Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තණ්හාව නසන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තණ්හාව නසන හැටි

තණ්හාව නසන හැටි

මිනිස්සු බොහෝ දේ පොදි බඳිති රොඳ බදිති. ඒ පොඳි බඳින - රොද බඳින දේවල් වෙනස් වනවිට ඔවුහු දුකටත් සංකාවටත් පත් වෙති.

“ජීවිතයට ළඟාවෙන සියල්ල සදාකාලික නොවේ.” යන අදහසින් කිසිවෙක් කිසිවක් භාර නොගනි. “ළං වන සෑම දේ සදාකාලිකය” යන ‘මනෝ බැම්මෙන්’ භාර ගත්විට ඒවා වෙනස් වන වාරයක් පාසා දුක හට ගනී. අතීතය ස්මරණය කරමින් දුකට පත් වෙති.

“එයා ඉස්සර මෙහෙම නෙවෙයි. දැන් එය වෙනස් වෙලා” යනුවෙන් ඔබම කියනු ඇත. යථාවබෝධය යනු සියලු දේ වෙනස් වන බව දැන, සියල්ල දුක් සහිත බව දැන, ඇසුරු මිතුරු කිරීමයි. වෙනස් වන දෙයක් ඔබ සදාකාලික වශයෙන් භාර ගත්ත ද සදාකාලික බවක් ඔබට සිතුන ද ඒවා ක්ෂණයෙන් වෙනස් වී යයි.

මෙය අවබෝධ කරගෙන ජීවන දර්ශනය ගොඩනඟා ගැනීම බෞද්ධ ප්‍රතිපදාවයි. එවැනිහුට නිවන් මාර්ගය දුර නොවෙයි.

ඔබේ දරුවන් යම් දවසක වෙනස් වෙනවා. සැමියා බිරිඳ වෙනස් වෙනවා. ඔබේ ගේ දොර ඉඩකඩම් වෙනස් වෙනවා. ඒ දේවල් වෙනස් වීමෙන් ඔබ්බට විනාශ වීමටත් පිළිවන. ඔබ මේවා ස්ථිර වශයෙන් ගතහොත් මමය, මගේය වශයෙන් ගතහොත් එහි ඇත්තේ දැඩි බැඳීමකි. මේ දැඩි බැඳීම තණ්හාව, ආශාව ඔස්සේ දිවෙයි. බුද්ධ දේශනාව පුරාම ඇත්තේ මේ තණ්හාව, ආශාව කඩා ගන්නා මාර්ගයයි. එය සරලව ඔබ වෙත ගෙනෙන්නට අපි අදහස් කළෙමු.

තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් මඟට යොමු වූවකි. ඒ ධර්මයට අනුව වැඩ කරන්නා වූ සියලු මනුෂ්‍යයන්ට, සියලු දෙවියන්ට මේ මඟට බැස කටයුතු කළ හැකි වෙයි. ආර්ය මාර්ගය, නිවන් මාර්ගය, විශුද්ධි මාර්ගය ආදී නම්වලින් හඳුන්වනු ලබන්නේ මේ නිවන් මඟයි.

ඔබ දාන, සීල, භාවනා වශයෙන් කරනු ලබන පුණ්‍යක්‍රියා නිවන් සුව පතා කරන බැවින් එය නිවනට ආනුයාත වේ.

බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් පෙර ජාතිවල එකී පුණ්‍යක්‍රියා සිදු කරන ලද බව ජාතක කතා පොත හා පැරැණි බණ පොත් විමර්ශනයෙන් පෙනී යයි. මතු බුදුබව පතා බෝධිසත්වයන් තම ජීවිතය, දූ දරුවන් පවා දන් දුන් ආකාරය අපට හඳුනාගත හැකිවේ.

එවැනි උතුම් මාර්ගයක් තුළින් බුදුවරුන්, පසේ බුදුවරුන්, මහරහත් උතුමන් තම අරමුණට මාර්ගය සූදානම් කරගත් ආකාරය බෞද්ධයන් කල්පනා කළ යුතුය.

