Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
තනි අලියා ගේ වඳ පෙත්ත!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තනි අලියා ගේ වඳ පෙත්ත!

මිනිස්සු දැක්කාට රංචු ගැහිලා ඉන්න අලි කලබල වෙන්නේ නෑ. ඒත් තනි අලි එහෙම නෑ. හරි ම දරුණුයි. මෙහෙම වෙන්නේ බය හින්දා කියලා තමයි කියන්නේ. කට්ටිය එක්ක එකට ඉඳිද්දි බයවෙන්න කාරණයක් නැහැනේ. හතර වටේමත් පේනවා. කල්ලි ගැහිලා ඉන්න එකේ හයියත් තියෙනවා. මිනිස්සු කියන්නේ විශ්වාසකරන්න පුළුවන් ජාතියක නෙවෙයි කියන අලි හොඳට ම දන්නවා ඇතිනේ. ඉතින් තනියෙන් ඉන්න අලියෙක්ට මනුස්සයෙක් මුණගැහෙනවා කියලා කියන්නේ ඇත්තෙන් ම අලි ප්රශ්නයක්. අනතුර දැක දැක ආපස්ස හරිලා යන්න අලියාට සැකයි. කරන්න පුළුවන් ලේසි ම කටයුත්ත තමයි අනතුර නැතිකරලා දාන එක. ඉතින් තනි අලියා මිනිහෙක් දැක්කා ම නො දැක්කා වගේ ඉන්නේ නෑ. ආපස්සට හැරිලා දුවන්නෙත් නෑ. එහෙම නම් ඉතිරිවෙලා තියෙන්නේ එක ම එක විකල්පයයි. ඒ ගැන අපි හැමෝ ම දන්නවා.

හොඳින් සංවිධානගතවෙලා එකතුවෙච්ච මිනිස්සු අලි වගේ ම තමයි කියලා මේ ලේඛකයාට හිතෙනවා. මහ රෑක තනියෙන් යන ගමනක් ගැන හිතන්න. හිතේ බයක්, චකිතයක් ඇතිවෙන එක අරුමයක් නෙවෙයි. යක්කුන්ට, හොල්මන්වලට සමහරු බයයි. අපි වැඩි හරියක් හොර හතුරන්ට බයයි. ඒත් කට්ටියක් එක්ක ගමනක් යද්දි එහෙම නෙවෙයි. එහෙම යන අපි යකෙක්ටවත් බය නෑ. හොඳට වටපිටාව ගැන දන්න, පාර දන්න කෙනෙක් මග පෙන්නවා නම් තවත් හොඳයි. මග පෙන්වන අය නිර්භීත, ඒ වගේ ම, නිරවුල් ව හිතන අය නම් කිසි ම අවුලක් නෑ. ඒ විදිහට අපිට මග පෙන්නන, ආරක්ෂාව සපයන අයට තමයි අපි නායකයෝ කියලා කියන්නේ.

රටක, ජාතියක තත්ත්වය වුනත් මෙහෙම ම තමයි. තමන්ට නායකත්වයක් තියෙනවා කියලා දන්න මිනිස්සු කලබලවෙන්නේ නෑ. තමන් ආරක්ෂිතයි කියලා හොඳින් තේරුම්ගන්න මිනිස්සු කම්පාවෙන්නේ නෑ. රටේ ප්රශ්න විසඳන්න කට්ටිය ඉන්නවා කියලා හිත හදාගෙන තමන් ගේ වැඩක් බලාකියාගෙන ඉන්න උන්ට පුළුවන්. ඒත් තමන් ආරක්ෂිතයි කියන මේ හැඟීම උන්ට නැතිවුනොත්?

