තම්බපවනී විවෘත වෙයි 🌬💭♥️🤍💙 (Thambapawani)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තම්බපවනී විවෘත වෙයි 🌬💭♥️🤍💙 (Thambapawani) - Your Choice Way
    අද අපි කතා කරන්නේ මෙරට ජාතික පද්ධතියට එක් වූ විශාලතම සුළං විදුලි බලාගාරය ගැන...

    තම්බපවනී නම් ලත් මේ සුළං විදුලි බලාගාර උද්‍යානය ඉදිවී තිබෙන්නේ මන්නාරමේ..

    සුළං විදුලි බලාගාරය මෙගාවොට් 103.5 ක විදුලි බලයක් ජනනය කිරීමට අපේක්ෂිතයි...

    පොසිල ඉන්දන මඟින් විදුලිය නිපදවීමේ දී විදුලි ඒකකයක් සඳහා වැයවන මුදල රුපියල් 30 ක් පමණ වන අතර මෙම සුළං මඟින් විදුලිබල උද්පාදනයේ දී වැය වන්නේ රුපියල් 8 - 9ක් පමණක් වීම විශේෂයි..


    ටර්බයින් කුලුනු 30කින් සමන්විතයි....මෙහි විශේෂත්වය වන්නේ මන්නාරම් දූපතෙහි ස්වාභාවික පිහිටීමෙහි වාසිය ද ඉවහල් කරගෙන ටර්බයින කුලුනු නිරිතදිග හා ඊසානදිග මෝසම් සුළං ප්‍රවාහ ද්විත්වයට ම හසු වන ලෙස ඉදි කර තිබීමයි...

    වසරක කාලයක් තුළ උපරිම වශයෙන් ගිගාවොට් පැය 404ක විදුලි ජනනයක් මෙමඟින් සිදු කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා..

    ඒ වගේම මෙහි කුරුලු ගැටීම් වැලකීමට රේඩාර් තාක්ශනය භාවිතාකර ඇති අතර එවැනි අවස්තාවලදී සම්පූර්නයෙන් වසාදැමීමේ හැකියාව ද පවතිනවා...

    මේ හරහා ඩීසල් ලීටර් මිලියන දෙදහසක් ඉතිරි වන බවයි සදහන් වන්නේ...

    මේ බලාගාරය නිසා වසරකට කාබන්ඩයොක්සයිඞ් (හරිතාගාර වායූ) මෙට්‍රික් ටොන් 288,000ක් වායුගෝලයට එක් වීම වළක්වාගත හැකි බව ගණනය කර තිබෙනවා...

    බලාගාරය එක්සත් ජාතීන්ගේ පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණයට සෘජු ව ම දායක වන බව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය මඟින් මේ වන විට පිළිගෙන තිබෙනවා..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here