මේ නිසා ධර්ම ශාලාවේ භාවනා කරන ගමන් වත්තේ රඹුටන් ගසට, අඹගසට ලොබ බැඳගෙන නිවන් සෙවීම දුෂ්කර බව ඔබ මතක තබා ගන්න. නිවන් මාර්ගයට යන්නා අතහැරීම පුහුණු කළ යුඅතුය. මමය, මගේය බැම්මෙන් මිදිය යුතුය.

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ ධර්ම අට නිවනට අවශ්‍ය කරුණු අටකි. මේ කරුණු අට නොමැතිව ලැබෙන නිවනක් නැත. මෙය එක සිතක පහළ විය යුතුය.

එනම් උතුම් වූ නුවණ, උතුම් අදහස්, උතුම් වචන, උතුම් වැඩ කටයුතු, උතුම් ආජීවය, උතුම් උත්සාහය, උතුම් සතිය, උතුම් සිතේ තැන්පත්කමයි.

යමෙක් දානාදී පින්කමක් කරන කල්හි මේ කාරණා අට සිතක පහළ වෙන්නේ කෙසේද, ඒ සඳහා කරන පින්කම පැහැදීමෙන් හා නුවණින් යුතුවම කළ යුතුය. එවිට ඉහත කී අෂ්ට ධර්මයෝ පහළ වේ. සිත පිරිසිදුවට කරන සියලු යහපත් දේවලට නුවණ සම්බන්ධ කර ගැනීමෙන් ඉහත ධර්ම අට පහළ වන අතරම ත්‍රිහේතුක ලක්ෂණය ද උපදී. මේ ත්‍රිහේතුක ලක්ෂණය වනාහි අලෝභය, අදෝෂය හා අමෝහය යි. උත්තරීතර පින්කමක්, මහා පින්කමක් වන්නේ ඉහත කාරණාවලින් සමන්විත පින්කමටයි.

සමහරු පහන් ලක්ෂ ගණන් පූජා කළත්, මල් කොපමණ පූජා කළත්, මධුර ප්‍රණීත දානය සියදහස් නමට පූජා කළත් අලෝභය, අදෝෂය, අමෝහය නැත. ඇත්තේ ලෝභ, ද්වේෂ, මෝහයයි. එවැන්නන්ට නිවනක් සෙවීම දුෂ්කරය. ලෞකික වරප්‍රසාද සැප සම්පත්ති හිමිකම ලැබිය හැකිය.

බෝධි පූජාවක් නිවන් පතා සිද්ධ කරන්නේ කවුද? ඇතැම්හු දින 7, දින 14, දින 21 වශයෙන් ගෙන එක දිගට බෝධි පූජා සිද්ධ කරති. මේ බොහෝ දෙනා බෝධියට නානාවිධ දෑ පූජා කරති. නමුත් දින 100ක් බෝධි පූජා තැබුව ද එකදු දිනකවත් නිවනක්, නිවීමක්, සසරින් එතෙරවීමක් අපේක්ෂා නොකරති. පින්කම් අවසානයේ ප්‍රාර්ථනා කරන්නේ රැකියා සාර්ථක වීමය. විභාග සමර්ථ වීමය. නඩු ජය ගැනීමය. විවාහ සාර්ථක වීමය. අපල දුරුවීමය. ලෙඩ සුවපත් වීමය ආදී භෞතික ලෝකයේ ප්‍රාර්ථනා ගොඩකි. බෝධිය පුරා, පන්සලේ වැටවල් පුරා ලියා එල්වන්නේ ද එය මැය. ඒ අනුව බලන කල පෘථග්ජනයෝ කිසිවෙක් සසරින් එතෙර වීම පතා එය කළ බවට කොඩියක් ඒ එල්ගක තැනෙක පෙන්වා නැත.