අද අපේ සිංහල මිනිස්සු පෙළෙන්නෙත් මේ හා සමාන ම භීතියකින් කියලා මේ ලේඛකයාට හිතෙනවා. අපේ සිංහල මිනිස්සු එක එක කඳවුරුවලට බෙදිලා කා කොටාගන්නවා. හැම එකා ගේ ම ඔළුව පිස්සා ගේ පලාමල්ල වගේ. මුළු ලෝකයේ ම තියෙන බහුභූත අපි අපේ ඔළුවල පුරවාගෙන. අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුළින් පෝෂණය වෙච්ච අදහසුත් ඔළුවේ තියෙනවා. අවුරුදු 450 ක විතර කාලයක් තිස්සේ යටත්විජිත බලපෑම හරහා ලැබිච්ච අදහසුත් ඔළුවේ තියෙනවා. පහුගිය අවුරදු හැට හැත්තෑවක කාලය හරහා අධ්යාපනය සහ මාධ්ය හරහා ලැබිච්ච දේවලුත් ඔළුවේ තියෙනවා.

ඉතින් කර්මය නිව්ටන් ගේ නියාමවලින් පැහැදිළි කරන අය ඉන්නවා. විශ්ව ශක්ති ගැන කියන අය ඉන්නවා. ඔක්කොම පැත්තකින් තියලා සෝමාවතී චෛත්යය ළඟට ගිහිල්ලා බලන්න. ඒ චෛත්යයරාජයාගෙන් බුදුරුස් විහිදෙනවා දැකපු අය ඉන්නවානේ. ඉතින් දැන් ඒ අහළ පහළ එල්ලලා තියෙන චිත්රවලට ඒලියනස්ලා ගේ රූපත් ඇතුළත් කරලා. මොන ඒලියන්ස්ලා ගේ ද? අර බටහිර චිත්රපටිවලින් පෙන්නන ඒලියන්ස්ලා. ඉතින් මේ අච්චාරුව ඇතුළේ තව අඩුවකට තියෙන්නේ බුදුහාමුදුරුවන්ට නොබෙල් තෑග්ග දෙන්න කියන අය නැති එක විතරයි!

උගන්නන දේවලුත් එහෙමයි. මල් දෙකකට මල් තුනක් එකතුකළා ම උත්තරේ කීයද කියලා ඇහුවොත් හැම එකෙක් ම කියයි මල් පහයි කියලා. ඒත් අපේ ගුරුවරු අහන්නේ දෙකයි මල්වලට තුනයි මල් එකතුකළා ම කීයද කියලා. එකතුකිරීමයි ධන ලකුණයි දෙකත් පටලවාගෙන ඉන්න හින්දා මේ වැඩේට තව තවත් කැටයම් එකතුවෙනවා. ඉතින් අපේ ගුරුවරු අහන්නේ “දෙකයි මල් ධන තුනයි මල් කීය ද?” කියලා! මේ බහුභූත තේරෙන්නේ කාට ද?

අපේ බහුතරයක් ආර්ථික වශයෙනුත් අසරණ වෙලා ඉන්නේ. ගම්වල කන්න බොන්න තියෙන හින්දා සල්ලි හම්බකරන්න මහන්සිවෙන්න ඕන කියලා අපේ ගොඩක් අයට හිතෙන්නේ නෑ. ඒත් අධ්යාපනය හරහා, මාධ්ය හරහා පෙන්නන අලුත් අලුත් දේවල් රස විඳින්න නම් සල්ලි ඕන. ඒවා වත්තේ ගස්වල හැදෙන ඒවා නෙවෙයිනේ. අඩුම ගණනේ ස්මාට් ෆෝන් එකක්වත් ගන්න ඕන. වත්ත පහළ වැටෙන පොල් ගෙඩියක් අහුලලා වික්කාට ඔය අලුත් ගැජට් ගන්න බැහැනේ. ඒ වගේ දේවල් ගන්න ටිකක් යහමින් සල්ලි ඕන. ටිකක් ලොකු මහත්වෙලා පවුලක් පන්සලක් කරගත්තාට පස්සේ පාර අයිනෙන් ගෙයක් හදාගන්න ඕන. හදාගන්න ගේ ඉටැලියන් ස්ටයිල් එකට තියෙනවා නම් මරු. ගෙට ටයිල් දාගන්නත් ඕන. පොඩියට හරි කාර් එකක් ගන්න ඕන. ඉතින් මේ හැම මඟුලට ම සල්ලි ඕන.

