අපිට ගැළවීමක් නැහැ !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපිට ගැළවීමක් නැහැ !!

    නව යටත්විජිතවාදී උපක්‍රම හඳුනා නොගත්තොත් අපිට ගැළවීමක් නැහැ – දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර



    ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙන් සිප් සතර හැදරූ ආචාර්‍ය හේමකුමාර නානායක්කාර මැතිතුමා 1989 පෙබරවාරි 15 වන දින ලංකාවේ සමානුපාතක ක්‍රමය යටතේ මුල්වරට පවත්වන ලද මහා මැතිවරණෙයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මනාප ඡන්ද 37,310 ක් ලබා ජයගෙන ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පළමු වරට සැපත් විය. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන, අමරසිරි දොඩම්ගොඩ, අධිනීතිඥ එස්.එල් ගුණසේකර, තිලක් කරුණාරත්න, ප්‍රදීප් හපන්ගම, මහින්ද විජේසේකර, ආනන්ද දසනායක යනාදීන් සමග ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය නියෝජනය කළ ශ්‍රි ල නි ප ජාතිකවාදී පිළට සහය දුන්නේය. පසුව එතුමන් කෘෂිකාර්ම අමාත්‍ය වරයා වශයෙන්ද ඉමහත් සේවයක් රටට ඉටු කරන ලදී. එතුමා සිය විද්‍යාවේදී උපාධිය කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයෙන් ලබා ඇති අතර කාබනික කෘෂිකර්මය පිළිබඳව පී.එච්.ඩී උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ඇත. වර්ථමානයේ ශ්‍රී ලංකා මහාබෝධී සමාගමේ පාලක මණ්ඩල සභිකයකු ලෙසද ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කරන ඒ මහතා දැනට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනතා මෙහෙයයක නිරත වෙයි. මේ සිංහල බෞද්ධයා එතුමන් සමග පැවැත්වූ කතිකාවකි.

    ප්‍රශ්ණය: එක්සත් ජාතින්ගේ රටවල් ගණනාවක සහභාගිත්වයෙන් එන වෙසක් උත්සවය පිළිබඳව ඔබතුමාගේ මතය මුළින්ම අහන්න කැමතියි.

    අසල්වැසි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මැතිතුමන් ප්‍රධාන රටවල් අසූවක නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙවර වෙසක් උත්සවය අතිඋත්කර්ශවත් ලෙස සිදු කිරීමට නියමිතයි, ශ්‍රී ලංකා මහාබෝධී සමාගමත් එහි සභාපති ජපානයේ ප්‍රධාන සංඝ නායක අග්‍රශ්‍රාවක විහාරාධිපති ගෞරවාර්හ බානගල උපතිස්ස නායක ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීමෙන් සහ සිරස මාධ්‍ය ජාලය සහ එක්ව මෙවර වෙසක් උත්සවය පවත්වනවා, ඒ ගැන මහාබෝධී පාලක මණ්ඩල සභිකයකු වශයෙන් මම ආඩම්බර වෙනවා, ඒවගේම දිවංගත හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ ගරු ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමන්වත් අපි මතක් කරගත යුතුයි මේ වෙසක් උත්සවය එක්සත් ජාතීන්ගේ උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මුල් වීම සම්බන්දයෙන්. ලොව පුරා වෙසෙන අවිහිංසාව අගයන කාගේත් උත්සවයක් ලෙස වෙසක් උත්සවය අපි ගෞරවයෙන් පිළිගන්නවා.

    ප්‍රශ්ණය: බුදු දහමේ පැවැත්මට ගහකොල අත්‍යාවශ්‍ය සාධකයක්, කොන්ක්‍රීට් වනන්තර වල භාවනා කොට නිවන් දකින්නට බැහැ, නිර්මාංසාහාරය තුළ අඩංගු වෙන්නෙත් ගහකොලින් ලැබෙන සාරය, මස් මාංස අනුභව කොට සිල් රකින්නත් බෑ, බෞද්ධ ජනතාව ඒනිසාම කෘෂිකර්මයට ඉතා අනාදිමත් කාලයක පටන් මුල් තැනක් දෙනු ලැබුවා. ගහකොලට සතා සීපාවාට බුදු දහමෙන් ලැබෙන්නේ අසීමිත සැළකිල්ලක්. පහුගිය දිනෙක වත්මන් රජය තුළ සිදුවන්නට නියමිත තිබූ කැබිනට් සංශෝධනයක ප්‍රතිපලයක් ලෙස කෘෂි කර්ම ඇමතිකම ලැබෙන්නට සම්භාවිතාවක් තිබූ එක් ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ කීවේ තමන් මේ දිනවල කුඹුරු කොටන්නට උගෙන ගන්නා බවයි. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, පිලිප් ගුණවර්ධන, එම්.ඩී බණ්ඩා, හෙක්ටර් කොබ්බැකඩුව, ලලිත් ඇතුළත්මුදලි සහ ඔබතුමා වැනි දැවැන්ත චරිත විසින් හොබවන ලද කෘෂිකර්ම විෂයය පථය, ඇයි අද ඉතාම බාල්දු වෙලා, එයට අකමැති උදවිය අතට පත් වීමට සෝදුපත් සැකසෙන්නේ? වර්ථමානයේ මෙම විෂයපථය පිළිබඳව එහි විශේෂඥයෙක් ලෙස ඔබතුමාගේ අදහස් කෙබඳුද?