සියල්ල ලෝභය, ද්වේෂය, මෝහය නිසා කරන ලද්දකි. එම නිසා ඔබ කරන පින්කම් හැමවිටම ලෝභය නැති, ද්වේෂය නැති, මෝහය නැති පින්කමක් බවට පෙරළා ගන්න. සිතට එන හැම අරමුණක්ම විමර්ශනය කරන්න. ඔබේ සිත අරමුණු සියයකට වෙන් කළොත් අරමුණු කීයක් ලෝභ සිත් ද? ද්වේෂයට කීයක් ද? මෝහ අරමුණු කීයක් ද? ඔබ පින්කළත්, පවු කළත් දෙකම ඊට අයත් ඇති. එහෙනම් ඔබේ කිළිටි ස්වභාවය පැහැදිලි නේද? ඔබ සිතින් සිතමින් පිරිසිදු වෙන්න. සිත පිරිසිදු කර ගන්නට උත්සාහ කරන්න.

අලෝභයෙන්, අදෝෂයෙන්, අමෝහයෙන් කරන පින්කමෙන් සීලය වැඩෙයි. සමාධිය වැඩෙයි. ප්‍රඥාව වැඩෙයි. නිවන් මඟ එයමැයි. මුළු බුදුදහමම මේ කියන සීල, සමාධි, ප්‍රඥාවට යටත් බව මතක තබා ගන්න.

දැන් ලෝකයේ වාසය කරන ප්‍රඥාවන්තයෝ තම සිතේ පැහැදීම ඇති කරගෙන මේ ධර්මය සොයන්නට පටන්ගෙන තිබේ. මේ ධර්මය ඇත්තේම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය තුළය. එය සොයා ගැනීම සඳහාම සිත මෙහෙයවන්න. පංචශීල ප්‍රතිපත්තියට යටත් වෙන්න. ඔබට නිවන් දොරටු ඇරේවි.

සටහන : අසංක ආටිගල

[QUOTE="araki, post: 22811269, member: 360239"] [b]තණ්හාව නසන හැටි[/b] [B][SIZE=4]තණ්හාව නසන හැටි[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4]මිනිස්සු බොහෝ දේ පොදි බඳිති රොඳ බදිති. ඒ පොඳි බඳින - රොද බඳින දේවල් වෙනස් වනවිට ඔවුහු දුකටත් සංකාවටත් පත් වෙති. “ජීවිතයට ළඟාවෙන සියල්ල සදාකාලික නොවේ.” යන අදහසින් කිසිවෙක් කිසිවක් භාර නොගනි. “ළං වන සෑම දේ සදාකාලිකය” යන ‘මනෝ බැම්මෙන්’ භාර ගත්විට ඒවා වෙනස් වන වාරයක් පාසා දුක හට ගනී. අතීතය ස්මරණය කරමින් දුකට පත් වෙති. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_0e3f64696b.jpg[/IMG] “එයා ඉස්සර මෙහෙම නෙවෙයි. දැන් එය වෙනස් වෙලා” යනුවෙන් ඔබම කියනු ඇත. යථාවබෝධය යනු සියලු දේ වෙනස් වන බව දැන, සියල්ල දුක් සහිත බව දැන, ඇසුරු මිතුරු කිරීමයි. වෙනස් වන දෙයක් ඔබ සදාකාලික වශයෙන් භාර ගත්ත ද සදාකාලික බවක් ඔබට සිතුන ද ඒවා ක්ෂණයෙන් වෙනස් වී යයි. [/SIZE] [SIZE=4]මෙය අවබෝධ කරගෙන ජීවන දර්ශනය ගොඩනඟා ගැනීම බෞද්ධ ප්‍රතිපදාවයි. එවැනිහුට නිවන් මාර්ගය දුර නොවෙයි. [/SIZE] [SIZE=4]ඔබේ දරුවන් යම් දවසක වෙනස් වෙනවා. සැමියා බිරිඳ වෙනස් වෙනවා. ඔබේ ගේ දොර ඉඩකඩම් වෙනස් වෙනවා. ඒ දේවල් වෙනස් වීමෙන් ඔබ්බට විනාශ වීමටත් පිළිවන. ඔබ මේවා ස්ථිර වශයෙන් ගතහොත් මමය, මගේය වශයෙන් ගතහොත් එහි ඇත්තේ දැඩි බැඳීමකි. මේ දැඩි බැඳීම තණ්හාව, ආශාව ඔස්සේ දිවෙයි. බුද්ධ දේශනාව පුරාම ඇත්තේ මේ තණ්හාව, ආශාව කඩා ගන්නා මාර්ගයයි. එය සරලව ඔබ වෙත ගෙනෙන්නට අපි අදහස් කළෙමු. [/SIZE] [SIZE=4]තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් මඟට යොමු වූවකි. ඒ ධර්මයට අනුව වැඩ කරන්නා වූ සියලු මනුෂ්‍යයන්ට, සියලු දෙවියන්ට මේ මඟට බැස කටයුතු කළ හැකි වෙයි. ආර්ය මාර්ගය, නිවන් මාර්ගය, විශුද්ධි මාර්ගය ආදී නම්වලින් හඳුන්වනු ලබන්නේ මේ නිවන් මඟයි. [/SIZE] [SIZE=4]ඔබ දාන, සීල, භාවනා වශයෙන් කරනු ලබන පුණ්‍යක්‍රියා නිවන් සුව පතා කරන බැවින් එය නිවනට ආනුයාත වේ. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3b048bc8dd.jpg[/IMG] බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් පෙර ජාතිවල එකී පුණ්‍යක්‍රියා සිදු කරන ලද බව ජාතක කතා පොත හා පැරැණි බණ පොත් විමර්ශනයෙන් පෙනී යයි. මතු බුදුබව පතා බෝධිසත්වයන් තම ජීවිතය, දූ දරුවන් පවා දන් දුන් ආකාරය අපට හඳුනාගත හැකිවේ. එවැනි උතුම් මාර්ගයක් තුළින් බුදුවරුන්, පසේ බුදුවරුන්, මහරහත් උතුමන් තම අරමුණට මාර්ගය සූදානම් කරගත් ආකාරය බෞද්ධයන් කල්පනා කළ යුතුය. [/SIZE] [SIZE=4]මේ නිසා ධර්ම ශාලාවේ භාවනා කරන ගමන් වත්තේ රඹුටන් ගසට, අඹගසට ලොබ බැඳගෙන නිවන් සෙවීම දුෂ්කර බව ඔබ මතක තබා ගන්න. නිවන් මාර්ගයට යන්නා අතහැරීම පුහුණු කළ යුඅතුය. මමය, මගේය බැම්මෙන් මිදිය යුතුය. [/SIZE] [SIZE=4]සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ ධර්ම අට නිවනට අවශ්‍ය කරුණු අටකි. මේ කරුණු අට නොමැතිව