මේ තියෙන සමාජ ආර්ථික ක්රමය ඇතුළේ මේවා ගැන හිතන්න එපා කියලා බණ කියන්න පුළුවන්කමක් අපිට නෑ. අධ්යාපන ක්රමය හරහා, ජන මාධ්ය හරහා අපේ මිනිස්සුන් ව මේ ගැජට් ලෝකයට ගෙනැල්ලා දාලා ඉවරයි. දැනුමක්, අවබෝධයක් ඇතිව මේවායෙන් ඈත්වෙන්න පුළුවන් ද කියලා උත්සාහ කරලා බලන එක වෙන ම කතාවක්. ඒත් මේ ක්රමය ඇතුළේ ජීවත්වෙන මිනිස්සුන්ට සල්ලි ඕන.

ඒත් සල්ලි හම්බ කරගන්න ක්රමයක් කියලා දෙන නායකයෝ සිංහල මිනිස්සුන්ට නෑ. දේශන පවත්වන, මේ වගේ ලිපි ලියන කට්ටිය නම් ඕන පදම් ඉන්නවා. ඒත් යමක් කමක් හොයාගන්නේ මෙහෙමයි කියලා පියවරෙන් පියවරට මග පෙන්නන අය අපි අතර නෑ. ඉතින් අපේ මිනිස්සු අසරණ වෙලා. එක පැත්තකින් අපිට අපේ කියලා නායකයෝ නෑ. අනිත් පැත්තෙන් අපිට මග පෙන්නන්න පුළුවන් ගුරුවරු නෑ. එක එක බහුභූත ඔළුවේ පුරවගෙන හින්දා හිතේ නිරවුල්කමකුත් නෑ. වෙලාවකට හිතෙනවා උතුරට යන්න. තවත් මොහොතකින් හිතෙනවා දකුණට යන්න. උතුර දකුණ මාරුවෙලා පේන හින්දා එක තැන කැරකෙනවා හැරෙන්න සිද්දවෙච්ච වෙන දෙයක් නෑ.

රට හදන්න පුළුවන් විධික්රම දස දහස් ගණනක් ගැන උදේ හවස ඇහෙනවා. ඉතින් රැල්ල යන පැත්ත බලලා කතිරේ ගහනවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ආයෙත් බැණ බැණ ඉන්නවා. ඉතින් අද සිංහල අපි එක විදිහක තනි අලි වගේ තමයි. ඔළුව අවුල්වෙලා තියෙන හින්දා අද අපි ඉන්නේ තනි අලියටත් වඩා අසරණ තත්ත්වයක. ඒ මදිවට අපි ව එක එකා ගේ ඇමට අමුණන ගන්නත් පුළුවන්. වතුර හොඳට බොරවෙලා තියෙන හින්දා මාළු බාන අය ගේ අඩුවකුත් නෑ.

හැබැයි අපේ මිනිස්සු මේ උගුල්වලට අහුවෙන්නේ අහේතුකව ම ද? ඔය මහ ලොකු ගණන් හිලව්, සංඛ්යාලේඛන ගැන දන්නේ නැතිවුනාට තමන් අහල පහළ වෙන දේවල් ගැන මිනිස්සු දන්නවා. ඉතින් දැන උගත් කියලා පෙනී ඉන්න සමහරු කියන කතා අපේ අය විශ්වාසකරන්නේ නෑ. අපේ ජනගහනයේ ජනවාර්ගික ප්රතිශත පෙන්නමින් මේ ළඟ දී ලිපියක් ලියපු දැන උගත් මහත්මයෙක් කියලා තිබුණා සිංහල ජනගහනය සෑහෙන්න වැඩිවෙලා තියෙනවා කියලා. සිරිමා - ශාස්ත්රී ගිවිසුමෙන් පස්සේ වතුකරයේ දෙමළ ජනයා අඩුවුනා ම ජනගහන ප්රතිශත වෙනස්වෙච්ච විදිහ ඒ මහත්තයා සළකලා තිබුණේ නෑ.