    පළමු වෙනි කාරණය තමයි, රටක් කෘෂිකාර්මික ආර්ථිකයක් සහිත රටක් නම් කෘෂිකර්මය තමයි එකී රටේ කොඳු නාරටිය, ජීවනාලිය රටේ. මේ රට කෘෂිකාර්මික රටක් කියන එක අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තු දේ. ඒත් පහුගිය කාලේ ඉඳන්ම ආණ්ඩු ගණනාවක්ම මේ සත්‍ය අමතක කරලා දමා තිබෙන බව අපි දකිනවා. කුඹුරු ගොඩ කරනවා, ගොවි ජන සේවා පනතින් කුඹුරක් ගොඩ කරන්නට ගියහොත් එම කුඹුර අවසතු කරන්නට පුළුවන්, නමුත් ඒක කරන්නේ නෑ. සමහර ඇමතිවරු කුඹුරු ගොඩ කරන්න හොර ක්‍රම හොර පාරවල් කියා දීලා තිබෙනවා. මේ රට කෘෂිකාර්මික රටක් හැටියට මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේදී අපේ රටෙන් නිෂ්පාදන අපනයනය කළා, ඒ නිසා තමා මෙරට පෙරදිග ධාන්‍යාගාරය වුණේ. එතකොට අපනයනය සඳහා ලොරි කන්ටේනර් තිබ්බේ නෑනේ, ත්‍රිකුණාමලයේ පරාක්‍රමබාහු රජතුමාගේ වරාය තිබ්බා, එම වරායේ හිටියා මහා විශාල නාවුක හමුදාවක්, වෙළඳ සහ සටන්කාමී හමුදා දෙකක් තිබ්බා, කොහොමද ප්‍රවාහනය කළේ? පරාක්‍රම සමුද්‍රයේ සිට කාලිංග ඇළ හැරෙව්වා රට මැද සිට ත්‍රිකුණාමලය දක්වා, පරාක්‍රමබාහු රජතුමාට පෙර කාලිංග දේශයේ රජවරු මෙහි විත් රට ආක්‍රමණය කරලා මෙහි මිනිසුන් වහල්ලු ලෙස අරන් ගියා, ඒත් පරාක්‍රමබාහු රජතුමා කාලිංග දේශයෙන් වහල්ලු මෙරටට රැගෙන විත් කාලිංග ඇළ කැප්පෙව්වා. ලොකු බත්තල් වලින් ගෙනාපු වී තොග කාලිංග ඇළ දිගේ ත්‍රිකුණාමලයට ගෙනිහිල්ලා තමයි මේවා නිරයාත කළේ. එහෙමයි ලංකාව පෙරදිග ධාන්‍යාගාරය වුණේ. අපේ රටේ ඝර්මකලාපීය රටක වවන සෑම දෙයක්ම වවනවා. මෙහෙම වවලා අපි ආහාර වලින් ස්ව‍යංපෝෂිත වුණු ජාතියක් වුණා. පසුව පරංගියා කුරුඳු සුවඳ දිගේ ආවා, කුළු බඩු වලට ඉව අල්ලලා, පරංගියා කුරුඳු ගහක් කැපුවොත් සහ බෞද්ධ මහණෙකුට දානයක් දුන්නොත් යන දෙකටම දුන්නේ මරණීය දණ්ඩනය. පසුව සුද්දා මේ රට අල්ලාගෙන රටේ ස්ව‍යංපෝෂිත ආර්ථිකය වෙනුවට අපනයනය පෙරටු කොටගත් ආර්ථිකයක් ඇති කරන්නට මහන්සි ගත්තා. මුලින්ම කෝපි වසංගතය ආවා. පසුව ඒ වෙනුවට තේ වැව්වා, ඊළඟට රබර්. කොකෝවා, සින්කෝනා, පොල්, මෙමගින් නිර්යාත ආර්ථිකයකට අපිව අරන් ගියා. මෙරටින් ඒවා අපි නිර්යාත කරනවා අපට අවශ්‍ය සහල් අපි පිට රටින් ගෙන්වනවා, එහෙම රටක අපි හිටියේ. සුද්දාගේ කාලේ විදුලි එළිය තිබ්බේ නැති නිසා ජනතාව පත්තු කළේ මී ඇට තෙල්, කැකුණ තෙල්, කැකුණ ගස් තව ටිකක් කඳු රට ස්වල්පයක් ඉතුරු වෙලා තිබෙනවා. මේවායින් අලෝකය ගත්තාම එන්නේ නිල් පාට එළියක්, මොනම විදියකින්වත් පරිසර හානියක් වෙන්නේ නෑ. එය පූර්ණ දහනයක් නිල් පාට අලෝකයක් වෙන්නේ ඒකයි. මෙහෙම ඉන්නකොට සුද්දා අපට කිව්වා අපිට මේ තේ පිටරට යවන්න කැකුණ ලී පෙට්ටි අවශ්‍යයි කියලා. අපේ මිනිස්සුන්ට වැටහීමක් තිබ්බේ නෑ මොකද මුන් මේ කැකුණ ලීම ඉල්ලන්නේ කියලා, ඔන්න ඉතින් කැකුණ ලී වලින් පෙට්ටි හදලා තේ පිටරට පැටෙව්වා. වසර දෙකකින් කැකුණ ගස් ටික වඳ වුණා. මිනිසුන්ට පත්තු කරන්න තෙල් නෑ, ඒකයි සුද්දට කරන්න ඕනෑ වුණේ. ඊලඟ නැවේ භූමීතෙල් ලෝඩ් එකක් ලංකාවට ආවා. ඒකෙනුත් ආදායම අපේ මිනිහගෙන් ගත්තා, තේ වලිනුත් ගත්තා. හැබැයි සුද්දා හොඳ ක්‍රම වේදයක් හැදුවා අපේ වැවිලි කර්මාන්තය පාවිච්චි කරලා. අපේ කළු සුද්දෝ ඇවිල්ලා ඒකත් විනාසම කරලා දැම්මා.

