තක්කඩීන් තෝරා ගැනීම මඟහැර ජයග්‍රාහකයින් තේරීමට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙරට දේශපාලන විචාරකයෙකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විශේෂ කරුණු 10ක් යටතේ ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දිය යුත්තේ කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.

    01. 2019-2020 කාලයේ 3%ක අඩු ඡන්ද පදනමක සහ ආසන 03ක සිට අතිශය වෙහෙස වී, නොපසුබටව දේශපාලන ක්ෂේත්‍රයේ වෙනත් ඕනෑම කෙනෙකුට වඩා මහන්සි වී ක්‍රියාත්මක වූ ඔවුහු ඊට අනුරූව වඩාත් වැඩි වේගයකින් වර්ධනය වූ අතර වෙනත් ඕනෑම තරගකරුවෙකුට වඩා වැඩියෙන් බලපෑම් සහගත වූහ. ඒ නිසාම රටටත් එම දෙයම කිරීමේ අවස්ථාව ඔවුනට ලැබිය යුතු අතර රටට අවශ්‍ය වන්නේද වැටීමේ සිට පෙරළා සටන් වැදීමේලා ඔවුන් දැනටමත් ඔප්පු කොට ඇති හැකියාවය.

    02. වෙනත් ඕනෑම දේශපාලන ව්‍යුහයකට වඩා ඔවුන් තමන් විසින්ම අති මහත් ධනාත්මක පරිවර්තනයක් සිදු කර ගෙන ඇත. එසේම ඔවුහු අරමුණු වෙනුවෙන් සැලකිය යුතු තරමේ වැඩි කේන්ද්‍රගත වීමක් ප්‍රදර්ශනය කරති. රට ඉල්ලා සිටින්නේද නිර්මාණාත්මක, ප්‍රතිඵලදායක පරිවර්තනයක් සිදු කිරීම සඳහා වූ හැකියාවය.

    03. ඔවුහු ප්‍රබෝධමත් සාමූහික මනෝභාවයක් සහ මනෝවිද්‍යාත්මක ශක්තියක් සම්පාදනය කරන්නා වූ අව්‍යාජ ගතිකත්වයක් ප්‍රදර්ශනය කරති. අත්‍යාවශ්‍ය වූ මෙම ලක්ෂණය සෙසු සියලු තරගකරුවන් තුළ අත්‍යන්තයෙන්ම නොමැත.

    04. කිසිදු වෙනත් පක්ෂයක්/ ව්‍යාපාරයක් නොකළ පරිද්දෙන් ඔවුන් ඕනෑම සමාජයක අතිශය තීරණාත්මක ලෙස වැදගත් වන බවට ලොව පුරා පිළිගනු ලැබ ඇති සමාජ බලවේගය, එනම් උගත් කාන්තාවන්, විශේෂයෙන් උගත් තරුණ කාන්තාවන් දේශපාලනයට පෙළඹවීමටත් සංවිධාන ගත කිරීමටත් කටයුතු කර තිබේ.

    05. සැලකිය යුතු තරමින් වාර්ගික, ආගමික, පංතිමය සහ කුලවාදී අගතීන්ගෙන් මිදුණු උගත් තරුණයින්ගේ සහ පොදුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද පරම්පරාවන්ගේ දේශපාලන ව්‍යාපාරයක් වන ඔවුහු, එම පරම්පරාවන් මේ රට සමාජීය ලෙස නිදහස් කිරීමටත් නවීකරණය කිරීමටත් අවශ්‍ය වන අදහස්වලින් පෝෂණය කරති.

    06. ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයන් සහ භාවිතයන් ප්‍රකට කරන්නේ සාම්ප්‍රදායික නොවන, ආගම දේශපාලනයෙන් සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලින් වෙන් කරන නවීකාරක ප්‍රතිපත්තියකි.

    07. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන සජබයට ධනවතුන්ට උචිත, ජනප්‍රියවාදී පෙනුමක් ඇති ප්‍රේමදාස සංවර්ධන මොඩලයේ සුවිශේෂී හිමිකාරිත්වයක් ඇති නමුත් එය ලාභදායී ගනුදෙනුවක් වෙනුවෙන් රිෂි සුනක්ගේ එක්සත් රාජධානියේ කොන්සර්වේටිව්වරුන්ගේ අනුවාදයක් බවට පත් කොට තිබේ. අනුරට බිම් මට්ටමේ චලනයන් හඳුනා ගත හැකි මතවාදයක් ඇති නමුත් සජිත්ට එවැන්නක් නොමැත; නැතහොත් ඒවායින් උපුටා ගනිමින් සිටී. දැනට පවතින තත්වය අනුව සජිත් සිටියා වුවද සජබ ආණ්ඩුවක් ජනතාවට යහපතක් කරනු ඇත්තේ නැත. ප්‍රකාශයන්හිදී සහ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අදාළ තීරණාත්මක බලය හිමි එරාන්, හර්ෂ මතවාදී මූලධාර්මිකයින් ද්විත්වය සජබයේ චෙනී – රම්ස්ෆෙල්ඩ් (ජෝර්ජ් බුෂ් ආණ්ඩුවේ අන්ත දක්ෂිණාංශක දේශපාලකයින් දෙදෙනෙකි) වෙති.

    08. දේශපාලන රඟමඩලේ සියලු බලවේගයන් අතරින් තම ප්‍රසිද්ධ ප්‍රකාශනයන්හිදී වඩාත්ම ප්‍රගතිශීලී සහ සබුද්ධික වනුයේ ජාතික ජන බලවේගයයි. ලොව පුරා – බ්‍රසීලයේ ලූලාගේ සිට නවසීලන්තයේ අර්ඩර්න් දක්වා – දැකිය හැකි නූතනවාදී මධ්‍ය වාමාංශික ස්වරූපයක් ගන්නා පුළුල් ප්‍රතිපත්තිමය යෝජනාවලියක් බවට පරිවර්තනය කොට ඇත්තා වූ දැක්මක් සහ වැඩපිළිවෙළක් ඔවුන් සතුව ඇත. එහෙත් එය ශ්‍රී ලංකාවේ පාලක පංතිය විසින් කිසිදා අත්හදා බලා නොමැත. මෙම තෙවැනි සුසමාදර්ශයට – මධ්‍ය වාමාංශිකවාදයට – අවස්ථාවක් ලබා දිය යුතුව ඇත. රටටත් ජනතාවටත් එවැනි අත්හදා බැලීමක් අවශ්‍යය; ඔවුන්ට එවැන්නක් ලැබිය යුතුව ඇත.

    09. නිදහසින් පසු දේශපාලනයේ සාම්ප්‍රදායික ධාරාවන් ද්විත්වය වන එජාප/සජබ සහ ශ්‍රීලනිප/පොජපෙ සතුව, ජනතාවට කීමට අනුනාදනීය කතාවක් සහ ඔවුන් ප්‍රබෝධමත් කරන අදහස් තවදුරටත් නැත. පශ්චාත් නිදහස් සංස්ථාපිතයන්, දේශපාලනික ප්‍රභූන් මොළය මියගියවුන් වැනිය. ජවිපෙ-ජාජබ හැරෙන්නට, කවර ස්වරූපයක පරිණාමයන් සිදු කරගත්තද කවර එකතූන් නිර්මාණය කර ගත්තද අන් සියලු දෙනා, බොහෝ වාර ගණනක් රට පාලනය කර තිබේ. එහෙයින්ම ඔවුහු ශ්‍රී ලංකාවේ මහා ආර්ථික අවපාතයේ වගකීමට බැඳී සිටිති. එහෙත් ඔවුහු පැරණි සූත්‍ර නිර්ලජ්ජිතව නැවත නැවත පුනරුච්චාරණය කරති.

    10. පුරවැසියන් ලෙස අපි දේශපාලන වේදිකාවන්හි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් එකම පවුල්වල මුහුණු දැකීමෙන්ද එකම පැරණි තේමාවන් සහ තාලයන් ඇසීමෙන්ද වෙහෙසට පත්ව සිටිමු. බලයේ සිටීමේදී අප හැමදාම දැක ඇති එකම පැරණි මුහුණුවලින් සහ සමාජ බලවේගයන්ගෙන් යුක්ත නොවීමේ ගුණය ජාතික ජන බලවේගය සතුය. එබැවින් එකම තක්කඩීන් තෝරා ගැනීම මඟහැර ජයග්‍රාහකයින් තේරීමට අපට අවස්ථාවක් ලබා දෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ තරුණයින්ගේ සහ කාන්තාවන්ගේ ‘අනුප්‍රාප්තික කණ්ඩායමක්’ අතට රට මාරු කිරීමේ අවස්ථාව ජවිපෙ-ජාජබ විසින් අපට ලබා දෙයි. එම පිටුව පෙරළීම නව පරිච්ඡේදයක ඇරඹුමය (සිංහල පරිවර්තනය ලංකා ටෲත්)

    jZeJVJ84E4FUUoF4qheJqRFRkMkfh8XLAbZNSPf8kM986jk2t9RnfGgWFwWeTqlH_iMrMK4l0GVm6Uw=s479-rw-nd-v1

    32
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742

    Mey mahaththaya issara thorapuwa gana ehama pasu wiparamak nadda machan 🤭 🤭 ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හෑලි නන් කාට ලියන්න බැරිද බන්

    01. ඊලග අවුරුදු 2/5/10/20 ඇතුලත ආර්තික ස්තාවරත්වය ඇති කරන්නෙ කොහොමද? වැඩ පිලිවල මොකද්ද, එකට ඇති ගැටලු මොනවද හඩුනගෙන තියනවද? එව්වට පිලියම් තියන්වද

    02. ඊලග අවුරුදු 2/5/10/20 සමාජීය ප්‍රශන මොනවද? විසදන්නෙ කොහොමද? වැඩ පිලිවල මොකද්ද , එව්වට පිලියම් තියන්වද

    ඕවට ඉතාම පැහැදිලිව හා වගකීමෙන් උත්තර දෙන්න කියහන්

    "වැඩිපුර ඩොලර් 500ක්"
    "හා මචන් , හරි මචන්"
    "මහින්ද හොරා"
    "මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න"

    මේව එපා කියහන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Mey mahaththaya issara thorapuwa gana ehama pasu wiparamak nadda machan 🤭 🤭 ?
    මු රණසිංහ ප්‍රේමදාස ගේ මොලෙන් පාන බලලා බඩ වියත රැක ගත්ත එකෙක්
    මු සැඳෑ සමය ජොබ් එකක් හොයනවා වගේ පේන්න තියෙනවා මට නම්🤣🤣🤣
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මේ දයාන් ජයතිලක කියන එකා 2015 චන්දෙ කාලෙ සිරස වැඩසටහනට ඇවිත් හිරුණිකාව වර්ණනා කලේ "She is a London educated intellectual" කියල. මු නිකන් දවසෙ වියදම හොයාගන්න මොනව හරි කියන එකෙක්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    බලහල්ලකො අලිය පිටේයන පොහොට්ටුවෙ උන් කියන කතා මේවට...