තත්පරයට බැටරි චාජ් කරයි

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    තත්පරයට බැටරි චාජ් කරයි

    උපුටා ගැනීම ඉරිදා ලංකාදීප.:yes::yes::yes::yes:

    24(33).jpg


    23(34).jpg


    තත්පරයකින් ආරෝපණය කළ හැකි වියළි කෝෂ වර්ගයක් නිපදවීමට ඇමරිකාවේ ඉලිනොයි විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

    සාමාන්‍යය වියළි කෝෂයේ අභ්‍යන්තර ව්‍යුහය වැඩිදියුණු කර මේ නව වර්ගය නිපදවා තිබේ.ව්‍යුහය වැඩි දියුණු කළේ යැයි කියා කෝෂයේ ප්‍රමාණයේ වෙනසක් සිදුවී නොමැත.මේ වියළි කෝෂ දැනට භාවිතයේ පවතින ඒවාට වඩා දෙතුන් ගුණයකින් බලයෙන්ද වැඩි බව පර්යේෂකයන් පවසයි.

    ‘‘සාමාන්‍ය වියළි කෝෂ වල තියෙන ගැටලූව මොකක්ද?..ආරෝපණය ඉතිරි කර ගන්න ඕන නම් ඉතින්

    වැඩිය පාවිච්චි කරන්න බැහැ.ඒ නිසා අපි ගොඩක් දෙනා පුරුදුවෙලා ඉන්නේ අඩුවෙන් පාවිච්චි කරන්න.මොකද වැඩියෙන් පාවිච්චි කරලා නැවත නැවත ආරෝපණය කරන්න ගියහම නාස්ති වෙන්නේ අපේ කාලය.මේ නව වියළි කෝෂයේ ඒ ගැටලූ නැහැ.ආරෝපණය කරන්න යන්නේ තත්පරයයි.බලයත් වැඩියි.මෙච්චර කල් දුරකථන පරිගණක ආදිය දියුණු කරාට කවුරුවත් වියළි කෝෂ දියුණු කරන්න උත්සාහ කරේ නැහැ.දැන් ඒකත් හරි.ඉස්සරහට නිශ්පාදකයන්ට තව තව අංග ඔවුන්ගේ නිශ්පාදන වලට එක් කරන්න මේ නිසා හැකිවේවි‘‘යි පවසන්නේ පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ විලියම් කින්ග්ය.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    විදුලි බල මන්ඩලේට බැරිද බන් ඔයි දෙක තුනක් දෙන්න.. ඒකත් වියලි කොශයක් තමා.. තෙත් වෙන්නෙම නැති පාටයි..