රු.100,000/-ක (රුපියල් ලක්ෂයක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කදුරුවෙල ක්වාසි අධිකරණයේ ක්වාසි විනිසුරුවරයෙකු සහ ක්වාසි අධිකරණ ලිපිකරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
පොළොන්නරුව, කදුරුවෙල ප්රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරිය විසින්, ඇයගේ සැමියාගෙන් දික්කසාද වීමට 2025.06.18 වන දින කදුරුවෙල ක්වාසි අධිකරණයේ පවරන ලද නඩුවට අදාළ තීන්දුව පැමිණිලිකාරියට වාසි සහගත වන ලෙස ලබාදීම සඳහා අල්ලස් ලෙස රු.100,000/- (රුපියල් ලක්ෂයක) මුදලක් ඉල්ලා ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනාවන් මත කදුරුවෙල ක්වාසි අධිකරණයේ ක්වාසි විනිසුරුවරයෙකු සහ ක්වාසි අධිකරණ ලිපිකරුවෙකු 2025.07.04 වන දින පෙ.ව.9.11 ට සහ පෙ.ව.9.35 ට කදුරුවෙල ක්වාසි අධිකරණ කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පොළොන්නරු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.