මිනිස්සු පිළිගන්නේ තමන් අත්විඳින දේ. 1911 ජනගහන ප්රතිශත අත්දැකපු අය දැන් ජීවතුන් අතර නෑ. තමන් ගේ ජීවිත කාලය ඇතුළේ වෙනස්කම් අත්දැකලා ඒ අනුව තමයි මිනිස්සු තීරණගන්නේ. ජනගහන ප්රතිශත සංසන්දනය කරන්න ඕන ඒ ඒ වයස් කාණ්ඩවල ඉන්න මිනිස්සු ප්රමාණය සළකලා. මෑත කාලයේ ඇතිවෙච්ච භීතියේ වැරැද්දක් ගැන කියනවා නම් පෙන්නන්න ඕන තරුණ සහ ළමා වයස් කාණ්ඩවල ජනගහන ප්රතිශත සංසන්දනයක්. ඉස්සරහට එන අවුරුදු දහය පහළොව අතර සිද්දවෙන ජනගහන වෙනස්කම්වලට දායකවෙන්නේ ඒ පිරිස.

පවුල් තරම පිළිබඳ සංඛ්යාලෙඛනත් පෙන්නන්න පුළුවන්. ඒ ඒ ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉන්න ජනගහන ප්රමාණය ප්රසිද්ධ කරලා තියෙනවා. ඒ වගේ ම, ඒ කොට්ඨාශවල තියෙන ගෙවල් ගණනත් ප්රසිද්ධ කරලා තියෙනවා. ඉතින් සාමාන්ය පවුල් තරම ගැන මූලික අදහසක් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඇති කරගන්න පුළුවන්. මිනිස්සුන් ගේ භය අහේතුක ද නැද්ද කියන එක හොයලා බලන්න පුළුවන් මේ වගේ වැඩවලින්. එහෙම නැතුව 1911 ඉලක්කම් දැන් ඉලක්කම් එක්ක සංසන්දනය කරලා කතන්දර කිව්වාට මිනිස්සු ඒවා පිළිගන්නේ නෑ.

වඳ පෙති කතාව වුනත් එහෙමයි. අලුත් වෛද්ය ශාස්ත්රවලින් ගැහැණු පිරිමිකම් පවා මාරුකරන්න පුළුවන් බව මිනිස්සුන්ට කියලා දීලා තියෙනවා. ඉතින් මේ තරම් හාස්කම් කරන්න පුළුවන් වෛද්ය ශාස්ත්රයකට මිනිස්සුන් ගේ ප්රජනන ශක්තිය වෙනස්කරන්න බෑ කියලා කිව්වාම මිනිස්සු ඒ කතාව පිළිගන්නේ නෑ. ඉතින් උගත් කියන අය, කරපටි පැළැඳගත්ත අය කියන මේ කතා මිනිස්සු සැකකරනවා.

ඇතිවෙලා තියෙන බයත් ඒ බය මුල් කරගෙන ඇතිවෙන අවුලුත් නැතිකරන්න පුළුවන් අපේ මිනිස්සුන් ගේ ආරක්ෂාව සහතික කරලා මිසක් අපේ එවුන් පල් මෝඩයෝ පිරිසක් විදිහට සළකලා ගර්හාවට ලක්කරලා නෙවෙයි. මේ මිනිස්සු අතර ඇතිවෙලා තියෙන බෙදීම් නැතිකරන විදිහක් ගැන අපි වදවෙන්න ඕන. මේ මිනිස්සුන්ට හරි හමන් නායකත්වයක් ලබාදෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ගැන අපි හිතන්න ඕන. මේ මිනිස්සුන් ගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ගැන අපි කියන්න ඕන. එහෙම වුනා ම, මේ මිනිස්සු ම තමන් ගේ ආගම, සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕන මාර්ග හොයාගනියි. මේ මූලික දේවල් නොවන තාක් කල් මොන තරම් තර්ජන කළත් වාරණ ගෙනාවත් මිනිස්සුන් ගේ හිත්වල ඇතිවෙලා තියෙන තුවාල සනීපකරන්න බෑ. අපේ මිනිස්සුන් ව බිලිගන්න අටවන උගුල්වලින් උන් ව බේරගන්නත් බෑ.