    පහුගිය කාලේ අපේ ඇතැම් බලධාරීන් කියන්නට ගත්තා මේ රටේ වී අතිරික්තයක් තියෙනවා කියලා මාස හතකට විතර ඉහතින්, වී අතිරික්තයක් එන නිසා වී වගා කරන්නට එපා, ඒ කට අරින්න හැදුවා විතරයි කණකොකා හැඬුවාක් මෙන් මහා නියඟයක් ඇවිල්ලා, වී වගාව නැති වෙලා ගියා. කෝ අපේ බෆර් තොග? කෝ ප්‍රේරකයන්? අතිරික්ත වී? ඕනෑම රටක ආහාර අතිරික්ත ගබඩා කරන්නට පහසු කම් තිබෙනවා, සුද්දා කරපු හොඳ වැඩක් තමා ආහාර පාලක දේපාර්තමේන්තුවක් ඇති කරලා ඒවායේ අතිරේක තොග ඕනෑම විටෙක ගන්නට හැකිවන ලෙස ගබඩා කොට තැබීම. විවෘත ආර්ථිකයත් සමග සමහර පණ්ඩිතයෝ ආහාර දෙපාර්තමේන්තුව නැති කරලා දැම්මා මාර්කටිං ඩිපාර්ට්මන්ට් එකත් නැති කරලා දැම්මා. මේ තුළ නිෂ්පාදන ජාලයේ බෙදාහැරීම් ජාලයේ සහ අළෙවි ජාලයේ ඇති වූ ගැටළු එක්ක මේ රටේ ආහාර අහේනියක ලක්ශණ මතු වී ආවා. මේ රටේ හාල් අතිරික්තයක් තිබෙනවා කියන විටත් අපි ඉන්දියාවෙන් පොන්නි සම්බා ගෙනත් කන තත්වයකට ඇවිත් තිබෙනවා. නැත්නම් වියට්නාමයෙන් ඉටි හාල් ගෙනත් කනවා. ඔබ කිව්ව චරිත කෘෂි කර්ම ඇමතිවරු ලෙස ඉන්නකොට මේ මහ පොලොවේ, මේ වැටෙන ඉර එළියත් එක්ක, මෝසම් සුළං දෙකෙන් ලැබෙන වර්ෂාවත් එක්ක, වැව් ජලයත් එක්ක, රටේ කෘෂිකර්මය කළමණාකරන ආකාරය දැනගෙන හිටියා. එය අද සම්පූර්ණයෙන් වෙනස් වෙලා. අද මහපොළොවේ තිබෙන ඛණිජ පොහොනිය, මහපොළොවේ තිබෙන පොහොර ගතිය සාරය තවමත් තිබෙනවා. වසරේ දින 270 කට වඩා හොඳ හිරු එළියක් අපට තිබෙනවා. එහෙම තිබෙද්දිත් අපේ රටේ වගා කෙරෙන්නේ නෑ. සීත කාලයක් තිබෙන ඕස්ට්‍රේලියාවෙන් අපි මුං ඇට ලංකාවට ආනයනය කරනවා. දකුණු ඉන්දියාවෙන් කහ, කොත්තමල්ලි, කුරක්කන්, මිරිස්, ළුණු, උළු හාල්, අබ, මේ සියල්ල ආනයනය කරනවා. මෙහෙම කන බොන දේට ණය වෙන ජාතියක් වුනහම ඒ ණය ගෙවන්න අපි කරන්නේ අපේ ගෙවල් වල ඉන්න ගෙදර බුදුන් අපි පිටරටට දක්කවනවා, අම්මාව දක්කනවා වහල් සේවයට. මැද පෙරදිග හිතක් පපුවක් නැති අපරාධාකාරයින්, පංචදුෂ්චරිතයේ ගැලී ඉන්නාවූ අය ඒ අසරණ කතුන්ට ලිංගීක අඩත්තේට්ටම් කරනවා, උඩ තට්ටු වලින් පහලට තල්ලු කරනවා, අත පය කඩනවා, සිරුරේ කටු ඇණලා. මේ සියලු වධ බන්දන දෙනවා ඒ කතුන්ට. මෙහෙම කරද්දිත් ඇති වෙච්ච හෑම බූරූ ආණ්ඩුවක්ම මේ රටේ කාන්තාවන්ව පිටරට යවනවා කාසි මුදල් හොයන්න අපිට කන්න. මේ රටේ කර්මාන්ත වැහීගෙන යනවා, මේ රටේ වැවිළි කර්මාන්තය වැහීගෙන යනවා. මේ රටේ ශ්‍රම බලකාය පිටරට යවනවා. නිෂ්පාදනයට අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියානේ අපි ඉගෙන ගන්නේ. අපට ප්‍රාග්ධනයත් තිබෙනවා භූමියත් තිබෙනවා ඒත් ශ්‍රමය නෑ, අපි පිට රට යවනවා. අපිට අද මේ රටේ මොන නගරයට ගියත් අපිට දකින්නට ලැබෙන්නේ විදේශිකයන් සේවය කරන ආයතන සහ අවන්හල්. එක්කෝ ඉන්දියාවෙන් නැත්නම් චීනෙන්, අපේ මිනිසුන්ට රස්සාවල් නෑ. රස්සවල් කළ හැකි අය පිටරට යවනවා. මොකක්ද මේ ප්‍රතිපත්තිය? අර ආණ්ඩුව කළාය කියලා මේකත් කරන්න ඕනෑද? දැන් මේ ආණ්ඩුව මේක නවත්වන්න ඕනේ. මේ ආණ්ඩුවට කොඳු නාරටිය පණ තියෙන්නේ ඕනේ අපේ ශ්‍රම බලකාය පිටරටට තුට්ටු දෙකට නොවිකුණන්න. අර අම්මලා පිටරටට යැව්වාම