Machan As Liyanage,
It is because you are clinging to the five aggregates. Those 5 are,Machan As Liyanage,
Mata prashnayak thibe.. uththarayk one..
Dan api hethu pala dahama piligannawane.. hethuwak nisa athi u deyak ne api.. hethu naththan api na.. mama kiyala kenekuth naane samahara welawata api ahana bana wala widihata. Mama kiyanne panchaskandayen hadichcha deyak.. ethakota mama kiyala kenekuth naththan , Dan mage me thiyana kaya mama newei. Hethu nisa hadichcha deyak. Ethakota mamath mage newei nan.. ai api anagatha mama yana diha gana worry wenne? Mama kiyala kenek naththan ai man mawa apayen beraganna uthsaha karanne..? Mama kiyanne hethu walin hadichcha deyaknan eka mata adalawathwayak naane... Ai eelaga athme gana hithanne ekath mama neweine.. hethu nisa panchaskandaya nisa hadena deyak nan.. ethakota ,,, විඥ්යනය da mama kiyanne? Why should I care about that if it's not me who is going life after life??
ow me siyalla mama piligannawa. mamath pansil pada 5ha uparima rakina saha ewagen athi yahapath pala widina kenek. eth mage manase athi wechcha pashnayak thmai meka. dan api godak welawata pin karanne , niwan dakinne eelaga ipadeema nathi karanna ne.. eelagata ipadenne mama newei nan.. hethuwa widihata mage upadana kiyala ekak thiyenne kohomada . eken adahas wenne විඥ්යනය kiyanne "mama" kiyana eka neda ?eken upadana karana nisa.. ehema newei nan, විඥ්යනය kiyanne mama newei nan.. me dan inna mama anagatha athma gana worry wenna oone ai ? api worry wenne e mamama nisa neda ? thamanwa apa dukin, ho ipadeema kiyana dukin beraganna neda ?It is because you are clinging to the five aggregates. Those 5 are,
• forms (රූප)
• sensations (feelings -වේදනා)
• perception (සංඥාව)
• mental activity or formation (සංඛාර)
• consciousness (විඥාන)
Suffering arises when one clings to the aggregates. This suffering is eradicated by getting rid of attachments to aggregates.
පංච ස්කන්ධය උපාදාන කරගෙන ඉන්න එක තමයි ප්රශ්නෙ. උපාදානය නිසයි භවය සකස් වෙන්නෙ. භවය සකස් වෙන නිසයි ජාතිය (ඉපදීම) සකස් වෙන්නෙ. ජාතිය හෙවත් ඉපදීම නිසයි ජරාවට පත්වෙන්නෙ, ලෙඩ වෙන්නෙ, මරණයට පත් වෙන්නෙ.
මෙතන තියෙන්නෙ පටිච්ච සමුප්පන්න ක්රියාවලියක්. පටිච්ච සමුප්පාදය ගැන හොයල බලන්න. උපාදානයට හේතු වෙන්නෙ තෘෂ්ණාව හෙවත් තණ්හාවයි. අන්න ඒ තණ්හාව නිසාම තමයි හොරකම, වංචාව, දූෂණය ආදියට සත්ත්වයින් යොමු වෙන්නෙ.
අපාය ගැන හිතන්න ඕන නැහැ. මේ රටට වෙලා තියෙන දේම ඇති අධික තණ්හාවෙ ආධීනව තේරුම් අරගෙන හැදෙන්න. තණ්හාවෙන් පිරිච්ච අය නිසා තමයි මේ රට බංකොළොත් වෙලා තියෙන්නෙ. හොරකම, දූෂණය, බොරුව, වංචාව, කම්මැලිකම ආදී සේරටම හේතුව තණ්හාව. බුදු දහමෙ කියවෙන්නෙ තණ්හාව දුරු කරන මාර්ගයක් ගැන. එහි මූලික අඩිතාලම තමයි සීලය. ගිහි අයට තියෙන්නෙ සිල් පද පහයි. එහි දෙවන ශික්ෂා පදය තමයි, හොරකමින් වැලකීම. හතරවෙනි සිල් පදය තමයි බොරු කීමෙන් වැලකීම. ඒ අනුව ගත්තොත්, මේ රටේ වැඩි දෙනෙක් ප්රායෝගිකව බුදු දහම පුරුදු කරන්නෙ නැහැ.
මේ රටේ තියෙන්නෙ තණ්හාවට යොමු කරන/වැඩෙන system එකක්. බුදු දහම ඉගෙන ගන්නෙත් විභාගය pass වෙලා සහතිකය ගන්න තමයි ගොඩක් අය. කටපාඩම් කරනව විතරයි. ප්රායෝගිකව පුරුදු කරන අය අඩුයි. ඒක තමයි උපතින් බෞද්ධ වෙන්න බැහැ කියන්නෙ. බෞද්ධ වෙන්න නම් යම් අවබෝධයක් තියෙන්න ඕන. පන්සිල් පද පහ රකින්නෙ නැති කෙනෙක් බෞද්ධ වෙන්නෙ කොහොමද? ඒ අතින් හොරකම දූෂණය නැති දියුණු රටවල විදේශික අය ප්රායෝගිකයි උපතින් බෞද්ධ සමහර අයට වඩා.
ow me siyalla mama piligannawa. mamath pansil pada 5ha uparima rakina saha ewagen athi yahapath pala widina kenek. eth mage manase athi wechcha pashnayak thmai meka. dan api godak welawata pin karanne , niwan dakinne eelaga ipadeema nathi karanna ne.. eelagata ipadenne mama newei nan.. hethuwa widihata mage upadana kiyala ekak thiyenne kohomada . eken adahas wenne විඥ්යනය kiyanne "mama" kiyana eka neda ?eken upadana karana nisa.. ehema newei nan, විඥ්යනය kiyanne mama newei nan.. me dan inna mama anagatha athma gana worry wenna oone ai ? api worry wenne e mamama nisa neda ? thamanwa apa dukin, ho ipadeema kiyana dukin beraganna neda ?
Bohoma sthuthiy uththara walata.dan api godak welawata pin karanne , niwan dakinne eelaga ipadeema nathi karanna ne..
බුදු රජාණන්වහන්සේ ධර්මය දේශනා කිරීමේ මූලික අරමුණ පින් කර කර ඉන්න කියන එක නෙමෙයි. නිවන් යන්න ඕන කෙනා අනුගමනය කරන්න ඕන ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එතනින් කුසල් වැඩීමක් තමයි වෙන්න ඕන. කුසලය කියන්නෙ දක්ෂතාවයට.
ඊට අමතරව බුදු හාමුදුරුවන් දේශනා කරල තියෙනව පින් කරල එම පින නිවනට යොමු කරාම ඒක කුසලයක් වෙනව කියල. ධර්මාවබෝධයට උදව් වෙන්න පුළුවන් කියල. පින් කරාම සසර ගමන සුවපත් වෙනව කියල. පව් විපාක තාවකාලිකව මග හරින්න උදව් වෙනව කියල. නමුත් පිනක් කරල වෙන වෙන දේවල් ප්රාර්ථනා කරාම කුසලය හීන වෙනව. තණ්හාව වැඩෙන නිසා සසර දීර්ඝ වෙන්නත් පුළුවන්.
eelagata ipadenne mama newei nan.. hethuwa widihata mage upadana kiyala ekak thiyenne kohomada .
ධර්මය අවබෝධ කරල නැති කෙනා පංච ස්කන්ධය මම මගේ කියල තදින් අල්ලගෙන ඉන්නෙ. ඒ අල්ලාගැනීම තමයි උපාදානය කියන්නෙ.
eken adahas wenne විඥ්යනය kiyanne "mama" kiyana eka neda ?eken upadana karana nisa.. ehema newei nan, විඥ්යනය kiyanne mama newei nan.. me dan inna mama anagatha athma gana worry wenna oone ai ? api worry wenne e mamama nisa neda ? thamanwa apa dukin, ho ipadeema kiyana dukin beraganna neda ?
අවිද්යාව තියෙන තාක් විඥානය මම මගේ කියල තමයි උපාදාන වෙන්නෙ. හිතාමතා කරනව නෙමයි. පටිච්ච සමුප්පාදය ගැන කියවල බලන්න. අනාගත ආත්ම ගැන worry වෙවී ඉන්න කියල නෙමෙයි කියල තියෙන්නෙ. අනතුර තේරුම් අරගෙන අවිද්යාව නැති කරන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න. Worry වෙවී ඉන්න එක අකුසලයක්.
https://pitaka.lk/books/patichcha-samuppada-vivaranaya/index.html
Bohoma sthuthiy uththara walata.
Just two more things.
1.Mulinma me upadana athi wenne kohomada? Hethu rahithawa?
2. Jathaka kathawala bosathanan wahamsege Pera athma gana sadahan wenawane.. e katha wala kiyanawane me kathawe me charithe wela hitiye mama kiyala. Ethakota... E mama kiyanne me upadana tikatada? Athmayak neweida ( mama kiyala haduganna de ?)
Thanks for these long explanations1.Mulinma me upadana athi wenne kohomada? Hethu rahithawa?
පටිච්ච සමුප්පාදය කියන්නෙ චක්රයක්. එහෙම දෙයක මුල මැද අග ගැන හොයල වැඩක් නැහැ. තෘෂ්ණාව නිසා දුක සකස් වෙනව කියල තේරෙනව නම් ඒ තණ්හාව නැති කරල දුකින් මිදීම පිණිස කාලය යෙදවීම නුවණට හුරුයි. තෘෂ්ණාව කියන්නෙ තුවාලයක් වගේ දෙයක්. ඊතලයක් වැදිල තුවාල වුණ කෙනා ඊතලය ආපු විදිහ හොය හොය හිටියොත් තුවාලය උඩුදුවල නරක් වෙන්න පුළුවන්. එතකොට තමන්ටයි අනෙක් අයටයි කරදරයක් විතරයි. තෘෂ්ණාව කියන තුවාලයට බෙහෙත් ගැන හැම කාලයේම දැනගන්න ලැබෙන්නෙ නැහැ. එහෙම වෙලත් සමහරු,
*දොස්තරගෙ අඩුපාඩු හොය හොය කාලය අපතේ අරිනව
*බෙහෙත් එක වේලකින් දෙකකින් ප්රතිඵල බලාපොරොත්තු වෙලා දොස් කියනව
*තවත් අය බෙහෙත් වට්ටෝරුව අනෙක් අයට බෙද බෙද ඉන්නව. එයාල බොන්නෙ නැතුව
*තවත් අය දොස්තරටයි බෙහෙත් වට්ටෝරුවටයි වැඳ වැඳ ඉන්නව බෙහෙත් බොන්නෙ නැතුව
බුදු රජාණන්වහන්සේ නමක් කැප කිරීම් කරල ධර්මය දේශනා කරන්නෙ ධර්මාවබෝධය පිණිසයි. කරන්න පුළුවන් උසස්ම පූජාව ධර්මාවබෝධයයි කියල දේශනා කරල තියෙනව. ධර්ම දානයෙන් හා වන්දනා කිරීමෙන් පින් සිද්ධ වෙනව තමයි. අනෙක එහෙම කරන්නෙත් ඔවුන්ගෙ ගුණයක් නිසයි. හැබයි ඒ එක්කම ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න වෙනව. හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න උත්සාහ කරනව වගේ තමයි තණ්හාව නැතිකරන්න උත්සාහ කරන්න කියල දේශනා කරල තියෙන්නෙ.
2. Jathaka kathawala bosathanan wahamsege Pera athma gana sadahan wenawane.. e katha wala kiyanawane me kathawe me charithe wela hitiye mama kiyala. Ethakota... E mama kiyanne me upadana tikatada? Athmayak neweida ( mama kiyala haduganna de ?)
බෝසත්තුමා ධර්මාවබෝධයට කලින් පංච ස්කන්ධය මම මගේ ආත්මය කියල උපාදානය කරගෙන හිටිය නිසා තමයි එහෙම කියල තියෙන්නෙ