තට්ටම් ලොකු වෙයි - මාරයා අත වනයි..!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    තට්ටම් ලොකු වෙයි - මාරයා අත වනයි..!

    ලොව ප්‍රචලිත තට්ටම් විශාල කර ගැනීමේ ප්ලාස්ටික් සැත්කම් සදහා කාන්තාවන් බොහෝ සෙයින් යොමුවන අතර ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ඒ සම්බන්ධයෙන් හෙලිකළ පුවතක් හේතුවෙන් බොහෝ කාන්තාවන් කනස්සල්ලට හා කැළැඹීමට පත්ව ඇත.


    ඒ 29 හැවිරිදි ලියා කේබ්බ්‍රිජ් නැමැති තුර්කියේ වෙසෙන බ්‍රසීල කාන්තාවක් එලෙස තට්ටම් විශාල කර ගැනීමේ සැත්කමෙන් මරණයට පත්වීමත් සමගයි.

    දරුවන් ලැබීමත් සමග සිය උදරය පෙදෙස විශාල ලෙස එල්ලා වැටීමට ලක්ව ඇති අතර සිය සිරුරේ ස්වභාවය පිළිබඳ ලියා කනස්සලෙන් පසුව ඇත. රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස සේවය කරන ඇයට සිය සිරුර යලිත් පෙර තිබූ තත්වයට පත්කර ගැනීමට උවමනා වී ඇත.

    ඒ නිසාම ලියා "බ්‍රසීල ක්‍රමයට තට්ටම් විශාල කිරීමේ " (Brazilian butt lift -BBL) සායනයක් සඳහා යොමු ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    ඔහුගේ සැමියා වන 31 හැවිරිදි ස්කොට් ප්‍රෑන්ක් විදෙස් පුවත් පතකට පවසා ඇත්තේ ශල්‍ය කර්මයට ප්‍රථම නිර්වින්දක එන්නත එන්නත් කිරීමෙන් පසුව සිය බිරිඳට හෘදයාබාධ තුනක් ඇතිවී ඇති බවයි.

    තට්ටම් විශාල කිරීමේ මෙම ශල්‍යකර්මයේ දී ඇගේ උදරයේ පැවති මේදය ඉන් ඉවත් කොට පසු පෙදෙසට එන්නත් කර ඇත.

    තට්ටම් විශාල කිරීමේ රූපලාවණ්‍ය ශල්‍යකර්මයකදී මිය ගිය එකම කාන්තාව ලියා නොවන අතර ලන්ඩනයේ ජීවත් වූ 24 හැවිදිරි ජෝයි විලියම්ස් 2014 වසරේ තායිලන්තයේ දී තට්ටම් විශාල කර ගැනීමේ ශල්‍යකර්මයක් අතරතුර මිය ගියාය.

    කාන්තාවන් බොහෝ සෙයින් තට්ටම් විශාල කර ගැනීමට උත්සුක වන්නේ ජනප්‍රිය චරිතවල ශරීර ලක්ෂණ අනුගමනය කිරීමට ඇති කැමැත්ත නිසා බවද පැවසේ.

    උපුටා ගැනීම - www.her.lk