කුටුම්භය බිඳ වැටෙනවා. දරුවෝ අනාත වෙනවා. කුඩු ගහනවා, මත් පැනට යොමු වෙනවා. සමාජීය කඩා වැටීම රටක මුදලින් තක්සේරු කරන්නට බෑ. අපි කැණහිලි ජාතියක් වෙනවා මෙහෙම යනකොට. ඒකේ වගකීම මිනිස් ශ්‍රමය පිටරටට විකුණන ආණ්ඩු ඔක්කෝම බාරගත යුතු වෙනවා. අපිට අවශ්‍ය කිරි නිෂ්පාදනයෙන් 32% ක් වත් අපි තවම නිපදවන්නේ නෑ. රටේ හෑමතැනම තණකොල, ගිනි ග්‍රාස් තණකොල ඒ හෝ බී ඕනෑම එකකින් ගවයට කන්නට දී ඒවා කිරි බවට පත් කරවන්නට පුලුවන්. නිකම් හැදෙන ඉපිල් ඉපිල්, ගිණි සීරියා වගේ තණ 1/3 ක් තණකොල වලට මිශ්‍ර කිරීමෙන් කිරි ධාරිතාව වැඩි කරගන්නට පිළිවන්. නිකම් හැදෙන තණකොල ටික ගවයාට කන්නට දී ගන්නට බැරි ආණ්ඩුවක් නම්, මේවායේ තීරණ ගන්නා අයට ගවයන් සේ සළකා මේ තණකොල කන්නට දීමයි සුදුසු වන්නේ. මේ වගේ රටක අපි ජීවත් වෙන්නේ. පෙර කල අපි බතින් බුලතින් පස්ගෝරසින් ස්වයංපෝශිත ව සිටි ජාතියක්. අද අපිට පොල් ටිකත් වැඩි කාලයක් යන්නට මත්තෙන් පිටරටින් ගේන්න වෙනවා. මොකද දැන් දැන්වීමක් දාන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්වෙන් සාරවත් පොල් ඉඩමකින් පර්චස් දහයක් මිළදීගෙන වාසනාවන්තයෙක් වෙන්න. සාරවත් පොල් ඉඩමකින් පර්චස් දහයක් කැඩුවාම පොල් ඉඩම කම්මුතුයිනේ. ඒක සාරවත් වෙන්නේ කොහොමද? ඇයි ආණ්ඩු මේවා වලක්වන්නේ නැත්තේ? ඇයි ආණ්ඩුව තේ ඉඩම්, රබර් ඉඩම් කඩලා විකුනනවා වළක්වන්නේ නත්තේ? මේ නිෂ්පාදන සාධක මෙහෙම කඩන්න දීලා බලන් ඉන්න ආණ්ඩුවලට බූවල්ලෙන් තැලුවත් මදි. මම මෙහෙම කියන්නේ පිටරටවල තිබෙනවා “ලෑන්ඩ් ඌස් පොලිසි” කියා යමක්. ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සහ රටාව කියායි කියන්නේ එයට. ඊට අනුව වගා නිකළ හැකි ඉඩම් වල තමයි නිවාස තැනිය යුත්තේ. ගල් වගේ තිබෙන තැන්වල තමයි කර්මාන්ත බිහි කරන්නේ. අපේ රටේ නම් හොඳට බත සපයන කුඹුර ගොඩ කරලා කර්මාන්ත දානවා. සුද්දා ඌව කැරැල්ල වෙලාවෙදි කරපු දේ මතකනේ. ගාර්ඩන් ඔෆ් ඊඩ්න් කියලා කිව්වේ ඌවට, රත්න ශ්‍රී විජේසිංහ සූරීන් කිව්වේ ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කියලා. ඌව වෙල්ලස්සට. සුද්දා සියළු වැව් තාවුළු කපලා වතුර පළවා හැරලා , ගොයම් කොල ගිණි තියලා , ගස් කොලන් කපලා මුලුමණින්ම ඌව කාන්තාරයක් කළා ඌවේ ජනයා බඩගින්නේ තියන්නට මොකද ඌවෙන් කැරළි පැන නගින නිසා. දැන් නව යටත් විජිත වාදය ඇවිල්ලා අපේ රට තුළ අපිව හාමත් කරවනවා යුද්දෙන් නොවෙයි, උන්ගේ උපක්‍රම වලින්. හැබැයි මේ රටට ආවා මැක්ඩොනල්ඩ් සමාගම, මැක්ඩොනල්ඩ්ලා හිතුවා ඔවුන්ගේ බූවළු විහිදුවන්න පුළුවන් කියලා ලංකාවේ, අපේ මිනිස්සු රටාවකට ගිහිල්ලා දරුවාට මැක්ඩොනල්ඩ් එකේ බර්ගර් එකක් අරන් දෙනවා, අරන් ගිහිල්ලා දරුවා අවුරුදු 16 වෙනකොට අරන් යන්නේ දියවැඩියාවට බෙහෙත් කරන දොස්තර මහත්මයා ලඟට, මොකද මේ තන්තු නැති ආහාර ලබා දීලා දරුවා අවුරුදු 14 වෙනකොටම දියවැඩියා රෝගියෙක් කරවනවා. මැක්ඩොනල්ඩ් කාරයා කේ එෆ් සී කාරයා දන්නා සියළු දේවල් කළා, බැරි වුණා ලංකාවේ මාර්කට් එක අල්ලා ගන්න. ආන්න අපේ ඉතුරු වෙච්ච ජානවල ඉතුරු සිංහලකම නිසා දැන් ඒගොල්ලෝ ගහනවා “මැක් රයිස්” කියලා බත් එකක්. කෙන්ටාකි රයිස් ගැහුවේ කවද්ද ලෝකේ? මොකද අපේ මිනිහට අර විෂ ජාතිත් එක්ක කලවම් කරලා අනාගෙන කන්න බත් දෙනවා, ඒකට හුරු කරවලා එළඟට හැම්බර්ගර් කවන්න. මෙන්න මේ වගේ අපේ තිබිච්ච හොද්ද මැල්ලුම, නියඹලාව, සම්බෝලය, බැදුම, මේවා තිබ්බා පස් ජාතියක් අපේ බතත් එක්ක කන්න. අද නෑ ඒවා. අද තිබෙන්නේ ටින් එකෙන් කඩාගෙන කාලා ලෙඩ්ඩු වෙන ලෝකයක්. මේ කණකොකා හඬවන පළමු කරුණ තමයි මේ තිබිච්ච ආණ්ඩුව ගොවියාට තිබ්බ අභිමානය නැති කරලා තිබෙනවා මේ ආණ්ඩු ඔක්කෝම. සාඩම්බර ගොවියෙක්මි කියන මානසිකත්වය ගොඩනැගුවා නම් ඒක වෙන්නේ නෑ. ඩී එස් සේනානායක මහත්මයා ගොවියට දුන්නේ බලපත්‍රයක් මොකද ගොවියාට අමාරුකමක් එනකොට ඔප්පු දුන්නා නම් ඒක විකුණලා දාන නිසා. බලපත්‍රය විකුණන්න බෑ. එහි පරවේණි අයිතිය ලැබෙන්නේ පවුලේ වැඩිමල් පුතාට. අද උතුරු මැද පළාත් වල ගොවියන්ට ඔප්පු දීලා ඔවුන් ඒවා විකුණාගෙන ගොවියන් නගර වලට එනවා කුළී කාරයන් හැටියට. අරවා ඔක්කෝම තනි මුදලාලි කෙනෙකුට අයිති වෙනවා. එතකොට ජනපද වලින් බලාපොරොත්තු වෙච්ච සංවර්ධනය ඇණ හිටිනවා. රාජාංගණය කිව්වොත් මිරිස්. එතකොට දේවමැදිහත්පත්තුව කිව්වොත් දඹුල්ල කිව්වොත් සීගිරිය කිව්වොත් ළුණූ. මහකනදරාව කිව්වොත් තෝර පරිප්පු. වව්නියාව කිව්වාම උඳු. අද කිසීම සැලැස්මක් නෑ. ඕහේ මෝඩ විදියට යන්නම් වාලේ යනවා. අපි අහුවෙලා ඉන්නවා උගුලකට හබකකට. ඒකෙන් ගැළවීම ලේසි නෑ. මම කිසිවෙකුවත් ඉලක්ක කොට දොස් නගනවා නොවෙයි. මේ රටේ 73% ක් සිංහල ජනතාව, 68% බෞද්ධ ජනතාව. මේ රටේ වැඩියෙන්ම දුප්පතුන් ඉන්නේ සිංහල ජනතාව, මේ රටේ භූමි පුත්‍රයින් ඒගොල්ලෝ. ඊළඟට උතුරේ යුද්දේ නිසා අවුරුදු 32 ක් පීඩාවට පත් වෙච්ච දමිල ජනතාව ඉන්නවා, හොඳ ගොවියෝ ඉන්නවා, ඒ අයගේ ගොවි තැනේ ශක්තියෙන් ඵල ලබන්නට ආණ්ඩු කටයුතු කරන්න ඕනෑ. මේ ආණ්ඩුවත් වාරිමාර්ග ශක්තිමත් කරමින් වැඩක් කරනවා, ගිය ආණ්ඩුවත් කළා. දැන් ඒකට අකුල් හෙළනවා උතුරේ මහ ඇමති. එයා නැති ජාතිවාදයක් උළුප්පලා ඒ මිනිසුන්ට ලබා දෙන්නට යන සහන කඩා කප්පල් කරනවා. ඒ කරන්නේ දරිද්‍රතාව වැඩි වෙනකොට තුවක්කු අතට ගනීය යන අභිප්‍රායෙන්. දැන් බලන්න අඹ තිබෙන කාලයට අඹ වැහි වැහැලා, සුමාන තුනක් යනකොට අඹ ඇටයක් වත් දකින්නට නෑ. හම්බන්තොට වරායවල් ගහන කොළඹ වරාය නගර ගහන අපට බැරිද ශීතාගාර සංකීර්ණ ඇති කරන්න මේවාට? අළවි දෙපාර්තමේන්තුව වගේ රාජ‍ය ආයතනයක් බැරිද ඇති කරන්න? එතකොට රාජ්‍ය ආයතනයට පුළුවනි මේවා අතිරික්ත වෙනකොට ශීත ගබඩා වල තැන්පත් කරලා වසර මුළුල්ලේ බෙදා හරින්න, ගොවියා අනාථ වෙන්නේ නෑ එවිට. දැන් අපේ මිනිස්සු ඇපල් කනවා කියලා කන්නේ මීට ග්‍රීෂ්ම ඍතු දෙකකට පෙර කඩන ලද ඇපල්, එම්බාම් කරපු ඇපල්. පොත්ත හොඳයි, ගෙදර ගිහිල්ල කපලා බැලුවාම ඇතුළේ පැච් එක. ගිනි කූරක් පත්තු කරලා අල්ලලා බලන්න වැක්ස් පැච් එක උණු වෙනවා. එක්තරා පිළිකා කාරකයක් වැක්ස් වලට දාල ගිල්ලවලා ඇපල් ගේන්නේ මෙහාට. අඹ ගෙඩිය දින හතරෙන් කුණු වෙනවා ඇපල් කුණු වෙන්නේ නෑ එම්බාම් කරලා. මේකයි අපි කාබනික ආහාරවලට යා යුතුයි කියන්නේ.


    ප්‍රශ්ණය: කෘෂිකර්මාන්තය නිසා ඇති වෙන වකුගඩු රෝගය ගත්තොත්?

    කෘෂිකර්මාන්තය පැත්තෙන් ඇහෙන භයානකම කණගාටුම දෙයක් තමයි වකු ගඩු රෝගය. වකුගඩු රෝගය ඇති වෙන්නේ කැඩ්මියම් නිසා. මගේ ගුරුතුමා මහාචාර්ය සරත් බණ්ඩාර මැතිතුමාත් ඒවගේම වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මැතිතුමාත් කරන ලද පර්යේෂණ වලට අනුව උතුරු මැද පළාතේ, ජනතාවගේ මුත්‍ර සාම්පල වල කැඩ්මියම් තිබෙනවා. රුධිර සාම්පල වල කැඩ්මියම් තිබෙනවා, මව්කිරි සාම්පල වල කැඩ්මියම් තිබෙනවා. මේ කැඩ්මියම් කොහොමද එන්නේ? සාන්ද්‍ර ත්‍රිත්ව පොස්පේට් (Concentrated Triple Super Phosphate, TSP ) සහිත පොහොර වල කැඩ්මියම් අධිකව තිබෙනවා, අනිත් රටවලට ගෙනියන්නේ අඩු කැඩ්මියම් පොස්පේට්. මේ රටේ ඉන්න ප්‍රහිතකාමී, ජනතාවාදී කොමිස්කාක්කන් ටික අධික කැඩ්මියම් මෙරටට ගෙන්වනවා කොමිස් ගහන්න. මේවා ආහාරදාම වලට එකතු වෙලා ජනතාවගේ සිරුරු තුළට යනවා. නෙළුම් අලේ කෑවාම එනවා, මාළු කෑවාම එනවා. අවුරුදු 17 ඉඳන් දරුවෝ වකු ගඩු රෝගීන් ඉන්නවා දැන් උතුරු මැද නැගෙනහිර පළාත් වල, දැන් වයඹටත් පැතිරිලා. ඌවට ඇවිල්ලා. මේ ඔක්කෝම වෙන්නේ රටට ආදරය නැති පිරිසක් තීරණ ගැනීම නිසා. ගරු ජනාධිපතිතුමා ඉතාම උනන්දුවෙන් මේ වැඩ පිළිවෙලවල් හදාගෙන යනවා, එතුමාගේ වැඩ වලට හරස් කපන පිරිසක් ඉන්නවා. ඒකේදි අපි බලන්න ඕනෑ කවුද හරස් කපන්නේ? කවුද මේ කොමිස් කාක්කෝ? දැන් ගිය ආණ්ඩුවේ හොරු ගැන අපි කතා කළා, මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවානේ.

    ප්‍රශ්ණය: ඔබතුමා සඳහනක් කළා අපේ රටේ සේවක හිඟයක් ගැන, සහ පිටරටින් මෙහි පැමිනෙන සේවා නියුක්තිකයන් ගැන. අපේ රටේ අද විශාල විරෝධයක් මේ ඒක්ටා ගිවිසුමට එල්ල වෙනවා, රජය එය නොසලකා ක්‍රියා කරනවා. මේ ගැන ඔබේ අදහස?

    ඉන්දියානු එක්ටා ගිවිසුම සාකච්ඡාවට භාජනය කළේ නෑ, ඒක මහ අපරාධයක්. අපි දැක්කා ජවිපේ මෙයට විශාල විරෝධතා වගයක් ගෙනියනවා. එය සාකච්ඡාවට භාජනය කොට විශ්ලේෂණය කළ යුතුයි, මන්ද රටවල් දෙකක් අතර දැනුම තාක්ෂණය, බඩු භාණ්ඩ හුවමාරුව හෝ වෙළඳ නාම උදෙසා විතරක් වෙනවා නම් අපට ගැටළුවක් වෙන්නේ නෑ, එහෙම ගිවිසුම් බොහෝ තිබෙනවා. නමුත් මේ රටට තවත් රටකින් මිනිස් ශ්‍රමයක් උගත් හෝ නූගත් මෙරටට ගේන්නට සූදානම් කළොත්, ඒක මහා විශාල විනාසයක් වෙනවාමයි. සුද්දාගේ කාලේ වතු වවන්න ඉන්දියාවේ කම්කරුවෝ විශාල පිරිසක් මෙහෙ ගෙනාවා. ඒ අරගෙන ආඅවෙත් රොටි කෑල්ලක් දීලා ගාල් කරගෙන ආවේ තලයිමන්නාරමේ ඉඳලා. ඒවගේ අද දැනටමත් මිනිස්සු ගෙනත් තිබෙනවා මේරටට. කොලඹ ගෙවල්වල දනටමත් ඉන්නවා ඉන්දියානු රියදුරන්, අවන්හල් වල වේටර්ලා ඉන්දියානුවන්. උතුරු මැද නැගෙනහිර ගොයම් කපන්නත් ඉන්දියානුවන් ගෙන්වලා දැනටමත්. ඒගොල්ලෝ යනවද ආපහු? බොහෝ අය මෙහේ දුප්පත් ගෑණු කෙනෙක්ව කසාද බැඳගෙන මෙහේ පුරවැසි අයිතිය ඉල්ලනවා. මොකක්ද මේ රටට වෙන්නේ? සිංහල මිනිසුන්ට අයිති කඳුකරයේ වතු ටික සුද්දා කොල්ල කෑවාම යයිද අපේ මිනිස්සු උගේ වතු වල වැඩට? අභිමානයක් තිබ්බ සිංහල මිනිස්සු බඩ ගින්නේ හත්වේලක් හිටියත් පර සුද්දාගේ වත්තේ වැඩට යන්නේ නෑ කියලා කිව්වා. කම්මැලිකම නොවෙයි ඒක අභිමානය. කම්මැලි නම් ඈත ගම් වල හේන් කොටන්නේ සිංහල මිනිස්සු නැත්නම් ප්‍රංශ කාරයෝද? ඒවගේම ඇතැම් මූලදර්මවාදී දේශපාලකයින් තමන්ගේ ආගමේ මිනිස්සු පිටරටවලින් ගෙනත් මේ රටේ පදිංචි කරවනවා ජනගහනය වැඩි කරන්න යම් ප්‍රදේශ වල. සැවොම එක ධජයක් යටතේ මේ සිදුවන විනාසයට එරෙහිව පෙළගැසිය යුතුයි. නැතහොත් රට විනාසයි.

    ප්‍රශ්ණය: දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා සිය ‘ඉදිරි මග’ කියන පොතෙනුත් පසු කාලෙක රෝහණ විජේවීරත් තේ ගස නිසා කඳුකරය සෝදා පාළුවට ලක් වෙන බව ප්‍රකාශ කළා, මේක ගැන සඳහනක් කළොත් ඔබ තේ ගස ගැන කිව්ව නිසා?

    දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්මයාට මම හුඟාක් ගරු කරනවා, විජේවීර නම් තරුණ ජනතාව තුවක්කුවට බිළි දුන්නු කෙනා. නමුත් දෙදෙනාගේම මතය පිළිගත හැකි ධාරණාවක් නොවෙයි. හේතුව, තේ වගා කරනකොට කඳු මුදුනේ Forest cap එක, නැත්නම් වන ගහන තොප්පිය ඊලඟට තේ වගාවෙන් මහ පොළොව වැසුණාම කෙළින්ම මහ පොලොවට ජලය වර්ෂාවේදී පතිත වෙන්නේ නෑ. ඒවගේම සමෝච්ච කාණු, පඩි කාණු, වෙනත් ආවරණ වගාවල් කරලා අපිට පස රැක ගන්නට පුළුවන් කම තිබෙනවා. තේ වගාව කරන ප්‍රදේශ සංරක්ෂණය කරන්නේ නැත්නම් අන්න එතන ගැටළුවක් තිබෙනවා. තේ වගාවේ ආස්ථරණයක් තිබෙනවා, කැනපි එකක් වගේ. එතකොට සෝදා පාළුව වළකිනවා. හැබැයි අපේ පළාත් වල එහෙම දැන් දිගට හරහට ඔයිල් පාල්ම් හෙවත් කටූ පොල් වගාවක් නම් සිදු කෙරෙනවා, ඒක නම් හානි දායකයි. දැන් ගියොත් හිණිදුම, බද්දේගම, නාකියාදෙණිය, ඇල්පිටිය, තලංගහ, පළාත්වල තිබුණු දිය කදුරු ඔක්කෝම හිඳිලා. රබර් නිසා දිය කදුරු රක්ෂා වුණා, ඒත් කටු පොල් වලින් ඒවා විනාස වෙනවා මොකද එයින් භූගත ජල ස්ථරයට වතුර ගෙනියන්නේ නෑ.


    http://www.sinhalabauddhaya.lk/archives/2047
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    menupop.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නව යටත් විජිතකරණය කියල ඒක ආර්ථිකමය වශයෙන් වෙන විදිහ පැහැදිලි කරලා තියෙනවා ඒ උනාට ඒකට පාවිච්චි කරන ටූල් එක ගැන සඳහන් කරලා නෑ නේ :lol:

    ආගම් තමයි ඉතින් ටූල් එක .. :rofl: ඕක දාපු වෙබ්සයිට් එකත් කරන්නේ වක්‍රාකාරව තවත් බහුජාතික සමඟමක හරි වෙන ලොකු අත්තක හරි න්‍යාය පත්‍රයකට අනුව හැසිරෙන එක තමයි :lol:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නව යටත් විජිතකරණය කියල ඒක ආර්ථිකමය වශයෙන් වෙන විදිහ පැහැදිලි කරලා තියෙනවා ඒ උනාට ඒකට පාවිච්චි කරන ටූල් එක ගැන සඳහන් කරලා නෑ නේ :lol:

    ආගම් තමයි ඉතින් ටූල් එක .. :rofl: ඕක දාපු වෙබ්සයිට් එකත් කරන්නේ වක්‍රාකාරව තවත් බහුජාතික සමඟමක හරි වෙන ලොකු අත්තක හරි න්‍යාය පත්‍රයකට අනුව හැසිරෙන එක තමයි :lol:

    :cool: