තජුඩීන් ඝාතනයට සම්බන්ධ පීඑස්ඩී 4 ක් හඳුනාගනී: එකෙක් ලන්ඩන් පැනලා: රථය ගැන ශිරන්තිගෙන් ප්‍රශ්න නොකෙළේ ඇයි? ප්‍රගීත් කොටියා කළ ගෝඨාගේ ජඩමාධ්‍ය කාරයන් තජුඩීන්වත් කොටියෙක් කරයිද?
රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන ජනාධිපති ආරක්ෂක අංශයේ (පීඑස්ඩියේ) සිවුදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) ප්‍රකාශ කළ බව රාජ්‍ය මාධ්‍යයක් වූ දිණමින වාර්තා කරයි.
පීඑස්ඩී තිදෙනාගෙන් එක් අයකු මේ වනවිට ලන්ඩනයට පැන ගොස් ඇතැයි අනාවරණය කරගෙන ඇති අතර තාජුඩින්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ඉතාලියට පැන ගිය බවට සිදුකර තිබෙන ප්‍රකාශ අසත්‍යයක් බවද සීඅයිඩිය පවසා තිබේ.
ඝාතක ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයන් තිදෙනා මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින බවත් ඔවුන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත් එම තිදෙනා ඉදිරි සති දෙක තුළ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් සීඅයිඩිය දිනමිණට පවසා තිබේ.
ලන්ඩනයට පැන ගිය පුද්ගලයාට ශ්‍රී ලංකාවෙන් පැනයාම සඳහා හිටපු තානාපති නිලධාරියෙකු සහාය ලබාදී තිබෙන අතර එම තානාපති නිලධාරියාගේ ද වැරැදි කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු සිදු කෙරේ.
තාජුඩීන්ගේ මෘත ශරීරය හමු වූ ස්ථානයේ කිසිදු රිය අනතුරක් සිදු නොවූ බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර එම රථයේ ඉදිරිපස ගිනිබත් වුවද ඉන්ධන ටැංකියේ භාගයකටත් වඩා ඉන්ධන පිරී පැවැති බවට අනාවරණය කරගෙන ඇත. තාජුඩීන්ගේ මෘත ශරීරය රියදුරු අසුනේ නොව ඉදිරිපස අනෙක් අසුනේ තිබී ඇති අතර එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අනතුරක් සිදුවූ බවට සාක්ෂි නොවූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය කරුණු විකෘති කොට වාර්තාවක් ඉදිරිපත් කළාද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා යැයි දිනමිණ වාර්තාව පවසයි.
ගොඩගනු ලැබූ තාජුඩීන්ගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂා කිරීමට ලක් කෙරෙන අතර ඔහුගේ ශරීරයේ අස්ථිවලට සිදුවී ඇති හානි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කළ කරුණුවලට සමාන ද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරේ. මේ මරණයට පෙර ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන්ගේ ආපන ශාලාවේදි රැස්වී සාකච්ඡා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙන අතර තාජුඩීන්ගේ මරණය සම්බන්ධ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව එළඹෙන 10 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද දිණමිණ වැඩිදුරටත් වාර්තා කරයි.
මේ අතර තජුඩීන් ඝාතනයට යොදා ගත් රථය ශිරන්ති රාජපක්ෂ භාවිතා කළ රථයක් බව හෙලිවී තිබියදී ඒ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂගෙන් මෙතෙක් ප්‍රශ්න නොකෙළේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරති.
ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට හමුදා නිලධාරීන් සම්බන්ධ බව සීඅයිඩී පරීක්ෂණ වලින් හෙලිවෙද්දී ගෝඨාභය රාජපක්ෂගේ සට්ටැඹියන් වූ රුවන් ෆර්ඩිනැන්ඩස්, උවිඳු කුරුකුලසූරිය සහ සමන් ගමගේ ආදී ජඩමාධ්‍ය කාරයන් ප්‍රගීත් එක්නැලිගොඩ හදිසියේම කොටියෙක් කළ ආකාරයට තජුඩීන් ඝාතනයට පීඑස්ඩීය සම්බන්ධ බව හෙලිවෙද්දී තජුඩීන්වද කොටියෙක් කරන හැටි ජනතාව බලා සිටිති.