වරුණ චන්ද්රකීර්තිි෴

[QUOTE="shizihou, post: 23073113, member: 566841"] [b]තනි අලියා ගේ වඳ පෙත්ත![/b] මිනිස්සු දැක්කාට රංචු ගැහිලා ඉන්න අලි කලබල වෙන්නේ නෑ. ඒත් තනි අලි එහෙම නෑ. හරි ම දරුණුයි. මෙහෙම වෙන්නේ බය හින්දා කියලා තමයි කියන්නේ. කට්ටිය එක්ක එකට ඉඳිද්දි බයවෙන්න කාරණයක් නැහැනේ. හතර වටේමත් පේනවා. කල්ලි ගැහිලා ඉන්න එකේ හයියත් තියෙනවා. මිනිස්සු කියන්නේ විශ්වාසකරන්න පුළුවන් ජාතියක නෙවෙයි කියන අලි හොඳට ම දන්නවා ඇතිනේ. ඉතින් තනියෙන් ඉන්න අලියෙක්ට මනුස්සයෙක් මුණගැහෙනවා කියලා කියන්නේ ඇත්තෙන් ම අලි ප්රශ්නයක්. අනතුර දැක දැක ආපස්ස හරිලා යන්න අලියාට සැකයි. කරන්න පුළුවන් ලේසි ම කටයුත්ත තමයි අනතුර නැතිකරලා දාන එක. ඉතින් තනි අලියා මිනිහෙක් දැක්කා ම නො දැක්කා වගේ ඉන්නේ නෑ. ආපස්සට හැරිලා දුවන්නෙත් නෑ. එහෙම නම් ඉතිරිවෙලා තියෙන්නේ එක ම එක විකල්පයයි. ඒ ගැන අපි හැමෝ ම දන්නවා. හොඳින් සංවිධානගතවෙලා එකතුවෙච්ච මිනිස්සු අලි වගේ ම තමයි කියලා මේ ලේඛකයාට හිතෙනවා. මහ රෑක තනියෙන් යන ගමනක් ගැන හිතන්න. හිතේ බයක්, චකිතයක් ඇතිවෙන එක අරුමයක් නෙවෙයි. යක්කුන්ට, හොල්මන්වලට සමහරු බයයි. අපි වැඩි හරියක් හොර හතුරන්ට බයයි. ඒත් කට්ටියක් එක්ක ගමනක් යද්දි එහෙම නෙවෙයි. එහෙම යන අපි යකෙක්ටවත් බය නෑ. හොඳට වටපිටාව ගැන දන්න, පාර දන්න කෙනෙක් මග පෙන්නවා නම් තවත් හොඳයි. මග පෙන්වන අය නිර්භීත, ඒ වගේ ම, නිරවුල් ව හිතන අය නම් කිසි ම අවුලක් නෑ. ඒ විදිහට අපිට මග පෙන්නන, ආරක්ෂාව සපයන අයට තමයි අපි නායකයෝ කියලා කියන්නේ. රටක, ජාතියක තත්ත්වය වුනත් මෙහෙම ම තමයි. තමන්ට නායකත්වයක් තියෙනවා කියලා දන්න මිනිස්සු කලබලවෙන්නේ නෑ. තමන් ආරක්ෂිතයි කියලා හොඳින් තේරුම්ගන්න මිනිස්සු කම්පාවෙන්නේ නෑ. රටේ ප්රශ්න විසඳන්න කට්ටිය ඉන්නවා කියලා හිත හදාගෙන තමන් ගේ වැඩක් බලාකියාගෙන ඉන්න උන්ට පුළුවන්. ඒත් තමන් ආරක්ෂිතයි කියන මේ හැඟීම උන්ට නැතිවුනොත්? අද අපේ සිංහල මිනිස්සු පෙළෙන්නෙත් මේ හා සමාන ම භීතියකින් කියලා මේ ලේඛකයාට හිතෙනවා. අපේ සිංහල මිනිස්සු එක එක කඳවුරුවලට බෙදිලා කා කොටාගන්නවා. හැම එකා ගේ ම ඔළුව පිස්සා ගේ පලාමල්ල වගේ. මුළු ලෝකයේ ම තියෙන බහුභූත අපි අපේ ඔළුවල පුරවාගෙන. අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුළින් පෝෂණය වෙච්ච අදහසුත් ඔළුවේ තියෙනවා. අවුරුදු 450 ක විතර කාලයක් තිස්සේ යටත්විජිත බලපෑම හරහා ලැබිච්ච අදහසුත් ඔළුවේ තියෙනවා. පහුගිය අවුරදු හැට හැත්තෑවක කාලය හරහා අධ්යාපනය සහ මාධ්ය හරහා ලැබිච්ච දේවලුත් ඔළුවේ තියෙනවා. ඉතින් කර්මය නිව්ටන් ගේ නියාමවලින් පැහැදිළි කරන අය ඉන්නවා. විශ්ව ශක්ති ගැන කියන අය ඉන්නවා. ඔක්කොම පැත්තකින් තියලා සෝමාවතී චෛත්යය ළඟට ගිහිල්ලා බලන්න. ඒ චෛත්යයරාජයාගෙන් බුදුරුස් විහිදෙනවා දැකපු අය ඉන්නවානේ. ඉතින් දැන් ඒ අහළ පහළ එල්ලලා තියෙන චිත්රවලට ඒලියනස්ලා ගේ රූපත් ඇතුළත් කරලා. මොන ඒලියන්ස්ලා ගේ ද? අර බටහිර චිත්රපටිවලින් පෙන්නන ඒලියන්ස්ලා. ඉතින් මේ අච්චාරුව ඇතුළේ තව අඩුවකට තියෙන්නේ බුදුහාමුදුරුවන්ට නොබෙල් තෑග්ග දෙන්න කියන අය නැති එක විතරයි! උගන්නන දේවලුත් එහෙමයි. මල් දෙකකට මල් තුනක් එකතුකළා ම උත්තරේ කීයද කියලා ඇහුවොත් හැම එකෙක් ම කියයි මල් පහයි කියලා. ඒත් අපේ ගුරුවරු අහන්නේ දෙකයි මල්වලට තුනයි මල් එකතුකළා ම කීයද කියලා. එකතුකිරීමයි ධන ලකුණයි දෙකත් පටලවාගෙන ඉන්න හින්දා මේ වැඩේට තව තවත් කැටයම් එකතුවෙනවා. ඉතින් අපේ ගුරුවරු අහන්නේ “දෙකයි මල් ධන තුනයි මල් කීය ද?” කියලා! මේ බහුභූත තේරෙන්නේ කාට ද? අපේ බහුතරයක් ආර්ථික වශයෙනුත් අසරණ වෙලා ඉන්නේ. ගම්වල කන්න බොන්න තියෙන හින්දා සල්ලි හම්බකරන්න මහන්සිවෙන්න ඕන කියලා අපේ ගොඩක් අයට හිතෙන්නේ නෑ. ඒත් අධ්යාපනය හරහා, මාධ්ය හරහා පෙන්නන අලුත් අලුත් දේවල් රස විඳින්න නම් සල්ලි ඕන. ඒවා වත්තේ ගස්වල හැදෙන ඒවා නෙවෙයිනේ. අඩුම ගණනේ ස්මාට් ෆෝන් එකක්වත් ගන්න ඕන. වත්ත පහළ වැටෙන පොල් ගෙඩියක් අහුලලා වික්කාට ඔය අලුත් ගැජට් ගන්න බැහැනේ. ඒ වගේ දේවල් ගන්න ටිකක් යහමින් සල්ලි ඕන. ටිකක් ලොකු මහත්වෙලා පවුලක් පන්සලක් කරගත්තාට පස්සේ පාර අයිනෙන් ගෙයක් හදාගන්න ඕන. හදාගන්න ගේ ඉටැලියන් ස්ටයිල් එකට තියෙනවා නම් මරු. ගෙට ටයිල් දාගන්නත් ඕන. පොඩියට හරි කාර් එකක් ගන්න ඕන. ඉතින් මේ හැම මඟුලට ම සල්ලි ඕන. මේ තියෙන සමාජ ආර්ථික ක්රමය ඇතුළේ මේවා ගැන හිතන්න එපා කියලා බණ කියන්න පුළුවන්කමක් අපිට නෑ. අධ්යාපන ක්රමය හරහා, ජන මාධ්ය හරහා අපේ මිනිස්සුන් ව මේ ගැජට් ලෝකයට ගෙනැල්ලා දාලා ඉවරයි. දැනුමක්, අවබෝධයක් ඇතිව මේවායෙන් ඈත්වෙන්න පුළුවන් ද කියලා උත්සාහ කරලා බලන එක වෙන ම කතාවක්. ඒත් මේ ක්රමය ඇතුළේ ජීවත්වෙන මිනිස්සුන්ට සල්ලි ඕන. ඒත් සල්ලි හම්බ කරගන්න ක්රමයක් කියලා දෙන නායකයෝ සිංහල මිනිස්සුන්ට නෑ. දේශන පවත්වන, මේ වගේ ලිපි ලියන කට්ටිය නම් ඕන පදම් ඉන්නවා. ඒත් යමක් කමක් හොයාගන්නේ මෙහෙමයි කියලා පියවරෙන් පියවරට මග පෙන්නන අය අපි අතර නෑ. ඉතින් අපේ මිනිස්සු අසරණ වෙලා. එක පැත්තකින් අපිට අපේ කියලා නායකයෝ නෑ. අනිත් පැත්තෙන් අපිට මග පෙන්නන්න පුළුවන් ගුරුවරු නෑ. එක එක බහුභූත ඔළුවේ පුරවගෙන හින්දා හිතේ නිරවුල්කමකුත් නෑ. වෙලාවකට හිතෙනවා උතුරට යන්න. තවත් මොහොතකින් හිතෙනවා දකුණට යන්න. උතුර දකුණ මාරුවෙලා පේන හින්දා එක තැන කැරකෙනවා හැරෙන්න සිද්දවෙච්ච වෙන දෙයක් නෑ. රට හදන්න පුළුවන් විධික්රම දස දහස් ගණනක් ගැන උදේ හවස ඇහෙනවා. ඉතින් රැල්ල යන පැත්ත බලලා කතිරේ ගහනවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ආයෙත් බැණ බැණ ඉන්නවා. ඉතින් අද සිංහල අපි එක විදිහක තනි අලි වගේ තමයි. ඔළුව අවුල්වෙලා තියෙන හින්දා අද අපි ඉන්නේ තනි අලියටත් වඩා අසරණ තත්ත්වයක. ඒ මදිවට අපි ව එක එකා ගේ ඇමට අමුණන ගන්නත් පුළුවන්. වතුර හොඳට බොරවෙලා තියෙන හින්දා මාළු බාන අය ගේ අඩුවකුත් නෑ. හැබැයි අපේ මිනිස්සු මේ උගුල්වලට අහුවෙන්නේ අහේතුකව ම ද? ඔය මහ ලොකු ගණන් හිලව්, සංඛ්යාලේඛන ගැන දන්නේ නැතිවුනාට තමන් අහල පහළ වෙන දේවල් ගැන මිනිස්සු දන්නවා. ඉතින් දැන උගත් කියලා පෙනී ඉන්න සමහරු කියන කතා අපේ අය විශ්වාසකරන්නේ නෑ. අපේ ජනගහනයේ ජනවාර්ගික ප්රතිශත පෙන්නමින් මේ ළඟ දී ලිපියක් ලියපු දැන උගත් මහත්මයෙක් කියලා තිබුණා සිංහල ජනගහනය සෑහෙන්න වැඩිවෙලා තියෙනවා කියලා. සිරිමා - ශාස්ත්රී ගිවිසුමෙන් පස්සේ වතුකරයේ දෙමළ ජනයා අඩුවුනා ම ජනගහන ප්රතිශත වෙනස්වෙච්ච විදිහ ඒ මහත්තයා සළකලා තිබුණේ නෑ. මිනිස්සු පිළිගන්නේ තමන් අත්විඳින දේ. 1911 ජනගහන ප්රතිශත අත්දැකපු අය දැන් ජීවතුන් අතර නෑ. තමන් ගේ ජීවිත කාලය ඇතුළේ වෙනස්කම් අත්දැකලා ඒ අනුව තමයි මිනිස්සු තීරණගන්නේ. ජනගහන ප්රතිශත සංසන්දනය කරන්න ඕන ඒ ඒ වයස් කාණ්ඩවල ඉන්න මිනිස්සු ප්රමාණය සළකලා. මෑත කාලයේ ඇතිවෙච්ච භීතියේ වැරැද්දක් ගැන කියනවා නම් පෙන්නන්න ඕන තරුණ සහ ළමා වයස් කාණ්ඩවල ජනගහන ප්රතිශත සංසන්දනයක්. ඉස්සරහට එන අවුරුදු දහය පහළොව අතර සිද්දවෙන ජනගහන වෙනස්කම්වලට දායකවෙන්නේ ඒ පිරිස. පවුල් තරම පිළිබඳ සංඛ්යාලෙඛනත් පෙන්නන්න පුළුවන්. ඒ ඒ ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉන්න ජනගහන ප්රමාණය ප්රසිද්ධ කරලා තියෙනවා. ඒ වගේ ම, ඒ කොට්ඨාශවල තියෙන ගෙවල් ගණනත් ප්රසිද්ධ කරලා තියෙනවා. ඉතින් සාමාන්ය පවුල් තරම ගැන මූලික අදහසක් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඇති කරගන්න පුළුවන්. මිනිස්සුන් ගේ භය අහේතුක ද නැද්ද කියන එක හොයලා බලන්න පුළුවන් මේ වගේ වැඩවලින්. එහෙම නැතුව 1911 ඉලක්කම් දැන් ඉලක්කම් එක්ක සංසන්දනය කරලා කතන්දර කිව්වාට මිනිස්සු ඒවා පිළිගන්නේ නෑ. වඳ පෙති කතාව වුනත් එහෙමයි. අලුත් වෛද්ය ශාස්ත්රවලින් ගැහැණු පිරිමිකම් පවා මාරුකරන්න පුළුවන් බව මිනිස්සුන්ට කියලා දීලා තියෙනවා. ඉතින් මේ තරම් හාස්කම් කරන්න පුළුවන් වෛද්ය ශාස්ත්රයකට මිනිස්සුන් ගේ ප්රජනන ශක්තිය වෙනස්කරන්න බෑ කියලා කිව්වාම මිනිස්සු ඒ කතාව පිළිගන්නේ නෑ. ඉතින් උගත් කියන අය, කරපටි පැළැඳගත්ත අය කියන මේ කතා මිනිස්සු සැකකරනවා. ඇතිවෙලා තියෙන බයත් ඒ බය මුල් කරගෙන ඇතිවෙන අවුලුත් නැතිකරන්න පුළුවන් අපේ මිනිස්සුන් ගේ ආරක්ෂාව සහතික කරලා මිසක් අපේ එවුන් පල් මෝඩයෝ පිරිසක් විදිහට සළකලා ගර්හාවට ලක්කරලා නෙවෙයි. මේ මිනිස්සු අතර ඇතිවෙලා තියෙන බෙදීම් නැතිකරන විදිහක් ගැන අපි වදවෙන්න ඕන. මේ මිනිස්සුන්ට හරි හමන් නායකත්වයක් ලබාදෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ගැන අපි හිතන්න ඕන. මේ මිනිස්සුන් ගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ගැන අපි කියන්න ඕන. එහෙම වුනා ම, මේ මිනිස්සු ම තමන් ගේ ආගම, සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕන මාර්ග හොයාගනියි. මේ මූලික දේවල් නොවන තාක් කල් මොන තරම් තර්ජන කළත් වාරණ ගෙනාවත් මිනිස්සුන් ගේ හිත්වල ඇතිවෙලා තියෙන තුවාල සනීපකරන්න බෑ. අපේ මිනිස්සුන් ව බිලිගන්න අටවන උගුල්වලින් උන් ව බේරගන්නත් බෑ. වරුණ චන්ද්රකීර්තිි෴ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom