තට්ටමේ ගැටේ කෝ

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
තට්ටමේ ගැටේ කෝ

ආදරවන්ත සැමියන්ට බිරියන් හුඟක් ආදරේය. එවැනි බිරියක් කුඩු විකුණා හිරේ සිටින තම සැමියා බලන්නට ගියාය. ඒ නිකම්ම නොවේ. සැමියා කුඩු බීමට සමතෙකි. ඔහුට කුඩු නැතිවම බැරිය. බිරිය සැමියාට ගෙන යන කෑම පැකැට්ටුවේ තිබූ මාළු කැබැලි මැදට කුඩු දැමුවාය. එහෙත් හිරගෙදර සිටින ඇත්තන්ට එය අසුවිය. ගැහැනියක් නිසා ඇය හිරේ දැම්මේ නැත. ලොකු දඩයක් නියම විය.


තවත් ගැහැනියක් අපූරු වැඩක් සිය සැමියාට කළාය. මේ යකා හැමදාම බීගෙන පැමිණ ඇයට පහර දෙයි. ඉවසන්නම බැරි තැන දවසක් ඇය කළේ බීමත්ව පැමිණි සැමියා අල්ලා කඹයකින් බැඳ ඔහුගේ සිරුරට ගිනි තැබීමය. බරපතළ තුවාල ලැබූ ඔහු දැන් ඉන්නේ රෝහලේය.
අපූරු සිද්ධියක් චීනයේ සිදු වී තිබේ. මෙය "මව්බිම" විදේශ විත්ති පිටුවේ පළවූ පුවතකි. තම බිරිය සමඟ අවකල් ක්‍රියාවේ යෙදුණු 6 දෙනෙක්ම මරා මරණ දඬුවමට නියම වූ චීනෙක් ගැන එහි පළ විය. මේ චීනාට කරන්නට තිබුණේ බිරිය සමඟ අනඟ රැඟුම්වල යෙදුණු 6 දෙනා මරා දැමීම නොව වැරැදි ක්‍රියාව කළ තම බිරිය මරා දැමීමය. එහෙත් ඔහු චීනුන් හය දෙනෙක් මරා දැන් මරණ දඬුවමට ලක්වී සිටී.


ගැහැනුන් නිසා අමාරුවේ වැටුණු මිනිස්සු ඕනෑ තරම් සිටිති. ඒ වගේම මිනිස්සුන් නිසා අමාරුවේ වැටුණු ගැහැනුද සිටිති.
මාතර පැත්තේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ යුවළක් සිටියහ. බිරියගේ නැඟණිය සැමියාගෙන් දික්කසාද වී තනිවම වෙසෙයි. සැමියාට ඇය ගැන දුකය.
"අර නංගිට කියන්නකෝ තනියෙන් ඉන්නේ නැතිව මෙහාට ඇවිල්ලා ඉන්න කියලා" සැමියා දිනක් බිරියට කීවාය.


"ඔයාට නංගි ගැන අදහසක් ඇවිල්ලද?".
"අනේ නෑ. ඔයාගේ නංගි මගෙත් නංගිනේ."
සැමියාගේ ඉල්ලීම අනුව බිරිය නැඟණිය තම නිවෙසට ගෙන ආවාය.
ටික දිනක් ගත විය. සැමියා තම නැඟණියට විශේෂ සැලකිලි දක්වන බව බිරියට පෙනී ගියාය.
"මේ නංගී මෙහේ ඉන්නවා නම් මම කියන විදියට ඉන්න ඕනෑ. අයියත් එක්ක වැඩි කතා බහට යන්න එපා".
"මම කරන කතා බහක් නෑ. අයියනේ මට කතා කරන්නේ".
එයා මොනවද කතා කරන්නේ.


"දන්නේ නැද්ද? ගෑනු පිරිමි කතා?".
වැඩි දිනක් ගියේ නැත. දිනක් බිරිය පිටතට ගොස් එන විට තම සැමියා නැඟණිය සමඟ එකට සිටින අයුරු ඇයට පෙනිණ. දික්කසාද නංගී දැන් තම සැමියාගේ බිරියයි. සැමියාගෙන් වෙන් වීමට බිරිය දැන් දික්කසාද නඩුවක් පවරා ඇත.
ගැහැනුන්ගේ සහ මිනිසුන්ගේ ලිංගික ප්‍රශ්න නිසා පවුල් අවුල් වීම නිතර සිදුවේ. එක්කෝ සැමියා තව කාන්තාවක සමඟ සම්බන්ධ වෙලාය. නැත්නම් බිරිය වෙනත් මිනිසකු සමඟ සම්බන්ධ වෙලාය. මේ දෙගොල්ලන්ට සිදු වී තිබෙන්නේ කුමක්ද?
නුගේගොඩ පැත්තේ පවුලක් ජීවත් වෙයි. ඔවුන්ට කුඩා දරුවකුද සිටී. බිරිය රැකියාවක් කරයි. සැමියාට රැකියාවක් නැත.