ලැබෙන නිවනක් නැත. මෙය එක සිතක පහළ විය යුතුය. [/SIZE] [SIZE=4]එනම් උතුම් වූ නුවණ, උතුම් අදහස්, උතුම් වචන, උතුම් වැඩ කටයුතු, උතුම් ආජීවය, උතුම් උත්සාහය, උතුම් සතිය, උතුම් සිතේ තැන්පත්කමයි. [/SIZE] [SIZE=4]යමෙක් දානාදී පින්කමක් කරන කල්හි මේ කාරණා අට සිතක පහළ වෙන්නේ කෙසේද, ඒ සඳහා කරන පින්කම පැහැදීමෙන් හා නුවණින් යුතුවම කළ යුතුය. එවිට ඉහත කී අෂ්ට ධර්මයෝ පහළ වේ. සිත පිරිසිදුවට කරන සියලු යහපත් දේවලට නුවණ සම්බන්ධ කර ගැනීමෙන් ඉහත ධර්ම අට පහළ වන අතරම ත්‍රිහේතුක ලක්ෂණය ද උපදී. මේ ත්‍රිහේතුක ලක්ෂණය වනාහි අලෝභය, අදෝෂය හා අමෝහය යි. උත්තරීතර පින්කමක්, මහා පින්කමක් වන්නේ ඉහත කාරණාවලින් සමන්විත පින්කමටයි. [/SIZE] [SIZE=4]සමහරු පහන් ලක්ෂ ගණන් පූජා කළත්, මල් කොපමණ පූජා කළත්, මධුර ප්‍රණීත දානය සියදහස් නමට පූජා කළත් අලෝභය, අදෝෂය, අමෝහය නැත. ඇත්තේ ලෝභ, ද්වේෂ, මෝහයයි. එවැන්නන්ට නිවනක් සෙවීම දුෂ්කරය. ලෞකික වරප්‍රසාද සැප සම්පත්ති හිමිකම ලැබිය හැකිය. [/SIZE] [SIZE=4]බෝධි පූජාවක් නිවන් පතා සිද්ධ කරන්නේ කවුද? ඇතැම්හු දින 7, දින 14, දින 21 වශයෙන් ගෙන එක දිගට බෝධි පූජා සිද්ධ කරති. මේ බොහෝ දෙනා බෝධියට නානාවිධ දෑ පූජා කරති. නමුත් දින 100ක් බෝධි පූජා තැබුව ද එකදු දිනකවත් නිවනක්, නිවීමක්, සසරින් එතෙරවීමක් අපේක්ෂා නොකරති. පින්කම් අවසානයේ ප්‍රාර්ථනා කරන්නේ රැකියා සාර්ථක වීමය. විභාග සමර්ථ වීමය. නඩු ජය ගැනීමය. විවාහ සාර්ථක වීමය. අපල දුරුවීමය. ලෙඩ සුවපත් වීමය ආදී භෞතික ලෝකයේ ප්‍රාර්ථනා ගොඩකි. බෝධිය පුරා, පන්සලේ වැටවල් පුරා ලියා එල්වන්නේ ද එය මැය. ඒ අනුව බලන කල පෘථග්ජනයෝ කිසිවෙක් සසරින් එතෙර වීම පතා එය කළ බවට කොඩියක් ඒ එල්ගක තැනෙක පෙන්වා නැත. [/SIZE] [SIZE=4]සියල්ල ලෝභය, ද්වේෂය, මෝහය නිසා කරන ලද්දකි. එම නිසා ඔබ කරන පින්කම් හැමවිටම ලෝභය නැති, ද්වේෂය නැති, මෝහය නැති පින්කමක් බවට පෙරළා ගන්න. සිතට එන හැම අරමුණක්ම විමර්ශනය කරන්න. ඔබේ සිත අරමුණු සියයකට වෙන් කළොත් අරමුණු කීයක් ලෝභ සිත් ද? ද්වේෂයට කීයක් ද? මෝහ අරමුණු කීයක් ද? ඔබ පින්කළත්, පවු කළත් දෙකම ඊට අයත් ඇති. එහෙනම් ඔබේ කිළිටි ස්වභාවය පැහැදිලි නේද? ඔබ සිතින් සිතමින් පිරිසිදු වෙන්න. සිත පිරිසිදු කර ගන්නට උත්සාහ කරන්න. [/SIZE] [SIZE=4]අලෝභයෙන්, අදෝෂයෙන්, අමෝහයෙන් කරන පින්කමෙන් සීලය වැඩෙයි. සමාධිය වැඩෙයි. ප්‍රඥාව වැඩෙයි. නිවන් මඟ එයමැයි. මුළු බුදුදහමම මේ කියන සීල, සමාධි, ප්‍රඥාවට යටත් බව මතක තබා ගන්න. [/SIZE] [SIZE=4]දැන් ලෝකයේ වාසය කරන ප්‍රඥාවන්තයෝ තම සිතේ පැහැදීම ඇති කරගෙන මේ ධර්මය සොයන්නට පටන්ගෙන තිබේ. මේ ධර්මය ඇත්තේම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය තුළය. එය සොයා ගැනීම සඳහාම සිත මෙහෙයවන්න. පංචශීල ප්‍රතිපත්තියට යටත් වෙන්න. ඔබට නිවන් දොරටු ඇරේවි. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]සටහන : අසංක ආටිගල[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom