තට්‌ටය පෑදීමට පිළියමක්‌

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    තට්‌ටය පෑදීමට පිළියමක්‌

    තට්‌ටය පෑදීමට පිළියමක්‌


    suwa2-1.jpg


    හිස කෙස්‌ වර්ධනය කළ හැකි සම් පටකය නිපද වූ පර්යේෂකයින්ට අනුව එම පටකය මත මීයන්ගේ සම මතුපිට වර්ධනය වන ආකාරයෙන්ම ස්‌වාභාවික හිස කෙස්‌ වර්ධනය වේ.

    මෙම සම් පටකය බෙහෙත් වර්ග අත්හදා බැලීමේ දී සුපිරි මොඩලයක්‌ වනවා මෙන්ම සමෙහි පිළිකා ඇති වන ආකාරය නිරීක්‌ෂණය කළ හැකි මාධ්‍යයක්‌ ලෙසද යොදා ගත හැකි බව මහාචාර්ය කොයෙලර්ගේ මතයයි

    හිස කෙස්‌ හැලී යැම නිසා හිසෙහි තට්‌ටය පෑදීම පිරිමින් තුළ වැඩි වශයෙනුත්, කාන්තාවන් තුළ සුළු වශයෙනුත් දැකිය හැකි තත්ත්වයකි. මෙම තත්ත්වය තරුණ මෙන්ම වැඩිහිටි පිරිමින් අතර සුලබව දක්‌නට ලැබෙන අතර මෙය බොහෝ දෙනා හට මානසික වදයක්‌ ගෙන දෙන තත්ත්වයක්‌ බවට පත්ව ඇති බව නොරහසකි.

    මෙසේ තට්‌ටය පෑදුනු අයට සහනයක්‌ ගෙන දීම සඳහා හිස කෙස්‌ වර්ධනය වන සමක්‌ (හෙයාරි ස්‌කින්) විද්‍යාගාරයක්‌ තුළ නිපදවීමට ඇමරිකා එක්‌සත් ජනපදයේ ඉන්ඩියානා පොලිස්‌ විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්‌ විසින් සමත්ව තිබේ.

    මෙහිදී පර්යේෂකයින් විසින් හිස කෙස්‌ වර්ධනය වන ආකාරයේ උඩු හා යටි තට්‌ටු වශයෙන් සම් පටකයක්‌ නිර්මාණය කර ඇත්තේ මීයන්ගේ ප්‍රාථමික (ස්‌ටෙම්) සෛල භාවිත කරමිනි.

    මෙසේ විද්‍යාගාරය තුළ මාධ්‍යයක්‌ තුළ නිපදවා ඇති හිසකේ වර්ධක සම් පටකය ස්‌වභාවික හිස කෙස්‌වලට සමීප සබඳතාවක්‌ පෙන්නුම් කිරීම නිසා දැනට තට්‌ටය පෑදීම සම්බන්ධව ප්‍රතිකාර කිරීම සඳහා සිදු කෙරෙන බෙහෙත් ප්‍රතිකාරවලදී අත්හදා බැලීම් සඳහා යොදා ගත හැකි බව එම පර්යේෂකයෝ කියා සිටිති.

    වසර ගණනාවක්‌ පවතින හිස කෙස්‌ හැලී ගොස්‌ තට්‌ටය පෑදීමේ තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා සොයා ගෙන ඇති ඉතාමත් ඵලදායී අනාගත ප්‍රතිකාරයක්‌ ලෙස ප්‍රාථමික (ස්‌ටේම්) සෛල ප්‍රතිකාරය හැඳින්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

    මේ වනවිට හිස කෙස්‌ වර්ධනය කිරීමේ අරමුණින් සම් පටකයක්‌ නිර්මාණය කිරීමේ ක්‍රමයන් රැසක්‌ අත්හදා බලා ඇතත් එම කිසිදු ක්‍රමයකට ස්‌වාභාවිකව හිස කෙස්‌a වර්ධනය කිරීමේ හැකියාවක්‌ නොමැති බව අනාවරණය වී තිබේ.

    සාමාන්‍යයෙන් සම සෛල වර්ග 20 ක්‌ හෝ එයට වැඩි ප්‍රමාණයකින් සමන්විත වන අතර මෙතෙක්‌ නිපදවා ඇති සම් පටකවල අඩංගුව ඇත්තේ එම සෛල වර්ග පහක්‌ හෝ හයකි.

    ප්‍රාථමික (ස්‌ටේම්) සෛල භාවිතයෙන් සැබෑ ඉන්ද්‍රියවයන් (ඕගනොයිඩ්ස්‌) කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කිරීමට මුලින්ම පෙළඹී ඇත්තේ මහාචාර්ය කාල් කොයෙලර්ය.

    මහාචාර්ය කොයෙලර් සම් පටක නිපදවීමට යොදා ගන්නා ස්‌ටේම් න්‍යායාත්මක වශයෙන් කුමන හෝ ඉන්ද්‍රියයක්‌ බවට පත් කිරීමේ හැකියාවක්‌ ඇති තත්ත්වයේ ඒවාය. ඔහු කුඩා ප්‍රමාණයන්ගෙන් අභ්‍යන්තර කතක්‌ නිර්මාණය කර ඒ හරහා බිහිරි බවට ප්‍රතිකාරයක්‌ සොයා ගැනීමටද සැලසුම් කර ඇත.

    හිස කෙස්‌ වර්ධනය කළ හැකි සම් පටකය නිපද වූ පර්යේෂකයින්ට අනුව එම පටකය මත මීයන්ගේ සම මතුපිට වර්ධනය වන ආකාරයෙන්ම ස්‌වාභාවික හිස කෙස්‌ වර්ධනය වේ.

    මෙම සම් පටකය බෙහෙත් වර්ග අත්හදා බැලීමේ දී සුපිරි මොඩලයක්‌ වනවා මෙන්ම සමෙහි පිළිකා ඇති වන ආකාරය නිරීක්‌ෂණය කළ හැකි මාධ්‍යයක්‌ ලෙසද යොදා ගත හැකි බව මහාචාර්ය කොයෙලර්ගේ මතයයි.

    ඒමන්ති මාරඹේ