"ඔයාට රස්සාවක් හොයා ගන්න වුවමනාවක් නැද්ද?".
"ඔයා කරන රස්සාව අපිට මදිද?".
"ගැහැනුන්ගෙන් ජීවත් වෙන්න ඔයාට ලැජ්ජා නැද්ද?".
රැකියාවට යන බිරිය ගැන සැමියාට අලුත් ආරංචියක් ලැබුණේය. ඇය සිය කාර්යාලයේ කෙනකු සමඟ අනිසි සබඳතාවක් පවත්වන බව එම පුවතයි.
"කමක් නෑ. එයා මාවත් නඩත්තු කරනවානේ" සැමියා හිත හදා ගත්තේය.
වැඩි දිනක් ගත වූයේ නැත. දිනක් මෝටර් රථයකින් පුරුෂයකු කැඳවා ගෙන සිය බිරිය නිවෙසට ආවාය.
"මට කලින් හඳුන්නලා දෙන්න බැරි වුණා. මේ ඉන්නේ ජගත්. එයා අපේ ඔෆීස් එකේ ලොක්කා".


ඊට පසු ලොක්කා එහි නතර විය. දැන් ඇය දෙන්නගේම අඹුවය.
මහරගම පැත්තේ පළාත් සභා මන්ත්‍රි කෙනකු සිටී. ඔහුගේ බිරිය එතරම් ලස්සන නැත. ඒ ගෙදර සිටින මෙහෙකාරිය ඉතා ලස්සනය.
ඇය පැමිණි පසු සැමියාගේ ආදරය අඩු වී ඇතැයි බිරියට සිතිණි.
"හරි රස්නෙයි මම එහා කාමරයට යන්නම්" කියා සැමියා තමා සමඟ නිදාගන්නේ නැතිව අල්ලපු කාමරයට යෑම බිරියට ඇල්ලුවේ නැත. සැමියා මේ යන්නේ කුස්සි කාමරයේ සිටින මෙහෙකාරිය හමුවීමට බව ඇයට සිතිණි.

"සීතා අද ඔයා මගේ කාමරයට යන්න මම ඔයාගේ කාමරයේ ඉන්නම්."
ඒ අනුව දෙන්නා කාමර මාරු කර ගත්හ.
මෙය නොදන්නා මන්ත්‍රිතුමා මෙහෙකාරියගේ කාමරයට ගියේය.
අතපත ගගා සිටින විට ඔහුට වෙනසක් දැනිණි.
"කෝ සීතා ඔයාගේ තට්ටමේ තිබුණු ගැටේ".
මෙහෙකාරිය ලෙස සිටින බිරිය අසූහාර දාහට නැග්ගාය.
ගැටේ මේ බලනවා ගැටේ ඇය බිත්තියේ වූ විදුලි සුවීචය දැම්මාය. කාමරය එළිය විය. නිරුවතින්ම කාමරයෙන් පැනගත් සැමියා තවමත් ගෙදර ආවේද නැතිලු.
 
  • Like
Reactions: Jolly_Roger

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    මහරගම පැත්තේ පළාත් සභා මන්ත්‍රි කෙනකු සිටී. ඔහුගේ බිරිය එතරම් ලස්සන නැත. ඒ ගෙදර සිටින මෙහෙකාරිය ඉතා ලස්සනය.
    ඇය පැමිණි පසු සැමියාගේ ආදරය අඩු වී ඇතැයි බිරියට සිතිණි.
    "හරි රස්නෙයි මම එහා කාමරයට යන්නම්" කියා සැමියා තමා සමඟ නිදාගන්නේ නැතිව අල්ලපු කාමරයට යෑම බිරියට ඇල්ලුවේ නැත. සැමියා මේ යන්නේ කුස්සි කාමරයේ සිටින මෙහෙකාරිය හමුවීමට බව ඇයට සිතිණි.

    "සීතා අද ඔයා මගේ කාමරයට යන්න මම ඔයාගේ කාමරයේ ඉන්නම්."
    ඒ අනුව දෙන්නා කාමර මාරු කර ගත්හ.
    මෙය නොදන්නා මන්ත්‍රිතුමා මෙහෙකාරියගේ කාමරයට ගියේය.
    අතපත ගගා සිටින විට ඔහුට වෙනසක් දැනිණි.
    "කෝ සීතා ඔයාගේ තට්ටමේ තිබුණු ගැටේ".
    මෙහෙකාරිය ලෙස සිටින බිරිය අසූහාර දාහට නැග්ගාය.
    ගැටේ මේ බලනවා ගැටේ ඇය බිත්තියේ වූ විදුලි සුවීචය දැම්මාය. කාමරය එළිය විය. නිරුවතින්ම කාමරයෙන් පැනගත් සැමියා තවමත් ගෙදර ආවේද නැතිලු.
    :rofl::rofl::rofl::rofl: