තත්පර 15න් තුවාල සුව කරයි

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
තත්පර 15න් තුවාල සුව කරයි

තුවාලයක් තත්ත්පර 15 වැනි කාලයදී සුවපත් කිරීමේ සමත් යැයි පැවසෙන අමුතුම ආකාරයේ සිරින්ජයක් ඇමරිකාවේ රෙව්මෙඩෙක්ස් නම් සමාගම නිපදවා තිබේ.

මෙම සිරින්ජයේ අන්තර්ගත වන්නේ විශේෂයෙන් සකස් කළ ඉතා කුඩා ප්‍රමාණයේ ස්පොන්ජය සියගණනකි.තුවාළයක් සිදුවූ විට එහි මුවවිටට සිරින්ජය තබා ‘එන්නත්‘ කළ විට එහි වන මේ ස්පෝන්ජය තුවාලය මත පතිතවී ප්‍රසාරණය වේ.එවිට තුවාලය බාහිර පරිසරයෙන් ආවරණය වනවා සේම මෙම ස්පෝන්ජයේ අන්තර්ගත වන රුධිර කැටිගැසුම්කාරයක ක්‍රියාකාරීත්වය නිසා රුධිරය කැටි ගැසී රුධිර වහනයද නැවතේ.

මෙය නිර්මාණය කර ඇත්තේ යුද බිමේ තුවාල ලබන භටයින් ඉලක්ක කරගෙනය.වෙඩි වැදී සිදුවන බරපතල ගණයේ තුවාල වලින් රුධිර වහනය වීම නවතා වැඩිදුර ප්‍රතිකාර ලබා දෙන තෙක් තුවාල ලැබූ පුද්ගලයා සුරක්ෂිත කිරීම මෙම උපකරණයේ කාර්යයයි.

සිරින්ජය නිශ්පාදනය කළ රෙව්මෙඩෙකස් සමාගමට පර්යේෂණ කටයුතු සදහා මූල්‍ය පහසුකම් සපයා ඇත්තේද ඇමරිකා ආරක්ෂක අංශයි.

01%281010%29.jpg

02%28593%29.jpg


මේ වනවිට සිරින්ජයට අවැසි තත්ත්ව සහතිකයින් ලබාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර සාමාන්‍ය ජනතාවට භාවිතයට ගත හැකි වනසේත් මෙය ඉක්මනින්ම වෙළදපොළට නිකුත් කිරීමට රෙව්මෙඩෙක්ස් සමාගම අපේක්ෂාවෙන් සිටී.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක පාවිච්චි කරන්න ඉතිං හිල් වෙන්නම තුවාල වෙන්නෙපෑය බං..:rolleyes:
    හමුදාවෙ අයට තමා හුඟක් ප්‍රයෝජනවත් වෙන්නෙ.. වෙඩි වැදුනම එහෙම..:yes: