තක්කඩියා රෙදි ගලවාගනී..
තම කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක් සහ රුපියල් මිලියන 500ක් බැගින් අයකර දෙන ලෙස ඉල්ලා මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් 'මව්බිම' පුවත්පතට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒවා ගාස්තු රහිතව නිෂ්ප්රභ කිරීමට කොළඹ දිසා අධිකරණය ඊයේ (07දා) නියෝග කළේය.
චම්පික රණවක ඇමැතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අපහාස නඩු දෙක ඊයේ කොළඹ දිසා විනිසුරු පමිල රත්නායක මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.
එම අවස්ථාවේ පැමිණිලිකාර පාඨලී චම්පික රණවක ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.සී. ජයරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට පැමිණිලිකරු බලාපොරොත්තු නොවන අතර මෙම නඩු දෙක ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන මෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ විත්තිකාර 'මව්බිම' පුවත්පත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු පැවරීම හේතුවෙන් විත්තිකරුවන්ට සිදුවූ අගතිය වෙනුවෙන් පැමිණිලිකාර පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා හරස් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණද මෙම නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලිකරු අයැද සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ප්රකාශ කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු පමිල රත්නායක මහතා නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට පැමිණිල්ලට අවසර දෙමින් එම පැමිණිලි, ගාස්තු රහිතව නිෂ්ප්රභ කිරීමට නියෝග කළේය.
පැමිණිලිකාර චම්පික රණවක ඇමැතිවරයා රුපියල් මිලියන දහසක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා එක් නඩුවක් ගොනු කර තිබුණේ 2016 වසරේ ජූලි මස 15 වැනි දින 'මව්බිම' පුවත්පතේ පළ වූ 'රුපියල් කෝටි 180 ගල්අඟුරු වංචාවට ජනතා විමුක්ති පෙරමුණ චම්පික නම් කරයි. හැකි නම් පරීක්ෂණ කරන්න. දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිල්ලකුත් කරයි.' යනුවෙන් ප්රවෘත්තියක් පළ කළ බවයි.
ඒ තුළින් 'මව්බිම' පුවත්පත මහජනතාව නොමඟ යවමින් තම කීර්තියට බරපතළ හානියක් සිදුකර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා චම්පික රණවක ඇමැතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රි වසන්ත සමරසිංහ, 'මව්බිම' පුවත්පතේ කර්තෘ, එම පුවත්පතේ වාර්තාකාරිණි අනුරාධා හේරත් සහ සීමා සහිත සිලෝන් නිවුස් පේපර්ස් ලිමිටඩ් යන පාර්ශ්ව විත්තිකරුවන් කරමින් 2017 වසරේ ජනවාරි මස 02 වැනිදා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබිණි.
ඊට අමතරව 'මව්බිම' පුවත්පතෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා 2017 වසරේ ජනවාරි මස 20 වැනිදා තවත් නඩුවක් ගොනු කළ අතර එහි චෝදනා කර තිබුණේ 2014 වසරේ දෙසැම්බර් මස 30 වැනි දින 'මව්බිම' පුවත්පතේ පළ කරන ලද 'යහපාලන සහකරුවෝ තම පෞද්ගලික ජීවිතයේ රහස් කරුණු හෙළිකරමින් ලිපියක් වෙබ් අඩවියක පළකළ නිසා එක්නැලිගොඩ මාධ්යවේදියා ඝාතනය කළ මෑතකදී ගල්ලෙන බිඳින ලද යහපාලකයා කවුද?' යන ශීර්ෂයෙන් පළවූ ලිපිය හේතුවෙන් තම කීර්තියට හානි සිදුවූ බව රණවක ඇමැතිවරයා සඳහන් කර තිබිණි.
ඒ අනුව පැමිණිලිකාර රණවක අමාත්යවරයා විසින් රුපියල් මිලියන පන්සියයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා 'මව්බිම' පුවත්පතේ කර්තෘ සහ සීමාසහිත සිලෝන් නිවුස් පේපර්ස් (ප්රයිවට්) ලිමිටඩ් ආයතනය විත්තිකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.
එහෙත් මෙම නඩු දෙකම නිෂ්ප්රභ කරන ලෙස හරස් ඉල්ලීම් ඉදිරිපත් කළ 'මව්බිම' පුවත්පත ඇතුළු විත්තිකරුවන් තමන් පළ කළ කරුණු සත්ය බවත්, මෙම නඩුකර දෙක පැවරීම තුළින් පැමිණිලිකාර ඇමැතිවරයා මහජනයා ඉදිරියේ 'මව්බිම' පුවත්පත අපහාසයට භාජන කර ඇති බවත් සඳහන් කර තිබිණි.
ඒ වෙනුවෙන් පැමිණිලිකාර පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගෙන් රුපියල් මිලියන 1,000ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා 'මව්බිම' පුවත්පත් සමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කළ හරස් ඉල්ලීමේත් සඳහන් කර තිබිණි.
මෙම නඩුවේ විත්තිකාර 'මව්බිම' පුවත්පත් සමාගම වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල් ප්රගාසම් මහතාගේ උපදෙස් මත නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනි සිටියේය.

ඇයි අර ඇක්සිඩන්ට් එක.