තමාරා කුගනායගම් නංගියෙක් ද?

obama2

Member
Apr 18, 2012
424
30
0
තමාරා කුගනායගම් නංගියෙක් ද?

තමාරා කුගනායගම් නංගියෙක් ද?

Posted on 14 May 2012.
Rating: 7.0/7 (2 votes cast)


මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය වශයෙන් කටයුතු කළ තමාරා කුගනායගම් මහත්මිය එම තනතුරින් ඉවත්කිරීම හා ඇයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් තනතුරක් පිරිනැමීම නිසා ලංකාවේ දේශපාලන කරලියේ මේ සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇතිව තිබේ.

විවිධ වෙබි අඩවි හා පුවත්පත් වල මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් දීර්ඝ ලිපි පලවන ආකාරයත් අප දුටිමු. මේ නිසා තමාරා කුගනායගමි ගැන අප දන්නා තොරතුරු මෙසේ හෙළි කරන්නට අප අදහස් කළෙමු. තමාරා කුගනායගම් යනු ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ හිටපු ජෙෂ්ඨ නායකයෙකුගේ දියණියයි. ආචාර්ය නලින් සුවාරිස් සමග යුග දිවියට පත්ව ටික කලකින් ඔහුගෙන් ඇය දික්කාසාද වූ අතර ඇයට ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඇති පළපුරුද්ද පුදුමාකාරය. ඇයට ඇති සුවිශේෂි හැකියාවක් වන්නේ ඕනෑම ප්‍රශ්ණයක් ඇයට අභිමත ආකාරයට උඩුයටිකුරු කරවීමේ හැකියාවයි. එය කෙතරම් පුදුමාකාර ද යත් ඇය විසින් කරණු ලබන ඇතැමි කටයුතු හොලිවුඩ් ච්ත්‍රපටියක දර්ශණයන්ට සමානය. මේ නිසා ලංකාවේ දේශපානනය උඩුයටිකුරු කිරීමේ සුවිශේෂී හැකියාවක් සහිත ඇය හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටි වල ක්‍රියාදාම රංගනයේ නිරත වන නිළියක් තරම්ම දක්ෂ බව කියන්නට පුලුවන.

මීට පෙරද ඇය එකසත් ජාතීන්ගේ සංවිධානයේ රැකියාවක් කරණු ලැබීය. මෙසේ රැකියාව කරමින් සිටින අතර ඇයට ලංකා රජයෙන් තනාපති තනතුරක් පිරිනමනු ලබන්නේ ඇය සතු දක්ෂතාවයන් අවබෝධ කර ගෙනය. ඇය කෙතරම් දක්ෂද යත් ඇය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැකියාවෙන් ඉවත්ව ලංකා රජයෙන් පිරිනැමු තනාපති තනතුර බාර ගන්නට පැමිණෙන්නේ නිකම්ම නොවේ. ඇය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇය භාරයේ තිබූ ලිපි ලේඛණ රාශියක් ද රැගෙන විත් තිබේ. මේ නිසා ඇය විසින් හෙළිකල ඇතැමි තොරතුරු මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කලිසම ගැලවුන බව අපට මතකය.
දැන් ඇය යළිත් ලංකා රජය විසින් පිරිනමූ තානාපති තනතුරක් ප්‍රතික්ශේප කර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරක් භාරගන්නට කැමැත්ත පලකර සිටියි. මෙවර ඇය විසින් ශ්‍රී ලංකා රජයට අදාල ඇය භාරයේ තිබූ ලිපි ලේඛණ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දෙනු ලැබූ විට කාගේ කාගේ කලිසම් ගැලවී යයිද යන්න අප නොදනිමු.
අප විසින් ඉදිරිපත් කරණු ලැබූ නංගියා සංකල්පය ආශ්‍රයෙන් තමාරා කුගනායගම් වර්ගයේ නංගියාලා තේරුම් ගෙන,නංගියා සංකල්පය දේශපාලනයේ දී අදාල වන්නේ කෙලෙසද යන්න පිළිබදව අප විසින් මේ දින වල පරියේක්ෂණ පත්‍රිකාවක් පිලියෙල කරමින් සිටියි. එය සකස් කළ සැනින් පලකරන්නට අප කටයුතු කරන්නෙමු.



ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය