගැනීම කෙටිකලකින් සිදුකර ගත හැකිය. ඔබගේ බැංකු ශාඛාවේ ණය කළමනාකරුට අනුමත කළ හැකි ණය මුදලේ ප්‍රමාණය සීමා සහිතය. ඊට වඩා වැඩි වටිනාකමක් ඇති ණය මුදල් අනුමත කළ යුත්තේ ඒ ඒ බැංකුවල ණය අනුමත කිරීමේ ක්‍රියාදාමයට අනුකූලවය.
තුන්වැනි අවස්ථාව : ලේඛන සකස් කිරීම
ණය මුදල් අනුමත වීමෙන් පසු මූල්‍ය ආයතනයේ කොන්දේසි ඇතුළත් ණය ගිවිසුම් පත්‍රයට අස්සන් තැබිය යුතුය. අස්සන් කිරීමට ප්‍රථමයෙන් ගිවිසුමේ බලපවත්වන කරුණු ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය. ඔබගේ ණය ගිවිසුම් සහ අනෙකුත් ලේඛන සම්බන්ධයෙන් ඉල්ලා සිටින ඇපකරුවන්ද අස්සන් කළ යුතුය.
ණය දෙන මූල්‍ය ආයතන සැලැකිලිමත් වන කරුණු
ඒ ඒ ආයතනවල පවතින නීති රීති සමූහයක් යටතේ ඔබේ ව්‍යාපාරයේ ණය ඉල්ලුම් පත්‍රය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා අයිතිය ණය දෙන මූල්‍ය ආයතන සතුව ඇත. එම තීරණය බොහෝ විට රැඳී ඇත්තේ ඔබ විසින් බැංකුවට ඉදිරිපත් කරනු ලබන හා බැංකුව ඔබ ගැන ලබාගන්නා තොරතුරු අනුවය. මෙම තොරතුරුවලට පහත සඳහන් කරුණු ඇතුළත්ය.
කළමනාකරණ හැකියාවන් සහ ඔබ සතු කළමනාකරණ සම්පත්
ද ඇප වශයෙන් තබාගත හැකි ජංගම වත්කම් හා ස්ථාවර වත්කම් ප්‍රමාණය
ද ව්‍යාපාරයේ ණය ප්‍රාග්ධන හා කොටස් ප්රාග්ධනයේ අනුපාතය
ද මූල්‍ය ප්රවාහයේ දැක්වෙන ආකාරයට ණය මුදල ආපසු ගෙවීමේ හැකියාව
ද ඔබේ ව්‍යාපාරයේ දිගුකාලීන පැවැත්ම සහ ලාභදායී බව
ද ඔබ රැදී සිටින කර්මාන්තයේ අනාගත ප්රවණතාවන්
ද ණය මුදල් ආපසු ගෙවීම් පිළිබඳ ඔබගේ අතීත වාර්තා
ද ඔබගේ පෞද්ගලික වත්කම් ගැන විස්තරයක්ද පිළියෙල කර තබා ගැනීම ප්රයෝජනවත්ය.
ද ණය අයැදුම්පත ප්‍රතික්ෂේප වුවහොත්…
ඔබේ ණය අයැදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් එසේ කිරීමට පහත සඳහන් කිසියම් හෝ හේතුවක් පදනම් විය හැකිය.
අසම්පූර්ණ ව්‍යාපාර සැලැසුම්.
ද ණය මුදල් ඉල්ලුම් කිරීමේදී සිදුවන අඩුපාඩු.
ද ව්‍යාපාරයේ හිමිකම හෝ ප්රාග්ධනය ප්‍රමාණවත් නොවීම.
මුදල් ප්‍රවාහය දුර්වල වීම.
ද ව්‍යාපාරයට ඇති අවදානම් මට්ටම් වැඩිවීම.
ද උෟන කළමනාකාරීත්ව හැකියාවන්.
ද ණන මුදල සඳහා අවශ්‍ය සුරැකුම් තැබීමට අපොහොසත් වීම.