තක්කාලිවල අගේ පිරිමි දන්නවනම්

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    තක්කාලිවල අගේ පිරිමි දන්නවනම්

    sex-head.jpg


    තක්කාලි කෑමෙන් දරු ඵල නොමැති පිරිමින්ට දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත.

    පර්යේෂකයන් පවසන්නේ තක්කාලිවල ඇති ප්‍රධාන පෝෂ්‍යදායි සංඝටකය වන ලිකොපෙන් පිරිමින්ගේ ශුක්‍ර සංඛ්‍යාව සියයට 70දක්වා වැඩි කිරීමට හේතුවන බවයි.

    ඔහියෝහි Cleveland රෝහලේ පර්යේෂකයින් මේ බව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් තම පර්යේෂනයයට පෙර සිදු කරන ලද අධ්‍යයන 12ක දත්තද සමාලෝචනය කර තිබීම විශේෂත්වයකි. පර්යේෂකයින් කණ්ඩායම පවසන්නේ බ්‍රිතාන්‍යයේ පමණක් විවාහක ජෝඩු හයකින් එකකට දරුඵල නොමැති බවයි.

    දරුඵල ලබන්නේ කාන්තාවන් බැවින් සමාජයේ පවතින පොදු මතය වන්නේ දරුඵල අහිමිවීමට හේතුව කාන්තාවන් සතු අඩු පාඩුවක් නිසා බවයි. එසේ උවත් දරුඵල නොමැති වීමේ හරි අඩකට වඩා වගකිව යුත්තේ පිරිමින්ගේ ශුක්‍රානු ක්‍රියාකාරීත්වයේ පවතින දුර්වලතා බවද තහවුරු කරගෙන ඇත.

    තක්කාලි වල අඩංගු ලයිකොපෙන් මගින් ශුක්‍රානු ගණනය දියුණු වන බවත් එහි සංසේචනය සඳහා ගමන් කිරීමේ හැකියාවද එමගින් වැඩි දියුණු වන බවත් මෙම අධ්‍යනයේදී තහවුරු කරගෙන ඇත.

    මෙම අධ්‍යනයේ ප්‍රධානී Cleveland රෝහලේ ප්‍රජනක විද්‍යාව සම්බන්ද වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අශෝක් අග්‍රවාල් පවසන්නේ ලිකොපෙන් වලින් පුරුෂයන්ගේ ප්‍රජනක ඉන්ද්‍රියන්ට වැඩි ප්‍රතිලාබයක් ලැබෙන බවයි. මීට අමතරව ශුක්‍රානු නිපදවන පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා වැනි රෝග සැදීමේ අවධානම අඩු කිරීමේ හැකියාවක්ද තක්කාලි තුල පවතින බව පැවසේ.


    Source
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    තක්කාලි කෑවම කුරුලෑ එනෝ :dull: දැන්ම කන්නේ නැතුව බඳින්න ලංවෙලා කන්න ඕනේ :lol:
    TFS :)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    උඹලා දන්නවද? හම්බයොත් හරි හරියට තක්කාලි කනවා. මේක තමයි රහස එතකොට